IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


රනිල් - මෝදි ලංකාව කොතැනටද?

නරේන්ද්‍ර මෝදි මහතා තුන්වැනි වරටත් ඉන්දියාවේ අගමැති ධුරයට පත්වීම මුළු ලෝකයේම විශේෂ අවධානය දිනා ගැනීමට හේතු වූ සුවිශේෂ සිද්ධියක් විය. ඉන්දියාව සහ චීනය අද ලොව ආර්ථික ගමන් මග වෙනස් කරන රටවල් බවට පත්ව තිබේ. ලෝක ආර්ථිකය හසුරුවන බලවතුන් බවට බටහිර රටවල් පත්ව තිබූ යුගය අවසන් කරමින් එම රටවල් දෙක අද ලෝක ආර්ථිකය තුළ වේගයෙන් වර්ධනය වෙමින් සහ ක්‍රමයෙන් ලොව ප්‍රධාන ආර්ථික බලවතුන් අතරට එක්වෙමින් පවතී.

ලෝක ජනගහනය අනුව ලොව වැඩිම ජන සංඛ්‍යාවක් සිටින රටවල් අතර පළමුවැනි සහ දෙවැනි ස්ථාන හිමිකර ගන්නා ඉන්දියාව සහ චීනය ලොව නැගී එන ප්‍රධාන ආර්ථික බවට පත්වෙද්දී එම රටවල බිහිවන ලොව විශාලතම වෙළෙඳපොළ අනාගත ලෝක ආර්ථික දිශානතිය තීරණය කරනු ඇත. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ පාලකයා බවට පත්වන ආකාරය පිළිබඳව මුළු ලෝකයේම අවධානය යොමුව තිබුණේ ඒ නිසාය.

ඔහු තෙවැනි වරටත් ඉන්දියානු අගමැතිවරයා ලෙස 9 වැනිදා දිවුරුම් දුන් අතර ශ්‍රී ලංකාවාසීන්ට එය වැදගත් වුයේ ආසන්නතම අසල්වැසි රටේ සිදුවන දේශපාලන පෙරළි අපේ රටේ ජනතාවගේ ජීවිත කෙරෙහි ද යම් බලපෑමක් ඇති කරන බැවිනි. ඒ අතරම මෝදි දිවුරුම් දෙද්දී ඔහුගේ ප්‍රධාන ආරාධිත රාජ්‍ය නායකයකු ලෙස ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව සිටීම බොහෝ දෙනකුගේ විශ්මයට මෙන්ම බොහෝ දෙනකුගේ අභිමානයට ද හේතු වුයේ යැයි සිතමි. මුළු ලොවම අවධානය යොමුව ඇති විශේෂ අවස්ථාවක එහි ප්‍රධාන භුමිකාව හිමි පුද්ගලයා අසලින්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට ඉඩකඩ වෙන් කිරීම ඉන්දියාව එම සුවිශේෂි මොහොතේ තම අසල්වැසි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නායකයාට පිරිනැමුවා වූ ඉහළම උපහාරය විය.

නරේන්ද්‍ර මෝදිගේ විශේෂ අමුත්තකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා එසේ සැලකුම් ලබද්දී, එම උත්සවය ලොවපුරා ජනමාධ්‍ය විසින් විකාශය කරනු ලැබූ විට ශ්‍රී ලාංකික ජනතාවට නම් තවත් සිදුවීමක් මතකයට නැගෙන්නට ඇත. ඒ මේ වසරේ පෙබරවාරි 05 වැනිදා සිදු කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයයි. ඉන්දීය රජය විසින් එරට සංචාරයක් සඳහා අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබුණි. එම පක්ෂයට හිතැති සමාජ මාධ්‍ය විසින්  එය ඔවුන්ගේ දේශපාලනයේ අති ශ්‍රෙ ්ෂ්ඨතම අවස්ථාව බවට පත්කර ගත්තේය. ඔවුන් ඒවා වාර්තාකර තිබුණේ ඉන්දියානු රජය විසින් මීළඟ ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ලෙස අනුර කුමාර මහතා පිළිගෙන ඇති බවත්, ඒ නිසා විශේෂිත රාජ්‍ය ආරාධිතයකු ලෙස ඔහුට ආරාධනා කර ඇති බවත් ය.

