IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ලෙස්ටර් ජේම්ස් පීරිස් රිදී තිරයට ගෙනා “ගම්පෙරළිය” බට්ට්‍රම් නිහාල් පුංචි තිරයට ගෙනා හැටි

24-p-2-rasa-10     

ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, මොරින් චාරුනී හා චාන්දනී සෙනෙවිරත්න “ගම්පෙරළිය” තවත් රූපරාමුවක

 

 

මෙරට ටෙලි නාට්‍ය ඉතිහාසය තුළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ඉහළින්ම දිනා ගත් ටෙලිනාට්‍ය පිළිබඳව කෙරෙන මේ විමසුමට හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගම්පෙරළිය” කෘතිය ඇසුරින් බට්ට්‍රම් නිහාල් අධ්‍යක්ෂණය කළ “ගම්පෙරළිය” ටෙලිනාට්‍ය එකතු කර ගන්නේ ඉතා දිගු නොවූ මෙරට ටෙලි නාට්‍ය කලාව පිළිබඳ වෙනස් කියවීමක් ගොඩනැගීමටය. මේ “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ නිර්මාණ මෙහෙයුම ගැන බට්ට්‍රම් නිහාල් කරන මතකාවර්ජනයයි. 


මම “ගම්පෙරළිය” පොත කියෙව්වෙ මුලින්ම ඉස්කෝලෙ හතේ අටේ පංතිවල ඉන්නකොට. මුලින්ම කියවනකොට ඇත්තටම ඒකෙ තිබුණු ගැඹුර අහුවුණේ නෑ. ආසාවට කියෙව්වා. ගුරුවරු යම් යම් දේ අපට “ගම්පෙරළිය” ගැන කියලා දුන්නා. මේක අපේ රටේ ලියවුණු විශේෂිත කෘතියක් කියන අදහස තිබුණා. ඒක නිසා තමයි ඒ ගැන අවධානය යොමු වෙන්නෙම. අපිත් ගමේ හැදුණු වැඩුණු ළමයි විදියට “ගම්පෙරළිය” පොත කියවද්දි ගොඩක් සමීප බවක් දැනුණා. “ගම්පෙරළියෙ” කියවුණේ කොග්ගල ගැන වුණාට ඒක තම තමන්ගෙ ගම කියලා ගමත් එක්ක ජීවත්වුණු පාඨකයින්ට දැනුණා.

24-p-2-rasa-8

වසන්ත-මොරින් පියල් හා නන්දා ලෙසින් ගම්පෙරළියේ...


