වසර 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය මෙරට රාජ්‍යය ඇතුළුව රට වැසියෝ ඉතා ඉහළින් සමරමින් සිටිති. සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම සඳහා විවිධ බෞද්ධ කටයුතු ඉටුකරමින් සිටිති. ඒ සියල්ල අතරේ 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් නිමැවූ සුවිශාලම කාර්යය ලෙස ”සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාව” හඳුන්වා දිය හැකිය. පොල්ගහවෙල වඩුවාව මහමෙව්නාව භාවනා අසපුවෙහි කොටසක බුදුන් වහන්සේ උදෙසා ඉදිවූ මෙම සුවිසල් සම්බුද්ධ රාජ මාලිගාව නිර්මාණය කර තිබේ. මහමෙව්නා භාවනා අසපු සේම මෙම අපූරු මාලිගයද මෙරට ප‍්‍රකට ධර්මධර භික්ෂුවක ලෙස බෞද්ධ ජනහද දිනා සිටින කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිර්මාණයකි. අලව්ව පොල්ගහවෙල ප‍්‍රධාන මාර්ගයේ යාන්ගල්මෝදර දුම්රිය හරස් මාර්ගය අසලින් විහිදෙන මාර්ගයේ කිලෝමීටර් තුනහමාරකට ආසන්න දුරක් ගියවිට මහමෙව්නා භාවනා අසපුව හමුවේ. මෙය ඥාණානන්ද හිමියන් විසින් ඉදිකරවනු ලැබූ මෙරට ප‍්‍රථම මහමෙව්නා අසපුව ලෙසද හැඳින්වේ. අක්කර විස්සකට ආසන්න ස්වභාවික සෞන්දර්යයෙන් පිරි කඳුකර බිම් පෙදෙසක සම්බුද්ධ රාජමාලිගය ඉදිකර තිබේ. ඉන්දියාවේ අශෝක අධිරාජයා විසින් නිර්මාණය කරන ලද ධර්ම චක‍්‍රය සහිතවූ දැවැන්තව ඉදිවූ දොරටුවකින් සිරිගෞතම රාජමාලිගයට පිවිසිය යුතුවේ. ඉන් අනතුරුව තවත් දැවැන්ත පියගැට පෙළක් ඔස්සේ නැගගොස් මාලිගා පරිශ‍්‍රයට පිවිසීමට පුළුවන. මහල් දෙකකින් යුක්ත වන ආකාරයට නිමවූ මෙම රාජමාලිගාව අප ගෞතම බුදුන් වහන්සේ උදෙසා නිර්මාණය කොට තිබේ. මෙහි නිමවා තිබෙන සෑම මූර්තියකින්ම, චිත‍්‍රයකින්ම කියැවෙන්නේ අප ගෞතම බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වීම දක්වා වූ කතා පුවතය. රාජමාලිගාවට ඇතුළුවන ප‍්‍රධාන දොරටුවට දකුණු පසින් දිස්වන්නේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය පතා වෙස්සන්තර ආත්ම භාවයේදී මහ පොළොව කම්පා කරවමින් දන්දෙන ආකාරයේ දැවැන්ත මූර්ති නිර්මාණයකි. ප‍්‍රධාන දොරටුවද කොස් සහ කළුවර දැවයෙන් කැටයම් සහිතව නිමවූ අපූරු නිර්මාණයකි. මෙම දැවැන්ත උළුවස්ස උඩ කකුසඳ, කෝණාගම, කාශ්‍යප, ගෞතම යන සිව් බුදුවරුන් වැඩහිඳිති. ප‍්‍රධාන දොරටුවෙන් මාලිගයට පා තබන විටම නෙතසිත බුද්ධාලම්භන ප‍්‍රීතියෙන් ඔද වැඩෙන අනගිභවනීය ගෞතම බුදුන්වහන්සේ සම්බුද්ධත්වය