IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


යහපාලනය සැබෑවක් කිරීමට කාලය පැමිණ ඇත

නිදහස ලබා වසර ගණනාවක දිගුවකින් පසුව, එනම් දශක හයක-හතක කාලයක් තුළ නිදහස භුක්ති විඳී ජාතියක් ලෙස,ඉන්දීය සාගරයේ  මුතු ඇටය, ජගත් DL_20160512_C003දේශපාලන ඉතිහාසයේ නිම් වළලු පුළුල් කරමින් නව දේශපාලන ප්‍රවේශයක, නවමු සංස්කෘතියක අත්දැකීම් විඳිමින් සිටියි. එය සැබවින් ම  අසහාය සංසිද්ධියකි.


ගෙවීගිය දශක හයක, හතක කාලයක් තුළ වරින් වර, පාලන බලය අත්විඳි, ශ්‍රී ලංකාවේ ප්‍රධාන, ප්‍රතිවාදී දේශපාලන ප්‍රවාහයන් දෙකක නායකයන් එකට එක්ව රටේ ප්‍රගමනයට,  සුබ සිද්ධියට අත් අල්ලා ගෙන කටයුතු කරන්නට ඉදිරිපත්වීම ලොවම සලිත කළ පුදුමාකාර පුවතක් වූවාට සැක නැත. කාලයේ සලකුණු නිසිව කියවා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමග සංධාන ගතව සිටින අවශේෂ දේශපාලන පක්ෂ ද එහිලා සහය දැක්වීමට එක්ව සිටිති.
අප සාර්ථකව අත්විඳිමින් සිටින මේ නව පාලන රටාව  .යහ පාලනය.  සිය දේශයන්හි අත් දකින්නට කැමති ජාතින් ට, අපි පූර්වාදර්ශයක් වෙමු. අප රටේ දැනට ක්‍රියාත්මක වන පාලන තන්ත්‍ර ව්‍යුහය, ‘යහ පාලනය’ වශයෙන්  හඳුන්වනු ලබන්නට මූලික සාධක සපයන්නේ, තමන් උපන් දේශයේ, රටේ,  ප්‍රගතිය සහ සංවර්ධනය ඉතා සිතින්  ප්‍රාර්ථනය කරන, මේ නව පාලන තන්ත්‍ර ක්‍රමය හරහා රටට නව යුගයක් අපේක්ෂා කරන, ඒ නිසාවෙන්ම  තමන් දරන ප්‍රතිවිරෝධි  දේශපාලන මත පසෙක ලා රට වෙනුවෙන්  එක  පෙරමුණකට පෙළ ගැසුණු, මේ රටේ ප්‍රධාන දේශපාලන  පක්ෂ දෙකය.  ඔවුන් හා පෙළ ගැසෙන්නට පෙරට  ආ විවිධ දේශපාලන ධාරාවන්ට නායකත්වය දෙන  අවශේෂ දේශපාලන පක්ෂයන් ය.

Yahapalanaya


ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් මගක ගමන්  කරන, බලය ලබා ගැනීම සඳහා එකා අනිකා පරයමින් දෙශපාලන පොරපිටිය කළඹමින් සටන් වැදී , නිදහසින් පසු දසක හයකට වැඩි කාල පරාසයක්  තුළ මාරුවෙන් මාරුවට බලය අත් විඳි, ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්  දෙකක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පමණක් නොව අප දන්නා තරමින්  ලෝක දේශපාලන ඉතිහාසයේ  පළමුවරට ‘යහ පාලනය’  සඳහා සංධාන ගතවන්නේ ප්‍රජාතන්ත්‍ර -වාදයේ හරය, සැබෑ අර්ථය මුර්තිමත් කරමිනි. රටේ හා ජාතියේ  අපරිමිත යහපත වෙනුවෙන් තමන් දරමින් සිටි සියලු මතවාදයන්, පෑල දොරින් වීසිකර,  රට පාලනය කරන්නට අව්‍යාජ සිතින්  දෑත් දිගු කරමිනි.


