IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


රාජ්‍ය ඇමැතිවරුන්ගේ කං කෙඳිරිල්ල

(*** කස්තුරි)

මහ මැතිවරණයේ කටයුතු සාර්ථකව නිම වී තිබේ. ඉකුත් බද‌ාද‌ා නව රජයේ කැබිනට් මණ්ඩලය පත් කෙරිණ. කැබිනට් මණ්ඩලයට අමතරව රාජ්‍ය ඇමතිවරුද එදිනම ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන්හ. ඇතැම් ඇමතිවරු තමන්ට හිමි වූ විෂය පථය පිළිබඳව අසතුටට පත්ව සිටිති. විශේෂයෙන් රාජ්‍ය ඇමතිවරු පිරිසක් ඔවුන්ගේ රාජ්‍ය අමාත්‍යධුර පිළිබඳව කනස්සල්ල පළකර සිටිති.

මෙවර කැබිනට් ඇමතිවරුන්ට සහ රාජ්‍ය ඇමතිවරුන්ට පවරා තිබෙන විෂය පථයන්හි කිසියම් වෙනසක් දැකිය හැකිය. විශේෂයෙන් රාජ්‍ය ඇමතිවරුන් පත්කර ඇතත් කෘෂිකර්මාන්තය සහ දේශීය නිෂ්පාදන ක්ෂේත්‍රයන් නංවාලීම සඳහාය. මීට පෙර පැවති කැබිනට් මණ්ඩල සාමාජිකයන්ට වඩා මෙවර කැබිනට් ඇමතිවරුන්ටද ඔවුන්ගේ විෂය පථයන් යම් තරමකින් වෙනස්කර ඇත්තේ ආණ්ඩුවේ නව දැක්ම හෙවත් සෞභාග්‍යයේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ.

විජයද‌ාස රාජපක්ෂ හිටපු ඇමතිවරයා මුලදී යහපාලන ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යධුරය දැරුවේය. පසුව ඔහු ආණ්ඩුව සමඟ විරසක වී මහින්ද රාජපක්ෂ පිලට එක්වූයේය. කෙසේ වෙතත් ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මෙන්ම මහ මැතිවරණයේදීද විජයද‌ාස පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී වැඩ කළේය. කැබිනට් මණ්ඩලය දිව්රුම් දුන් දිනයට පෙර දින එනම් අඟහරුවාද‌ා පස්වරුවේ විජයද‌ාස රාජපක්ෂ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූයේය. ඒ වනවිටත් ජනාධිපතිවරයා තීරණය කර තිබුණේ විජයද‌ාස රාජපක්ෂට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමටය. විජයද‌ාස මැතිවරණයෙන් පසුව වැඩි වැඩියෙන් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කතා කළේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ ගැන අදහස් දැක්වීය. ඒ අනුව ඔහු සිතා සිටියේ අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාගැනීමටය. එහෙත් ජනාධිපතිවරයා ඔහුට ලබාදීමට සිටියේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ය. අඟහරුව‌ාද‌ා ජනාධිපතිවරයා හමු වී විජයද‌ාස කනස්සල්ල පළ කළේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය ප්‍රතික්ෂේප කරන බව දැන්වීය. එහෙත් ජනාධිපතිවරයා සිය ස්ථාවරය වෙනස් නොකළේය. බද‌ාද‌ා විජය‌ද‌ාස රාජපක්ෂ මහනුවර මඟුල් මඩුවේ සිටියේ නැත. ඔහු කොළඹ නිවසට වී ඇමති මණ්ඩලය දිව්රුම් දීමේ උත්සවයේ සජීවි විකාශනය රූපවාහිනියෙන් නැරඹුවේය. මේ අතර මහනුවර මඟුල් මඩුවේ සිට ඇමතිධුරයේ දිව්රුම් දීමට බලාසිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනටද ඒ අවස්ථාව හිමි වුණේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවති ගිවිසුමට අනුව මෛත්‍රීපාලට ඇමති ධුරයක් ඉල්ලා තිබිණ. මහවැලි ඇමතිධුරය හෝ කෘෂිකර්ම ඇමති ධුරය ඔහු අපේක්ෂාවෙන් පසු වූ බව ශ්‍රීලනිප දේශපාලනඥයෙක් පැවසීය. අපි දන්නවා ඇමති ධුර බෙද‌ාදෙද්දි අපට පොඩි හැන්දකින් බෙදුවා. පක්ෂනායකතුමාට ඇමතිධුරයක් නැහැ. අනෙක් මන්ත්‍රීවරුන්ටත් සතුටු වෙන්න බැහැ. මේක ශ්‍රීලනිපයට කළ කැපිල්ලක්’’ යැයි ශ්‍රීලනිපයේ අනාගත නායකත්වය අපේක්ෂාවෙන් සිටින දේශපාලනඥයෙක් ප්‍රකාශ කළේය.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක, පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී පියංකර ජයරත්න මෙන්ම මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ ඔවුන්ට ලැබුණු රාජ්‍ය ඇමති ධුර සම්බන්ධයෙන් කනස්සල්ලට පත්ව ඇත්තේ ඒවාට ප්‍රමාණවත් විෂයධුර නොමැති බවක් ප්‍රකාශ කරමිනි. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ දළඳ‌ා මාළිගා පරිශ්‍රයේදී ගත් රාජ්‍ය ඇමතිවරුන්ගේ සමූහ ඡායාරූපයේද ඔවුන් තිදෙනා දක්නට සිටියේ නැත.