ලබමින් වැඩ හිඳින අපූරු දර්ශනය නෙත් ඉදිරිපිටම දිස්වේ. දඟකාර ඇත් පෙළකින් මතුවන පූජාසනය සහිත වූ වජ‍්‍රාසනය මත බුදුන්වහන්සේ වැඩ සිටින අතර, මෙය එක්වරම දිස්වන්නේ බුදුන්වහන්සේ අහසෙහි වැඩ සිටින ආකාරයයි. ඒ තරමටම මනස්කාන්ත ලෙස සිරිගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි ප‍්‍රධාන කොටස ලෙස හැඳින්වෙන මෙම පහත මාලය නිමවා ඇත. වජ‍්‍රාසනය මත වැඩ සිටින බුදුන්වහන්සේ දෙපසින් මිහිකතගේ වන්දනාවත්, දෙව්බඹුන්ගේ ප‍්‍රීතිඝෝෂා සහිත නර්තන සිතුවම් කොට ඇත. මීට අමතරව එම මාලිගා ශාලාවෙහි දෙපස බුදුන්ගේ පුරිසධම්ම සාරථි ගුණයට අදාළ සිදුවීම් සහ ඉහළ කොටසෙහි මහා සමයද මැනැවින් සිතුවම් කොට ඇත. මේ සිතුවම් සියල්ලම මෙතෙක් අප දැක තිබෙන බෞද්ධ සිතුවම්වලින් බැහැරව නව අරුතක් ගෙන දෙමින් නිර්මාණය කර තිබීමද විශේෂත්වයකි. ප‍්‍රධාන දොරටුවෙන් මාලිගාවට ඇතුළු වී වම්පස බැලූවිට අසිරිමත් බෝසත් උපත සහ එදෙස ඉමහත් සතුටින් බලා සිටින සක්දෙවිඳුන්ගේ රුව අපූරුවට අඹා ඇත. ඉන් අනෙක් පස සන්තුසිත දිව්‍ය රාජයාද, ඝටීකාර බ‍්‍රහ්මරාජයාද නිර්මාණය කොට ඇත. ඒ ආසන්නයේම ධුතාංගධාරීන්ගෙන් අග‍්‍රවූ මහා කසුප් මහරහතන් වහන්සේගේ සහ මිගාසනය මත දම්සක් පැවතුම් මුද්‍රාවෙන් යුක්ත වූ අලංකාර සම්බුද්ධ රාජාණන් වහන්සේගේ ජීවමාන අයුරින් දිස්වන ප‍්‍රතිමාය. මීළඟට ප‍්‍රධාන පිළිම වහන්සේට දකුණු පසින් පිරිනිවන් මුද්‍රාවෙන් සැතපෙන පිළිම වහන්සේය. කළුවර දැවයෙන් නිමවූ සුදු හඳුන් මලින් සුවඳවත්වූ වෘක්ෂ දෙකක් පිරිනිවන් මංචකය වටා ඉදිකර පවතී. උඩුමහලෙහි ප‍්‍රධාන කොටස් දෙකක් වන අතර එහි ප‍්‍රධාන කොටස නම් කෙරෙන්නේ වැඩහිඳින මාලිගාව ලෙසය. එහි සඳුන් දැවයෙන්, රනින් නිමවූ බුද්ධ ප‍්‍රතිමා සේම සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ හිඳිති. මෙම කොටස විවෘත කෙරෙන්නේ සුවිශේෂී අවස්ථාවලදී පමණි. අනෙක් කොටස නම් කෙරෙන්නේ පත්තිරිප්පුව ලෙසය. මෙම කොටස භික්ෂූන් වහන්සේලාට භාවනානුයෝගීව විසීම වෙනුවෙන්ම නිමකොට ඇත. එම ස්ථානයෙහි කොටසක දුෂ්කර ක‍්‍රියාවෙහි යෙදෙමින් අධිෂ්ඨානශීලීව වැඩවෙසෙන බෝසතාණෝය. බුදුරැස් ඉහළට විහිදෙන ආකාරය පෙන්නුම් කරවා බෞද්ධ ධජපතාක රැසක් උඩුමහලෙහි සිට ඉහළට නංවා ඇත. එසේම උඩුමහලෙහි දෙපස සම්බුදු පෙළහර නමින් සිටි ඉරියව්වෙන් වැඩසිටින පිළිමවහන්සේලා නිමවා තිබෙන්නේ පහළ සිටින සැදැහැවතුන්ට ආශිර්වාද පිරිනමන අයුරු