එම අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුට පැන නැගුණු ප්‍රශ්නයක් පිළිබඳව මෙම තීරුවේ කරුණු මතුකර සිටියෙමු.  ජනතා විමුක්ති පෙරමුණ තම සාමාජිකයන් දැනුවත් කිරීම සඳහා පන්ති පහක වැඩසටහනක් එම පක්ෂය ආරම්භයේ සිටම පවත්වාගෙන ගියේය. එම පන්ති පහෙන් එකක් වූයේ ඉන්දියානු ව්‍යාප්තවාදයයි. ඉන්දියාව ශ්‍රී ලංකාව වැනි රටවල් ආක්‍රමණය කිරීම සඳහා සැලසුම් සහගත ව්‍යාප්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටින බව එම වැඩසටහන ඔස්සේ පෙන්වා දී තිබුණි. එම පන්තිය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ගේ ඔළුවට දැමූ ඉන්දියානු විරෝධී මත හේතුවෙන් මෙරටේ දහස් සංඛ්‍යාත තරුණ පිරිසකගේ ජීවිත බිළිඳුන් ආකාරය ද එහිදී පැහැදිලි කළෙමු. එහෙත් ඒ සියල්ල අභිබවා ජනතා විමුක්ති පෙරමුණට ලැදි සමාජ මාධ්‍යවලට අවශ්‍ය වූයේ අනුර කුමාර මහතා මීළඟ ජනාධිපතිවරණයෙන් පසු රටේ ජනාධිපති වන බව දැනගෙන ඉන්දියාව එරටට ආරාධනා කර ඇති බව උලු‍ප්පා දැක්වීමට ය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ මෙම සංචාරයේදී එතෙක් එම පක්ෂයේ විවේචනයට බඳුන්ව තිබු සමහර මහා පරිමාණ ව්‍යාපාර ආදිය නිරීක්ෂණය සඳහා යන ආකාරයත්, “අමුල්” වැනි ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ආයතන තමන් යටතට ගැනීමට උත්සාහ කරන බවට චෝදනා නැගූ ආයතනවලට පිවිසෙන ආකාරයත් දැකගත හැකිවිය. එම නියෝජිත පිරිසෙන් ප්‍රකාශ වූ “සෘජුව නොපවරා ප්‍රසම්පාදන ක්‍රමවේද යටතේ පවරනවා නම් විරුද්ධ නැතැයි” වැනි ප්‍රකාශ ද බොහෝ දෙනකුගේ අවධානයට යොමුවිය. ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව පැවතියේ පැරණි මතයක් බවද දැන් එවැන්නක් නැතැයි ද එම පෙරමුණේ නායකයන්ගෙන් ප්‍රකාශ විය.

ඉන්දියානු ආරාධනය අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වන බව දැනගෙන කළ ආරාධනයක් ලෙස හුවා දැක්වීමට කළ උත්සාහය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කෙරෙහි ඇතිකළ බලපෑම පිළිබඳව අධ්‍යනයක් කිරීම එම පෙරමුණේ වර්ධනය සහ බිඳ වැටීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා එම පක්ෂ නායකයන්ට බෙහෙවින් ආධාරවනු ඇතැයි සිතමි. එක්තරා අවස්ථාවකදී රටේ තරුණ පරපුරට ආකර්ශනයක් වීමට එයට හැකිව තිබුණ ද “රැල්ල” ලෙස හැඳින් වූ එම ගමනට තිත තැබුණේ ඉන්දියානු ගමන හේතුවෙන් ද යන්න පිළිබඳව එවිට ඔවුන්ට වැටහීමක් ලැබෙනු ඇත.

