IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සැමරීමේ දිනය අදයි

(සජීව විජේවීර)

මිනිසුන් කණ්ඩායමක් තවත් මිනිසුන් කණ්ඩායමක් විසින් සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව ඝාතනය කිරීම කොතරම් ම්ලේච්ඡ ක්‍රියාවක් ද යන්න කීමට අටුවා ටීකා අවශ්‍ය නැත.

ලෝක ඉතිහාසයේ නාසි හමුදාව විසින් යුදෙව්වන් ලක්ෂ ගණනක් සමූල ඝාතනය කළ සිදුවීම සියලු ලෝ වැසියන් විසින් අද (ජනවාරි 27) සමරනු ලබයි.

ඒ ''යුදෙව් සමූල ඝාතනය සැමරුම් දිනය" ලෙසිනි. 2001 වර්ෂයේ ජනවාරි 27 වැනි දින සිට මෙම දිනය සමරනු ලබන අතර එක්සත් රාජධානියේ සහ ඉතාලියේ මෙය ජාතික උත්සවයක් ලෙස පිළිගෙන ඇත.

වාර්ගිකත්වය පදනම් කරගෙන සිදුකළ මේ ජන සංහාරයේ දී 1941 වර්ෂයේ සිට 1945 දක්වා කාලයේ දී දරුවන් ලක්ෂ 20ක් සහ වැඩිහිටි ගැහැනු පිරිමි ලක්ෂ 50ක් ඝාතනය කළ බව සඳහන්වේ.

වර්ෂ 1933 දී හිට්ලර් ජර්මනියේ බලයට පත්වන්නේ මහජන ඡන්දයෙනි. හිට්ලර් තම රාජ්‍යයේ ගැලවුම්කාරයා යැයි ජර්මන් ජාතිකයෝ සිතූහ. ඔහුගේ දේශන ඉතා උද්වේගකර හා ජනප්‍රිය විය. වාර්ගික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ඔහු සිය දේශනවලින් නිතර නිතර කියා සිටියේය. ආර්යයන්ගේ ශ්‍රේෂ්ඨත්වයට යුදෙව් ජාතිකයන්ගෙන් තර්ජන පවතින බව විශ්වාස කළ හිට්ලර් මේන් කාමෆ් ( Mein Kamapf ) පොතක් ලියා ප්‍රකාශයට පත්කළ අතර එය ජර්මානුවන් අතර ප්‍රචලිත විය.

කිසිවෙකු හිට්ලර්ට අභියෝග කළේ නැත. හිට්ලර් යුදෙව් ජාතිකයන් සමූල ඝාතනය කිරීම ජර්මානු ජනතාවගෙන් සඟවන ලදී. ජර්මනියේ හෝ අත්පත් කරගත් අනෙක් ප්‍රදේශවල කිසිදු ආකාරයකින් යුදෙව්වන් සමූහ ලෙස මරා නොදමන බව නාසි ප්‍රචාරක කටයුතු සිදුකළ ජෝසර් ගොබෙල්ස් නිතර පැවසුවේය.

හිට්ලර් බලයට පත්වන විට ජර්මනියේ ජීවත් වූ යුදෙව්වන් සංඛ්‍යාව ලක්ෂ පහකට අධිකය. ඔවුන් රටේ ඉතා සමගි සම්පන්නව සාමකාමීව ජීවත් වූ නමුත් 1938 නොවැම්බර් 09 වැනි දා නාසි හමුදාව ජර්මානු යුදෙව්වන්ට එරෙහිව ක්‍රිස්ටල්නෑෂ්, පළිඟ රාත්‍රිය හෙවත් බිඳුණු වීදුරුවේ රාත්‍රිය නමින් ප්‍රහාර මාලාවක් දියත් කළේය. නාසි හමුදා කණ්ඩායම් යුදෙව් ව්‍යාපාරික ස්ථාන විනාශ කරමින් නිවාසවලට පහර දෙමින් යුදෙව් පල්ලි ගිනිබත් කරමින් මේ ප්‍රහාරය දියත් කරන්නට විය. පසුව හෙළිදරව්වුණේ මේ ප්‍රහාරය ජෝසප් ගොබෙල්ස් විසින් මෙහෙයවන ලද්දක් බවයි.