පෙන්නුම් කරමින්ය. මීට අමතරව එළිමහනෙහි තවත් බුද්ධ ප‍්‍රතිමා ද දේවතා රූප ද, රහතන් වහන්සේලාගේ රූප ද අඹා ඇත. ස්වභාවික ගලක් යොදාගෙන මහින්දාගමනයද නිමවා තිබේ. මීට අමතරව සිංහ, රාජාලි සහ අඩක් මිනිස් අශ්ව රූප නිර්මාණය කර තිබීම බෞද්ධ සිතට දැනෙන නුහුරු දර්ශනයකි. පැය ගණනක් එකම ඉරියව්වෙන් හිඳ ඇසිපිය නොහෙළා බලා සිටිය හැකි ආකාරයට මෙම රාජ මාලිගාවේ සියලූම නිර්මාණයන් කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා වැයවී ඇති මුදල අති විශාලය. අඩි 107 ක් උසැති සම්බුද්ධරාජ මාලිගාව වසරක් වැනි කෙටි කාලයකදී නිමවා අවසන් කිරීමට හැකි වීමද සුවිශේෂී කරුණකි.කිරිබත්ගොඩ ඥාණානන්ද සිත්හී මැවුනු මේ අපූරු නිර්මාණය දෙවැනි වන්නේ උතුම් දළදා වහන්සේ වැඩ සිටින මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පමණක් යැයි කිවහොත් එය අතිශයෝක්තියක්ද නොවනු ඇත. මේ සියල්ල සඳහා අවශ්‍ය ආධාර, උපකාර, දායකත්වය ලැබුණේ මහමෙව්නා භාවනා අසපුවල ධර්ම කටයුතු පිළිබඳව පැහැදුනු දෙස්, විදෙස් බෞද්ධ ජනතාවගෙන් බව මහමෙව්නාවේ හිමිවරු පවසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ, කථානායක චමල් රාජපක්ෂ මහත්වරු ඇතුළු දෙස්, විදෙස්, ගිහි පැවිදි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණු ගෞතම බුදු හිමියන් උදෙසා පිදුණු මෙය අපූරු නිර්මාණයකි.
සේයාරූ හා සටහන - පුෂ්පකුමාර ජයරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මුදල් වලින් අසරණ අයට පිහිටවීම සහ පිළිකා රෝහල් සදහා යෙදවීම වඩා හොදයැයි පලවූ අදහස් මෙන්ම මෙවැනි නිර්මාණයක් බුදුරජාණන් වහන්සේට පූජා කිරීම නුසුදුසු යැයි පලවූ අදහස් ද ධර්මය නොදන්නාකම නිසාම හටගත් ඒවා විය යුතුය. නැතහොත් ද්වේෂ සහගතව සිදුකළ ප්‍රකාෂ විය යුතුය. යමෙක් මේවා අල්පස්‍රැත වීම නිසා ප්‍රකාෂ කොට ඇත්නම් ඔවුන්ගේ අදහස් වෙනස්වීම පිණිස පහත ලිපි හේතුවේවා! තෙරැවන් සරණයි! (දී) http://amadamvila.net/පිනක්-අනුමෝදන්-වෙන්නට-බැ/ http://amadamvila.net/රැස්-කළ-පින-අනුමෝදන්-වන/
ලොකු පිංකමක්, බුද්ධාගම රකින්න මේ වේග දේවලුත් ඕනමයි.. අතීතෙදි මේ වගේ දේවල් කරපු නිසා තමයි අදටත් බුද්ධාගම තියෙන්නෙ.. ඒ වගේම අපි එම දේවල් බලන්න යන්නෙත්, අනාගතේදි දවසක මේ දේවලුත් පුරාණ කියලා අනාගගත දරැවන්ට බලන්න යාවි.. සාදු සාදු. මේ පින උන්වහන්සේටත් උපකාරකළ සැමටත් මහන්සිවූ සැමටත් අත්වේවා..!!
