IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


රජුට බිරියක වීම සඳහා අඩ නිරුවතින් නටන තරුණියෝ

2   12-Rasa-BB

 

ස්වාසිලන්තය වඩාත් ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ වාර්ෂිකව එහි පැවැත්වෙන උම්ලන්ගා නොහොත් රීඞ් සංස්කෘතික උත්සවය හේතුවෙනි. පසුගිය සතියේ එම උත්සවයට සහභාගිවීම ස`දහා යමින් සිටි තරුණියන් පිරිසක් හදිසි අනතුරකින් මරණයට පත්වීම පිළිබ`ද ප‍්‍රවෘත්තියත් සමග නැවත වරක් ස්වාසිලන්තය පිළිබ`ද ලෝක අවධානය යොමු වූයේය. එම අනතුරින් මේ වනවිට 65කට අධික තරුණියන් පිරිසක් මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.


උම්ලන්ගා නොහොත් රීඞ් නර්තන උළෙල ස්වාසිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන සංස්කෘතික උත්සවයකි. එය දින 8ක් පුරා පැවැත්වෙන අතර සාමාන්‍යයෙන් අගෝස්තු මස අග සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ හෝ පැවැත්වෙයි. ස්වාසිලන්තය පාලනය වනුයේ රජපෙළපතක් මගිනි. එහි වර්තමාන පාලනය තුන්වැනි මිස්වාතී රජු සහ න්ෆොම්බි ත්වාලා මව්බිසව විසින් ගෙනයනු ලබන අතර එම මව් රැජින සැමරීම ස`දහාත්, මිස්වතී රජතුමාට අලූත් මනමාලියක තෝරා ගැනීම ස`දහාත් මෙම රීඞ් සංස්කෘතික උත්සවය පවත්වනු ලබයි. එම උත්සවයට සහභාගී විය හැකි වන්නේ විවාහයට සුදුසු වයසේ සිටින කන්‍යා යුවතියනට පමණකි. මේ ස`දහා රටේ විවිධ පළාත්වලින් තරුණියෝ 40000ක පමණ පිරිසක් සහභාගී වෙති. ලූඞ්සිඞ්සිනි නමින් හැ`දින්වෙන රාජකීය මාලිගා සංකීර්ණයට එක්රැස් වන ඔවුහු දින අටක කාලයක් පුරා රීඞ් උත්සවය සමරති.

 

5


උම්ලන්ගා නොහොත් රීඞ් උත්සවය ආරම්භ කෙරුණේ 1940 දී දෙවැනි සොබ්හුසා රජුගේ පාලන කාලයේදීය. අතීතයේ පැවැති උම්ච්වාෂෝ නම් පැරණි සංස්කෘතික උත්සවයක් ඇසුරින් උම්ලන්ගා උත්සවය ආරම්භ කෙරිණි. උම්ච්වාෂෝ යනු කුමරි බඹසර  අයිතිය පිළිබ`ද වූ සම්ප‍්‍රදායකි. ඒ අනුව අවිවාහක තරුණියනට ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් කෙරුණු අතර ඔවුන් විශේෂ ඇ`දුමකින් සැරසී සිටිය යුතු විය. විශේෂ ලොම් වර්ගයකින් වියූ සළුවක් ගෙල පැල`දිය යුතු විය.  වයස 18ට අඩු තරුණියෝ නිල් සහ කහ පැහැති සළුවක්ද, 18 ඉක්මවූ තරුණියෝ රතු සහ කළු පැහැති සළුවක්ද පැල`දිය යුතු වූයේය. 18ට අඩු තරුණියනට කිසිදු පුරුෂයකු සමග සබ`දතා පැවැත්වීම තහනම් වූ අතර 18ට වැඩි තරුණියනට පුරුෂයන් ඇසුරු කළ හැකි වුවද විවාහයට පෙර ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් විය. කිසිවකු මෙම තහංචිය බි`ද දැමුවහොත් ඒ ස`දහා දඩයක් ගෙවීමට සිදු විය. බොහෝ විට එම දඩය වූයේ ගවයෙකි.