“ගම්පෙරළිය” චිත්‍රපටිය බලන්න හම්බවුණේ අපි පාසලේ ඉහළ පංතිවල ඉන්නකොට. මට මතකයි “ගම්පෙරළිය” විශේෂ දර්ශනයක් පෙන්නපු වෙලාවක මාරිස්ටෙලා විද්‍යාලයේ හොස්ටල් එකේ ඉඳපු අපි ඒක බලන්න එක්ක ගියා. ඒ වෙලාවෙ තමයි මම “ගම්පෙරළිය” චිත්‍රපටිය පළමු වතාවට බැලුවෙ. ඒක විශේෂ අත්දැකීමක් වුණා අපිට. ටිකෙන් ටික සාහිත්‍ය කලාව පැත්තට නැඹුරු වෙද්දි තමයි මේ දේවල්වල තියෙන අපූර්වත්වය අපට අහුවෙන්න ගත්තේ.
රූපවාහිනියේ ආරම්භයත් සමඟ වරක් මුල්ම නිෂ්පාදන කණ්ඩායමට එකතුවෙලා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ දෘශ්‍ය මාධ්‍ය ගැන අපි නොයෙකුත් පැතිවලින් හිතන්න ගත්තා. “ගම්පෙරළිය” නවකතාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුණු පොතක්නේ. ඒක නිසාම මම එවකට රූපවාහිනියේ අධ්‍යාපන අංශය භාරව කටයුතු කරපු ඉන්ද්‍රාණි ගුණරත්න මහත්මියගෙන් සැරයක් ඇහුව “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට නැගුවොත් කොහොමද කියලා. ඒ යෝජනාව එතුමිය හිස්මුදුණින් පිළිගත්තා. ඒ වෙලාවෙම එතුමිය මාවත් එක්ක ගියා එවකට නාට්‍ය අංශ ප්‍රධානියා විදියට කටයුතු කරපු ධම්ම ජාගොඩ ළඟට. ගිහින් ධම්ම ජාගොඩට මම කරපු යෝජනාව ගැන කිව්වා. කියපු ගමන්ම ධම්ම ජාගොඩත් මේ යෝජනාවට කැමති වුණා. ධම්ම කිව්වා “මේක ටිකක් බැරෑරුම් වැඩක්. හැබැයි බට්ට්‍රම් ඒක හරියට කරයි කියලා විශ්වාසයි.” කියලා. ඒ වෙලාවෙ ධම්ම ජාගොඩ මේ යෝජනාවට අකමැති වුණානම් මේක නොකෙරෙන්න තිබුණා. ධම්ම ජාගොඩ කියන්නේ ඕනෑ කෙනෙකුගේ දක්ෂතාවක් ඉවෙන් වගේ අඳුනගත්තු කෙනෙක්. විශේෂයෙන්ම තරුණයින් ගැන ලොකු විශ්වාසයක් ධම්මට තිබුණා. “ගම්පෙරළිය” කරන්න පටන් ගන්නකොට මට අවුරුදු විසිහයයි. “ගම්පෙරළිය” ටෙලි නාට්‍යයක් කරන්න පටන් ගැනීම මගේ ජීවිතේ ගත්තු ලොකුම අභියෝගයක්.

24-p-2-rasa-7

බර්ට්‍රම් නිහාල් “ගම්පෙරළිය” රූගත කිරීමේදී...

 


අපි “ගම්පෙරළිය” කරන්න තීරණය කරලා වික්‍රමසිංහ පවුලෙ උදවිය එක්ක සාකච්ඡා කළා. ඒ අය ඉතාම හොඳ අනුග්‍රහයක් අපට දැක්වුවා. විශේෂයෙන්ම වික්‍රමසිංහ දියණිය රූපා සපරමාදු මහත්මිය මේකට ගොඩක් කැමති වුණා. ඒ වගේම වික්‍රමසිංහ පුතුන්වන එස්.කේ. වික්‍රමසිංහත් රංග වික්‍රමසිංහත් මේකට ඉතා හොඳ ප්‍රතිචාරයක් තමයි දැක්වුවෙ.


“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය තිර රචනය ලියවෙද්දි තමයි මට මේ කතාව පිළිබඳ ගැඹුර වැඩි වැඩියෙන්ම දැනෙන්න පටන් ගත්තේ. මේ තිර රචනය ලිව්වෙ තිස්ස අබේසේකර. තිස්ස මට හැම දෙයක්ම ඉතාම පැහැදිලි ලෙස විග්‍රහ කළා. මම මුලින් හිතුවෙ සීමිත පසුතල කීපයක මේ ටෙලිනාට්‍ය රූගත කිරීම් කරන්න පුළුවන්වෙයි කියලා. ඒත් තිස්ස අබේසේකරගෙ තිර රචනයේ තිබුණේ දැවැන්ත දර්ශන තල. තිස්ස තමයි මට මේ වැඬේ තියෙන බරපතළකම කියා දුන්නේ. තිස්ස තිර රචනය ලියලා දර්ශනයෙන් දර්ශනය මට තේරුම් කරලා දුන්නා. අපි තිර රචනය සාකච්ඡා කළා දවස් කීපයක්. තිස්ස තමයි මේ වැඬේ පිටිපස්සේ ඉඳපු යෝධ සෙවනැල්ල. තිස්ස තිරරචනයෙන් කළ යුතුයි කියලා කියපු කිසිම කාරණයක් මම අමාරුයි කියල අත ඇරියේ නෑ. තිස්සගෙ බරපතළ තිර රචනයේ හැම අභියෝගයක්ම මම භාරගත්තා. ලොකු කාල පරාසයක් අහුවෙන තිරරචනයක් මේක. ඒකට සරිලන විදියට පසුතල නිර්මාණය කිරීම ලේසි පහසු වැඩක් නෙවෙයි. තිස්ස තිර රචනයේදී චිත්ත රූප මැවෙන ආකාරයට ඒක ලියලා තිබුණා. අවසන් තිර රචනය කියවලා බැලුවම මට හිතුණා මේක මගේ ජීවිතයේ කඩ ඉමක් කියලා. තිස්ස මේ ටෙලි නාට්‍ය තිර රචනය ලියන්න ඔහු ඇසුරු කළ සිනමාවේ අභාසය ලබා ගත්තා. මං හිතන්නෙ තිස්ස ලියපු ඉතා විශිෂ්ට ටෙලි නාට්‍ය තිර රචනය “ගම්පෙරළිය” කියලා.


