IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


රෝද හතර නැතිව වාහන ගනීද?


එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ මූලස්ථානය වන සිරිකොතදී, කැඳවූ පක්ෂ නායක වික්‍රමසිංහ මහතාද ඊට එක්ව සිටියේය.

ඊට පැය කිහිපයකට පෙර ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබුණේ ලකුණ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවය. නමුත් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී රැස්වීම හමුවේ පුපුරායන සුලු පන්නයේ ප්‍රකාශයක් සිදුකරමින් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් ප්‍රේමදාස සහ අනෙක් අය කළ යුතු හොදම දෙය වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ අලියා ලකුණ යටතේ තරග කිරීම බව යැයි කීවේය. එය ඇත්ත වශයෙන්ම කම්පනය දැනවීමට සමත්වූ ප්‍රකාශයක් වූ අතර ගුවන්තොටුපලක ගුවන්පථයක් මතට බෝම්බයක් හෙලුවාක් වැනි විය.

එයින් ප්‍රේමදාස මහතාට ලැබෙන තෝරාගැනීම් දෙකකි.

නව සන්ධානයට නායකත්වය දීම සදහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ඔහු දිනාගෙන තිබෙතත් ඔහුට ලකුණක් නැත. හංසයා ලකුණ ඒ සදහා ලබාගැනීමට නොහැකි වුවහොත් එක්සත් ජාතික පක්ෂය යටතේ අලියා ලකුණින් තරග කරන ලෙස එම පක්ෂය ඉදිරිපත් කර තිබෙන තෝරාගැනීම ඔහුට තෝරාගැනීමක් නොව අනිවාර්යෙන් අනුගමනය කිරීමට සිදුවන්නක් වනු ඇත.

වික්‍රමසිංහගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පිළිගනු ඇත්තේ එය පමණකි. ඒ හමුවේ ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ සිලෝන ජනතා කොංග්‍රසය ඇතුලු යෝජිත නව සන්ධානයේ දේශපාලන පක්ෂ හුදකලා වනු ඇත. අනෙක් අතට, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි නොවන ලකුණක් ප්‍රේමදාස තෝරාගතහොත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයන් ගැනෙනු ඇත. ඒ ඔහුගේ නායක වික්‍රමසිංහ ගත් තීරණයකට පටහැනිව කටයුතු කළේ යැයි යන කාරණය මතය.

කුමක් වුවත් ප්‍රේමදාස හමුවේ තිබෙන තෝරාගැනීම් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට මනාව පැහැදිලි කර දී ඇත. ඒවා නම්, හංසයා ලකුණ සම්බන්ධයෙන් පවතින ගැටලුව නිරාකරණය කරගැනීම හෝ එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ තරග වැදීමය.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ප්‍රථමයෙන් ඇතැම් එක්සත් ජාතික පක්ෂ ජේ්‍යෂ්ඨ සාමාජිකයන් යෝජිත නව සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා සිරිකොතදීම හමුවූවේය. ජනාධිපති නීතිඥ රොනල්ඞ් පෙරේරා සහ දයා පැල්පොල යන මහත්වරුන් ඇතුලත් නීතිඥවරු කණ්ඩායමක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

සන්ධානයේ ප්‍රධාන පාලක ව්‍යුහය වන මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ගෙන් 60% ක් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ යුතු බවට සම්පාදනයක් ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කැරිණ. ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම සදහා එසේ සාකච්ඡාවට බදුන් වූ තවත් කාරණයක් වූයේ වසර 3කට වතාවක් සන්ධානයේ නායකයා තෝරාගැනෙනු ඇත යන්නය.

එක්සත් ජාතික පක්ෂයට සන්ධානයේ මධ්‍යම කාරකසභාවෙන් වෙන්කෙරෙන සාමාජිකයන් 60% ක ප්‍රතිශතයෙන් 45% ක සාමාජිකයන් පිරිසක් සදහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබිය යුතු බවට එකඟත්වය පළවිය. සුලු වෙනස්කම් කිහිපයක් අවසානයේ ව්‍යවස්ථාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, මංගල සමරවීර, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, ජෝන් අමරතුංග, සහ තලතා අතුකෝරළ යන එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෝ මෙම රැස්වීමට එක්ව සිටියහ.

සන්ධානයේ ව්‍යවස්ථාවට අනුමැතිය ලැබීම යනු රෝද නොමැතිව වාහනයක් මිලදී ගත්තාක් වැන්න. මෙම අවස්ථාවේ දී රෝද යනු නව සන්ධානයේ ලකුණයි.

