ලෙඩට දුකට බෙහෙතක් නැති රටක් යනු එම රට කිසි ලෙසකින් හෝ මිනිස් වාසයට සුදුසු රටක් නොවන බව ඒකාන්ත සත්‍යයකි. එහෙත් ලෝකයෙන් ම උතුම් රට යැයි පුරවැසියා හදපිරි ගෞරවයෙන් විශ්වාස කළ උදම් ඇනූ සසිරිබර මෙසිරිලක සම්බන්ධයෙන් දිගින් දිගටම ලිවීමට සිදු වී තිබෙන්නේ රෝහල්වල ඖෂධ හිඟයක් පවතින බව ය. නැත්නම් ඖෂධ ඇත්තේ ම නැති බව ය. එබඳු අනුවේදනීය පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ ය.
මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ළමා රෝහලේ ශල්‍ය කර්ම සඳහා භාවිතා කරන ‘‘ලික්නොකේන්’’ නමැති එන්නත මාස කීපයක සිට දැඩි ලෙස හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත වාර්තා කළේ නොබෝදා ය.
ඖෂධ හිඟය හා ඖෂධ ඇත්තේ ම නැති තත්වය සම්බන්ධයෙන් අප දිගින් දිගටම හඬ නගන්නේ එම තත්වය අප පුරවැසියාගේ ජීවිත බරපතළ අනතුරකට තල්ලු කර ඇති හෙයිනි. එය මාරාන්තික තත්වයකි. ජන ජීවිතය එබඳු අවදානම් සහගත තැනකට ඇද දැමීමට කිසිවකුට අයිතියක් නැත. එමෙන්ම එම භයංකාර තත්වය දෙස නොබැලූ දෙනෙතින් පසුවීමට කිසිදු බලධාරියකුට අයිතියක් නැත.
දරාගත නොහැකි බදු බරකින් මෙරට ජනයා පීඩා විඳිති. ආණ්ඩුව බදු පනවා තිබෙන්නේ එමගින් ලැබෙන ආදායමෙන් රටෙහි දෛනික කටයුතු පවත්වාගෙන යෑමට ය.
අඛණ්ඩව විදුලිය සැපයීමට, අඛණ්ඩව ඉන්ධන සහ ගෑස් සැපයීමට, ආනයනික ආහාර ද්‍රව්‍යවලට අවශ්‍ය වියදම් සොයා ගැනීමේ එක් ප්‍රධාන මාර්ගයක් වනුයේ බදු ආදායම වේ. මෙම ලැයිස්තුවට ඖෂධ ආනයනය කිරීම අනිවාර්යයෙන් ම ඇතුළත් විය යුතු ය. එහෙත් ඖෂධ හිඟය සම්බන්ධයෙන් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන ප්‍රවෘත්තිවලින් පැහැදිලි වන්නේ ජන ජීවිතයට අතිශයින්ම තීරණාත්මක වන ඖෂධ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බව ය.
අප පුවත්පත වාර්තා කළ ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන් වන්නේ රෝගී ස්ථානීය නිර්වින්දනය කිරීමේ දී භාවිත කරන එම එන්නත නොමැතිවීමෙන් මහනුවර ජාතික රෝහලේ විවිධ ප්‍රතිකාර කිරීමේ දී වෛද්‍යවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය දැඩි ලෙස අපහසුතාවට පත්වන බව ය. එසේම පේරාදෙණිය ළමා රෝහලේ ලික් නොකේන් නමැති එම එන්නත නොමැතිවීමෙන් කුඩා දරුවන්ගේ ශල්‍යකර්ම කිරීමේ දී දැඩි ලෙස බාධාවන බව ය.
රෝහල්වල නොමැති ඖෂධ බොහෝ විට රෝහල අවට ෆාමසිවලින් ලබාගත හැකි ය. ඒ අශ්ප ගණන්වලට ය. රෝහල්වල කාර්ය මණ්ඩලවල ඇතැම් සාමාජිකයන් රෝහලේ ඖෂධ පිට පාරෙන් පන්නා ජාවාරම්කරුවන් අතට පත්කරන බව අනාවරණය වූයේ වරක් දෙවරක් නොවේ. ජාවාරම්කරුවෝ ද අධික මිල ගණන්වලට මෙම ඖෂධ අලෙවි කරති. ජීවිතය බේරාගත යුතු නිසා ඉඩකඩම් විකුණා දමා හෝ ජාවාරම්කරුවන් නියම කරනු ලබන මිල ගණන්වලට එම ඖෂධ මිලදී ගැනීමට ජනයා පෙළඹෙති. එබඳු වත්කමක් නොමැති ජනයා ජීවිතාශාව අතහැර මරණයට සිත් සූදානම් කර ගනිති.
අප ජීවත්වන්නේ මෙබඳු ශාපලත් පරිසරයක ය. අප එබඳු ඉරණමකට යටත් විය යුතු නැත. ජන ජීවිතය තිබෙන තැනින් අඟලක් හෝ ඔසොවා තැබීමට නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඇති අකාර්යක්ෂමතාව, වංචා, දූෂණ, අක්‍රමිකතා හා මහපොළොව නුහුලන ජාවාරම් වහාම නතර කළ යුතු ය. සෙසු සියලු කටයුතු පසෙකලා මෙම කටයුත්ත පෙරට ගත යුතු බව අපි අවධාරණය කරමු.
(***)
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රජයේ රෝහල්වල ඖෂධ හිඟයකට ඉඩ තියනු එපා