මේ කතාව ටෙලි නාට්‍යයක් කරනවට ප්‍රසාදය පළ කරපු විශේෂ පුද්ගලයෙක් තමයි ලෙස්ටර් ජේම්ස් පීරිස්. ධම්ම ජාගොඩයි ඉන්ද්‍රානි ගුණරත්නයි මමයි ගිහින් ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මේ ගැන කිව්වම එතුමා බොහොම සතුටු වුණා. මේ විදියට ප්‍රතිනිර්මාණය කරපු චිත්‍රපටි සහ “ටෙලි සීරිස්” ගැන ලෙස්ටර් මහත්තයා ලොකු විස්තරයකුත් කළා. ඒකත් අපිට ලොකු ආශිර්වාදයක් වුණා.

24-p-2-rasa-1

ජයලත් මනෝරත්න - මොරින් චාරුනී ගම්පෙරළියේ අතිනත ගනිමින්

 


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ කැමරාකරණ කටයුත්ත කළේ අපේ රටේ ඉන්න විශිෂ්ට කැමරා අධ්‍යක්ෂවරයෙක් වන එම්.ඩී. මහින්දපාල. ටෙලිවිෂන් තාක්ෂණය ඒ තරම් නොදියුණු කාලෙක අපි අලුත් අත්හදාබැලීම්වලටත් ගියා මේ එක්කම. අලුත් වර්ණ සංයෝජනයක් අපි මේකෙදි අත්හදා බැලුවා. ඒවා ගොඩක් අයගෙ අවධානයට ලක් වුණාද කියන එක නම් ප්‍රශ්නයක්. ඒත් ඒ කාලේ හැටියට ඒවා අලුත් දේවල්.


“ගම්පෙරළිය” ටෙලිනාට්‍ය කරන්න සූදානම් වෙද්දි මේකෙ “කාස්ටින්” පැත්ත ගැන ගොඩක් හිතුවා. ඒ කියන්නේ කවුද මේ චරිතවලට තෝරගන්න නළු නිළියො කියලා. මේ ගැන තිස්ස අබේසේකරයි මමයි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අපි ගොඩක් අය මේ සඳහා යෝජනා කරලා බැලුවා. අපි තෝරාගත්තු ඇතැම් අය මුලදී කැමතිවෙලා චරිතය ගැන කිව්වම අකමැතිත් වුණා. ඒ අයටම චකිතයක් ඇති වෙන්න ඇති මේ වගේ චරිතයක් කරන්න පුළුවන්ද කියලා. අපි හැම දේටම විකල්ප තියාගෙන තමයි වැඩ කළේ. තිස්ස තමයි ඒ උපදෙස මට දුන්නේ. ඒත් අපි ප්‍රධාන චරිතවලට තෝරපු නළු නිළියො බොහෝ දෙනෙක් හරියටම හරි ගියා කියලා හිතනවා. වසන්ත කොටුවැල්ල, මොරින් චාරුනී, ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ, චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනී, සෝමලතා සුබසිංහ ඇතුළු නළු නිළි කැලක් මේකට එකතු වුණා. ප්‍රවීණ නළු නිළියෝ රැසක් මෙහෙයවන්න ලැබීම මටත් විශාල අත්දැකීමක්. මොකද මේක මගෙ දෙවෙනි ටෙලිනාට්‍යය. මීට කලින් මම “සුබප්‍රාර්ථනා” කියන ටෙලි නාට්‍යය විතරයි කරලා තිබුණේ.

