IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


යළිත් හමුවූ පරණ ආදරය

 24_RASA_P5

 

ගෙදරදොරේ ගැටුම් බත ඉදෙනකම් විතරයි කියා ප‍්‍රසිද්ධ කියමනක් තිබේ. දුලානිත්, ගයානුත් අතර ද මෙබඳු ගැටුම් අපමණක් ඇතිවේ. පෙරදා රාත‍්‍රියේ දෙදෙනා අතර ඇති වූ බහින්බස්වීමක් නිසා ඇති වූ සිත් තැවුලෙන් එදින උදේ දුලානිට කාර්යාලයට යෑම සඳහා අවදිවීමට ප‍්‍රමාද විය. කඩිමුඩියේම සාරිය ගතෙහි පටලවාගත් දුලානි අඩියට දෙකට පාරට දිව ගියේ ප‍්‍රමාද නොවී බස් රථයට ගොඩවීමේ අදහසිනි. වෙනදාට වඩා අද ප‍්‍රමාද වී ඇතැයි ඇයට සිතුණේ බස් නැවතුමේ කිසිවෙකු පෙනෙන්නට නොසිටි නිසාය. ඇය එනතුරු බසය බස් නැවතුමේ නතර කර තිබුණේ දුලානි ඈත සිට දිව එනවා රියදුරු මහතා දුටු බැවිනි.

 

1
බසයට ගොඩවැදුණු ඈ මුහුණේ තිබූ ආදිය පිස දමමින් හිස්ව තිබූ අසුනක හිදගත්තාය. කවුළුවෙන් එළිය බලමින් සිටියදී ඇයට සුසුමක් පිටවී ගියේය. දුලානි වැඩ කළේ ඇයගේ ගම් ප‍්‍රදේශයේම පිහිටි පෞද්ගලික ආයතනයකය. ඇය ඊට සම්බන්ධවන්නේ සරසවි සිහිනයෙන් සමුගත් පසුවය. ඇගේ එකම සිහිනය වූයේ සරසවියට ඇතුළත්වීමයි. එය ඇගේ බලාපොරොත්තුව වුවත් නිවසේ අගහිඟකම් වැඩිවෙන්නට වූයෙන් පළමුවර ඇයට සරසවියට යාමට හැකි වූයේ නැත. උසස්පෙළ විභාගයට පළමුවර ඉදිරිපත් වුණ ඇයට විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට ලකුණු කිහිපයක් මදි විය. දෙවැනිවර ඈ විභාගයට හොඳින්ම මුහුණදීමට සිතා ගත්තේ බලාපොරොත්තු රාශියක් හිතේ ගුළිකර ගනිමින්ය. නමුත් අවසාන මොහොතේ ඇගේ බලාපොරොත්තු සියල්ලම සුන්වී විභාගය සඳහා සහභාගීවීමට ඇයට නොහැකි වූයේ තාත්තාගේ හදිසි මරණය නිසාය. පෙර සිදු වූ ඒ සියල්ල කල්පනා කරමින් පැමිණි දුලානිට බසය තමන් වෙනදා බසින ස්ථානයට පැමිණි ආකාරයවත් දැණුනේ නැති තරම්ය. බෑගය අතට ගත් දුලානි බසයෙන් බැස කාර්යාලය දෙසට පියමැන්නාය. ඇය අඩියට දෙකට කාර්යාලයට යනවිට සියලූ දෙනාම පාහේ පැමිණ සිටි බව දක්නට ලැබුණි.


‘‘වෙනදා අටටත් කලින් ඇවිත් ඉන්න ඔයා අද පරක්කුයි නේද?’’