ඉන් පසු ජර්මනියේ හා අත්පත් කරගත් ප්‍රදේශවල යුදෙව්වන් සමූල ඝාතනය කිරීමය. එම අවසාන විසඳුම 1933 සිට 1941 අතර කාලයේදී ක්‍රියාවට නැංවිණි. හෙන්රිච් හිම්ලර් සහ ඇඩොල්ෆ් අයික්‌මාන් සැලැස්‌මේ ප්‍රධාන මොළකරුවෝ වූහ.

නාසි හමුදා විසින් යුරෝපයේ යටත් කරගත් ප්‍රදේශවල සිටි ලක්ෂ සංඛ්‍යාත යුදෙව්වන් වධකාගාර වෙත යැවීමට අයික්‌මාන්ව පත් කරන ලදී. හෙන්රිච් හිම්ලර් යුදෙව්වන් ලක්ෂ 60කට වැඩි පිරිසක් ඝාතනය කිරීමේ ප්‍රධානිය වූයේය. හිට්ලර් කියා සිටියේ බටහිර බලවතුන් සමග කටයුතු කරන විට යුදෙව්වන් ප්‍රාණ ඇපකරුවන් ලෙස කටයුතු කරන බවයි.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේ දී හෙළිදරව් වුණේ නාසි හමුදා විසින් අත්ත් කරගත් රටවල කඳවුරු 15,000ක යුදෙව්වන් ඝාතනය කළ බවයි. එහි වඩාත් කෲර හා පිළිකුල් සහගත තොරතුරක් වූයේ යුදෙව්වන් මරා ඔවුන්ගේ සිරුරුවල අඩංගු වූ මේදය භාවිතා කරමින් සබන් නිෂ්පාදනය කිරීමට ගත් උත්සාහයයි.

ලක්ෂ 40ක යුදෙව්වන් පිරිසක් අවුෂ්විට්ස්වල දී ඝාතනය කෙරුණු අතර බොහෝ යුදෙව්වෝ හාමතින්, ලෙඩ රෝග හේතුවෙන්, වධ හිංසා හේතුවෙන් මෙන්ම කුරිරු වෛද්‍ය පරීක්ෂණ හේතුවෙන් ද මිය ගියහ.

1933 වන විට යුරෝපයේ සිටි යුදෙව්වන් ලක්ෂ 90ක පිරිස 1945 වනවිට ලක්ෂ 30 දක්වා අඩුවීමෙන් ඝාතනයේ විශාලත්වය පෙනී යයි. ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු මුදවාගත් යුදෙව්වන් පිළිබඳ සටහන් තැබූ බ්‍රිතාන්‍ය හමුදා පවසන්නේ වධකාගාරවල සිටි වැරහැලි ඇඳගත් අපිරිසිදු මළ සිරුරු වැනි යුදෙව්වන් ඇවිදින විට මැරී වැටුණු බවයි.

මේ සමූල ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකයට ගෞරව කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සියලුම සාමාජික රටවලින් ඉල්ලා සිටී. 



අදහස් (19)

යුදෙව්වන් සමූල ඝාතනය කිරීම සැමරීමේ දිනය අදයි

S.P Monday, 27 January 2020 01:54 PM

මේකට වග කියන්න ඕනේ හිට්ලර්වත්, නාසිවදයවත් නොවේ.. ජර්මිනිය කොන් කරන්න හදපු මෝඩ ප්‍රංශයයි, එංගලන්තයයි...

:       141       82

හේරත්Thursday, 30 January 2020 09:50 AM

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇතිකරපු සුදු මාධ්‍ය විසින් නිර්මාණය කළ ප්‍රොපගැන්ඩාව ගැන මධ්‍යස්ථව හිතන අය ලෝකයේම සිටින්නේ අතළොස්සක් විතරයි. ඒ ප්‍රෝපගැන්ඩාව අද වන විට ඉතිහාස ගතවී දෙවන ලෝක යුද්ධය ගැන පරම සත්‍ය වී ඇත. එය විශ්වාස කරමින් ලෝකයේ බහුතරය අදටත් හිට්ලර්ව දකින්නේ යක්ෂයෙක් හැටියටයි. අනිත් අතට ලොව පුරා යුදෙව්වන් ඒ ප්‍රෝපගැන්ඩාව පවත්වාගෙන යාමට විශාල උත්සාහයක් දරනවා...

