IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ලැරී කිං වුණාට කොරෝනාට පරදී

පනස් දහසකට වැඩි සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් මෙන් ලොව පුරා කීර්තිමත් වූ එක්සත් ජනපදයේ මාධ්‍ය දැවැන්තයා හෙවත් ලැරී කිං ඉකුත් 23 වැනිදා ලොස් ඇන්ජලීස් නුවර රෝහලකදී සිය  දිවිසැරිය නිම කළේ කොරෝනා මාරයා මාර පරාජය කළ නොහැකි වීම නිසාය.

ඉකුත් දෙසැම්බර් මාසයේදී  ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හි පිහිටි රෝහලකට ඔහුව ඇතුළත් කළ අතර එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් තහවුරු වී තිබුණේ ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවය.

ලොස් ඇන්ජලීස් හි සීඩාර්ස්-සීනයි වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ජීවීතක්ෂයට පත් ලැරී කිං දියවැඩියාව, හෘද මෙන්ම පෙණහළු පිළිකා යන රෝග හේතුවෙන් වසර ගණනාවක සිට වෛද්‍ය ප්‍රතිකාර ගත් අයෙක් වන අතර , කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් මාසයකට ආසන්න කාලයක්  එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මිය යන විට 87වැනි වියෙහි පසුවූ ඔහු සිය මාධ්‍ය ජීවිත කාලය පුරා 50,000 අධික ඉහළ පෙළේ පාර්ශව, ජනාධිපතිවරුන් ලෝක නායකයින් රැසක් සමඟ සම්මුඛ සාකච්ඡා සිදු කර ඇත.

ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශනයේ දශක පහකට වැඩි කාලයක් පුරා සේවය කරනු ලැබු ඔහු සිය පළමු ගුවන්විදුලි විකාශනය වැඩසටහන 1957 වසරේදී ආරම්භ කරන විට දී 22 හැවිරිදි වියේ පසුවිය.

ජනප්‍රිය ගුවන් විදුලි හා රූපවාහිනී විචාරක ලැරී කිං ලෝරන්ස් හාවි සීගර් හීදී 1933 දී උපත ලැබීය. ඔහු 1957 දී ෆ්ලොරිඩාවේ මයාමි බීච් හි ගුවන්විදුලි මධ්‍යස්ථානයක disc-jockey presso ලෙස සේවය කරමින් ජන මාධ්‍යයට පිවිසියේය. ඔහුගේ කළමනාකරුගේ උපදෙස් පරිදි ඔහු තම වාසගම කිං ලෙස වෙනස් කළේ මේ කාලයේදී ය. ඔහු 1978 දී පාපන්දු විචාරකයෙකු බවට පත් වූ නමුත් සාර්ථකත්වය ලැබුනේ 1985 දී ‘ලැරී කිං ලයිව්’ උපත ලැබීමත් සමඟය. එය වසර 25 ක් පුරා අමෙරිකාවේ සහ සී.එන්.එන් හි විකාශය විය.

කිං සිය වෘත්තීය කාලය තුළ සම්මුඛ සාකච්ඡා 50,000 කට අධික ප්‍රමාණයක් කර ඇත. විශාල කණ්නාඩි සඳහා ප්‍රසිද්ධ වූ ඔහු 1974 සිට සියලුම එක්සත් ජනපද ජනාධිපතිවරුන් සම්මුඛ සාකච්ඡා කිරීමෙන් පසු 2010 දී විශ්‍රාම ගියේය.

ඒවගේම ලැරී කිං ලෝක නායකයන් වන යසර් අරෆත් සහ ව්ලැඩිමීර් පුටින්, ෆ්‍රෑන්ක් සිනාත්‍රා, මාලන් බ්‍රැන්ඩෝ සහ බාබ්‍රා ස්ට්‍රයිසැන්ඩ් වද පසුව ඔහු තමාගේම වෙබ් අඩවියක් සඳහා සම්මුඛ සාකච්ඡා කිරීමට ගිය අතර 2012 දී ඔරා ටීවී හි “ලැරී කිං නව්” සත්කාරකත්වය සැපයීම ආරම්භ කළේය.

