IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


රටේ ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකියි

 04_SLMA_P6_Back

 

රටේ ණය බර ඉහළ ගියද රටේ ජනතාව මත ඒ ණය බර පැටවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව විපක්ෂනායක හා දෙමළ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතා පවසයි.
-“ඉරිදා ලංකාදීප”ය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය රජය සමයේ ගත් ණය පියවා දැමීමට වත්මන් රජයට විශාල වගකීමක් පැවැරී ඇතැයිද සම්පන්දන් මහතා පැවසීය.

 


● අයවැයෙන් පසුව ආණ්ඩුවේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
රට අද බොහොම අමාරු තත්ත්වයකින් තමයි ඉදිරියට ගෙන යන්නේ. ගොඩක් ණය බර තියෙනවා. විදේශ රටවලින් ගත් ණය, දේශීය වශයෙන් ඇති ණය ප්‍රමාණය ගොඩක් ඉහළ ගොස් තිබෙනවා. ආණ්ඩුවේ ආදායමෙන් විශාල මුදලක් වැය කෙරෙන්නේ ණය පියවා දැමීමට. ඉතින් ණයට ගත් මුදල් පියවනකොට රට දියුණු කරන්න ටිකක් අමාරුයි. විශේෂයෙන් අධ්‍යාපනය, සෞඛ්‍යය, කෘෂිකර්මාන්තය වැනි දේවල්වලට ආණ්ඩුව විශාල වශයෙන් මුදල් වැය කළ යුතුයි. එහෙම වියදම් කරන්න ආණ්ඩුවට අපහසුයි. කාරණාව මොකද හුඟක් මුදල් ගෙවන්න ඕන ණය ගෙවන්න. ඒක නිසා තමයි වැට් එක අය කිරීම හා බදු මුදල් වැඩි කරලා මුදල් ටිකක් සොයා ගන්න ආණ්ඩුව උත්සහ කරන්නේ. ඒත් ඒක එතරම් සුබවාදී දෙයක් නෙමෙයි. ආණ්ඩුවට ඕනැකමක් තිබෙන්න පුළුවන්. ඒත් දුප්පත් මිනිසුන් අපහසුතාවට පත්කරලා ඔවුනට බදු බර පැටවීම වැරැදියි. අපි ඒක අනුමත කරන්නෑ. ගෙවන්න පුළුවන් අයගෙන් අරගන්න ඕනෑ. ඒකෙ කිසි ගැටලුවක් නෑ. ඒත් දුප්පත් ජනතාවගෙන් ඒක අය කරගන්න එක ගැන අපි කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. කොහොමත් ජනතාව පිට බර පටවන එක අඩු කරන්න ඕනෑ. වක්‍රාකාරව බදු අයකර ගැනීම දුප්පත් ජනතාවටත් බලපානවා. ඒක දුප්පත් මිනිසුන්ට ලොකු අපහසුතාවක්. ඉතින් ඒ බදු අය කර ගැනීම පිළිබඳව ආණ්ඩුව තව ටිකක් කල්පනා කරන්න ඕනෑ. කොහොම උණත් මේ ණය බරින් අපි මිදෙන්න ඕනෑ.

 


● ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවාද?
අප අයවැයට සහයෝගය පළ කරලා ඡන්දය දුන්නා. ඒකෙන් අපි හිතන්නේ ආණ්ඩුවට තව ටිකක් කල් දෙන්න ඕනෑ මේවා සකස්කර ගන්න. ආණ්ඩුවට දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා තියෙන්නේ. ආණ්ඩුව භාරගන්නකොට ගොඩක් ප්‍රශ්න තිබුණා. විශේෂයෙන් ණය බර පියවීම, ආර්ථිකය වර්ධනය කිරීම වගේ කාරණා සම්බන්ධව. ඉතින් මේ ප්‍රශ්නවලින් මිදිලා ආණ්ඩුවට ටිකක් හිස ඔසවන්න ටිකක් කල් දෙන්න ඕනෑනේ.