:       2       102

ruchi - londonThursday, 30 January 2020 05:42 PM

හේරත් ඔබ බොහොම හරි... ඔය යුදෙව් ජාතිය ගැන මේ ලෝකයේ කවුරුත් දන්නවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මාධ්‍ය ඔක්කොම යුදෙව්වන් විසින් පවරාගත්තා.. නැතිනම් පවරලා දුන්නා. අන්තර් ජාලය පාලනය කරන්නේ යුදෙව්වෝ. නමුත් දවසක මේ ඔක්කොම කණපිට ගහනවා. හිට්ලර් කියන්නේ අහිංසක මිනිහෙක්. එදා ජර්මනියේ මිනිස්සුන්ට විඳින්න වුණු ආර්ථික අහේනියට මුල යුදෙව්වන් බව තේරුම් ගියපසු තමයි ඔහු වෙනස් වුනේ. හෙට නැතිනම් අනිද්දා තවත් හිට්ලර් කෙනෙක් අනිවාර්යයෙන්ම බිහිවී මේ යුදෙව්වන් විනාශ කරන බව ස්ථිරයි...

:       0       0

Kumar Monday, 27 January 2020 06:04 PM

හිට්ලර්ගේ නාසි වාදය බංකලොත් වෙනකොට යුදෙව්වන්ට වරද පැටෙව්වා. පළමු ලෝක සංග්‍රාමයේදී ජර්මනියේ සිටින දහස ගණන් යුදෙව්වන් ජර්මනිය වෙනුවෙන් සටන්කර දිවිදුන්නා. ඔය කියන්නේ කොටි සංවිධානය ඇතිවෙන්න හේතුව ප්‍රභාකරන්ගේ හොර බඩු ජාවාරම සිරිමාවෝ ආණ්ඩුවෙන් අවහිර කල නිසා කියන එක වගේ තමා. ජර්මනිය අල්ලාගත් රටවල් වලත් ඉන්න යුදෙව්වොත් මරලා දැම්ම මොකද ගැහැණු, කුඩා ළමයි කියලා වෙනසක් තිබුනේ නැහැ.

:       0       3

samira - franceTuesday, 28 January 2020 01:26 PM

1 වෙනි ලෝක යුද්ධය පටන්ගන්න මුලත් යුදෙව්වෝ. 2 වන ලෝක යුද්ධය පටන් ගන්නත් මුල ඔය යුදෙව්වෝ.

:       3       130

සුජීව - ප්‍රංශය Tuesday, 28 January 2020 07:09 PM

ඔව් ඔබ හරි. එපමණක් නොව 3 වෙනි ලෝක යුද්ධයත් ඔවුන් විසින්මයි පටන් ගන්නේ. නමුත් දවසක ඔය කියන යුදෙව්වන් ඔක්කොම මේ ලෝකයෙන් තුරන්වෙලා යනවා.