විශිෂ්ට නිර්මාණයක්.. විහාර කර්මාන්තයේ නව පිටුවක්..
අපේ ස්වාමීන් වහන්සේට නිවන්ම අවබෝධ වේවා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා
මීට වට විශාල මලිගාවකුත් රාජ්ජයක් සහ තම ප්‍රියදර බිරිය සහ පුත් කුමාරය ඇත හැර බුදු බව පතා ගිය බුදු හාමුදුරුවන්ට සිරි ගෞතම සම්බුද්ධ රජ මාලිගය කුමකටද ...මේ වියදම් කල මුදලින් අසරණ දුගී ජනයාට පිහිට වෙන්න තිබුන නේ ...අපේ කට්ටියත් මේ වගේ සෝබන වැඩ වලට මුදල් පරිත්‍යාග කරට අසරණ මිනිහෙක්ගේ ඔපරේෂන් එකකට සල්ලි දෙන්නේ කීයෙන් කී දෙනාද
බුදු දහම විනාශ කරන මිත්‍යා දෘෂ්ටිකයෝ බිහිවෙනවා කියල බුදු හාමුදුරුවෝ දේශනා කරලා තිබුනා. දැන් මේ ගැන අවබෝධයක් දෙන්න ගියාම නිර්මල භික්ෂුව අපහාසයට ලක් වෙනවා. ප්‍රතිපත්තිය පසෙකලා ආමිසය දේශනා කිරීම පහසුයි, පන්සිල් රකිනවට වඩා දාන දීම ලේසියි. මේ මාලිගයේ බුදු හාමුදුරුවෝ මහායාන බෝධිසත්ව රූපයට සමාන බවක් පේනවා. මේ ගැන කතා කිරීම පලක් නොමැති බව අදහස් වලින් පේනවා. ඒ නිසා ඔහොමම යං කියන්න තමයි වෙන්නේ. අයි.....යෝ...යෝ සල්ලි, පිලිකා රෝහලට වඩිනු මැන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්ස, සබ්භ ධානං, ධම්ම ධානං ජිනාති
ඉතාම උතුම් දෙයක්.. අගය කළ යුතුයි.. මෙයට උපකාර කළ සැමටත් ඥාණානන්ද හිමියන්ටත් පිං..
බුදුන් වදින්න? කරුණාකරල හරියට බද්ධාගම ගැන දැනගන්න.. බුදුන් කියලා නැහැ කොහෙවත් එතුමාට වන්දනා කරන්න කියලා.. එතුමා උගන්වපු ආගමත් විනාශ කරනවා... තම තමන්ගෙ හිතුමතේට වැඩ කරලා..
දන්ත කුමාරයා විදියට බුදුන්ගේ පිළිම නෙලීම ගැලපෙනවද?
මහායාන බුදු දහම අදහන මිත්‍යා දෘෂ්ටිකයෝ.හරියට බද්ධාගම ගැන දැනගන්න.මේ වියදම් කල මුදලින් අසරණ දුගී ජනයාට පිහිට වෙන්න.
මිත්‍යා දෘෂ්ටික ප්‍රතිපත්ති.සෝබන වැඩ වලට මුදල් පරිත්‍යාග කර පලක් නොමැති බව පේනවා. මේ වියදම් කල මුදලින් අසරණ දුගී ජනයාට පිහිට වෙන්න තිබුන.මලිගාවකුත් රාජ්ජයක් අත හැරි ගෞතම බුදුරජාණන් වහන්සේට සම්බුද්ධ රජ මාලිගය කුමකටද.