 

1
● මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද ලබාදෙනවා. ජනතාවට කිසිම සහනයක් නෑ නේද?
මම දකින්නේ ආණ්ඩුව සහන ලබාදෙනවට වඩා මන්තිීවරුන් මේ ඉල්ලීම් ඉදිරිපත් කරලා ඇති. නැත්නම් ආණ්ඩුව බලෙන් මේ වරප්‍රසාද දෙන්නේ නෑනේ. හැබැයි මේ වරප්‍රසාද ලබාදෙනකොට ජනතාවගේ තත්ත්වය පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනෑ. 
හැබැයි මේවා ලබාදෙන්න කොහෙන්ද මුදල්? ආණ්ඩුව ඒ ගැන කල්පනා කරන්න ඕනෑ. හුඟක් නොකරන්න ඕනෑ දේවල් තියෙනවා. ජනතාවගේ පැත්තත් බලලා මේවාට විසඳුම් සොයන්න ආණ්ඩුව වැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ.

 


● දැන් ජනතාවට හුඟක් බර පටවලා තියෙද්දිත් මන්ත්‍රීවරුන් පිරිසකට නවීන වාහන ගෙන්වන්න ඕනැ කියලා යෝජනා වුණා. ඔබතුමා දකින්නේ කොහොමද මේ සම්බන්ධව?
මගේ අදහස නම් මේ වියදම් අඩු කරන්න ඕනෑ. මොකද ණය බරින් මිරිකිලා ඉන්න අවස්ථාවක මේ වගේ දේවල්වලට මුදල් වැය කරන එක ගැන ටිකක් හිතන්න ඕනෑ. මගේ මතය නම් මේ වියදම් අඩුකරලා ණය බර නිදහස් වුණාම ජනතාවට සහන ලබාදුන් පසුව මේ වාහන ඇතුළු වරප්‍රසාද ලබාදෙන්න අවශ්‍යයි කියන එක තමයි.

 


● ඔබතුමාටත් වාහනයක් ලබාදෙන්න යනවා නේද?
ඔව්. මෙතනදි වැරැදි අර්ථකථනයක් ලබාදීලා තියෙනවා. මේ වාහනය සම්බන්ධන්ට දෙන්න යනවා කියලා. මම කියන්නේ මේ වාහනය සම්පන්දන්ට දෙන එකක් නෙවෙයි. මේක දෙන්නේ විපක්ෂනායකවරයාට මම කැමැත්තක් පළකළේ බොහෝ දුරට කල්පනා කරලා. කාලයක් ගියාට පස්සේ මගේ කාර්යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මට කතා කරලා කිව්වා මේ වාහනය ගෙන්වන්නේ විපක්ෂ නායකවරයාට මිසක් සම්පන්දන් කියන පුද්ගලයාට නෙමෙයි. මේ වරප්‍රසාදය විපක්ෂනායකවරයා ලෙස ලබා නොගතහොත් ඉදිරියට පත්වෙන විපක්ෂනායකවරුන්ටත් බලපානවා. ඒ කරුණු කාරණා සැලකිල්ලට ගෙනයි මමත් ඊට එකඟ වුණේ. අනික විපක්ෂනායකවරයා ලෙස මම පාවිච්චි කරන වාහනයත් දැන් අබලන්. ඉතින් මම මේ තනතුරින් ඉවත්වෙලා යනකොට ඒක බාරදෙන්න ඕනෑ. එතකොට ඊළඟට පත්වෙන විපක්ෂනායකවරයා මට දොස්නගයි. අබලන් වෙච්ච වාහනයක් මම දීලා ගියා කියලා.

 


● දැන් ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව ඔබතුමාට සීනි බෝල දීලා ආණ්ඩුවට විපක්ෂයේ සහය ලබාගන්නවා කියලා. ඒක ඇත්තක්ද?
මෙහෙමයි, ඔය එක එක වරප්‍රසාද දීලා මාව ඕනැ ඕනෑ පැත්තට නම්මගන්න බෑ. ඔවුන්ගේ එවැනි අදහසක් තියනවනම් ඒක බොරු තර්කයක්. මම ඒවා පිළිගන්නෑ. මම එක එක වරප්‍රසාද හමුවේ එක එක්කෙනාට ඕනෑ විදියට මම ඔළුව නමන පුද්ගලයෙක් නෙමෙයි. මම ඔය වරප්‍රසාදවලට යටවෙන පුද්ගලයකුත් නෙමෙයි. ඒකාබද්ධ විපක්ෂය කියන්නේ පරණ ආණ්ඩුවනේ. පරණ ආණ්ඩුව කරපු දේවල් අපි දන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට වැඩිය කතා කරන්න පුළුවන් අය නෙමෙයි. පරණ ආණ්ඩුව මීට වඩා අයහපත් දේවල් කළා. පොඩි පොඩි දේවල් නෙමෙයි. ලොකු ලොකු දේවල් හුඟක් කළා. වාහන කොච්චර ගත්තද අයුතු ලෙස. දැන් බලන්න උදාහරණයක් හැටියට කරුණා අම්මාන්ට දීලා තියෙනවා කියනවා නීති විරෝධිව වාහනයක්. දැන් තමයි ඒවා එළියට එන්නේ.


