මත්ද්‍රව්‍ය ජාලයට හා පාතාලයට එරෙහි ‘යුක්තියේ මෙහෙයුම’ රට තුළ ජයටම ක්‍රියාත්මකය. රට චිකාගෝවක් නොවීමට නම් පොලිසිය මෙසේ සක්‍රියව තැබිය යුතුය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ හා පාතාලයන්ගේ තර්ජන අභියෝග ඉදිරිපිට නොසැලී යහපත් රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් දිවා රෑ වෙනසකින් තොරව අප්‍රමාණ කැපවීමෙන් ක්‍රියාත්මක වන පොලිසියට අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.
එහෙත් මෙම වියමන මෙතැන් සිට වෙන්වන්නේ පොලිසියේ කීර්තිනාමයට අභිමානයට වසුරු හෙළන කාකි සූට්ධාරී පොලිස් මහත්වරුන්ට අදාළ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙනි.
අප පුවත්පත වාර්තා කළ එක් ප්‍රවෘත්තියකින් කියැවුණේ තලෙයිමන්නාරම පොලිසිය තුළ බීමත්ව කලහකාරී ලෙස හැසුරුණු බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් එම පොලිසියේම රාජකාරී කරන උප පොලිස් පරීක්ෂකවරයාට ඇප ලබාදී කැඳවාගෙන යාමට පැමිණෙන ලෙස පවුලේ අයට දැනුම් දුන්නද කිසිවකු නොපැමිණි නිසා පෞද්ගලික ඇපයක් මත ඔහු මුදාහැර ඇති බවය. මෙම උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර ඇති බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’ යන්න ශිෂ්ට සම්පන්න සමාජයන්හි ඉහළින්ම පිළිගන්නා සංකල්පයකි. ඒ අනුවම යමින් ‘පොලිස් නිලධාරීහු ද මනුෂ්‍යයෝය’ යන්න පිළිගැනීමට විශේෂ බාධාවක් නැත. පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන්නේද මහ සමාජයේ මිනිස්සුම වෙති. මහ සමාජයේ මිනිසුන් තුළ ඇති හොඳ නරක දෙකම පොලිස් දෙපාර්තමේන්තුවට එක්වන පුරවැසියන් තුළද වේ. එහෙත් පොලිස් නිලධාරියා සතු වගකීමට අදාළව ඔහුට සාමාන්‍ය පුරවැසියකු ලෙස හැසිරිය නොහැකිය. ඔහු නීතිගරුක විය යුතුය. විනයගරුක විය යුතුය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදර්ශවත් විය යුතුය. එයට හේතුව රටේ නීතිය බලගන්වන ප්‍රමුඛතම ආයතනය පොලිසිය වන හෙයිනි. එහෙයින්ම පොලිස් නිලධාරියාට රාජකාරී ජීවිතයක් හා රාජකාරියෙන් බැහැර ජීවිතයක් යනුවෙන් ජීවිත දෙකක් තිබිය නොහැක. එබඳු වගකීමක් දැරීමට නොහැකිනම් ඔහු පොලිස් දෙපාර්තමේන්තුව වැනි මහජනයාට අතිශයින්ම වැදගත් මෙන්ම සමීපතම ආයතනයකට කිසිසේත්ම ගැළපෙන්නේ නැත.
කරුණු කාරණා එපරිදි වුවද අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියවුණේ ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රීරෝද රථයක දී ලිංගික අතවර කළැයි කියන ත්‍රීරෝද රථ රියදුරකු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බවය. අදාළ පොලිස් නිලධාරියා අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන්නකු බව ද සඳහන් ය.
පොලිසියේ රස්සාවට අමතරව ඔහු ත්‍රිරෝද රථ රියදුරකු ලෙස සේවය කරන්නේ පවතින අයහපත් ආර්ථික වටපිටාව තුළ විය හැකිය. එහෙත් පොලිස් නිලධාරියකු ලෙස නොව සාමාන්‍ය පුරවැසියකු තුළ තිබිය යුතු විනය, සංයමය ඔහු ළඟ තිබී නැත. පොලිස් පරීක්ෂකවරයකු යනු පොලිස් දෙපාර්තමේන්තුව තුළ වගකිවයුතු නිලයකි. එබඳු නිලයක් දරන්නකුට මෙම පහත් හැසිරීම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දා සහගත කැළලකි.
පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා අනුබලදීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු කොස්ගම පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමේ පුවත මෙයට දෙතුන් දිනකට ඉහතදී වාර්තා වූවකි. අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී සැකකාරියකට වාසිදායක ලෙස එය ඉටු කිරීම සඳහා එම සැකකාරියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා එය ලබා ගැනීමට හෝටලයකට ගොස් සිටියදී අල්ලස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ දැලට කොටුවූ උපපොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධ පුවත නැගෙනහිර පළාතෙනි.
උපුටා ගනු ලැබුවේ සොච්චම් ප්රමාණයකි. වැඩ බලන පොලිස්පතිවරයා පොලිසියේ මෙවැනි වැඩ ගැනත් විශේෂ අවධානය යොමුකළ යුතු බව අවධාරණය කරමු.
(***)

2025 දෙසැම්බර් මස 04
763
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
573
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රටම අගයන පොලිසියේ දැලි ගාන නිලධාරීහු
fairoos Sunday, 14 January 2024 04:59 PM
ලංකාවේ පොලිසිය රනිල්ට විතරයි හොඳ...