මහමෙව්න අසපුවට පින්
නිර්මල ධර්මය අවබෝධ වේවා, නුවණ තිබෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්. මේ වියදම් කාලෙ ධනස්කන්ධය පිලිකා රෝහලටවියදම් කලානම් වඩා උතුම්.
පිලිකා රෝහලෙන් ශ්‍රද්ධාව පහල නොවෙනබවත් ධර්මාවබෝධය නොලබෙනබවත් උපරණට අවබෝධ වේවා!
ලොකු පිංකමක්. බුද්ධාගම රකින්න මේ වගේ දේවලුත් ඕනමයි.. අතීතෙදි මේ වගේ දේවල් කරපු නිසා තමයි අදටත් බුද්ධාගම තියෙන්නෙ.. ඒ වගේම අපි එම දේවල් බලන්න යනවා වගේ අනාගතේදි දවසක මේ දේවලුත් පුරාණයි කියලා අනාගත දරුවන් බලන්න යාවි.. සාදු සාදු. මේ පින උන්වහන්සේටත් උපකාර කළ සැමටත් මහන්සි වූ සැමටත් අත්වේවා..!!
මහා ධනස්කන්ධයක් වියදම් කර කළ නව නිර්මාණයක් බලා පමණක් ශ්‍රද්ධාව පහල වෙනවා නම් එය බුදු හාමුදුරුවෝ දේශනා කල නිර්මල සද්ධර්මය නොවන බවත් එමෙන්ම ධර්මාවබෝධය නොලැබෙන බවත් සුසිත්ට අවබෝධ වේවා!
ඥානානන්ද හිමියන්ගෙ ඉතා උතුම් සත් ක්‍රියාවක්.. සාදු සාදු..!!
අගෙයි... මෙය බුදුන් වහන්සේට කරන ලද උතුම් පූජාවක්. මින් හෙලි වන ප්‍රධාන කරුන වන්නේ, සාමුහිකත්වයේ අගයයි.මිනිසුන් වන අප එක්සත් වන තරමට ප්‍රථිඵල මෙවැනිය(වි)
මම හිතන්නේ නම් මෙම ලිපියෙහි පළමු රූපයෙහි සිටිනුයේ තුසිත දිව්‍යරාජයා නොව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ඝටීකාර බ්‍රහ්ම රාජයාය. තෙරුවන් සරණයි! (නි)
බුදු හාමුදුරුවන් වෙනුවෙන් මාලිගා තනන්න දේශනා කර නැහැ.හදවතේ බුද්ධ මාලිගා තැනීමයි කළ යුත්තේ.රටේ කොයිතරම් මිනිසුන් බුදු දහමෙන් ඉවත් වෙනවාද කියලා සිතිය යුතුයි.ඒ හදේ බුදු මාලිගා තනන්ට භික්ෂූන්ගේ කැප වීම හීනවීම නිසයි යන්නයි මගේ විශ්වාසය. (නි)
බුදු දහම තවත් කල්ප කාලාන්තරයක් පවතීවා............ (දී)
බුදු දහම තවත් කල්ප කාලාන්තරයක් පවතීවා!