ඉන්දියාව එම රටේ ඉතිහාසය තුළ නව රාජ්‍ය නායකයකු පත්වන අතිශය වැදගත් අවස්ථාව සඳහා ආසියාවේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන ආරාධිතයකු බවට පත්කරගෙන රටවල් දෙක අතර පවත්නා සම්බන්ධය යළිත් තහවුරු කළේය. වික්‍රමසිංහ මහතා තවමත් තම ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කර නැත. ඔහුට මේ අවස්ථාවේ වැදගත් වී ඇත්තේ තම දේශපාලනය නොව රටේ ආර්ථිකය පිළිබඳව බව පෙනේ. අද දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන එම අරමුදලේ ණය සමාලෝචන වැඩසටහනට ඔහු ප්‍රමුඛතාව ලබාදී ඇත. රටට වැඩි වශයෙන්ම ණය ලබාදී ඇති රටක් වන ඉන්දියාවේ සහාය එම කටයුතුවලදී ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වේ.

ශ්‍රී ලංකාව සහ අයි.එම්.එෆ් අතර ණය ගිවිසුමේ දෙවැනි සමාලෝචන රැස්වීම අද (ජුනි 12) ආරම්භ වේ. එම අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් (Julie kozak ) ගිය සිකුරාදා (ජුනි 07) මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව මෙම ණය වැඩසටහන සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය ඉතා විශිෂ්ට බවත් දෙවැනි විමර්ශනය සඳහා නිමකළ යුතු ප්‍රමාණාත්මක සහ ව්‍යුහාත්මක කාර්යයන් බොහොමයක් සම්පූර්ණ කර ඇති බවත් සමහර ඒවා සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇති වුවද ඒවා සම්පූර්ණ කර ඇති බවත් ය. සමහර අංශ සම්බන්ධ ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවත්නා බව ද ඇය ප්‍රකාශ කළාය.

ඇය තවදුරටත් ප්‍රකාශ කළේ ණය ප්‍රතිව්‍යුහකරණය පිළිබඳව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවය. මෙම වැඩසටහනේ ඉතා විශිෂ්ට ප්‍රතිඵල වන්නේ ශ්‍රී ලංකාව උද්ධමනය විශාල ලෙස අඩුකර ගැනීම, සංචිත වැඩිකර ගැනීම, ආර්ථික වර්ධනයක් ඇතිකර ගැනීමේ මූලික අවස්ථාව සනිටුහන් කිරීම සහ මූල්‍ය ක්‍රමයේ ස්ථාවරත්වය තහවුරු කිරීම යැයි ද ඇය ප්‍රකාශ කළාය.

ද්විපාර්ශ්වීය ණයකරුවන් සමග සාකච්ඡාවලදී අවසන් එකඟතාවලට පැමිණ ඇති බව ද වාණිජ ණය හිමියන් සමග සාකච්ඡාවලදී විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ද ඇය ප්‍රකාශ කළාය. අයි.එම්.එෆ් සමග ණය සමාලෝචන සාකච්ඡා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන එක්තරා ආයතනයක් ශ්‍රී ලංකාව ණය කොන්දේසි ඉටුකර ඇති ආකාරය පිළිබඳව වාර්තාවක් ජනමාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර ඇති බව පෙනේ. ණය සමාලෝචනය පැවැත්වෙන සෑම අවස්ථාවකදීම මේ ආකාරයේ වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම මගින් බලාපොරොත්තු වන අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැත. එසේ වුවද අයි.එම්.එෆ් සමග ඇති කරගෙන තිබෙන එකඟතා ශ්‍රී ලංකා රජය විසින් සාර්ථකව ඉටුකර නැතැයි හුවා දැක්වීම එම ආයතනයේ මූලික අරමුණ වන බව ද පෙනී යයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ආකාරයට ගිවිසුමක් අත්සන් කර ඇත්තේ ශ්‍රී ලංකාව සමග පමණක් නොවේ. ණය ලබාදී ඇත්තේ ද ශ්‍රී ලංකාවට පමණක් නොවේ. එම අරමුදල ස්ථාපිත කරන ලද්දේ 1944 වසරේ  දී වන අතර, එදා සිට අද දක්වා එහි සාමාජික රටවලට විශාල ලෙස  ණය ලබාදී ඇත. ඇතිකර ගන්නා කොන්දේසි ක්‍රියාත්මක කිරීම පිළිබඳව කොතෙකුත් ප්‍රමාදවීම් ඇතිවේ. එය අසාමාන්‍ය තත්වයක් නොවන අතර ඉහත කී ආයතනය මෙවැනි වාර්තා නිකුත් කිරීම මගින් පෙන්වීමට උත්සාහ කරන්නේ එය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂ තත්වයක් බව ප්‍රකාශ කිරීමටය.