යෝජිත නව සන්ධානයට දේශපාලනිකව ක්‍රියාකාරීවීමට නම් ලකුණක් අවැසිය. එය ප්‍රමාද කිරීම යනු සන්ධානයේ මැතිවරණ ව්‍යාපාර කටයුතුවලට සිදුවෙමින් තිබෙන හානිය තවත් දීර්ඝ කරන්නකි. එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට තීරණය කළහොත් එයින් නිසැක පහර වදින අයෙක් වේ. ඔහු නම් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය යටතේ යෝජිත නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත් කැරුණු රංජිත් මද්දුමබණ්ඩාරය. තීරණයක් ගැනීම දැන් තිබෙන්නේ ප්‍රේමදාස අතය.

ප්‍රේමදාස හා ඔහුගේ සන්ධාන පාර්ශවකරුවන් පරයා යාමට රනිල් වික්‍රමසිංහ සමත්ව ඇති සෙයක් පෙනේ. ඔහු තමන්ගේම ගරුත්වයට සහ ප්‍රතිරූපයට බරපතල හානියක් කරගෙන ඇතත් හරි හෝ වැරදි හෝ වේවා දිගින් දිගටම අනුගමනය කළේ එකම ස්ථාවරයකි. ඒ අතින් ප්‍රේමදාස, වික්‍රමසිහගේ ගැටවලට අසුනොවූ අවස්ථා නොමැති තරම්ය. පැවැත්වෙමින් තිබූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකින් නැගිට පිටත්ව යෑමත් එසේ කළේ ඇයි? සම්බන්ධයෙන් නිසි පැහැදිලි කිරීමක් නොකිරීමත් ප්‍රේමදාසගේ පිළිවෙත ගෙනහැර දැක්විය හැකි එක් උදාහරණයකි.

කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ වහාම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසුවේ ය.

“අපිට මෙහෙම යන්න බැහැ. අද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිදුවූ දෙය ගැන මම ඉතාම කණගාටුවට පත්වෙනවා. මට ඉක්මනින්ම තීරණයක් ගන්නට සිදුවේවි”
යෝජිත නව සන්ධානයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මෙසේ කීවේ ය.

“අපේ නව සන්ධානයේ ව්‍යවස්ථාවට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය අපට දැනටමත් ලැබී තිබෙනවා. ඉරිදා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ පසු අපි ලකුණ ගැන තීරණයක් ගන්නවා. කෙසේවුවත් මෙය ලොකු ගැටලුවක් නොවේ .ඔහු එසේ කීව ද සැබෑවටම ප්‍රේමදාස සහ ඔහුගේ හිතවතුන් පහර කමින් සිටින්නේ වියවුලෙන් සහ කම්පනයෙන්ය. ඔවුන්ට මුහුණදීමට සිදුව තිබෙන සැබෑම ගැටලුව වන්නේ එයයි.

නාමයෝජනා ලැයිස්තුව සකස් කරන්නේ ප්‍රේමදාස වුව ද අවසානයේ එයට නායක වික්‍රමසිංහගේ අනුමැතිය ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ය.

“හංසයා ලකුණ ගැන සාකච්ඡා කර මේ ඉරිදා අපි සියලුම කාරණා අවසානයක් කරනවා” ඔහු කීවේ ය.

කාරණා අවසානයක් කිරීම යනු එක්සත් ජාතික පක්ෂයේ දෙපිළ බෙදී සිටින පිරිස සැළකීමේ දී, බාලගිරි දෝසයකට නොඅඩු දෙයකි. තමා හෝ තමා නම් කරන තැනැත්තා නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස පත් නොකෙරෙන්නේ නම් හංසයා ලකුණ ලබානොදෙන බවට ගෙන තිබෙන තීරණය වෙනස් නොකිරීමට කරුණානායක තීරණය කළහොත්, ප්‍රේමදාස හමුවේ නැගෙන ගැටලුව වන්නේ - ඊළගට මොකක් ද? යන්නය.