ලැරී කිං අට වතාවක් විවාහ වූ අතර 1992 සිට 1995 දක්වා ඇමති රාම ෆොක්ස් සමඟ විවාහ ගිවිසගෙන සිටියේය. ඔහුට දරුවන් පස්දෙනෙකු සිටි අතර ඔවුන්ගෙන් 2020 දී ඇන්ඩි සහ චියා පිළිවෙලින් හෘදයාබාධ හා පෙනහළු පිළිකාවක් හේතුවෙන් මිය ගියහ. සීඩාර්ස් සීනයි වෛද්‍ය මධ්‍යස්ථානයේ කොවිඩ්ගේ දැඩි සෞඛ්‍ය ක්‍රියාමාර්ග හේතුවෙන් අනෙක් දරුවන්ට රෝහල් ගතව සිටියදී ඔහුව බැලීමට නොහැකි විය.

දේශපාලන නායකයින් සහ ප්‍රසිද්ධ පුද්ගලයින් සම්මුඛ සාකච්ඡා කිරීම සඳහා ලොව පුරා කීර්තියක් අත්කර ගත් එක්සත් ජනපදයේ මාධ්‍යහ් දැවැන්තයා වන ලැරී කිං වසර 63 ක් පුරා ගුවන්විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් මාධ්‍ය වේදිකා හරහා ලැරීගේ දහස් සංඛ්‍යාත සම්මුඛ සාකච්ඡා සිදු කරනු ලැබූ අතර ඔහු ලැබූ සම්මාන සහ ගෝලීය ප්‍රසාදය ගුවන් විදුලි විකාශකයෙකු ලෙස ඔහුගේ සුවිශේෂී හා කල් පවත්නා දක්ෂතාවයට සාක්ෂි සපයයි.

කිං ජෙරල්ඩ් ෆෝඩ්ගේ සිට බැරක් ඔබාමා දක්වා සෑම එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු සමඟම සම්මුඛ සාකච්ඡා පැවැත්වීය. ඔහුගේ අනෙකුත් ඉහළ පෙළේ අමුත්තන් අතර ආචාර්ය මාටින් ලූතර් කිං, දලයි ලාමා, නෙල්සන් මැන්ඩෙලා සහ ලේඩි ගගා ද ඇතුළත් විය.

ලැරී කිං ගේ පවුලේ ඥාතීන් ප්‍රකාශකර ඇත්තේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවය.

 

ගාඩියන් ඇසුරෙනි......

125



අදහස් (3)

ලැරී කිං වුණාට කොරෝනාට පරදී

Bamunuarachchi Sunday, 24 January 2021 12:18 PM

මම දුටු ප්‍රශංසනීය නිවේදකයා... ඔබට ස්වර්ගය අත්වේවා...!!! 

:       1       2

nm Sunday, 24 January 2021 02:07 PM

සී.එන්.එන් සේවයේ ලැරී කිං වැඩසටහන 1985 සිට 2010 දක්වා ඔහු කළ මාධ්‍ය මෙහෙවර කිසිවකුට කළ නොහැකිය. ලැරී කිං නමැති බලවත් අපක්ෂපාති ලෝකයේම ජනාදරයට පත් මාධ්‍ය යෝධයා නික්මිමෙන් ඇතිවූ හිදැස ඇමෙරිකාවට පවා පිරවිය නොහැක. ඔහුට සමකල හැකි කිසිවකු ද නොමැත.

:       0       2

සෙනරත් Tuesday, 26 January 2021 07:33 PM

ලංකාවේ කෙනෙක් යවමු හිඩැස පුරවන්න...

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 33 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1243 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 586 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 189 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4553 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12913 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38450 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25330 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 269 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 903 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site