මැතිවරණ කොමිසමට සැලසුම් කළ පරිදි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසට් පත්‍රයේ පළකිරීමට හැකිවූයේ නැත. සමගි ජනබලවේගයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුද ඊට හේතු වූයේය. මැතිවරණ කොමිසම මුලදී ප්‍රකාශ කළේ ඉකුත් සඳුද‌ා මධ්‍යම රාත්‍රියේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසැට්ටුව නිකුත් කරන බවය. ‘‘බද‌ාද‌ා ඇමති මණ්ඩලය දිව්රුම් දෙනවා. ඊට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැසට්ටුව නිකුත් කරන්න වෙනවා. එම ගැසට්ටුව නිකුත් කළේ නැත්නම් මන්ත්‍රී ධුර නීත්‍යනුකූල නැහැ.

 එතකොට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරුන්ට ඇමතිකමේ දිවුරන්න බැහැ’’ යැයි මැතිවරණ කොමිසම සඳහන් කළේය. කෙසේ වෙතත් ජාතික සමගි බලවේගයේ, ජාතික ජනබලවේගයේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේම අර්බුදකාරී තත්ත්වයක් හටගත්තේය. සමගි ජනබලවේගය පක්ෂයේ ජාතික ලැයිස්තුවට තමන්ගේ පක්ෂයේ එක් අයෙකු ඇතුළත් කළ යුතු යැයි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා තරයේ කියා සිටියේය. එහෙත් නායක සජිත් ප්‍රේමද‌ාස ඊට අකැමැත්ත පළකිරීමත් සමඟ ගැටුම නිර්මාණය වූයේය. මනෝ ගනේෂන් සඳහන් කළේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රැගෙන පක්ෂයෙන් පිටව යන බවකි. මේ අතර කසු කුසුවක් නිර්මාණය වූයේ ජාතික ලැයිස්තු අර්බුදය විසඳා ගැනීමට එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා පවත්වන බවය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ මේ සති අන්තය වන විට සජිත් පිලට ගැටලුව නිරාකරණය කරගත හැකිවන බවය.