එය සත්තකින් ම අති විශිෂ්ට අත් දැකීමකි. රටේ නොව, සිය පුද්ගලික අභිමතාර්තයන් සාක්ෂාත් කරගන්නට, වෛරී දේශපාලනය වපුරවමින් හුදු ප්‍රතිවිරෝධී මත ගැටෙන  දේශපාලන රටාවක් තුළ හිරව සිටි පිරිස්,  ඒ සියල්ල අළුයම ලූ කෙලපිඩක් සේ වීසිකොට, රට වැටී ඇති ප්‍රපාතයෙන්  ගොඩගෙන, ප්‍රගතිය කරා නිසිව, නිවරැදිමග මෙහෙයවන්නට , ඉතා වැඩදායී අගනා මුල පිරීමකි. අලුතින් සිතන්නට අප පොළඹවන පැසසිය යුතු පියවරකි.  ඔව්හු දැන් සියල්ලට පළමුව රට යයි සිතන්නට පෙළඹ සිටිති.


මේ  නවමු  අත්දැකීම , ඉතාමත් පැහැදිලිව, පාරදෘශ්‍යව, පවුරේ ලියැවී ඇත්තේ යායුතු ගමන් මගට ඉඟි කරමිනි. සක්සුදක් සේ පැහැදිලි වනසේ පවුරේ ලියැවී ඇති පණිවුඩය, මේ රටේ  මත ගැටෙන කඳවුරු වලට බෙදී, ඔවුන් ගේ ඇස්පනාපිට සිදුවෙමින් පවත්නා, දිග හැරෙන අමුම අමු  ඇත්ත,  වෙනස, අදහා ගන්නට නොහැකිව විචිකිච්ඡාවෙන් සිටින දේශපාලකයන්ට පමණක් සීමාවූවක් නොවේ. එහෙත් ඒ පණිවුඩ ය විශ්ව ප්‍රජාවටය. සුවිශේෂාකාරයෙන්, මේ පණිවුඩය,  අප වැනිම වටපිටාවක දිවි ගෙවන ආසියාතික  රටවල ට, ජනතාවටය. තම තමන් ගේ රටවලට විශේ ෂිත වූ, අරමුණු, අපේක්ෂාවන්, අභිප්‍රායයන්  සාක්ෂාත් කර ගැනීම සඳහා අවදිව, ලද අවස්ථාව වැලඳගෙන, ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන කටයුතු කරන්නට ඔවුන් දිරිගැන්වීම සඳහාය.


නව වසර අරඹන විට තමන් හැදුණු වැඩුණු ගම් පියසට සෙවන දෙන පොලොන්නරුව දිස්ත්‍රික්කයට ගිය ජනාධිපති  සිරිසේන මැති ඳා සිය ගම්මාන යේ හා තදාසන්න පෙදෙස්  වලින් පැමිණි ජනතාව අමතා සඳහන් ක්‍ර තිබුනේ “නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා  මානව  අයිතිවාසිකම්  ආරක්ෂා කරන රටවල් අතර ශ්‍රී ලංකාව ප්‍රමූඛත්වය ගෙන තිබෙන බව” ය. ඒ තත්ත්වය සැබෑ බව එක්සත් ජාතින්ගේ  සංවිධානයේ මහ ලේකම් බැං කිමුන් මහතා ද  සහතික කර තිබෙන බවය.

 

1


අලුත් වසර උදා වූ අරුනැල්ලේම පොලොන්නරු  ජනතාව මුණ ගැසුනු  ජනාධිපති තුමා  සිය සහෘද ජනතාවට සුබ නව වසරක් පතමින් මතක් කර දුන්නේ ගතවූ වසර තුළ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය මගින් මේ  රටේ  නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය   ශක්තිමත් කිරීමට පියවර ගත් බවය. මේ රටේ සියලු ජනතාවට  නිදහස, සතුටින් සාමයෙන් ජීවත්වීමේ වටපිටාව සකස්කර දුන් බවය.  “අප සියලු  දෙනාගේ වගකීම , අපේ මව්බිම, ශේෂ්ඨ රාජ්‍යයක් ,රටක් බවට පත්කිරීමට ක්‍රියාකිරීම බව ද” එතුමා   වැඩිදුරටත් කියා තිබුණි.


ජනාධිපති තුමා සිය කතාවෙන් සමස්ථ ජනතාවට දුන් පණිවුඩය  නම් අප හැම කෙනාගේම පරම යුතුකම, වගකීම රට ගොඩ නැගීමය. මේ රට තුළ සියළු ජන කොටස් වලට .මේ අපේ මවුබිමයයි. සාඩම්බරයෙන් හඬගා කියන සියල් ජනතාවට, සිය අසල්වැසියන්  සමග,  භේදයකින් තොරව, සාමයෙන්, සමාදානයෙන්, සිතේ සැහැල්ලුවෙන් එක රටක් තුළ , එක ජනතාවක්  ලෙස,  ජීවත්වීමට පරිසරයක් නිර්මාණය කිරීමය.  ඒ සඳහා ජාති, කුල භේද, ආගම් භේද අත්හළ යුතු ය. 