කාර්යාලයේ ඇතැමකු එසේ පැවසුවේ ඇය දෙස බලමිනි. දැන් ඉතින් ඉස්සර වගේ එන්න බෑනේ. උදේට උයන්නයි, දරුවගෙ වැඩ කරන්නයි ගියාම වෙලාව යනවා දන්නෙම නැතිව. දුලානි එසේ පැවසුවේ මුහුණ පුරා සිනාවක් නංවමිනි. එදින කාර්යාලයේ වැඩ සියල්ල නිමකළ දුලානි නිවසට එනවිට සවස පහ ද පසුවී තිබිණි. පුංචි අමන්දා මිත්තණිය අසල සෙල්ලම් කරමින් සිටියාය. වත්ත පහළින් කඩාගන්නා ලද විවිධ වර්ණයේ මල් ඈ අත විය. ගේට්ටුව විවෘත කරන ශබ්දය කන වැකුණු ඈ ‘‘අම්මා එනවා’’යි මහ හඬින් කෑ ගසමින් තම මව දෙසට දිව ගියේ ඉහවහා ගිය සතුටකිනි. දුලානි තම බෑගයෙන් චොක්ලට් එකක් ගෙන අමන්දා අත තැබුවාය. එවිට ඇගේ පුංචි දෙතොල් අතරින් කිරි සිනා නැඟුණේ ඉබේටමය. බොහෝ දුරක් පයින් යාම නිසා ගතේ වෙහෙස වෙනදාට වඩා වැඩි යැයි දුලානිට සිතිණි.


‘‘අම්මේ ගයාන් තාම ආවේ නැද්ද?’’ 


‘‘දවල්ට කන්න ආවා.. ඊට පස්සෙ කොහෙද ගියා හයර් එකක් යනවා කියලා..’’


‘‘හ්ම්.. මං හිතුවා දැන් ඇවිල්ලත් ඇති කියලා’’ දුලානි එසේ පවසමින් කාමරය වෙත ඇදුණේ මවගෙන් පිළිතුරක් නොලබාමය.


දුලානිත් ගයානුත් විවාහ වූයේ දැනට වසර පහකට පෙරය. ගයාන් වෘත්තියෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක රියදුරෙකි.


මංගල යෝජනාවකින් අතිනත ගත්තද දුලානිගේ සිතේ එතරම් පැහැදීමක් ගයාන් කෙරෙහි නොතිබිණි. ගයාන්ගේ පෙනුම හොඳ වුවද ඔහු තුළ තිබූ ඇතැම් දරදඬුගති ඇයට රුචි නොවීය. නමුත් පසුව ඇයට ඔහුගේ ගතිපැවතුම්වලට ඔරොත්තු දෙමින් ජීවත් විය හැකි වනු ඇතැයි ඇය විශ්වාස කළාය.


දිනෙන් දින රෝගී වූ තම මවගේ සිත නරක් කිරීමට දුලානිට නොහැකි වූ නිසාම ඇය ඒ විවාහයට කැමති වූයේ බලාපොරොත්තු ගොන්නක් පොදි බැදගෙනය. විවාහ වී කලක් ගතවුණු පසු ගයාන්ගේ සමහර දරදඬුගති කෙමෙන් පහව යන්නට විය. කාර්යාලයට ගොස් නිවසට පැමිණි දුලානි ඇඟ සෝදාගෙන මුළුතැන්ගෙයි වැඩවල නිරත වූවාය. පැයක් පමණ ගතවන විට ? කෑමද පිළියෙල කර අවසන් විය. දුවේ දරුවට දැන් අවුරුදු තුන ලබනවා නේද ඊළඟ මාසෙට..


‘‘ඔව් අම්මා..’’ දුලානි එසේ පැවසුවේ වතුර කේතලය ළිප තබමිනි. 


කාලේ ගෙවිලා ගියා දන්නෙවත් නෑ. හරියට අද ඊයේ වගේයි. පැවසූ දුලානිගේ මව ඇයගේ වැඩකටයුතුවලට උදව් වන්නට වූවාය. ගයාන් නිවසට පැමිණෙනවිට දහයද පසුවී තිබිණි. ඔහු මුළුතැන්ගෙටවිත් තම අතේ තිබූ බඩුමළු ටික මේසය මත තැබුවේය. ‘‘ඔන්න නෝනා අඩුම කුඩුම ටික අරගෙන ආවා.’’


එවිට දුලානිගේ මුහුණේ සිනා රැුල්ලක් නැගිණි. ඇය බඩුමළු දෙක දෙසත් ගයාන් දෙසත් වරින්වර බලන්නට වූයේ විස්මයෙන් මෙනි. 