24-p-2-rasa-4

ජෝ අබේවික්‍රම, දයා අල්විස් හා නීල් අලස් ගම්පෙරළියේ කතාබහක...

 


අපි මේ රූගත කිරීම් සඳහා ප්‍රදේශ කීපයක් තෝරාගත්තා. ප්‍රධාන වශයෙන් ගාල්ල තමයි ගත්තේ. ගාල්ලෙත් තැන් කීපයක අපි රූගත කිරීම් කළා. කොළඹ කොටුව පරිසරය හැදුවෙත් ගාලු නගරයේමයි. මේ පසුතල නිර්මාණයත් ටිකක් අමාරු වැඩක්. ගාලු ටවුන් එකට අමතරව බළපිටිය, ඉමදූව, වැලිගම, තණමල්විල, වාරියපොළ, මාකඳුර වගේම කොළඹත් රූගත කිරීම් කළා. අපි දවස් 90කට තමයි රූප ගතකිරීම් සැලසුම් කළේ. ඒත් මේක ඉවර කරන්න මාස හයක් විතර අපිට ගතවුණා. 


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයේ කලා අධ්‍යක්ෂවරයාගේ කාර්යය ගැනත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ. සුනිල් විජේරත්න කියන අත්දැකීම් බහුල කලා අධ්‍යක්ෂවරයා තමයි මේකෙ කලා අධ්‍යක්ෂණය කළේ. එයාගේ කරට මේකෙ වැඩි බරක් වැටුණා. එයා හැමතැනම දුව ඇවිදලා මේකට මහන්සි වුණා. මේකට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, පසුතල භාණ්ඩ එහෙම හොයන්න සුනිල් කලින්ම පටන් අරගෙන තිබුණා. ඒ කිසිදේකින් අඩුවක් තිබ්බෙ නෑ. ඒ සහයෝගය නැත්නම් මේ නාට්‍යය මේ තරම් ඉක්මනට සහ හොඳට කරගන්න ලැබෙන්නෙ නෑ.


මේ ටෙලිනාට්‍ය කළේ ජාතික රූපවාහිනියෙ නිෂ්පාදනයක් විදියට. ඒක නිසා රූපවාහිනී කාර්ය මණ්ඩලයත් මේකට ලොකු උනන්දුවක් දැක්වුවා. අපිත් එක්ක වැඩ කරපු සියලුමදෙනා තමන්ගෙම වැඩක් වගේ හිතලා තමයි මේකට කැප වුණේ. මොකද මේක දුෂ්කර රූපගත කිරීමක්. ගොඩක් මහන්සි වෙන්න වුණා හැමෝටම. අද ටෙලිනාට්‍ය කරන හැටි දැක්කම හිතෙනවා අපි ඒ කාලේ කොහොමද වැඩ කළේ කියලා. 


“ගම්පෙරළිය”ට එකතු වුණු නළු නිළියො පිරිසගෙන් ලැබුණු සහයෝගයත් සුවිශේෂයි. ඒ අයත් තම තමන්ට ලැබුණු චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. පියල්ගෙ චරිතය රඟපාපු වසන්ත කොටුවැල්ලගෙන් ඊට කලින් කවුරුවත් හරියට වැඩක් අරගෙන තිබුණෙ නෑ. මොරින් චාරුනී නන්දාගෙ චරිතය ගැන විශාල වශයෙන් හොයලා කරුණු ඉගෙන ගෙන තමයි ඒකට ආවේ. මට ඕනෑ වුණේ අපි චිත්‍රපටියේ දැකපු නන්දා සහ පියල්ම නෙවෙයි. අපි ගොඩක් මේ ගැන නළු නිළියො එක්ක සාකච්ඡා කළා. වැඬේට කලින් සහ වැඬේ අතරතුර තිස්ස අබේසේකරයි, මමයි අනිත් අයයි මේ ගැන විවිධ පැතිවලින් කතාබහ කළා. ඒකෙදි ජෝ අබේවික්‍රම, අයිරාංගනී සේරසිංහ වගේ ප්‍රවීණයන්ගෙන් සරු අදහස් එකතු වුණා.