:       17       78

KumarThursday, 30 January 2020 04:24 PM

ප්‍රංශයේ මොනවා උගන්වනවාද කියන්න මම දන්නේ නැහැ. පළමුවෙනි ලෝක සංග්‍රාමයට හේතුව වුනේ සර්බියාවේ අන්තවාදියෙක් ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි ෆර්ඩිනන්ඩ් කුමරා හා ඔහුගේ බිරිය ඝාතනය කිරීමයි. මෙය රුසියාවේ උසිගැන්වීමක් කියලා ජර්මනිය රුසියාවට විරුද්ධව යුද ප්‍රකාශ කළා. ඉන්පසු ජර්මනිය ප්‍රංශයට සහ බෙල්ජියමට විරුද්ධව යුද ප්‍රකාශ කලා. ඒ දිනවල ජර්මනියේ පාලනය කලේ කයිසේර් විල්හෙල්ම්. ඔහු යුදෙව්වෙක් නොවේ. බොරු ප්‍රචාර පතුරුවන්න එපා. දැන් පවතින යුදෙව් රට බිහිකරන්න උදව් දුන්නේ ස්ටාලින්ගේ අනුමැතිය ඇතුව සෝවියට් දේශයේයි. එ් දිනවල පලස්තීනය පාලනය කලේ බ්‍රිතාන්‍යයයි. යුදෙව්වන් අරාබි ජනයා සමග සාමයෙන් කල්ගතකලේ. යුරෝපිය යුදෙව්වෝ දැන් පවතින රට ඇතිකළා. පළමුවෙනි යුද්ධයෙන් ඕස්ට්‍රියන් සහ ඔටමන් අධිරාජ්‍ය විනාශවී දැන් තිබෙන අරාබි රටවල් ඇතිවුණා. අන්තිමට 1918 ඉතිරි වුනේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය පමණි.

:       0       2

shantha perera - france Monday, 27 January 2020 06:41 PM

ඔය මොනවා කීවත් යුදෙව්වන් කියන්නේ මේ ලෝකයේ බිහිවුන නරකම ජාතියයි. එදත් එහෙමයි. අද ඊටත් වඩා නරක විදිහට ඔවුන් හැසිරෙන්නේ.

:       4       71

උදාකර Tuesday, 28 January 2020 01:36 AM

S.P., ඔයාල වගේ අය හින්ද තමයි අදටත් අපේ වගේ රටවල් මේ තත්වෙම ඉන්නෙ.

:       1       5

Jaya Tuesday, 28 January 2020 03:15 AM

ඉදලා ඉදලා නමත් හංගගෙන ගොන් පාට් කොමෙන්ට් එකකුත් දැම්මා.

:       0       5

janahitha Tuesday, 28 January 2020 03:42 AM

ඔහු හරි මේකට හේතුව උනේ යුරෝපා ආධිපත්‍ය සහ ඔවුන් යුදෙව්වන් ආයුධයක් ලෙස යොදවා එම රටේ ආර්ථික දියුණුව විනාශ කිරීමට උත්සහ ගැනීමය.

:       4       0

JANAHITHA Tuesday, 28 January 2020 03:47 AM

ලංකාවෙත් 20% පමණ නියම ආර්යන් සිටිනවා ඔවුන් මේ රටේ බොහොම නිහතමානී අපරාද වලට කෙසේ වත් යොමු නොවන පිරිසක් අනෙක් පිරිස විවිධ ජාතින් ඉන්දියාවේ කර්ණාටක අන්ද්‍රා තමිල්නාඩු කේරල මන්ගලොරේ සොලී ආක්‍රමණයෙන් පසු මෙහි ඉතරි වූ මිශ්‍ර පිරිස් මේ පිලිබඳ සත්‍ය දැනගත යුතුවන්නේ 20% න් පමණි

:       114       7

රුවන්Tuesday, 28 January 2020 10:53 AM

හිට්ලර් සඳහන් කරපු ආර්යයන් සහ අපි දන්න ආර්යයන් කියන්නෙ වෙනස් ජන කොට්ඨාෂ දෙකක්. අපි ඒ කාලේ ජර්මනියෙ හිටියනම් අපිත් නවතින්නෙ ගෑස් කාමරේක තමයි.

:       1       6

ලුම්බිණි Tuesday, 28 January 2020 05:16 AM

මේ සමූල ඝාතනයට ගොදුරුවූවන්ගේ මතකයට අපි සියල්ල ගෞරව කල යුතුයි.

:       81       40

Kanishka Wednesday, 29 January 2020 11:50 AM

මෙම අදහස් ශ්‍රී ලාංකිකයෙකු ලෙස දැකීමට මම ලැජ්ජා වෙමි..