වික්‍රමසිංහ සහ ප්‍රේමදාස දෙදෙනා අතර දිවෙන මෙම සීතල යුද්ධයේ වික්‍රමසිංහ සටන් වදිමින් සිටින්නේ සුලු පරිසක් කැටිවය. නමුත් ඔහු ආරම්භයේ සිටම සිය ස්ථාවරය ආරක්ෂා කරගැනීමට සමත්විය. දෙවැනියාට සැළකිය යුතු පිරිස් බලයක් ඇතත්, කාලය සීඝ්‍රයෙන් ගෙවී යමින් තිබීම හමුවේ සිටින්නේ තීරණයක් ගතයුතුව තිබීමේ උභතෝටිකයකය.

අවසානය යටත්වීමක් වනු ඇති ද? නැතිනම් නව වටයකින් සටන් ආරම්භවීමක් වනු ඇති ද?


ද සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුව අනුග්‍රහයෙනි
පරිවර්තනය : කෝවිද ගුණසේකර

 



අදහස් (13)

රෝද හතර නැතිව වාහන ගනීද?

hasalaka Tuesday, 10 March 2020 03:50 AM

බොහෝ අයගේ පැතුම යුඑන්පි එක දෙකඩ වීම.

:       2       46

රණවක Tuesday, 10 March 2020 10:36 PM

එක්සත් ජාතික පක්ෂයේ සිටින " black magic" කණ්ඩායම පක්ෂයෙන් ඉවත්ව යාම පක්ෂයට කරනු ලැබූ ලොකුම සේවය වේ. මේවගේ ප්‍රතිපතියක් විනයක් පිළිබඳව කිසිම සැලකීමක් නොමැති පුද්ගලයන් යළිත් එක්සත් ජාතික පක්ෂයට ගන්න එපා... අලුත් තරුණ වැදගත් කණ්ඩායමක් සමග පක්ෂය ඉදිරියට ගැනීමේ හැකියාව සහ අවස්ථාව ලැබී තිබේ. මේ ලැබී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු.

:       1       26

ranjan Wednesday, 11 March 2020 11:51 PM

මහ බැංකු හොරු ටිකයි........ දේශද්‍රෝහීන් ටිකයි.........

:       1       6

truthThursday, 12 March 2020 05:25 PM

ඔබලාගේ පාලන කාලය තුළ මහ බැංකුව තුළ වූ හොරකම් පසුගිය රජය සමයේ වූ හොරකමේ මුල්‍යමය අගය වගේ 10 ගුණයක් වෙනවා කියලා අනාවරණය වෙලා තියෙද්දී ලැජ්ජා නැතිව මහ බැංකුවක් ගැන කතා කරන්න පුළුවන් තමන්ගේ අයගේ හොරකම දැක දැක කට පියාගෙන අනුන්ගේ හොරකම ගැන විතරක් කතා කරන කුහක, දෙබිඩි පොහොට්ටුවන්ට පමණයි ඔබලාගේ ලොකු අයගේ දේශප්‍රේමේ රෙද්ද පල්ලෙන් වැගිරෙන බවද මතක තබා ගන්න.

:       54       78

vinivida Thursday, 12 March 2020 12:50 AM

පසුගියදා රාත්‍රියේ හදිසියේම මට විදේශ දුරකථන ඇමතුමක් ලැබිණ. මා හෙලෝ කියමින් දුරකතනයට ඇමතු අතර අනෙක් කෙලවරින් මට කතාකළ පුද්ගලයාගේ ගැබුරු හඬකින් කියාසිටියේ ඔහු ග්‍රැහැම් බෙල් බවය. නම ඇසීමෙන් පසු මා අන්ද මන්ද විය. ග්‍රැහැම්බෙල් යනු අප හැමෝම ඉතාම හොදින් දන්නා කෙනෙකි. නමුත් ග්‍රැහැම්බෙල් කවුද කියා නොදන්න අයත් ලංකාවේ අප අතර සිටි. බෙල් දුරකතනයෙන් මට කිවේ පසුගියදා සජිත්ගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ සමගි ජනබලවේගය පක්ෂය ග්‍රැහැම් බෙල්ගේ දුරකථනය විකෘති කර ඇති බවකි. මා ඔහුට කියාසිටියේ පක්ෂය ආරම්බ කිරීමට පෙර සජිත් ඇතුළු සියලුදෙනාම එක්ව නැකත් කරුවන් කිහිපදෙනෙකුගෙන් විමසා දකුණු පය පෙරට තබා සියල්ල හොදින් සොයාබලා පක්ෂය ආරම්බ කල බවකි. රටවල් පාලනය කිරීමට පෙර, පක්ෂවලට නායකත්වය දීමට පෙර පක්ෂයේ සලකුණ පිලිබදව නිවැරදි අවබෝධයක් ලබා ගන්නා ලෙස සහ වරද නිවැරදි කරන ලෙස සජිත්ට සහ කණ්ඩායමට දන්වන මෙන් කියා නැවත දින දෙකකින් මා අමතන බවකියා බෙල් දුරකථනය විසන්දි කළේය.