අපි රූපගත කිරීම්වලදී වගේම ඒ මුළු කාලය පුරාම කොච්චර දුෂ්කරතා මැද වුණත් විනෝදයෙන් තමයි කාලය ගත කළේ. ජෝ අබේවික්‍රම වගේ කෙනෙක් සෙට් එකක ඉන්නකොට ඉතිං කියන්න දෙයක් නෑ නේ. ඒ වගේම තමයි ඒ අය මං වගේ අලුත් අධ්‍යක්ෂ වරයෙක් කෙරෙහි දක්වපු කාරුණික බව. ඒ අය ප්‍රවීණයි කියලා කිසිම වෙලාවක කටයුතු කළේ නෑ. ජෝ අබේවික්‍රමගෙ එක දර්ශනයක් විසි එක්පාරක් ගන්න වුණා මට මතකයි. විසි එක්වෙනි පාර අරගෙන ඒක නම් හරි කිව්වට පස්සෙ ජෝ මගේ ළඟට ඇවිත් මාව බදාගෙන “උඹ නම් යකෙක් තමයි” කියලා කිව්වා. 

 

24-p-2-rasa-2

වසන්ත කොටුවැල්ල, මොරින් චාරුනී හා චාන්දනී සෙනෙවිරත්න“ගම්පෙරළිය” රූපරාමුවක

 


මේ ටෙලිනාට්‍ය රූපගත කරගෙන ආවට පස්සෙ තිබුණු ඊළඟ බැරෑරුම් වැඬේ තමයි සංස්කරණ කටයුත්ත. ඒකට අත ගැහුවෙ ප්‍රවීණ සංස්කරණ ශිල්පී සරත් පෙරේරා. සහාය සංස්කරණ ශිල්පීන් කීප දෙනෙක් හිටියා. ඒ කාලේ අපිට වාහනත් නෑ. අපි රූපවාහිනියෙ ඉඳගෙන මේක සංස්කරණ වැඩ රෑ වෙනකම් කරලා රූපවාහිනියෙ ලොබියෙ නිදාගෙන පසුවෙනිදා පාන්දරම අවදිවෙලා එදත් රාජකාරි කරනවා. ඒ කොච්චර මහන්සි වුණත් ඒක අපිට දැනුණේ නෑ. රූප රාමු ටික දකිනකොට මහන්සියක් ගැන වගක් නෑ.


“ගම්පෙරළිය” ජාතික රූපවාහිනියේ මුලින්ම විකාශනය කරද්දී විනාඩි 50 කොටස් දහයක් විදියටයි පෙන්නුවෙ. දෙවෙනි වතාවෙ අනුග්‍රහය දක්වපු අය පැය භාගෙ කොටස් විදියට සකස් කරලා ඉල්ලුවා. ඒ විදියට තුන් සැරයක් ජාතික රූපවාහිනියේ අනුග්‍රාහකත්වයන් යටතේ පෙන්නුවා. ඊට අමතරව විභාග පැවැත්වෙන කාලවලට එහෙමත් විකාශනය වුණා.