ඔබවහන්සේගේ බණ අහලා වගේම මේ මාළිගාව දැකලා මිනිස්සු ශ්‍රද්ධාව ඇති කර ගැනීමත් ලොකු පිනක්. (නි)
බොහෝ දෙනෙකු මෙම ලිපියේ ඇති ඝටීකාර බ්‍රහ්මයාගේ රැපයට යටින් තුසිත දිව්‍යරාජයා ලෙස වැරදියට සදහන් කර ඇති බැවින් එය සංතුසිත දෙව් රජගේ රැපය ලෙස මෙම ලිපිය කියවන විටදීත් එය share කළ විටදීත් වරදවා වටහා ගනී. එබැවින් එම වරද ඉක්මණින් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. තෙරැවන් සරණයි! (දී)
මෙවෙනි මාලිගාවක් තැනීම තුලින් බෞධයෙක් හැටියට අපි ශද්ධාව ඇතිකරගත යුතුය. ඒකට අපි බුදුරජාණන් වහන්සේ ගැන, නව අරහාදී ගුණ ගැන අවබෝධය ඇති කරගත යුතුය. එතකොට අපිට පිනක් කරගන්නත් ඒක අනුමෝදන් වෙන්නත් පුළුවන්. මේ යන සංසාර ගමන නමැති කාන්තාරයේ පින නමැති ජලය අපි එකතු කරගන්න ඕනේ. අපිට ධර්මය අවබෝධ කරන්නත්, භාවනා කරලා සිත දිව්නු කරන්නත් මේ පින උපකාරී වෙනවා. මේ අසිරිමත් නිර්මාණය හුදෙක් මහා ධනස්කන්දයක් වියදම් කිරීමක් පමණක් නොව මෙය අති මහත් මිනිසුන් කොට්ටාශයකට හා දෙවියන්ටද පින් ලබාගැනීමට හැකි පැන් පොකුණක්. අපි රෝහල් වලටත් උදව් කරන්න ඕන. අපිට හැකි වුනොත් ඒ අයටත් මේ ධර්මය දීල පිනක් ඇතිකරවන්න, ඒක තමා උතුම්ම දේ. පිනට ආගම, කුල මල, ජාති, දුප්පත් පොහොසත්, රෝගී නිරෝගී කියා බේදයක් නැ. ඒක පලදෙන්නේ වී ඇටයක් දාල ගොයම් කරල් ගන්නවා වගේ. පවට ද මේ උපමාවම ගැලපේ. ඔබ සැමටම මේ වටිනා ආර්ය සත්‍ය අවබෝධ වේවා!!! (නු)
මෙවැනි පින්කම් කිරීමට පින්වත් ලොකු ස්වාමින් වහන්සේට තවතවත් දිරිය ලැබේවා! (නි)
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නාවෙන් ඉතා විශාල සමාජ සත්කාර කර තිබෙන බව බොහෝදෙනා දන්නේ නෑ.. මහමෙව්නාවෙන් රෝහල් අලුත්වැඩියා කොට දුන් වෙලාවේ මේ කිසි කෙනෙක් ඒවා දැක්කේ නෑ ... මේ සම්බුද්ධ රජ මාලිගාව පූජා කරන්න බොහෝ පිරිස තම දනය පරිත්‍යාග කලේ ඔවුන්ටත්, දැක බල සතුටු වෙන්න කැමති සියලු දෙනාටත්, අපමණ පින් රස කරගන්නයි. අදහස් දක්වපු පිරිස මහායානය කියන්නේ මොකද්දවත් දන්නේ නැතුව දාපු බව පේනවා ... ධර්මය වලලෙමින් යන මෙවැනි කලක සුළුවෙන්හරි යමක් කරන කෙනෙකුට වැරදි කියමින් ඉන්නවට වඩා ඔබට හොඳයි සිතෙන් ලෙසට මේ ධර්මය මිනිසුන්ට අවබෝධ වෙන්න උදවු කරන එක යහපත් ... තමා විසින් කිසිවක් නොකර අනුන්ගේ දේ විවේචනයට අපේ පිරිස කවදත් දක්ෂයෝය ... නුවර දළදා මාලිගාව හදන කාලේ , රුවන්මැලි මහා සෑය හැදු කලක, ගල් විහාරය හැදු කල ඔබ සිටියානම්, අනේපිඬු සිටු තුමා අරම පූජාව කරන කල ඔබ සිටියානම් .......??? මේ සටහන මා තබන්නේ මා මෙම මාලිගාවට මට හැකිපමනින් උදවු වී දායකවී අපමණ පින් රැස්කර ගතිමි... එයට ඔබ කල අපහසයට මගේ හදේ ඇතිවූ කම්පාව ඔබට කීම මිස වඩා විවාදය පිණිස නොව.. මෙම මාලිගය දැක බලා පින්රැස් කල පිරිස බොහෝය !! මෙය විවෘත කිරීමට පැමිණි පිරිස මත පිහිටා ඔබ උරණ වූයේනම් එය ඔබේ පින රස කර ගැනීමට වූ බාධාවක් මිස වෙන කිසිවක් නොව ... දේශපාලකයින් අමතක කොට මේ මහා නිර්මාණය දැක බලා සතුටු වෙත්වා (දී)
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!!