‘‘මේ තරම් බඩු ගොඩක් ගෙනාවේ ඇයි? පස්සෙ ගේන්න තිබුණනෙ..’’


‘‘පස්සෙ ගෙනාවත් දැන් ගෙනාවත් එකයිනෙ’’ දුලානිගේ ප‍්‍රකාශයට ගයාන්ගේ පිළිතුර එය විය.


‘‘ඒත් මේ වෙලාවෙ ඔයාගෙ අතේ සල්ලිත් නෑනෙ’’


‘‘තව දවස් 4, 5 කින් පඩි හම්බවෙනවනෙ.. එතකම් නොකා නොබී ඉන්නද කියන්නෙ?’’


බඩුමළු ගෙන ඒම නිසා ගයාන් විඩාපත් වී සිටිනු දුලානි දුටුවාය. වතුර නැටවූ කේතලය අතට ගත් ඇය තම සැමියාට තේ එකක් පිළියෙල කරන්නට වූවාය. කාලය එලෙස ගතවෙද්දී දිනක් දුලානි කාර්යාලය වෙත බසයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඉන්දික හමුවූයේ අහම්බයෙන් මෙනි.


බසයේ සෙනඟ පිරී හැරෙන්නටවත් නොහැකිව තිබුණු එදින ඉන්දික බස්රථයේ වාඩි වී සිටියේය. සුපුරුදු කටහඬකින් දුලානිට ඇතැමෙකු ඇමතූ නිසා ඇය හඬ ආ දෙසට නෙත් යොමු කරන්නට වූවාය. ඉන්දික අත වැනුවෙන් ඇය අපහසුවෙන් මෙන් සෙනඟ අතරින් ඔහු සමීපයට ගියාය. 


‘‘එන්න වාඩිවෙන්න’’


‘‘නෑ.. ඔයා ඉන්න.. මම හිටගෙන යන්නම්’’ දුලානි එසේ පැවසුව ද ඉන්දික නැගිට ඇයට වාඩිවීමට ඉඩ ලබා දුන්නේය. දුලානි ඒ ආසනයේ වාඩි වූවාය.

ඉන්දික වරින්වර ඇය දෙස හොරැුහින් බලන අයුරු ඇය දුටුවාය.


ඉන්දික මට කොයිතරම් ආදරේ කළා ද? ඇයට ඒ මොහොතේ සිතෙන්නට විය. ආදරය ඉල්ලා තමා පසු පස එන්න එපා කියා බැණ වැදුණු වාර ගණන කෙතරම්ද? ඒත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. කෙතරම් බැණ වැදුණද ඔහු ඇයට පෙම් කරන්නට වූවේය. ඉන්දික තමාට ඇත්තටම ආදරය කළ බව ඇයට ඒත්තු වූයේ කලක් ගතවූ පසුවය. ඔහු වැඩ නිම වී බසයට නැගීමට හෝල්ට් එක අසලට පැමිණ සිටි අයුරු, ඇය එනතුරු බලා සිටි අයුරු අද ඊයේ වාගේ මතකය. දුලානිට සිතුවම් පෙළක් මෙන් ඒ සියල්ල සිතට නැගිණි.


ඒ වනවිට දුලානිගේ සිතෙත් ඉන්දික ගැන සිතිවිල්ලක් හටගෙන තිබුණේ ද ඇයටත් නොදැනීමය. එහෙත් සිහින මාලිගාවේ පවුරු පදනම් බිඳ වැටුණේ නොසිතූ අයුරිනි. දුලානිගේ මව ඉන්දිකට විරුද්ධ වූවාය. ඇගේ හිත වෙනස් කිරීමට දුලානි කෙතරම් උත්සාහ කළ ද ඒ සියල්ල නිෂ්ඵල විය.