මේ අතර අපේ ජනබල පක්ෂයට කොඩිය සලකුණ යටතේ මහ මැතිවරණයට තරග කර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට හැකි වුවද එම මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් විශාල අර්බුදයක් නිර්මාණය වී තිබේ. මැතිවරණ කොමිසමට නම් හතරක් පහක් ඉදිරිපත් කර ඇත්තේ එම පක්ෂයේම පිරිසක් විසිනි. ගලගොඩඅත්තේ ඥ‌ානසාර හිමි, අතුරලියේ රතන හිමි, වේදිනිගම විමලතිස්ස හිමි, පක්ෂයේ නායක සමන් පෙරේරා ආදී නම් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීම නිසා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ. ඒ සඳහා උපදෙස් ලබාදෙන ලෙසද මැතිවරණ කොමිසම නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. මේ අතර වේදිනිගම විමලතිස්ස හිමියන් එම පක්ෂයේ හිටපු ලේකම්වරයාය. උන්වහන්සේ සඳහන් කරන්නේ ‘‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගන්න මම සූද‌ානම්.

ගලගොඩඅත්තේ ඥ‌ානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට හෝ මන්ත්‍රී ධුරය ලබා දෙන්න කැමතියි. ඒත් මෙතන අර්බුදයක් තිබෙනවා. ඒ නිසා මම පාර්ලිමේන්තුවට ගිහින් ඉල්ලා අස්වෙලා ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මන්ත්‍රී ධුරය ලබාදෙනවා. මට නොදී වෙනත් කෙනෙකුට මන්ත්‍රී ධුරය දුන්නොත් මම මැතිවරණ කොමිසමට එරෙහිව අනිවාර්යයෙන්ම අධිකරණයට යනවා’’ යනුවෙනි.

මේ අතර මෙවර මහ මැතිවරණයේදී අන්ත පරාජයකට පත් එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට තවමත් කෙනෙකු නම්කර නැත. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග පත්කරන බවය. තවත් ආරංචිමාර්ගයකින් කියැවුණේ එම මන්ත්‍රී ධුරයට හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වන ආශු මාරසිංහ පත්කරන බවය. පක්ෂනායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමා බාර නොගන්නා බවයි.

මේ අතර එජාපයට නව නායකයකු තෝරා පත්කර ගැනීමේ කාර්යයද දින නියමයක් නොමැතිව කල් යන බවක් පෙනේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මේ වන විට නම් කීපයක්ම ඉදිරිපත්ව ඇතැයිද කියති. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, නවින් දිසානායක, රුවන් විජයවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර, වජිර අබේවර්ධන එජාප නායකත්වයට සටන් කරන බවය. එහෙත් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කුමන තීන්දුවකට එළඹේදැයි ප්‍රකාශ කළ නොහැකි බවද පක්ෂයට සම්බන්ධ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඉතාම ඉක්මනින් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වනු ඇතැයිද වාර්තාවේ.

නව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ ලබන 20 වැනිද‌ාය. ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුව එදින රැස්වීමට නියමිත බව සඳහන් කරමින් ජනාධිපතිවරයා අති විශේෂ ගැසැට් නිවේදනයක් නිකුත් කළේය. එහෙත් එම ගැසට් නිවේදනයේ නව පාර්ලිමේන්තුව රැස්වන දිනය සඳහන් වුවද වේලාව සඳහන් කර තිබුණේ නැත. එම නිසා ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ අභිනව පාර්ලිමේන්තුව විසිවැනිද‌ා රැස්වන්නේ කුමන වේලාවකටදැයි සඳහන් කරමින් ජනාධිපතිවරයා තවත් අතිවිශේෂ ගැසැට්ටුවක් අද හෙටම නිකුත් කරන බවය. මේ අතර ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේ නව කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන පත්කෙරෙනු ඇත කියාය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමඟ පළමු පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා පත්විය. ඔහු 1978 වසරේ සැප්තැම්බර් මස 7 වැනි දින සිට එම වසරේ සැප්තැම්බර් මස 13 වැනි දින දක්වා දින කීපයක් කතානායක ධුරයේ කටයුතු කළේය.

ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ඉල්ලා අස්වීමෙන් පසුව කතානායක ධුරයට එම්.ඒ. බාකිර් මාර්කර් මහතා පත්වූ අතර ඔහු 1978 වසරේ සැප්තැම්බර් මස 21 දින සිට 1983 වසරේ අගෝස්තු මස 30 වැනි දින දක්වා ධුරයේ කටයුතු කළේය.

ඉන්පසුව 1983 සැප්තැම්බර් මස 6 වැනි දින සිට 1988 වසරේ දෙසැම්බර් මස 20 වැනි දින දක්වා කාලයේදී ඊ.එල්. සේනානායක මහතා කතානායක ධුරය හෙබවීය. 1989 වසරේ මාර්තු මස 9 වැනි දින සිට 1994 වසරේ ජුනි මස 24 වැනි දින දක්වා කාලයේදී එම්.එච්. මොහොමඩ් මහතා කතානායක ධුරය හෙබවීය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පස්වැනි කතානායකවරයා ලෙස කේ.බී. රත්නායක මහතා පත්වූ අතර ඔහු 1994 වසරේ අගෝස්තු මස 24 වැනි දින සිට 2000 වසරේ අගෝස්තු මස 18 වැනි දින දක්වාත් පසුව 2000 වසරේ සැප්තැම්බර් මස 14 වැනි දින සිට එම වසරේ ඔක්තෝබර් මස 10 වැනි දින දක්වාත් කතානායක ධුරය හෙබවිය.

අනුර බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 6 වැනි කතානායකවරයා වූ අතර ඔහුගේ ධුර කාලය 2000 වසරේ ඔක්තෝබර් මස 18 වැනි දින සිට 2001 වසරේ ඔක්තෝබර් මස 10 වැනි දිනෙන් අවසන් විය.

ඉන්පසුව ජෝසප් මයිකල් පෙරේරා කතානායක ධුරයට පත්වූයේය. 2001 වසරේ දෙසැම්බර් මස 19 වැනි දින සිට 2004 වසරේ පෙබරවාරි මස 07 වැනි දින දක්වා ඔහු එම ධුරයේ කටයුතු කළේය. ඉන්පසුව වි.ජ.මු. ලොකුබණ්ඩාර කතානායක ධුරයට පත් වූ අතර 2009 වසරේ අප්‍රේල් මස 22 වැනි දින සිට 2010 පෙබරවාරි මස 9 වැනි දින දක්වාත් 2010 වසරේ මාර්තු මස 9 වැනි දින සිට අප්‍රේල් මස 20 වැනි දින දක්වාත් කතානායක ධුරයේ කටයුතු කළේය. චමල් රාජපක්ෂ එම ධුරයට පත්විය. හෙතෙම 2010 වසරේ අප්‍රේල් මස 22 වැනි දින සිට 2015 වසරේ ජූනි මස 26 වැනි දින දක්වා කතානයක ධුරයේ රාජකාරි කළේය. 2015 වසරේ සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2020 මාර්තු 2 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවාහරින තෙක්ම කතානායකවරයා වූයේ කරු ජයසූරියය.

මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මහත් උනන්දුවකින් කටයුතු කළේය. ඡන්ද විමසීම පැවැති දිනට පසුදින ඡන්දය ගණනය කිරීමට තීරණය කර තිබූ හෙයින් ජනතාවද දේශපාලන පක්ෂ හා ක්‍රියාකාරීන්ද ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම කෙරෙහි අවධානයෙන් පසු වූහ. ඒ නිසා නිවැරැදිව ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු යොදා තිබිණ. ඒ අතර මාතර ප්‍රධාන ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ ඡන්දය ගණනය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කර තිබිණ. මාතර දිසාපති සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක ඒ සඳහා උනන්දුවෙන් වැඩ පිළිවෙළ සකස්කර තිබිණ. මුළු රටෙන්ම මුලින්ම ඡන්ද හා මනාප ප්‍රතිඵල මැතිවරණ කොමිසම වෙත භාර දුන්නේ මාතර තේරීම් භාර නිලධාරියාය. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ඉකුත්දා ප්‍රදීප් රත්නායකට විශේෂ ස්තුතියක්ද කර තිබිණ.