ඉතින් එහෙම දෙවල් තිබිච්ච ඉස්සර ආණ්ඩුවේ අයට මේ ගැන කථා කරන්න අයිතියක් නෑ. මේ ආණ්ඩුව පත් කළේ ජනතාව, ආණ්ඩුව බාර අරගෙන දැන් තමයි අවුරුද්දක් පසුවුණේ. මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ගැටලුව තමයි පරණ ආණ්ඩුවේ දේවල් සම්බන්ධව කටයුතු සොයන එක. ආණ්ඩුවට සහයෝගය දෙනවා කියලා අපි කියන්නෑ. අපි කියන්නේ මේ ආණ්ඩුවටත් තව ටික කාලයක් දෙන්න ඕනෑ. දැන් විශේෂයෙන් ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරුන් විදේශ රටවලට ගිහිල්ලා සබඳතා ඇතිකර ගන්නවා. දැන් ඉස්සරට වඩා ලෝකයේ රටවල් අපිත් සමග ගොඩක් සම්බන්ධයි. ඉතින් ඒ ගොල්ලන්ගෙන් උදව් අරගෙන රට දියුණු කරන්න ඒ ගොල්ලෝ වැඩ කරනවා. එහෙම දියුණු කරන්න ආණ්ඩුවට උවමනාවක් තිබෙනවා. ණය බර පියවගෙන සංවර්ධනය කරා ආණ්ඩුව යොමුවන මේ වෙලාවේ ආණ්ඩුවට තව ටිකක් කල් දෙන්න ඕනෑ. ඒක නිසා ඒකාබද්ධ විපක්ෂය කියන කියන සෑම දෙයක්ම අපි පිළිගන්නෑ. ඒ ගොල්ලෝ කියන දේවල් අපි භාර ගන්නෙත් නෑ.

 


● දෙමළ සන්ධානය හා ජනාධිපතිවරයා අතර තිබූ හමුවේදී මොනවගේ දේවල් පිළිබඳවද සාකච්ඡා වුණේ?
මෙහිදී අපි අතර පැවැති සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කළේ උතුරු - නැගෙනහිර පළාත්වල සංවර්ධන ක්‍රියාදාම පිළිබඳව. මොකද ඒ සංවර්ධන කටයුතු සිදුවෙන ආකාරය පිළිබඳ අපිට සතුටු වෙන්න බෑ. මොකද ඒ කාර්යයන් ඉතා මන්දගාමීවයි සිදු කෙරෙන්නේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ තරුණ, තරුණියන්ට රැකියා ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ සුදුසුකම්වලට රැකියා නෑ. අපි ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළා මේ සාකච්ඡාවේදී. මේකට කඩිනම් තීන්දුවක් ගේන්නන් අවශ්‍යයි කියලා ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලීමක් කළා. රටේ ජනතාව විදිහට උතුරේ ජනතාවටත් ඒ ඒ වරප්‍රසාද ලබාදිය යුතුයි.


අනික අපි ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් සාකච්ඡා කළා. අපේ අදහස නව ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවේ 2/3ක බලයෙන් සම්මත කර ගැනීමෙන් පසු ඒක ජනතාව හමුවට ගෙන යා යුතුයි කියන එක. ජනතාව ඒක භාරගත් පසුවයි එය නිවැරැදි ව්‍යවස්ථාවක් වෙන්නේ. ඒකයි අපේ අදහස. අපි ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී මේ පිළිබඳ ඔහුගේ අවධානය යොමු කළා.

 


● ඉදිරියටත් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනවාද?
ඔව්. අපිට ඕනෑ වෙලාවක දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කරන්න ජනාධිපතිතුමා ඉඩදීලා තිබෙනවා. අගමැතිතුමා සමගත් අපි සාකච්ඡා කරනවා. අපි දිගින් දිගටම සාකච්ඡා කරනවා. අපි ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේ හුදෙක්ම දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳවයි. ජනාධිපතිතුමා ඒ ගැටළු ඉක්මනින් සොයා බලලා විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වුණා. සාකච්ඡා ඉතා සුබවාදියි. අපි විශ්වාස කරනවා ජනාධිපතිතුමා ඒ ගැටලුවලට විසඳුම් ලබාදෙයි කියලා.