ස්වාසිලන්ත තරුණියන් නිසි වයසට එළඹෙන තෙක් ඔවුන්ගේ කන්‍යාභාවය ආරක්ෂා කිරීම උම්ලන්ගා නොහොත් රීඞ් උත්සවයේ අරමුණයි. දින අටක් පුරා පැවැත්වෙන රීඞ් උත්සවයේ පළමු දින පහ උත්සවයේ සංවිධාන කටයුතු හා සූදානම් වීමේ කටයුතුවලට වෙන් වෙයි. උත්සවයේ පළමු දිනයේ රටේ නන් දෙසින් පැමිණෙන තරුණියෝ රජමාලිගා පරිශ‍්‍රයට රොක් වී මව් රැජිනට උපහාර දක්වති. ඉන්පසු අසල ගම්මාන කරා යන ඔවුහු කුඩා පිහියකින් දිගු රිටි විශේෂයක් කපා ගනිති. පසුදින රැයේ එලෙස කැපූ රිටි මිටි බැ`දගන්නා ඔවුහු රාජමාලිගා පරිශ‍්‍රයේ සාදා ඇති කැඞී බි`දී ගිය සුළං ආවරණිත වැටවල් තමන් කපාගෙන ආ රිටි යොදා ගනිමින් ප‍්‍රතිසංස්කරණය කරති.

8
පසු දිනය පිරිසුදු වීමට හා විවේක ගැනීම ස`දහා වෙන්කර තිබේ. පිරිසුදු වීමෙන් පසු ඔවුන් සාම්ප‍්‍රදායික ඇ`දුමින් සැරසිය යුතුය. එය පබළු මාලයකින්, කරපටියකින්, පටක කෝෂවලින් තැනූ පාසළඹකින් හා පබළුවලින් ගොතන ලද ඉණකඩකින් සමන්විතය. ප‍්‍රථම නර්තන උත්සවය ආරම්භ වනුයේ සයවැනි දින දහවලේය. එය පසු දිනය දක්වා පැවැත්වෙයි. රජතුමා උත්සවයට සහභාගී වනුයේ සත්වැනි දිනයේය. රජ පවුලේ සාමාජිකයන්, ප‍්‍රභූවරුන් සහ රටේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණෙන ආගන්තුකයන් ඉදිරියේ නිරුවත් උඩුකයින් යුතු දහස් ගණනක් වූ තරුණියෝ විවිධ නර්තන දක්වතිි.  ‘මේ රාජ්‍යය රජු වෙනුවෙනි’ යනුවෙන් ස්වාසි බසින් ඝෝෂා කරන මේ තරුණියන් රිටි කැපීම ස`දහා උපයෝගී කරගත් කුඩා පිහියද නර්තනය ස`දහා යොදා ගන්නේ තම කන්‍යාභාවයේ සංකේතයක් ලෙසිනි. රජ කුමරියන්ද උම්ලන්ගා නර්තනයට එක්වන අතර අනෙක් තරුණියන්ගෙන් වෙන්කර හ`දුනාගැනීම පිණිස ඔවුහු රතු පැහැති විශේෂ හිස් පල`දනාවක් භාවිත කරති.  අවසන් දිනයේ ගවරැලක් මරා උත්සවයට සහභාගී වූ සෑම යුවතියකටම තම නිවෙසට රැගෙන යෑම ස`දහා මස් කුට්ටියක් ලබා දීම සම්ප‍්‍රදායකි.


උම්ලන්ගා උත්සවයේ අවසන් දින දෙක ස්වාසිලන්තයේ ජාතික නිවාඩු දින ලෙස නම් කර තිබේ. උත්සවය ස`දහා දින වෙන් කරනු ලබන්නේ පෞරාණික ජ්‍යොතීෂ්ශාස්ත‍්‍රය අනුවය.