එසේ වුවද ජුලී කොසැක්ගේ ඉහත කී ප්‍රකාශයෙන්  පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ණය කොන්දේසි ඉටුකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ආර්ථික ස්ථාවරත්වය ගොඩනැගීමට රජයට හැකිවි ඇති බවත් රටේ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා සමාරම්භයක් සපයා ඇති බවත් ය. රටේ ඇතිව තිබෙන ආර්ථික ප්‍රගතිය ඉවසාගත නොහැකිව විකෘති කරන ලද වාර්තා ඉදිරිපත් කරන ආයතනවලට ජුලී කොසැක් විසින් කදිම පිළිතුරක් ලබාදී ඇත. එය හොඳින් කියවා බලා මින් පසුවවත් එවැනි නිශ්ප්‍රයෝජන කාර්යයන් හි නියැළීමෙන් වැළකීමට එවැනි ආයතන පාඩම් ඉගෙනගත යුතුව ඇත.

ශ්‍රී ලංකාවට තම ආර්ථික ගමන් මග නිවැරදි කරගෙන රට ස්ථාවර තත්වයකට ගෙන ඒමේදී එවැනි ආයතන වලින් පමණක් නොව රට තුළ ඒ ආකාරයටම විකෘති කරන ලද මත පතුරුවන දේශපාලන පක්ෂ වලින් ද  ආර්ථික විද්‍යාඥයන් ලෙස පෙනී සිටිමින් එවැනි මත ඉදිරිපත් කරන පුද්ගලයන්ගෙන් ද බේරී සිටීමට සිදුවනු ඇත. එවැනි ආයතන සහ පුද්ගලයන්ගේ ද්වේශ සහගත හැසිරීම මත්තේ වුවද රට නිවැරැදි මාවතක ගමන් කරවන බව ජුලී කොසැක්ගේ ප්‍රකාශයෙන්  තහවුරු වේ.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (2)

රනිල් - මෝදි ලංකාව කොතැනටද?

රසූල් වික්‍රමනායක Wednesday, 12 June 2024 11:52 PM

අපේ රට දියුණු කර ගන්න නම් ඉන්දියාව කියන මහා වෙළෙඳපොළේ පොඩි කොටසක් ඇති. දැන්වත් මේ ටික තේරුම් අරගෙන වැඩ කෙරුවොත් අපේ රටට යම් අනාගතයක් තියේවි.

:       0       3

සදුන් බස්නායක Thursday, 13 June 2024 12:03 AM

ගිය නුවණ ඇතුන් ලවා ම ඇද්ද විය යුතුයි. මේ විදියට බලද්දී මේ දේශපාලන ප්‍රචාරක කියමන යථාර්ථයක් වෙන්නත් පුලුවන්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1207 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 1374 3

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 389 3

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 663 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 137 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 735 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 596 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1045 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site