 


● දැන් උතුරේ විවිධ උත්සව පවත්වනවා -එළුඟු තමිල්”, “මහවිරු සතිය” වගේ දේවල්. ඔබතුමාලගේ සහයක් තියෙනවාද ඒවට.
-එළුඟු තමිල්” වැඩ සටහනට නම් අපි කිසිසේත්ම එකඟ නෑ. ඒකට අපේ සන්ධානයේ මන්ත්‍රීවරු කවුරුත් සහභාගි වුණේ නෑ. දැන් මහවිරු දිනය ගත්තොත් ඒක අපි දකින්නේ මියගිය අය සිහිකිරීමේ වැඩ සටහනක් විදිහටයි. ඒකට අපට විරුද්ධ වෙන්න බෑ. මොකද පවුලේ ඥාතීන්, සහෝදරයන්, සහෝදරියන්, පුතා, දුව, මව, පියා යන අය මිය ගියාම සිහිකරලා කනගාටුව ප්‍රකාශ කරනවා. ඒක වැරැදි දෙයක් කියලා කියන්න බෑ. ඒක ඔවුන් සිය ශෝකය ප්‍රකාශ කරන දෙයක්. කවුරුත් බලෙන් ඔවුන්ව යොමුකරවන් නෑ. ඉතින් ඒ වගේ දේවල්වලදි අපේ සන්ධානයේ මන්ත්‍රීවරුන් සහභාගි වුණා. ඒක වැරැදි දෙයක් කියලා මම දකින්නෑ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ මියගිය සාමාජිකයන් සිහි කරන්නේ. ඒ ගොල්ලොත් ඔවුන්ගේ කනගාටුව පෙන්වන්නේ. ඉතින් ඒක සාධාරණ දෙයක් විදිහටයි මම දකින්නේ.

 


● උතුරේ යළිත් ඊළාම් වාදයක් බිහිවෙයි කියලා දකුණේ ජනතාව අතර බියක් තියෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙනවාද?
ඊළාම් කතාව දැන් ඉවරයි. සම්පූර්ණයෙන්ම ඊළාම් කතාවක් දැන් නෑ. අපි පාර්ලිමේන්තු, පළාත් පාලන, පළාත් සභා මැතිවරණය පැවැත්වුණු වෙලාවේ අපි කිව්වේ ඒකීය රටක් ඇතුළත රට බෙදීමක් නොකර රටට කිසිම හානියක් නැතුව බලය බෙදීමක් කරන ලෙසයි අපි ඉල්ලීමක් කළේ. ඒකත් සාමාන්‍ය ජනතාවට ඕනෑ වෙන ආකාරයට මධ්‍යම රජයේ බලය මධ්‍යම රජය සතුයි. ඒක නිසා ඊළාම් කතාවට දැන් කිසිම ඉඩක් නෑ. උතුරේ හෝ දකුණේ හෝ නැගෙනහිර හෝ ඊළාම් කථාවට දැන් ඉඩක් නෑ. ඊලම් සම්බන්ධව දැන් කවුරුත් කතා කරන්නෑ.

 


● දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු අතර යම් යම් මතභේද තියෙනවා නේද? යම් යම් අදහස් පිළිබඳව?
ඒකනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. ඒ ගොල්ලන්ට වෙන වෙන අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව තිබෙනවා. ඔවුන්ට ඒ අයිතිවාසිකම තිබෙන්න ඕනෑ. ඒක අපිට නතර කරන්න බෑ. ඒක නෙවෙයිනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. හැබැයි දෙමළ සන්ධානය අභ්‍යන්තරයේ ලොකු අර්බුද නෑ. පක්ෂයේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කිසිම අර්බුදයක් හටගෙන නෑ. යම් යම් කාරණා පිළිබඳව එකිනෙකාගේ යම් යම් අදහස් තිබෙනවා. ඒක අපි විශාල අර්බුදයක් කියලා හිතන්නෑ. සන්ධානගත වුණාම යම් යම් මතවාද ඉදිරිපත් වෙනවා.