:       0       20

VINIVIDASaturday, 14 March 2020 05:09 PM

සජිත්ගේ සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පළකර තිබෙන සජිත් විසින් අනුමතකරනලද "rotary phone dial" දුරකතනයේ සලකුණ නිවැරදි විය යුතුයි. එහි සඳහන් දුරකථනයේ "rotary dial " යැයි වැරදි ආකාරයට සඳහන් කර තිබීමෙන් පෙනීයන්නේ නැවත වරක් සජිත්ගේ කණ්ඩායම සජිත්ව මුලාකොට ඇති බවකි...

:       0       9

sugath Thursday, 12 March 2020 05:08 PM

ඔබ බොහෝ දෙනා කීවේ ඔබ ඇතුළු පොහොට්ටුවේ වහලුන් ගැන වෙන්න ඇති, ඒත් බොහොම කනගාටුයි ඔබේ පැතුම ඉටු නොවේ,

:       1       1

beau Friday, 13 March 2020 09:42 AM

රනිල් ගැන මහජනයා සහ පක්ෂයේ වැඩි හරියක් විශ්වාසයක් නැතිබව මිනිහට තේරෙන්නේ නැත්නම් එයාගෙන් කිසිම වැඩක් නැත. එ්කනේ බැඳුම්කර වංචාව ගැන ප්‍රශ්න අහනකොට එයා කිසිදෙයක් දන්නේ නැති බව කිව්වේ... ඔහොම කෙනෙක්ද අපි රටේ අගමැති කරන්න හදන්නේ...? මෙයාට කළමනාකරණය ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් නැත...

:       1       0

විනිවිද Friday, 13 March 2020 03:07 PM

වර්තමාන ආර්ථික උපදේශක කබ්රාල් එදා මහබැංකු අධිපතිව සිටියදී ඔහුගේ අනුදැනුම මත දූෂිත කණ්ඩායමක් පුද්ගලිකව (direct placement " මගින් වසර ගණනාවක්ම ඔවුන්ගේම වාසියට රටට සඟවා රටේ හිටපු 2005 - 2015 තුළදී මහබැංකුව විනාශ කළේය. එදා සිටි නායකයන් කිසිවක් කිව්වේ නැත. (එම නායකයින්ට කිසියම්වූ ආර්ථික දැනුමක් ඇත්තෙම නැත. වර්තමාන නැවත පත්වී ඇති නායකයන් ද එසේමය) රටේ ජනතාවගෙන් වසන් කළේය. රනිල් මුදල් හොරකම් කර නැත. ඔහුගේ නියමයෙන් රටේ ජනතාවගෙන් වසන්කොට කරගෙන ගිය දූෂිත පුද්ගලික ටෙන්ඩර් ක්‍රමය නවතා රටේ ඕනෑම කෙනෙකුට කොටස් වෙළඳපලින් කොටස් ගැනීමට අවකාශ සලසා දෙන ලදී. ලෝකයේ සම්මත ක්‍රමයද එය වේ. වේදිකාවල රනිල් මුදල් වංචාකල බව කීවද කිසිවකු රනිල් මෙපමණ මුදලක් හොර කම් කර ඇතිබව පවසා නඩු දමා නැත. වේදිකාවල ජනතාව ඇන්දවීමට බොහෝදෙනා මොන කතා කීවද ඒවායේ සත්‍යත‍ාවයක් නොමැත. ලැජ්ජා වියයුතු කරුණ නම් වර්තමාන රාජපක්ෂ පවුලේ හතරවන පරම්පාරවත් අද දේශපාලනයට පැමිණ තිබේ. රාජපක්ෂ පවුල්වල සියලු දෙනාගේ ව්‍යාපාරය දේශපාලනය වේ. නමුත් රනිල්ගේ පවුලේ කිසිවකු දේශපාලනයට හෝ රටේ මහජන මුදල් හොරකම් කර නොමැත. රනිල්ට ඡන්දය ලබාගැනීමට එයම ප්‍රමාණවත්ය.