ප්‍රශ්නය ඇත්තේ එතැනය. අපි  අවංකවම රටේ ප්‍රගතිය අපේක්ෂා කරන්නේ ද ? රට පෙරට යනවා දකින්නට කැමැත්තේ ද? සියලු මතභේද දුරලා රටට, ජනතාවට  යහපත් හෙටක් උදාවෙනවා දකින්නට කැමතිව,හෘදයාන්ගමව, දැඩි වගකීමකින් ක්‍රියාකරන්නට සූදානම් ද? යහපාලන රාජ්‍ය යාන්ත්‍රනයේ  සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය,  බිඳවැටීම-නැගී සිටීම  රඳා ඇත්තේ අප දක්වන කැපවීමේ ප්‍රමාණ ය අනුවය. 


ජාතිය අමතා කතා කරණ ජනාධිපතිතුමාගේ කතාවෙන් අප උද්දාමයට පත්වන්නේ, අප දිරිමත් කරවන් නේ යහපාලනය සැබෑවක් කරන්නට එතුමා, එහිලා අවධාරණය කරණ  එතුමාගේම කැපවීමය. “නිදහස,ප්‍රජාතන්ත්‍රවාදය  හා මානව අයිතිවාසිකම් ඉහලින්ම අගයන, රක්ෂා කරණ මුල් පෙලේ රටක් ලෙස විශ්ව සමාජයේ නමක් දිනා සිටීන ශ්‍රී ලංකාව, අන්තර් ජාතික ප්‍රජාවගේ ඇස් මානයේ රැන්ඳු ශ්‍රී ලංකාවේ නම ඉහලින්ම රඳ වා තබන්නට ක්‍රියාකරන බවත් , කිසිම ආකාරයක ත්‍රස්තවාදයක් හෝ ජාතිය, කුලය, ආගම  හෝ  භාෂාව මුල් කරගෙන කවරම හෝ  සමාජ කැළඹවීමක් හෝ  නොසන්සුන්තාවක් ඇතිවීමට ඉඩකඩ නොතබන බවයි”.


අප අපෙන්ම අසා දැනගත යුත්තේ මෙයයි. ජනාධිපතිතුමාගේ කතාවෙන් ඉඟි කරන වටපිටාව සකසන්නට, අප කොතෙක් දුරට සූදානම් ද ? එතුමා පෙන්වාදෙන මග අනුගමනය කරන්නට අප සූදානම් ද ? 


අප කවර ජාතියකට අයත් වුවත්, මෙහි උපන් අපි හැමෝම මේ රටේ පුරවැසියන් වෙමු. අප කවර භාෂාවක්  කතා කලත්, අපේ ජීවන රටාව කවර සංස්කෘතියක් පිලිබිඹු කලත්, අප කවර ආගමක් ඇදහුවත් අපේ යුතුකම වන්නේ උපන් රටට , මාතෘ භූමියට ගෞරවයක්, අභිමානයක් වන ලෙස  විනය ගරුකව, ගුණගරුකව, නීති ගරුකව ක්‍රියා කරමින් සැබෑ පුරවැසියන් බව ලොවට පසක් කිරීම අපගේ  යුතුකම බව ද ජනාධිපතිතුමන් ගේ කතාවෙන් ඉඟි කරයි.              


හෙල්ප් ඉන්ටනැෂනල් ෆෞන්ඬේෂන් හි  සාමාජිකයන් වන අප, අපේ හැටියට, අප අපේ සංවිධානයේ මුල්දිනවල සිටම අප ඇසුරු කරන්නන් අතර විශේෂයෙන්ම රටේ අනාගතය  බාර ගන්නට සිටින ජාතියේ සාඩම්බරය වන යොවුන් සිත්තුළට කාවද්ද න්නට උත්සාහ කරන් නේ ජාතීන් අතර සාමය, සංහිඳීයාව ඇතිකිරීමේ උත්තම ප්‍රතිපදාවේ ඇති වැදගත් කමය.