ඇයට තම මව අතහැර දමා යාමට ද නොහැකිය. ඉන්දික එක්ක ගියොත් අම්මව බලාගන්නේ කවුද? එහෙම වුණොත් ලෙඩ ගානෙ ඉන්න අම්මා ඒ දුකින්ම මිය යාවි. ඒ නිසා අම්මා අතහැර දමා යා නොහැකියි. ඒ වගේම ඉන්දික අත්හැර දමන්නටද හැකියාවක් නැති තරම්ය. ඒ පිළිබඳ සිතමින් ඇගේ සිත ලතැවිණ. ඇය දින ගණන් කල්පනා කරන්නට වූයේ ඒ නිසාය. අපේ අම්මා මේ සම්බන්දෙට කැමති නෑ. දුලානි ඉන්දිකට පැවසුවේ කඳුළු පිරි දෙනෙතින් යුක්තවය. අවුරුදු ගණනක් තිස්සේ තිබුණු ඔවුන්ගේ සම්බන්ධය නතර කරන්නැයි කියුවත් ඔවුන් දෙදෙනාටම එය නතර කිරීම සිතාගන්නටවත් නොහැකිය.

ඉන්දික අමතක කර දැමීම තියා ඒ ගැන සිතන්නටවත් බැරි තරමට දුලානි ඔහුට සමීප වී සිටියේය. ඒ සිදුවීම් මතකයට නැගෙනවිටත් ඇයගේ හදවත ගිනිගන්නාක් මෙන් විය. අතීත සැමරුම් ගිනි ජාලාවක් බවට පත් වූයේ එබැවිණි. දුලානි අකමැත්තෙන් වුවද ඉන්දික අතහැර දැමීමට තීරණය කළේ තම මවගේ සිත රිදවීමට නොහැකි නිසාය. ඉන්පසු දින කිහිපයක් ඇය ඉන්දික සමඟ කතා නොකරන්නට සිතා ගත්තේ ඉතා අපහසුවෙනි. බසයෙන් බසින ස්ථානය ළං වූ විට දුලානිත් ඉන්දිකත් බසයෙන් බැස ගත්තේ පැරණි මතකයන් අතරිනි. 


‘‘ඔයා දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලා’’ ඉන්දික එසේ පැවසුවේ දුලානි දෙස බලමිනි. ඇය සිනාසී ඉන්දික සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට විය. 
‘‘ඔයා බඳින්නේ නැද්ද?’’


‘‘නෑ තවම හිතට හරි ගිය කෙනෙක් හම්බ වුණේ නෑ..’’ දුලානි පැවසූ දෙයට ඉන්දිකගේ පිළිතුර එය විය. දුලානිගේ සිත ශෝකයෙන් ඇළලී යන්නට වූයේ එවිටය. එලෙසින් කල්ගත වෙද්දී දුලානිගේ සැමියා හිටි හැටියේම අසනීප විය. එදා නිවාඩු දිනයක් වූයෙන් දුලානි සිටියේද නිවසේය.


සිය සැමියා මහත් අපහසුතාවෙන් පෙළෙන බව දුටු ඈ හනිහනිකට ලක ලැහැස්ති වී ඔහුව නගරයේ රෝහල වෙත ගෙන ගියේ අසනීප තත්ත්වය එන්න එන්නම දරුණු වූ නිසාය. එහිදී ඔහුට ලියුකේමියා රෝගය වැලඳී ඇතැයි දැනගන්නට ලැබුණේය. විවාහ වී එතරම් කාලයක් ගත වුවද තම සැමියා ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව ඇය දැන සිටියේ නැත.


දුලානිගේ නිවසේ අයට මේ පිළිබඳ වසන් කර ඇති බව දැනගන්නට ලැබුණේ පසුවය. එහෙත් දැන් ඒ කිසිවක් ගැන සිතා පලක් නොමැත. එන දෙයකට මුහුණදෙනවා හැරෙන්නට ඇයට ජීවිතයෙන් ආපසු හැරිය නොහැකිය.


ඉදිරියට සිදුවන්නේ කුමක්දැයි යන්න පමණක් සිතා බලා වැඩ කළ යුතුය. ඉන් අනතුරුව ද පෙර ලෙසට කිහිපවරක්ම ගයාන් අසනීප වන්නට වූවේය. කොතරම් ප‍්‍රතිකාර කලද තත්ත්වය දරුණු අතට හැරිණි. මරුවා සමඟ සටන් කළ සැමියාගේ දිවි ගලවා ගැනීමට දුලානි දැරූ උත්සාහය අපමණය. 