ජීවමාන බුදුරජුන් ඉදිරියෙහි මෙන් මම එම මාළිගාව ට වැන්දෙමි. මහමෙව්නාව බොහෝ කල් සුරැකේවා...!! !!!... නමෝ බුද්ධා ...!!! (ස)
සාදු .......සාදු........අපිත් වදිමු ශ්‍රි සම්බුදු සදහම් විහාරය.(අ)
සාදු....සාදු....මම සම්බුදු සමිදු සරණ යනවා........... මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාසනය රැකගන්න සියළු දෙවියෝ එක්වේවා. මහමෙව්නා භාවනා අසපුව බොහෝ කල් අපගේ යහපත සදහා රැකදේවා.(හේ)
අපගේ ගෞතම බුදු සමිදානෙනි, මේ ඔබගේ යුගයයි
සාධු ..........සාධු ............සාධු !!!!!!!!
සාදු ...සාදු ...බුදුන් වහන්සේ දක්කවගේ .
සාදු සාදු සාදු අපෙගේ නමස්කාරය
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නා මෑණියෝ සියලු දෙවියෝ රැකදෙත්වා! නමෝ බුද්ධාය!
අපේ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට නිවන් අවබෝධ කරගන්නට මේ පිනම හේතු වාසනා වේවා! සාදු සාදු සාදු !!!
සාධු... සාධු... සාධු... !!!
සාධු... සාධු... සාධු... !!!
මේ ස්වාමීන්වහන්සෙටත් බොහොම නරක විදියට අපහස කරල ලිපියක් පේස්බුක් වල දැක්ක ඒ ගොල්ලන්ට දෙයියන්ගෙ හාල් කැවිලද දන්නෑ
මහමෙව්නා මෑණියෝ සියලු දෙවියෝ රැකදෙත්වා.....!!!!
වැඩේ නම් හොඳයි. මීට ඉස්සර මම නම් සම්බුද්ධ රාජ මාලිගාව කියල එකක් අහල නැහැ .. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටි මාලිගාව කියන එකද?
උතුම් වැඩක්. හැබැයි මේ වියදම් කල ධනස්කන්ධය, ආර්ථික අපහසුකම් වලින් දුක් විදින බෞද්ධ සිසු සිසුවියන්ට සහ දුෂ්කර පන්සල් වල සිටින සාමනේර හිමි වරුන්ට වියදම් කලානම් ඊටත් වඩා උතුම්
සාධු... සාධු... සාධු... !!!
සාදු...සාදු...සාදු....! මේ අසදෘශ මහා පින්කම, සතුටින් අනුමෝදන් වෙමි. පිංකැමති සියල්ලෝ සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා....
සාදු...සාදු...සාදු....! මේ අසදෘශ මහා පින්කම, සතුටින් අනුමෝදන් වෙමි. පිංකැමති සියල්ලෝ සැදැහැ සිතින් අනුමෝදන් වෙත්වා....
දකින විටද සිත පහන් වේ....