අප  ඔවුන් සිත් සතන් තුළ ධාරණය කිරීමට උත්සාහ කරණ සත්තාව නම්: මානව සංහතියේම කොටස් කරුවන් වන මිනිසුන් වන අප  විසින් ම නිර්මාණය කර ඇති ප්‍රභේදයන් අනුව ඒ ඒ කාණ්ඩවලට, ජාතිය, කුලය, භාෂාව හා ආගම අනුව අප අපවම බෙදා වෙන් කර ඇතත් අපි එකම මිනිස් පවුලක් වෙමු යන්නය. අප අදහන ආගම් අපට උගන්වන් නේ අප කව්රුන් වුවත් එකට එක්ව ක්‍රියාකිරීමේ  ඇති අලංකාරත්වය ගැනය. එකට එක මග ගමන් කිරීමේ ඇති වැදගත් කම ගැන ය. අන් අය අගය කිරීමේ ඇති වැදගත් ගැනය.  එසේ කිරීමට අපව දිරිමත් කරන උදාහාරණ සපයන්නේ සිංගප්පුරුව වැනි රටවල් ය. එහි ජීවත්වෙන විවිධ ජාතීන්   සිංගප්පුරු රටේ අභිමානය ඉහලින් ම සලකයි.     


ඒත් අප අදහනවාය කියන අපේ ආගම්, අප දිවා රෑ තොර තෝංචියක් නැතිව ඔහේ කියවන, එහෙත් අප තේරුම් නොගන්නා, තේරුම් ගැනීමට උත්සාහයක් හෝ නොදරන ශුද්ධ ලියවිලි පාඨයන් හි දක්වා ඇති අන්තර්ගතයන්, තේරුමක්  නැති හුදු පාඨයන් බවට පත්වන් නේ අපි එක අරමුණක් වෙත ලඟාවීමේ අපේක්ෂාවෙන්  විවිධ මාවත් ඔස්සේ  ඇදෙන ජනතාවක් වෙමය, යන සත්තාව , ඇදහිලිවන්තයන්, ආගම් අනුගාමිකයන් තුළ නිධන්ගත කරන්නට අපොහොසත් වීම තුළ ය.      


අප අවං කවම තබන පියවරයන්  “යහ පාලනය” සංකල්පය අර්ථ වත් කරයි. යුද්ධයෙන් බැට කෑ, ඉන්, උන්හිටි තැන් අහිමිව ගිය, මාපියන්,දූ දරුවන්, බන්දු මිත්‍රාදීන් අහිමිව ගිය, සිය ගේදොර, වතුපිටි අහිමිව ගිය, මේ රටේ උතුරුකරයේ ජීවත්වන අපේම සහෝ දර ජනතාවට නිවාස තනාදීමට රජයේම පෙලඹීම, අභිප්‍රේ රණය .“යහ පාලනය” අර්ථවත් කිරීමෙහිලා  ගන්නා වෑයමට දැක්විය හැකි හොඳම උදාහාරණයයි. එමගින් රජය උතුරුකරයේ ජනතාවට දෙන පණිවුඩය  නම්, ඔවුන් සිත් සතන් තුළට කාවද්දන පණිවුඩය නම් මෙය යි “අපි ඔබ ගැන සැලකිලිමත්ව සිටිමු...........ඔබ සියල්ලන් ම අපේ ය. අපේ, මේ රටේ , මේ මාතෘ භූමියේ, අපේ ජාතියේ  උරුමක්කරයෝය. කොටස් කරුවෝය. .ශ්‍රී ලංකාව- අපේ මාතෘ භූමිය. යයි කටපුරා කිව හැකි අපේම ඇත්තන්ය. අපි ඔබේ අවශ්‍යතාව” යන් ගැන අවබෝධයෙන් සිටිමු. ඒවා සපුරාලන්නට කළ හැකි සියල්ල කරමු.”


අපි භෞමික අඛණ්ඩතාව ගැන මහා ඉහලින් කතා කරමු. රජය සියලු පුරවැසියන් සඳහා  යයි අපි කියමු. පල්ලෙහාම පෙලේ, ගම් මායිම්වල ජීවත්වෙන  ජනතාවට දැනෙන  සේ පහසුකම් සැපයීම, යටිතල පහසුකම් සැපයීම ගැන කතා කරමු. සමාන සැලකුම් ගැන, සමාන අවස්ථා ගැන, රට ලබන සියලු ප්‍රතිලාභයන් රට පුරා අස්සක් මුල්ලක් නෑර විසිර සිටින සියලු ජනතාව අතර සමානව බෙදීයාම ගැන කතා කරමු. මේවා කිසිදා හුදු වචන වලට පමණක් සීමා නොවිය යුතුය. ඡන්ද ප්‍රචාරක සමයට පමණක් සීමා වූ, ඡන්ද උණුසුම පහව යත්ම අමතකව යන, සුලඟ සමග විසිර යන ඡන්ද සටන් පාඨයන් නොවිය යුතු ය.