:       28       9

Crishan Wednesday, 29 January 2020 10:23 PM

යුදෙව්වන් මරලා ඉවර කරන්න බැහැ. යුදෙව්වන් එක්ක සටන් කරලා දිනන්න බැහැ. අදටත් ලෝකයේ පාලනය තියෙන්නේ යුදෙව්වන් අතේ තමයි. ලෝකයේ ලොකුම ධනපතියත් ඇමරිකන් යුදෙව්වෙක් තමා යුදෙව්වන් එක්ක සෙල්ලම් බැහැ එච්චරයි කියන්න තියෙන්නේ...

:       6       114

Walter White Friday, 31 January 2020 12:04 AM

මේ අය බීලද ඉන්නේ? ඔය සාමාන්‍ය ඉන්දියන් කාරයෙක්ගෙන් අහන්න ජාතිය, ජනවර්ගය ගැන.., ඔවුන් සුපිරි ආර්ය වාදය ගැන නියමෙට කරුණු දක්වාවි. බටහිර සුද්දන්ටත් වඩා ආර්යවාදය කරේ තියන් ඉන්න කාලකන්නි, වර්ගවාදී ජාතිවාදීන් ටිකක්, සැකයක් තියෙනවා නම් නිකමට ඔය ප්‍රසිද්ධ වෙබ් අඩවි වල ඉන්දියන් ආර්යයන් ගැන සර්ච් කරලා බලන්න. මට දැන් පැහැදිලිවෙන දෙය තමයි ලංකාවෙත් ඒ හා සමාන අමනයන් පිරිසක් ඉන්න බව. මේවා පරිවර්තනය කරලා මුළු ලෝකෙට ප්‍රසිද්ධ කරන්න ඊනියා ආගන්තුක සත්කාරය දන්නා යහපත් ගුණවත් සියල්ලන්ටම එක ලෙස සලකන ශ්‍රී ලාංකිකයින්ගේ රෙදිත් ගැලවේවි.

:       0       0

Walter White Friday, 31 January 2020 12:31 AM

හිට්ලර් කියන්නේ අසාධාරණයට ලක්වුණු අයෙක් කියන අලුත් මතයක් මේ කාලයේ හරි වේගෙන් පැතිරෙනවා. හිට්ලර් කියන්නේ සත්ව හිංසනයට විරුද්ධ කලාකාමී ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පියෙක් වගේ අදහස් තියෙන වීඩියෝ විශාල වශයෙන් තියෙනවා. එත් උන් මිනිසුන් බලහත්කාරයෙන් සිරකරගෙන මැරෙනතුරු වැඩ ගත්තා. මැරුණම අස්ථි කුඩු කරලා පොහොර හදන්නත්, ශරීර වල මේදයෙන් සබන් හදන්නත් මළවුන්ගේ සමෙන් වැඩ ගන්න, වගේ අමන නින්දිත යෝජනා තිබුණා. මේ කාරණා ආර්ථික වශයෙන් ප්‍රයෝජනය අඩු නිසා දිගටම ක්‍රියාවේ නොයෙදෙව්වත් මරා දැමු මිනිසුන්ගේ දත් ගලවා රත්රන් එකතු කිරීම, ජර්මන් කර්මාන්ත වලට යුදෙව්වන් යොදවා මැරෙනතුරු වැඩ ගැනීම කෙරුනා. ආර්ය නොවන මිනිසුන් කියන්නේ ගොවිපොළවල් හදන සතෙක් තරමටවත් අයිතිවාසිකම් නැති අය බව ඒ අය පෙන්වා දුන්නා. අදත් එහි අතුරු විපාක මේ ලෝකය අත්විඳිනවා.

:       0       3

Rohana Friday, 31 January 2020 07:10 AM

මෙවැනි අශිෂ්ඨ ජන සංහාර මනුෂ්‍යත්වයට නිගාවකි. කිසිත් නොදන්නා කුඩා දරුවන් පවා යුදෙව්ව්වන් වීම නිසා මරණයට පත්වීම කොතරම් ඛේදජනකද? ජර්මනියේ හිට්ලර්ගේ නමක් පවා වර්තමානයේ සඳහන් නොවන්නේ මේ නිසාය. හිට්ලර් යනු මිනීමරුවෙකි.

:       1       26

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 80 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1467 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 673 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 214 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4691 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 13021 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site