 


● උතුරේ නිවාස 65,000ක ව්‍යාපෘතියක් ආණ්ඩුව ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඔබ එකඟද ඒකට?
අපේ ජනතාවට තිබෙන ගැටලුව තමයි ඒ නිවාස වෑද්දුම් නිවාස (steel home) ඒවා ස්ථිරව සිමෙන්ති ගල්, වැලි යොදලා හදන නිවාස නෙමෙයි. යකඩ එකිනෙකට පූට්ටු කරලා අටවන ගෙවල්. මේ රටේ කොහේවත් මේ වගේ නිවාස හදලා නෑ. අනික එවැනි නිවසක් සාදන්න ලක්ෂ 20ක මුදලක් වැයවෙනවා. මම කියන්නේ ලක්ෂ 10 කට ඉතා හොඳට ගල්, වැලි, සිමෙන්ති යොදවලා හදන්න පුළුවන්. සියලු පහසුකම් එක්ක. ඉතින් ලක්ෂ 10කට එවැනි නිවසක් සාදන්න හැකියාව තිබෙද්දි ඇයි ලක්ෂ 20ක් වියදම් කරලා මේ වගේ අනවශ්‍ය වැඩ කරන්නේ? අපේ ජනතාව ඒවට කැමැති නෑ. සාමාන්‍යයෙන් ඔවුන්ගේ ජීවන රටාවත් එක්ක ඒවා ගැළපෙන් නෑ. ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. කිසිම තේරුමක් නැති වැඩක් ඒක. අනික නිවාස සාදනවා නම් ඒ ඒ පළාත්වලට රැකියා අවස්ථා බිහිවෙනවා. මේසන් වැඩ, වඩු වැඩ, කුලී වැඩ කරලා කීයක් හරි හම්බ කරගන්න පුළුවන්. ලක්ෂ 10ක් වියදම් කරන්න පුළුවන් දෙයකට ඇයි ලක්ෂ 20ක් වියදම් කරන්නේ? අපිට නිවාස විශාල සංඛ්‍යාවක් අවශ්‍යයි. ඉතින් රුපියල් ලක්ෂ 20ක් වැය කරලා එක නිවාසයක් හදන එකේ ලක්ෂ 10ක් වැය කරලා නිවාස දෙකක් හදන්න පුළුවන්. මේක ලොකු අපරාධයක්. අපි අමාත්‍ය මණ්ඩලයටත් දැනුම් දීලා තියෙනවා. අපි අගමැතිතුමාටත් දන්වලා තියෙනවා, මෙවැනි අපරාධ ලෙස මුදල් වැය කිරීම පිළිබඳව. අපි බලාපොරොත්තු වෙනවා මේ යෝජනාව වෙනස් කරගනියි කියලා.

 


● උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ තීරණය පිළිබඳ වෙනසක් නැද්ද?
උතුරු - නැගෙනහිර පළාත් ඒකාබද්ධවනේ තිබුණේ. උතුරු - නැගෙනහිර පළාත් වැරැදි ආකාරයට එකතු වුණ බවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ තිබෙන්නේ. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය නම් දෙමළ කථා කරන ජනතාව ඉන්න ප්‍රදේශ එකතු විය යුතුයි කියන එකයි. ඒක රට ඇතුළේ අපි තීන්දුවක් ගන්නකොට එක් එක් කොටස් වෙනස් නොවී එකතුවී සිටිය යුතු බවයි අපේ ප්‍රතිපත්තිය. අපේ ආසන්න පළාත් සභාවනේ නැගෙනහිර පළාත. ඒ සම්බන්ධව අපි තවදුරටත් සාකච්ඡා කරනවා. කාටවත් අසාධාරණයක් නොවී අපි ඊට විසඳුමක් සොයන්න ඕන.


අපි බලාපොරොත්තු වෙනවා අපේ ගැටලුවලට විශේෂයෙන් උතුරු - නැගෙනහිර පළාත්වල ජනතාවට ආණ්ඩුවෙන් සුදුසු විසඳුම් කඩිනමින් ලබාදෙයි කියලා. අපි අරගල කරන්නවත් උද්ඝෝෂණ කරන්නවත් යන්නේ නෑ. අපි ආණ්ඩුව සමඟ සුහදව සාකච්ඡා කරලා අපේ ගැටලුවලට විසඳුම් ලබාගැනීමයි අපේ අපේක්ෂාව.

m



අදහස් (0)

රටේ ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකියි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 707 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 66 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 169 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 211 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 150 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 224 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site