IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ලස්සනයි පෞරුෂයයි එකට එක්කර විශ්ව රූ රැජින කිරුළ පැළැඳුවාය ඕ...

සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න.ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි." ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනා දුන් 21 හැවිරිදි ඇය ගැන් දැන් ලොවක් කතා වන්නේය.

ඊශ්‍රායලයේ එපියාත් නුවර, 'යුනිවර්ස් එරීනා' රඟහලේ පැවති 70 වැනි 2021 වසර සදහා වන විශ්ව රූ රැජිණ තේරීමේ තරගයට රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව සිටියහ.

ඒ සියලු සුරූපිනියන් අභිබවමින් පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු මේ කිරුළ හිමි කර ගත්තේ සුරූපීත්වය සමානා ලෙසින්ම පැවති පෞරුෂය නිසායැයි කිවහොත් වරදක් නැත.

තරගයේ අවසාන තරගකාරියන් තිදෙනා වූයේ ඉන්දීය , දකුණු අප්‍රිකා සහ පැරගුවේ සුරූපිනියන් තිදෙනාය. අවසාන ප්‍රශ්න වටයේදී එම තිදෙනාගෙන් ඇසු ප්‍රශ්නයට හර්නාස් ලබාදුන් පිළිතුරෙන් ජයග්‍රහණය ඇය වෙත හැරුණු බව විචාරකයෝ පවසති.

එහිදී විනිශ්චය මණ්ඩලය ඇයගෙන් විමසුවේ වර්තමානයේ දී ඇතිවී තිබෙන පීඩනයට මුහුණදීමට තරුණියන්ට ඇය දෙන උපදෙස කුමක්ද යන්නය. ඊට දැඩි ආත්ම අභිමානයෙන් පිළිතුරු දුන් හර්නාස් දුන් පිළිතුර වූයේ "යෞවන පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සියලුදෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිදුවන වඩා වැදගත් දේ ගැන කථා කරමු. එයයි ඔබ වටහාගත යුත්තේ. ඔබ වෙනුවෙන් ඔබම කථා කරන්න. ඒ මන්දයත් ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි. ඔබ වෙනුවෙන් ඔබ හඬ නැගිය යුතුයි. එම නිසා තමයි මම මෙතැන අද ඉන්නේ."

ඇයගේ පිළිතුරට නරඹන්නන්ගෙන් ලැබී ඇත්තේ විශාල ප්‍රතිචාරයකි.එසේම එම පිළිතුර ඇයගේ ජයග්‍රහණයට දැඩිව බලපෑ බව විශ්ව රූ රැජින තරගයේ අවසන් තරගය නැරඹූ ඔනෑම අයකුට තහවුරු කර ගත හැකිය. ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව හර්නාස් ට කිරුළ පළඳවන ලද්දේ 2020දී එම තරගය ජයලැබූ මෙක්සිකෝවේ අන්ද්‍රියා මේසා විසිනි.

හර්නාස් විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගනිද්දී මෙවර, විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.

විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියකට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙයයි. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ 2000 වසරේදීය.

21 හැවිරිදි සික් ජාතික පන්ජාබ් යුවතියක් වන හර්නාස් නිළියක් සහ මෝස්‌තර නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන බැව් කියැවේ. ඒසේම ඇයගේ අධ්‍යාපන පසුබිමද ඉතා ඉහළය. හර්යානා ප්‍රාන්තයේ චන්දිගාර් නගරයේ ජීවත්වන හර්නාස්, මේ වනවිට පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටින්නීය.

''ඔබ සුන්දර වෙන්නේ ඔබේ අද්විතීය බව ඔබ දැනගෙන සිටින විටයි. ඔබව අන් අය සමඟ සැසඳීම නවතන්න. මම, මා ගැන විශ්වාස කළා. අද මෙතැන ඉන්නේ ඒ නිසයි'' හර්නාස් සන්ධු ගේ ස්ථිරසාර අදහස ලොවක් වෙනස් කරන්නේ නම් , එහි ගෞරවය ඇයටම හිමි විය යුතුය.එසේම එය සැබෑ වුවහොත් 70 වන විශ්ව රූ රැජින ලෙස හර්නාස් සන්දු ඉතිහාස ගත වන්නීය.

විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරෙනි

-සටහන- තිළිණි ද සිල්වා



අදහස් (4)

ලස්සනයි පෞරුෂයයි එකට එක්කර විශ්ව රූ රැජින කිරුළ පැළැඳුවාය ඕ...

ab Tuesday, 14 December 2021 05:30 PM

විශ්ව රූ රැජින කිරුළ පැළැඳු හර්නාස් කවුර් සන්දුගේ කිරුළ නැවත ගැනීමට කිසිවකු උත්සහ කරන්නට නම් නැත

:       8       7

එරා Wednesday, 15 December 2021 10:53 AM

ලංකාවෙත් ඉදිරියට උපාධියක් තියෙන මොලයක් තියෙන තරුණියක්,ඉදිරිපත්,කල යුතුය.

:       3       0

sampath Wednesday, 15 December 2021 10:40 PM

ලංකාවෙන් දාන්න එපා. කිරුල පැළදුවම තව කවුරුහරි ගලවලා වෙන කෙනෙකුට දාලා පොලිසි යන්න වෙනවා

:       2       2

ab Wednesday, 15 December 2021 11:22 PM

උපාධි තිබෙන හැමෝටම මොලය නැත. මොලයක් තිබේනම් ටට මෙවන් විපතක් වෙන්නේද නැත

:       1       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 144 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 120 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 423 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1061 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1543 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 250 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 753 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2113 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site