IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


වැටකේ පඳුරු යට තහනම් කම්සැප

 16-Rasa-p1-1  

 

උතුරු කළුතරට නුදුරු තැනකට එන්නට අතුල කතා කරයි. කවුරුත් දන්නා කවුරුත් හඳුනන ලංකාවේ ප්‍රසිද්ධම වැටකේ අඩවියකි. කලින් කල සිදුවූ අපචාර සිදුවීම් ඝාතන ස්ත්‍රී දූෂණ නිසා මේ වැටකේ ගාලට නිතරම හානි සිදුවේ. කිලෝමීටර් ගාණක් එක දිගට විහිද පවතින මේ වැටකේ ගාලට ලංකාවේ සතර දිග් භාගයෙන් එන පෙම්වත්තු රිංගති. එක අන්තයකින් මහා මුහුදත්, අනෙක් පසින් කළුතර මහ සෑයත් මනරම්ව දිස්වේ.

 


කළුතර වඳින්නට කියා එන පෙම්වතුන් කළුතරත් වැඳගෙන මේ වැටකේ ගාලටද රිංගන්නේ එයටද වැඳ වැටෙමිනි. පෙම්වත්තු කළුතර යාම හරියට ‘දඹුලු ගොස් තලගොයින් මරාගෙන එනවා’ යන පරණ කියමනට සමාන වේ.


විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයත්, විවාහය ළඟ පාතකවත් නැති අයත්, අනියම් ප්‍රේමවන්තයෝත් මහ මුහුද මෙන් පරක් තෙරක් නොපෙනෙන  මේ වැටකේ අසපුවට ඇතුළු වන්නෝය.


යම් තැනකින් කැලේට රිංගූ යුවළ ඒ කැලෑවේ කොයිබට ගියා දැයි සෙවීම උගහටය. ඒ තරමට කැලේ මැදින් හිතෙන හිතෙන දිශාවකට අඩිපාරවල් දිගේ යා හැකිය. ඒ හැම තැනම ප්‍රේමවන්තයන් අපූරුවට පෙම් කෙළ ඇති බවට ලකුණු ඕනෑ තරම් තිබේ.


ඇතැම් වැටකේ පඳුරු යට වැටුණු සමහර දෑ දෙස බලද්දී එළිමහන් කාමුක රංග භූමියක් ලෙස දෙවරක් නොසිතා නිගමනය කළ හැකිය. ඒ වාගේම සිගරට් කොට, අරක්කු බෝතල් දිහා බලද්දී මේ වැටකේ ගාල යම් යම් කල්ලිවල රජ දහනක් හැටියටද අපට හැඟේ. අතුලත් මමත් ඇවිද යන්නේ ඒ සා විවිධ-විසම හැසිරුමැති හැංගුණු ලොවක් අස්සේය.


‘මහත්තයෝ... මේ වැටකේ ගාල කළුතරට සම්පතක්. ඒත් මේකේ සිද්ධ වුණ දේවල් එක්ක මේ සම්පත වැරදි විදිහටයි සමාජ ගත වුණේ.’ 

1


අතුල කතා අරඹයි.


‘ඉස්කෝලේ යන වයසෙ පිරිමි ළමයි-ගැහැනු ළමයි මේ කැලේට රිගනවා. අවුරුදු 18ට අඩු ළමයින්ට හෝටල් දෙන තැන් ටිකක් අඩුයිනේ. දැන් හෝටලයකට ගියාම සමහරු අයිඩෙන්ටි එක ඉල්ලනවා. ඒවා නැති ළමයින්ගෙ කාමර තමයි මේ කැලේ... පන්ති යනවා කියලා එන හුඟක් දරු පැටවු මේ වගේ කැලෑවලට රිංගනවා. 


‘ඔය ඉන්නේ එහෙම දෙන්නෙක්.’


අපේ කතා බහේ සත්‍ය උදාහරණය අප ඉදිරිපිටම ගාලක් අස්සේ සැඟවී සිටියි.


ඔවුන් කැලේ ගහ කොළ අස්සට වී කෙළින පෙම් කෙළිය ගැන ලියන්නට ගියොත් මේක ‘කුනු හරුප’ කතාවකි. ඒ තරම් අශිෂ්ට රංගනයක මේ දෙපළ යෙදී සිටිති. කැලේ අස්සේ සිටින අපි දෙන්නා ඔවුන්ට පේන්නේම නැත. 