එක්සත් ජාතික පක්ෂයෙන් කැඩීගොස් වෙනම දේශපාලන ව්‍යාපාරයක් ලෙස කටයුතු කරන දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය මහ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලීමක් කළේය. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුගත් හේවාපතිරණ කියා තිබුණේ ‘මැතිවරණ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂයත් සමගි ජනබලවේගයත් සාම්ප්‍රදායික එක්සත් ජාතික පාක්ෂිකයන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. වසර 74ක එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුළ වසර 26ක් පක්ෂ නායකත්වය හෙබවූ රනිල් වික්‍රමසිංහට ලබාගන්න පුළුවන් වුණේ ඡන්ද ලක්ෂ දෙකහමාරයි. සියයට දෙකක ප්‍රතිශතයක් මෙම ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ රනිල් වගේම සජිත් වගේම සියලු නායකයන් රටේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි යැයි හේවාපතිරණ කියන්නේය. මහින්ද ගෝඨාභය සුසංයෝගය සමඟ එක්වන්නැයි ද ඔහු ඉකුත්දා එජාප පාක්ෂිකයන්ගෙන් ඉල්ලා තිබිණ.

 



අදහස් (1)

රාජ්‍ය ඇමැතිවරුන්ගේ කං කෙඳිරිල්ල

Raveendra Wednesday, 19 August 2020 09:38 AM

දශක 6ක් 7ක් වැනි ඉතාමත්ම "කෙටිකාලයක් " තුළ ලාංකීය දේශපාලනයේ ගති ලක්ෂණ කිසිඳු වෙනසක් නොදුටුවත් මෙවර අහිංසක මහජනතාව ලොකු වෙනසක් බලාපොරොත්තුවෙන් ක්‍රියා කලේ සැමදාම කැහි ගැහැණිය දී හොටු ගැහැණිය ගැනීම හෝ හොටු ගැහැණිය දී කැහි ගැහැණිය ගැනීම නවතා දැමීමට බව නොරහසකි. තමන් උපන් තමන්ගේම මාතෘභූමියට සේවය කිරීමට අවංක පුරවැසියකුට තනතුරු, තානාන්තර, වරප්‍රසාද කිසිවිට අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ උනන්දුව හා කැපවීම බවත් අප හට කියාදුන්නේ අපගේ ගුරුතුමිය අප කුඩා අවදියේදීමයි. එලෙසම ඇය විසින් මෙසේද අප හට කියාදුන් ඔවදන් අදටත් වලංගුයි. ඒවා මෙලෙස සියලුම ලාංකිකයින්ගේ මෙන්ම 225ක්වූ මහජන නියෝජිතයින්ගේ දැනගැනුමට සඳහන් කරන්නෙමු. ඒවා ගුරුතුමියගේ වචනවලින්ම සඳහන් කිරීම වඩාත් උචිත වන බැවින් මෙලෙස සඳහන් කරන්නෙමු.." පුතේ දුවේ තමන් උපන් තමන්ගේ මාතෘභූමියට අවංකව සේවය කිරීමට කිසිවිට පුරවැසියන් පොරකන්නේ නැති බවත්, එසේ පොරකන්නේ මිනිස් වෙස් ගත් තිරිසනුන් පමණක් බවත් කිසිදින තමන් එම තිරිසන් තත්වයට පත්නොවීමට තරයේ සිතට ගන්නා ලෙසත් ඇය අපට උපදෙස් දුන්නාය...

:       0       10

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 447 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 983 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 905 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 161 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 104 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 984 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්




ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 15947 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 76 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 258 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 132 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site