“ගම්පෙරළිය” ටෙලි නාට්‍යයට ඉතාම ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. ඒක තමයි සතුටට කාරණය. පුද්ගලිකවම මටත් ජාතික රූපවාහිනියටත් විශාල ප්‍රතිචාරයක් ආවා. බොහෝ දෙනා බට්ට්‍රම් නිහාල් කියන අධ්‍යක්ෂවරයා පිළිබඳ අවධානය යොමු කළා. “ගම්පෙරළිය” ටෙලිනාට්‍යයත් එක්ක. ප්‍රේක්ෂක ප්‍රතිචාරය උසස් මට්ටමක තිබුණත් විචාරකයින්ගෙ පැත්තෙන් පටලවා ගැනීම් එහෙම තිබුණා. ගොඩක් අය මේක චිත්‍රපටිය එක්ක පටලගෙන විචාරය කළා. ඒ දෙක සංසන්දනය කිරීමක් තමයි විචාරකයො වැඩිපුර කළේ. පොතට පිටින් ටෙලිනාට්‍යයට යම් යම් දේ එකතු කළා කියලා තවත් අය කිව්වා. හැබැයි ඒ එකතු කිරීම් තිස්ස අබේසේකර තිර රචනය ලිවීමේදී      කළේ  ඉතාම  දැනුවත්    භාවයෙන්. “ගම්පෙරළිය” නවකතාව වගේම මාර්ටින් වික්‍රමසිංහගේ “අපේ ගම” සහ “උපන්දා සිට” පොත් දෙකත් ඇසුරු කරගෙන තිස්ස ලොකු අධ්‍යක්ෂණයකින් පස්සෙ තමයි මේ තිර රචනය ලිව්වෙ. ගොඩක් විචාරකයින්ට මේක අහුවුණේ නෑ. අනික ලෙස්ටර් ජේම්ස් පීරිස්ගෙ “ගම්පෙරළිය” චිත්‍රපටියට මුවාවෙලා ඉඳගෙන “ගම්පෙරළිය” ටෙලිනාට්‍ය දිහා බලන එක හරි දෙයක් නෙවෙයි. මේ ගැන හොඳ අවබෝධයකින් නිරීක්ෂණය කරපු අයත් කීප දෙනෙක් හිටියා.


“ගම්පෙරළිය” නරඹපු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා මට බොහොම ප්‍රශංසා කළා. දවසක් මට එතුමා මුණ ගැහෙන්න ගෙදරට එන්න කියලා මේ ගැන කතා කළා. එදා මම එතුමට කිව්වා එතුමගේ අවසරය ලැබෙනවනම් මම කැමතියි “මළගිය ඇත්තෝ” සහ “මළවුන්ගේ අවුරුදුදා” පාදක කරගෙන ටෙලි නාට්‍යයක් කරන්න කියලා. “ගම්පෙරළිය” නාට්‍ය නරඹලා මං පිළිබඳ තියපු විශ්වාසය උඩ එතුමා ඒ යෝජනාවට ඉතාම සතුටට පත්වුණා. මම ඒ යෝජනාව ජාතික රූපවාහිනියට දැනුම් දුන්නම රූපවාහිනියේ ඒ වෙලාවෙ ඉඳපු ඉහළ බලධාරීන් ඒකට අදි මදි කළා. 


ධම්ම ජාගොඩ එතකොට රූපවාහිනියෙ හිටියෙ නෑ. ධම්ම මියගියේ “ගම්පෙරළිය” විකාශනය ඉවරවුණු කාලෙම වගේ. ඒක නිසා එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ටතම කෘති යුගල රූපයට නැගීමේ මගේ බලාපොරොත්තුව පස්සට ගියා.


මගේ ටෙලිනාට්‍ය ජීවිතයේ සුවිශේෂ කඩ ඉමක් සටහන් කිරීමක් විදියට තමයි “ගම්පෙරළිය” ටෙලිනාට්‍යය මම දකින්නේ. අදත් මට ඒ පිළිබඳව ප්‍රතිචාර ලැබෙනවා විවිධ අවස්ථාවලදී. ඒකෙන් පැහැදිලි වෙනවා මම ඉතුරුවෙන යමක් කළා කියලා.

m



අදහස් (0)

ලෙස්ටර් ජේම්ස් පීරිස් රිදී තිරයට ගෙනා “ගම්පෙරළිය” බට්ට්‍රම් නිහාල් පුංචි තිරයට ගෙනා හැටි

ලෙස්ලි ජයවර්ධන Wednesday, 28 December 2016 11:59 PM

නවකතාව වගේම ටෙලිනාට්‍යයද ඉතා රසවත් විය (නි)