ස්වාසිලන්තය අපි‍්‍රකානු මහද්වීපයේ පිහිටා ඇති ස්වෛරි රාජ්‍යයකි. එහි සමස්ත භූමි ප‍්‍රමාණය කිලෝමීටර 17364ක් වන අතර දිගින් කිලෝමීටර 200ක් හා පළලින් කිලෝමීටර 130කි. නැගෙනහිරින් මොසැම්බික් රාජ්‍යයද උතුරින්, දකුණින් හා බටහිරින් දකුණු අපි‍්‍රකාවටද මායිම් වූ එය අපි‍්‍රකාවේ ඇති කුඩාම රාජ්‍යයයි. 1986 රාජ්‍යත්වයට පත් තුන්වැනි මිස්වාතී රජු ස්වාසිලන්තයේ රාජ්‍ය නායකයා වන අතර එහි පාර්ලිමේන්තුව ස`දහා සෑම පස් වසරකටම වරක් මැතිවරණ පැවැත්වෙයි. දැනට පවතින ව්‍යවස්ථාව ස්ථාපිත කෙරුණේ 2005 වසරේදීය.  එම ව්‍යවස්ථාව අනුව රජු එක්සත් භාවයේ සහ සදාකාලිකත්වයේ සංකේතයයි. සම්ප‍්‍රදායක් ලෙස රජු තම මව සමග රාජ්‍ය පාලනයේ නිරත වෙයි. මව් බිසව ආධ්‍යාත්මිකත්වයේ සංකේතයයි.  තුන්වැනි මිස්වාතී රජුගේ පියා දෙවැනි සොබ්හුසා රජුය. ඔහුට බිසෝවරුන් 70 සිටි අතර දරුවන් 210කි. මිස්වාතී රජු සොබ්හුසා රජුගේ ලාබාලම බිරියගේ එකම පුත‍්‍රයාය.  ඔහුගේ මුල් නම මකොසෙතිව් ඞ්ලාමිනිය. මකොසෙතිව් කුමරු එංගලන්තයේ අධ්‍යාපනය ලැබුවෙකි.  1986 අපේ‍්‍රල් 25 වැනිදා ඔහු රාජ්‍යත්වයට පත් වන විට 18 හැවිරිදි වියේ පසුවිය.


ස්වාසිලන්තය බහු භාර්යා සේවනය අනුමත කළ රාජ්‍යයකි.  මිස්වාතී රජුට භාර්යාවන් 15 දෙනෙකි. සෑම වසරකම පැවැත්වෙන උම්ලන්ගා උත්සවයේදී මිස්වාතී රජු රූමත් තරුණියක තම අලූත් බිරිය ලෙස තෝරා ගන්නා අතර එම කි‍්‍රයාකලාපය බොහෝ දෙනාගේ විවේචනයට බ`දුන්වී තිබේ. අපි‍්‍රකානු මහද්වීපයේ රාජකීය පාලනයක් සහිත අවසන් රට ස්වාසිලන්තයයි. ජනතා මුදල් තම සුඛෝපභෝගී ජීවිතය ස`දහා පරිහරණය කරන බවටද රජුට චෝදනා එල්ල වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් ලෙසින් සැලකෙන ස්වාසිලන්තයේ ආර්ථිකය එතරම් ස්ථාවර වූවක් නොවේ. එහි වාර්ෂික දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් 7900 නොඉක්මවයි. බොහෝ ගැමි ගොවීන්ට තම වගාබිම් ස`දහා නීත්‍යනුකූල ඔප්පු නොමැත. රටේ ජනයාගෙන් වැඩි පිරිසකට තමන්ගේ එදිනෙදා ආහාර වේල සොයාගැනීම පවා අසීරු කරුණක් බවට පත්ව  තිබේ.