අප වචන වල ඇත්තේ  හුදු ප්‍රලාපයන් නොව තිත්තම තිත්ත ඇත්ත නම් අප කියන දේ කළ යුතුමය. උතුරේ අවතැන් වූ ජනතාවට නිවාස ලබාදීම සඳහා රජයේම පෙළඹීම ගැන වීපක්ෂ නායක ආර් . සම්බන්දම් මහතා මෑත දී ජනාධිපතිතුමා ලිපියක් යැවීය. තත් ලිපියෙන් දිවෙන, ගම්‍යවන, අවධාරණය කරන, අප අවධානය දිනිය යුතු කරුණ නම් එම ලිපියේ  මුඛ්‍යාර්ථය, විමසිල්ලට බඳුන් කිරීමය.


“උතුරු-නැගෙනහිර ජනතාවගේ දැවෙන  නිවාස ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ඇති වූ රජයේ  පෙළඹීම සත්තකින්ම ප්‍රශංසාත්මකය. කෙසේවෙතත්  මේ සියලු උත්සාහයන් හරහා ගම්‍යවන මිනිසුන් ගේ අවශ්‍යතාවයන් ගැනත්, ඔවුන්ගේම  සංස්කෘතිය ගැනත්, සැලකිලිමත් විය යුතු ය.  රජය ගන්නා මුල් පියවර නිසාවෙන් සිය සංඝය කෙරෙහි  ඇතිවෙන අනුමිතිය, බලපෑම ගැනද  සැලකිල්ලට ගතයුතුය. එවැනි උත්සාහයන් සමගි සංධානය  සක්‍රීය කරණ ඵලදායී  කොටසක්  වන්නේ එවිටය.


“ජාතීන් අතර සමගි සංධානයක් ඇති කිරීමෙහි ලා ඔබතුමන් ප්‍රමුඛ රජයේ කැපවීම ප්‍රකට කාරණයකි. යුද්ධයෙන් බැට කෑ,අවතැන් වූ ජනතාවට නිවාස තනාදී ජීවත්වීමට ඉඩ කඩ සැලසීම, සමගි සංධානය  ඇතිකිරීමෙහි ලා අතිශයින් ම වැදගත් වාසිදායක අවස්ථාවන් සලසයි.

 

2

 


“දෙමළ ජාතික සංධානය හා පොදුවේ සමස්ථ දෙමළ ජනතාව වෙනුවෙන් ඔබතුමන්ගෙන් හා ඔබගේ නායකත්වයෙන් පවතින රජයෙන් මා උදක් ම ඉල්ලා සිටින්නේ තත් වැදගත් වාසිදායක අවස්ථාව නැතිනාස්ති කර නොගන්නා ලෙස ය. සමගි සංධානය ඇතිකිරීමෙහි -ලා රජය සැබවින් ම කැපවී ඇත්නම් රජය ගන්නා ක්‍රියාමාර්ග  ඒ බව පිලිඹීමු කළ යුතු ය.”


විපක්ෂ නායක ගේ ලිපිය පෙන් වා දෙන වැදගත් ම කාරණය නම් දෙමළ ජනතාවට සහන සැලසීමට රජය ගෙන ඇති පියවර  දෙමළ ජනතාවගේ  විශ් වාසය දිනා ගැනීමේ හොඳම මග බවයි. එවැනි පියවර මගින් දෙමළ ජනතාව මේ රටේ දෙවන පෙළ පුරවැසියන්  බවට  ඇති මිත්‍යාව ඔවුන් මනස් තුළින් පහව යන්නට ආධාරක වන බවය.  අප වචන වලින් කියන දේ ක්‍රියාවෙන් ඔප්පු කිරීමේ තරමට යහපාලනය ඔවුන් ට අර්ථාන්විත සංකල්පයක් වනු  ඇති බව ය.  