:       0       0

ආරි Tuesday, 07 February 2017 08:11 PM

ෂෆීක්, ඔබ හරියටම හරි. මමත් 1994 සාමාන්‍යපෙළ විභාගය කරපු කෙනෙක්. මටත් අද වාගේ මතකයි ඔය ප්‍රශ්නය. සුන්දර අතීතය සහ අපේ සුන්දර ළමා කාලය .... හරිම ආසාවෙන් ඔය දේවල් ඉගෙනගත්තේ. ඔය දේවල් අපට කියාදෙන්න විශිෂ්ට ගුරු මාතාවකුත් හිටියා ශ්‍රියාලතා ගුරුතුමිය කියලා. (නි)

:       0       8

රිෂාඩ් Wednesday, 28 December 2016 03:37 AM

ලෝකපූජිත නාට්‍යයක්.... (නි)

:       0       0

ෂාෆීක් Wednesday, 28 December 2016 04:35 AM

මමත් හරිම කැමති නාට්‍යක්, සාමාන්‍ය පෙළ විභාගයට අදාල නිසා නිතර බැලුවා. සමහරක් දෙබස් තවම මතකයි (ම)

:       0       0

රිස්වාන් Thursday, 29 December 2016 03:08 AM

මෙම ටෙලිනාට්‍ය නැවත විකාශනය කරනවා නම් අපි ගොඩක් කැමතියි. මොකද මේකෙන් දැන් ඉන්න පරපුරට ඉගෙනගන්න ගොඩක් දේවල් තියනවා. මක්නිසාද පැවසුවොත් දැන් තියෙන සීනිබෝල නාට්‍ය එක්ක මේවා සංසන්දනය කරලා බලන්න පුළුවන්, මේවායේ තියෙන හරවත් දේවල් සහ අපිට අපේ ජීවිත වලට උකහාගන්න පුළුවන් දේවල්. (නි)

:       0       0

රුවන් Thursday, 29 December 2016 03:35 AM

මේ වගේ අගනා නිර්මාණ පොඩිකාලේ බලලා පුරුදු අපිට දැන් පෙන්වන ටෙලිනාට්‍ය බලන්න හිතෙන්නෙ නැහැ. (නි)

:       0       0

රිස්වාන් Tuesday, 27 December 2016 11:44 AM

කවදාවත් ජීවිතේටම අමතක නොවන ටෙලි නාට්‍යයක්. අපේ සාමාන්‍ය පෙළ විභාගයට මේකෙන් ලොකු අත් වැලක් වුණා. ඒ වගේම මේක ගොඩක් ප්‍රසිද්ධ වුණා (ම)

:       0       0

ෂෆීක් Thursday, 29 December 2016 04:59 AM

‘උන්ට කව්ද හිර දෙන්නේ‘ හිර යන වචනේ තේරුම ප්‍රථමයෙන් මම දැනගත්තේ ගම්පෙරලිය නවකතාවෙන්. ඒ වගේම 1994 සාමාන්‍ය පෙළ විභාගයේ පලවෙනි සිංහල ප්‍රස්නපත්රයට ඒ දෙබස ඇතුලත් වුනා. බර්ට්‍රම් නිහාල් කියන්නේ විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් මම හරි කැමති ඔහුගේ ටෙලි නාට්‍ය වලට (බ)

:       0       20

ද සිල්වා බෙර්ලින් Tuesday, 27 December 2016 04:24 PM

අපේ සිංහලයේ මහා ගත්කතුවරයෙකු වන මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ නිර්මාණයක් ගැන කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සළකමි (නි)

:       0       0

රිස්වාන් Wednesday, 28 December 2016 03:08 AM

දකුණු පළාතේ ගැමි සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර, ඔවුන්ගේ ජීවන රටාවන් අපි පොත්පත් වලින් අහලා ඉගෙනගෙන තිබුනට කවදාවත් ජීවමානව අත්විඳලා තිබුණේ නැහැ. නමුත් මෙම ටෙලිනාට්‍ය නැරඹීමෙන් පසුව ගොඩක් දේවල් ඉගෙනගත්තා. 11 වසරේ සිංහල සාහිත්‍ය පොතේ තිබුන මම ආසම කරන පාඩම ගම්පෙරළිය. ඒ චරිත තවම මතකේ තියෙනවා.(නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 719 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 66 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 169 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 211 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 150 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 224 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site