:       24       2

Rohana Monday, 16 March 2020 05:54 AM

පක්ෂය සන්ධානය ලකුණ ආදියෙන් මොන තර්ක දැම්මත් මහජනතාව අපේක්ෂා කරනුයේ සියලුදෙනා සමගිව සන්ධානයක් ලෙස තරඟ කළොත් අඩුම වශයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂයවත් ශක්තිමත් කළහැකි බව මට නම් පෙනෙන දෙයයි. මෙහිදී දූෂිතයින් සිටියත් ඔවුන් පිළිබඳව මහ ජනතාවට තීරණය කිරීමට අවස්ථාව ලබාදිය හැකිය. එසේ නොමැතිව බෙදී තරඟ කළොත් දුර්වල විපක්ෂයක් ඇතිවිය හැකිය. ආණ්ඩු බලයක් නම් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකිය. ජනතාව මේ අවස්ථාවේ කල්පනා කරනුයේ දිනපු පැත්තට ඡන්දය ලබාදී ජනාධිපතිට හිතවත් ආණ්ඩුවක් පත්කර ගැනීමයි. එයට හේතුව ජනාධිපති එක පක්ෂයක සිට පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකට හිමිවීම අසාර්ථක පාලන ක්‍රමයක් බව ඉතිහාසයෙන්ද සනාථ කර තිබීමයි.

:       0       0

td Friday, 20 March 2020 11:29 PM

මේවනවිට ලොවපුරා සීග්‍රයෙන් පැතිරි යමින් covid-19 ලෝකයේ සියලු රටවලට පත්‍ර ගොස් ඇත. දියුණු රටවලට පවා ප්‍රබල අබියෝග මේ වනවිට එල්ල කරමින් තිබේ. . චීනයෙන් පටන් ගෙන තිබු මෙම වෛරසය යුරෝපය, ඇමෙරිකාව සහ කැනඩාව පුරා පැතිරෙමින් තිබෙනුයේ චීනයේදී හමුවූ වෛරසයට වඩා 10ස ගුණයක වැඩි සක්තියකින් බව මේවන විට සොයාගෙන ඇත. ලංකාවේ රජය මේ වනවිට මෙම වෛරසය පිලිබදව දේශපාලන සහ මිලිටරි කෝණයකින් විසදන්නට උත්සාහ දරනු පෙනේ. දැනුමක් ඇති දක්ෂ කණ්ඩායමකගේ උපදෙස් මත ක්‍රියා කොට ඔවුනට අවශ්‍ය සහයෝගය දිමවේ. මේ වනවිට ඇමෙරිකාවේ ධවල මන්දිරයේ උපජනාධිපතිවරයාගේ යටතේ සේවයකරන සේවකයකුට පවා වෛරසය වැළඳී ඇත. ලංකාවේ වගකිවයුතු දැනුම් තේරුම් තිබෙන ලෝකයසමග ගනුදෙනු කළහැකි දේශපාලකයන් සිටියත් ඔවුන් මේ අවස්ථවේ සිටිය යුත්තේ ඉතාම ප්‍රවේසමෙනි. අන් සියලුදෙනා බේරා ගැනීමට පෙර නායකයන් බේරී සිටිය යුතුවේ. මෙම වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යන නිසා ඉතාම ප්‍රවේසම් විය යුතුවේ. තමාගේ ආරක්ෂාව තමා විසින්ම සපයාගත් යුතු මොහොතකට සියලු දෙනාම පැමිණ ඇත.

:       0       0

ලියනගේ Tuesday, 24 March 2020 08:51 PM

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රශ්නය පසුවට තබමු. කෝ මේ දයා ගමගේ, දයා ගමගේ රටට සේවය කරන්න රජයේ ඇමතිවරයෙක්ම වීමට අවශ්‍ය නැත ඔබගේ තිබෙන්නා වූ ( කර්මට්න්ත ශාලා) යොදවා මුහුණු ආවරණ, වෙනත් දේවල් සකස් කර රජයේ රෝහල්වල ට බාර දෙන්න කට යුතු කරන්න. කරනවානම් මෙන්න වැඩ.

:       0       0

anura Thursday, 26 March 2020 03:10 AM

දැන් මේ කතා එක්ස්පයර්ඩ්. මේවා අයින් කරලා වෙන නිව්ස් එකකට පත්තරේ ඉඩ කඩ හදාගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 74 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1419 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 660 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 208 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4665 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12995 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38546 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25368 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 273 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 924 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site