*බහුස්සුතෝ ච මේධාවී සීලේසු සුසමාහිතෝ* *චේතෝසමථමනුයුත්තෝ අපි මුද්ධනි තිට්ඨතු!* යම් කෙනෙක් හොඳට සද්ධර්මය දන්නවා නම්, නුවණ තිබෙනවා නම්, සිල්වත් නම්, සිත සමාධිමත් නම්, සිත සංසිඳවීමෙහි යෙදෙනවා නම්, අන්න ඒ උත්තමයා, මාගේ හිස මත වැඩසිටීවා !!!
"ඇතත් නෙක් ඔසු ලොවැ.. දහමො'සුව සම ඔසුවෙක් නැත.. එය වළඳන්න මහණෙනි..! එ ඔසුව බී ඔබ ද.. කෙළෙස් ලෙඩ හැම සුව කැර දිරුම් වැනසුම් නැති උතුම් පිරිනිවියාව යනු මැන...!"
අපි බුදුන් වදින විට සිතේ ඇදෙන චිත්‍රය සැබවින්ම පෙනෙනවා
සාධු... සාධු... සාධු... !!!
අපි බුදුන් වදිනවිට හිතේ ඇදෙන චිත්‍රය හැබැහින්ම පේනවා
සාධු .....සාධු .. මේ වගේ උතුම් පින්කම් කරන්න තවත් ධෛර්ය හා ශක්තිය ලැබේවා !
සුවමින්වහන්සේට ටවතවත් ශක්තිය ලැබේවා ......!!!
පද්මේන්ද්‍ර අප අතීත ශ්‍රී විභූතිය ගැන කතා කරමින් අනුරපුර පොලොන්නරු වදින්න බොහොම ශ්‍රද්ධාවෙන් යන්නෙ ඒ වුනාට මෙවැනි නව නිර්මාණ කරන කොට බනිනව. පුදුම මනුස්ස කොටසක් වෙලානෙ මේ බෞද්ධයො
නමෝ බුද්ධාය
සාධු ..........සාධු ............සාධු !!!!!!!!
සාදූ! සාදූ!! සාදූ!!!......සතුටු සිතින් අනුමෝදන් වෙමි
දිනක් බුදුරජාණන් වහන්සේ දුර්භික්ෂයක් නිසා විනාශ වූ ගමකට භික්ෂූන් 500 නමක් පිරිවරා වඩින විට, අන්‍යාගමිකයෙක් අහනවා " ඔබ වහන්සේ මහා කාරුණික නම්, ඇයි මේ මිනිසුන් දුක් විදින විටත් මේ ගමේ මිනිසුන්ගෙන් දානය වලද්න්න එන්නෙ ඇයි?" කියල. එවිට බුදුරජාණන් වහන්සේ පිලිතුරු දෙනව" මම ඩන් බලන්නෙ ගෙවුනු කල්ප 91 දෙසයි,මගේ බුදු නුවණට දානය දීමෙන් දුක් විදින කිසිවෙක් පෙන්නෙ නැ,ඒ වගේම දන් නොදුන් කිසිම කෙනෙක් සැප විදිනව පේන්නෙත් නැ" කියල. ඒ වගේ තමයි බුදු දහම වෙනුවෙන් කරන දන් දීම් තමා උතුම්ම. මේ මාලිගව වැද පුදා ගැනීමෙන් විශාල පිරිසක් සිත පහදවා ගෙන බුදු දහමේ සරණ යාවි. එය මොන තරම් උතුම් දෙයක්ද? ඒ වගෙම මෙය නිර්මණයට දයක වූ බොහො අය සුඝතියෙ ඉපදී බොහො කල් සැප විද ධර්මය අවබෝධ කොට අමා නිවනින් සනසේවි. ඉතින් මේ අවස්ථාව අපිට හිමිකර දුන් අපේ ලොකු ස්වාමින් වහන්සේට ඉක්මනින්ම ධර්මය අවබෝධ වේවා. මහමෙව්නාව බොහෝ කල් සුරැකේවා.
නමෝ බුද්ධාය . සාධු ....සාධු ...සාධු .
නමෝ බුද්ධාය! සාධු... සාධු... සාධු...!!!