මව හා එක්ව කටයුතු කළද රාජ්‍ය පාලනයේ සියලූ බලතල පවතින්නේ රජු සතුවය. අගමැතිවරයා ඇතුළු ඇමති මණ්ඩලය පත් කරනුයේ රජුගේ අභිමතය පරිදිය. වර්තමාන ජනගහනය 12,75948ක් වන එහි ප‍්‍රධානතම සෞඛ්‍ය ගැටලූව වී ඇත්තේ ඒඞ්ස් සහ ක්ෂය රෝගයයි. එහෙයින් ස්වාසි වැසියන්ගේ ආයු කාලය වයස අවුරුදු 48 දක්වා අඩු වී තිබේ. සමස්ත ජනගහනයෙන් 37.4% අවුරුදු 14ට අඩු පිරිසකි. අවුරුදු 18ට පෙර ලිංගික සබ`දතා පැවැත්වීම තහනම් කොට ඇත්තේ ඒඞ්ස් රෝගයෙන් තරුණ පරපුර ආරක්ෂා කරගැනීමේ පියවරක් ලෙසිනි.

m



අදහස් (0)

රජුට බිරියක වීම සඳහා අඩ නිරුවතින් නටන තරුණියෝ

අජිත් Wednesday, 16 September 2015 02:36 PM

ෂාහ්!! මාර ආතල් එකේ රජා ඉන්නවා ඇත්තේ. (බ)

:       0       0

සමන්ත Tuesday, 15 September 2015 01:58 PM

ඒ රජතුමා නම් සැබෑම වාසනාවන්තයෙක් (නි)

:       0       0

දසුන් Thursday, 17 September 2015 09:28 AM

අනේ මේ අයට අමු කැවිලද?(හේ)

:       0       0

දුමින්ද Friday, 18 September 2015 04:09 AM

උගත හැකි පාඩම් ඇත (ම)

:       0       0

කෝකිලා රණසිංහ Sunday, 20 September 2015 06:45 PM

මේ රජතුමා අපේ හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂගේ ඉතාම හිතවත් යහළුවෙක් , (ම)

:       0       0

යසිරු Wednesday, 16 September 2015 04:17 AM

මේ රටේ රජතුමාව නේද ටික කලකට ඉස්සෙල්ලා අපේ ලංකාවට ගෙන්නා ගත්තේ. මේ සිංහල අපගේ රටයි... (නි)

:       0       0

සොපී Wednesday, 16 September 2015 04:47 PM

අනේ ඇත්තට මෙහෙමත් නාටක! (නි)

:       0       0

පාල Wednesday, 16 September 2015 05:36 AM

හරිම වාසනාවන්ත රජතුමෙක් (නි)

:       0       0

රුපාවති Thursday, 17 September 2015 06:37 AM

අදහස් වලින්ම පෙනෙනවා ..අපේ රටේ පිරිමිත් අපේ රට ගෙනියන්නේ ස්වාසි ලන්තයකට බව..ඒ අපේ රටේ මිනිසුන්ටත් අසහනය වැඩි. දවසින් දවස අපිත් දකිනවා රට පුරා දිවෙන අපරාද රැල්ලේ දිග..ලජ්ජා වෙන්න ඕනේ..(ම)

:       0       0

සම්පත් දසනායක Sunday, 14 August 2016 09:54 AM

රජා මරු පොරක් (බ)

:       0       0

දීපාල් Tuesday, 15 September 2015 05:49 PM

අයියෝ සල්ලි! අනේ අපේ කට්ටිය ඔය නැටුම බලන්න ගියේ නැද්ද? දැක්කේ නැත්නම් බලන්නකෝ මුහුණු පොතේ. (නි)

:       0       0

කුලරත්න Tuesday, 15 September 2015 07:56 PM

මටත් ඒ රටට යන්න හිතෙනවා (නි)

:       0       0

ගෞරියෙල් Wednesday, 23 September 2015 07:09 PM

මෙහෙමත් රජවරු? රටක් දියුණු කරන්නේ මෙහෙමද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 212 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 37 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 51 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 255 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 175 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 86 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 633 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 470 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site