 අප්‍රේල් මාසයේ මුල් සති යේ  එරාවුර් හි පැවතී උත්සවයක දී ජනාධිපති  මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා කළ කතාව යහපාලනයේ පැතිකඩ අපට හොඳින් පහදා දෙයි: 


“මේ රට  උතුර, නැගෙනහිර,  බටහිර  දකුණ  කියල  වෙනසක්  නැහැ. එක  වගේ සංවර්ධනය  වෙන් ඩ  ඕනෑ. එක  වගේ  සියලු  දෙනාට  සෞඛ්‍ය  හා  අධ්‍යාපන  පහසුකම් තියෙන්ඩ  ඕනෑ.  එ ක වගේ  ප්‍රවාහන පහසුකම්  තියෙන්ඩ ඕනෑ .තමුන්නාන්සේලා අපේ ආණ්ඩුව  පත්කෙරුවේ අන්න ඒ වෙනස ඇති - සකස් කරල, (පරතරය නැති  කරල), රටේ සියලු දෙනාට එක වගේ රටක් හදන්ඩයි. අන්න ඒ ප්‍රශ්න විසඳුවේ නැති නිසා තමයි තුවක්කු අතට ගත්තේ.. ඒ නිසා  නැවත තුවක්කු අතට ගන්ඩ දෙන්න හොඳ නැහැ.  ආයේ තුවක්කු අතට ගන්නේ නැති තත්ත්වයට  මේ රටේ, විශේෂයෙන්ම  උතුරු නැගෙනහිර ප්‍රදේශ සංවර් ධනය කරන්ඩ ඕනෑ.  මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට  සතුටින් ඉන්න නම්,  මේ රටේ දෙමළ-මුස්ලිම් ජනතාවට තියෙන ප්‍රශ්න විසදන්න ඕනෑ.


“මේ ගැන අපි ජාතිවාදීව කතා කරල වැඩක් නැහැ.  ඒ නිසා අපි හැම කෙනෙකුගේ ම  වගකීම් ඉටුකරන්න ඕනෑ. ඒ අරමුණ  ඉෂ්ට කරන්ඩ අපේ අලුත් ආණ්ඩුව කටයුතු කරන කොට දකුණේ  ඉන්න අන්තවාදී කොටස්  කියනවා අපේ ආණ්ඩුව මේ රට බෙදන්ඩ හදනවා කියල.  එහෙම කියන අයට වඩා, අපිට මේ රට ගැන කැක්කුමක්,  ආදරයක් තියෙනව.


“සමහර අය කියනවා මේ ආණ්ඩුවට ඉදිරියට යන්න බැහැ කියල.  මා ඒගොල්ලන්ට  කියනව ඒ ගොල්ලන්ගේ සිහිනය කවදාවත් සැබෑ වෙන්නේ නැහැ කියල.  ආන්ඩු වෙනස් කරන්ඩ  සටන කරනවාට  වඩා  තියෙන ආණ්ඩුව එක්ක  එකතුවෙලා රට ගොඩ නගන්න  එකතු වෙන්න කියල මං ඒ හැම කෙනෙකුටම  ආරාධනා  කරනව. 


යහපාලනය සැබෑවක් කරන්න ඇති එකම මග එයයි. කාලෝ අයන්තේ - මේ ඒ සඳහා කාලයයි. 

 



අදහස් (0)

යහපාලනය සැබෑවක් කිරීමට කාලය පැමිණ ඇත

ධනු Friday, 13 May 2016 07:15 AM

එහෙම වෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

සොපි Thursday, 12 May 2016 09:25 AM

යහපාලනය සැබෑවක් වීම අපිට නම් සිහිනයක් පමණි (නි)

:       0       0

ආරියරත්න Friday, 13 May 2016 07:23 PM

එහෙම වුණොත් ඉර බස්නාහිරින් පායයි. (නි)

:       0       0

ධම්ම Saturday, 14 May 2016 01:14 PM

යහපාලනය යන්නෙහි අර්ථය හරිහැටි වටහා ගන්න මෙන්න මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ගැන හිතන්න. හොරු අල්ලනවා කියමින් රාජ්‍ය කාලයෙන් පහෙන් එකකට වඩා කාලය කා දැමීම. ඊනියා හොරු ඇල්ලීමේ සංකල්පය තවදුරටත් සමාජගත කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය. තම නොහැකියාව හිටපු නායකයා මත පටවන්න උත්සාහ දැරීම. බදු වැඩි කරමින් ජනතාව පීඩනයට ලක්කිරීම. (හේ)

:       0       0

හර්බට් Sunday, 15 May 2016 02:04 PM

යහපාලනයට පෙර කළයුතුව තිබුන දේ නොකළ නිසයි අද මෙහෙම වෙලා තියෙන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 605 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 330 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 225 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 117 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site