එහෙත් මරුවා සමඟ පොර බඳන්නට මෙලොව කිසිදු සත්ත්වයෙකුට හැකියාවක් නොමැත. එය ලොව අන් සියලූ දෙනාටම පොදු වූ ධර්මතාවකි. සිය සැමියාගේ මරණයෙන් දුලානි කායිකව සහ මානසිකව ඇද වැටුණේ කර කියාගත දෙයක් නොහැකි අයුරිනි. තමාට මෙවන් ඉරණමක් අත්වේ යැයි ඇය සිහිනෙකින්වත් නොසිතුවාය. තමා පමණක් නොව හයක් හතරක් නොතේරෙන දරුවා ගැනත් ඇයට ඇති වූයේ දැඩි වේදනාවකි. දවස් ගණනක් යනතුරු හරියට කෑමක් බීමක් පවා ඇගේ කුසට නොලැබිණි. කිසිවක් ආහාරයට ගැනීමට පවා ප‍්‍රියක් තිබුණේ නැත. ගයාන්ගේ මරණින් මසකට පසු දුලානි සුපුරුදු රාජකාරියට ගියේ හිත දිරිමත් කරගෙනය. ඇගේ අසරණකම දුටු ඉන්දික හැකි පමණින් ඇයට උදව් උපකාර කරන්නට පටන් ගත්තේය. ඇයගේ දුක සැප සොයා බැලූවේද පැකිලීමකින් තොරවය.


දින, සති, මාස එසේ ගතවීමත් සමඟම ගයාන්ගේ අවුරුද්දේ දානය ද යෙදිණි. දානමය කටයුතු ද හරිහැටි කරගැනීමට හැකිවූයේ ඉන්දිකගේ උදව් උපකාර නිසාය. දරුවාගේ වැඩ කටයුතු සහ නිවසේ කටයුතු සියල්ලකදීම ඇයට ශක්තියක් වූයේ ඔහුය. ඒ වනවිට දුලානිගේ මවද දැඩි සේ රෝගාතුර වී සිටි නිසා දුලානිට ඉන්දිකගේ සමීප වීම මහමෙරක් තරම් විය. ඔවුන් දෙදෙනා අතර තිබුණු මිතුදම තව තවත් වැඩිවෙන්නට වුණේ මේ කාල සීමාවේදීය. පරණ ආදරය ඔවුනොවුන් තව තවත් සමීප කරන්නට විය. 


ගයාන්ගේ වියෝවෙන් ඇති වූ තනිකම, පාළුව ඉන්දිකගේ සමීප වීමෙන් ටිකින් ටික පහව ගියේය. ඉන්දිකට මෙලොවදීම නැවතත් පරණ ආදරයම ලැබේදැයි ඔහු කිසිසේත්ම නොසිතන්නට ඇත. දුලානි ඉන්දිකගේ ඇසුරින් තෘප්තිමත් ජීවිතයක් ගත කරමින් ගයාන්ගේ මිල මුදල් සියල්ල භාවිත කරමින් ඉන්දික සමඟ අනියම් පේ‍්‍රමයේ පහස විදියි. ඔවුන් සමාජයට මුහුණදෙන්නේ හිතවතුන් සේ වුවද ඔවුන්ගේ මේ අනියම් පේ‍්‍රමය ප‍්‍රසිද්ධ සමාජයට නොරහසකි. 

m



අදහස් (0)

යළිත් හමුවූ පරණ ආදරය

මාලතී Sunday, 01 November 2015 11:45 AM

මොකද්ද අනේ මෙතන ලියවෙන්නෙම අනියම් සබඳතා ගැනම විතරයිනේ. (බ)

:       0       0

සනම් Wednesday, 04 November 2015 04:34 AM

අනේ ඔව් අනේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 381 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 49 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 73 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 289 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 191 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 94 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 640 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 324 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 476 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site