මේවා නවත්වන්න පුළුවන් සෙල්ලම් නෙමෙයි. සමහරු නම් කැලේවුණත් අශිෂ්ටව හැසිරෙන්න අකමැතියි. ඒ අය වැටකේ ගාලකින් මෙහා තියෙන රු.500-600 කාමරේකට ගිහින් ආපු සැප විඳගෙනම යනවා.’ අතුල කියයි.


‘අද මේ වැටකේ ගාලට ආවේ ඉඳහිට සිද්ධ වෙන අලුත් කතාවක් කියන්න’ අතුල මා තැනකට කැඳවාගෙන යයි. තරමක් නුදුරින් කිසියම් හෝටලයක වැනි ලකුණු පෙනෙයි.


‘සාමාන්‍යයෙන් පාක් එකකට ජෝඩුවක් ගියත්, මුහුදු වෙරළෙ වාඩිවෙලා හිටියත් ඒ දිහා බලාගෙන ඉන්න ‘බැල්මට්ලා’ අහලා ඇතිනේ. මේක මානසික ලෙඩක්... ඇතැම් විට ජීවිතේ මේ වගේ කෙල්ලක් එක්ක කවදාවත් ඇවිදපු නැති අය. ඒ අය තරුණ කෙල්ලෝ කොල්ලෝ හැසිරෙන දිහාව බලලා තැන නොතැන නැතුව තමන්ගේ ආශාව තමන්ම විඳ ගන්නවා. ඔය බැල්මට්ලගේ නියම රංගන බලාගන්න පුළුවන් මේ කැලෑවලදී’
අතුල එවැනි තැනකට මා කැඳවා ඇති සෙයකි. ජෝඩු කීපයක් පෙම් රංගන වල උච්චතම අවස්ථාවේ සිටිති. 


‘අන්න බලන්න...’


අතුල මට පෙන්වන්නේ බැල්මට් කෙනෙකි. දැක බලා සතුටු වෙන්නෙකි.


පාක් එකක, මේ දසුන අපට ඇස නොගැටෙන්නකි.


සමහර ජෝඩු ඉස්සරහටම ඇවිත් මේ බැල්මට්ලා බය නැතිව මෙයාලට ලොකුකම් දානවා. ඔය ජෝඩු පිටින් එන අය. ඒ අය එළියට ගිහින් කාට කියන්නද? සමහරු කියන්නේ ග්‍රීස් යක්කු කියලා. ඒ අයත් හිටපු ගමන් මේ කැලේ ජෝඩු අතරින් ඇවිදිනවා. ගෑනු ළමයින්ගේ දත කට පූට්ටු වෙනවා. ඒත් ඒ අයගේ පෙම්වතුන්ට උනත් කරන්න දෙයක් නෑ. මොකද මේ කැලේ අයිති කරගත්තු අයිති කාරයෝ අතර මේ බැල්මට්ලාත් එක පිරිසක්. ළාබාල අය ආවම මේ අයගේ සෙල්ලම් වැඩියි.


හොඳට මතක තියා ගන්න... අපි කියන මේ තැන බැල්මට්ලා නිරුවතින් රඟපාන එළිමහන් රංග පිටියක්.


කතාව ඒක නෙවෙයි...


‘මේ කැලේ ඉඳහිට වෙන ලොකු සීන් එකක් කියන්නම්. ජෝඩු එකතු වෙන තැන් කීපයක් මේ බැල්මට්ලා දන්නවා. ඒ අය මේවා හොඳ අත්දැකීමෙන් දන්න දේවල්. 


මේ බැල්මට්ලාගෙන් දෙතුන් දෙනෙක් කැලේ ගස් උඩ, අතුවල වීඩියෝ කැමරා සෙට් කරලා තියෙනවා.’


ඒ කතාවට මම පුදුම වීමි.


ජෝඩුවලට කුලී පදනම මත දෙන කාමරවල මෙවැනි වීඩියෝ පටිගත කිරීම් සිදුවන බව අප දැක ඇත. ජෝඩුව කාමරයට යන විටම කාමරයේ වීඩියෝ කැමරාව ක්‍රියාත්මක වේ. ඉන් පසු එහි වන සියලු දේ එක්කෝ කොම්පියුටරයක පටිගත වේ. නැත්නම් හෝටලයේ කීප දෙනෙකු විසින් රහසේ නරඹනු ලැබේ. සමහර ජෝඩු මේ වීඩියෝ හරහා ‘බ්ලැක් මේල්’ වන බවද අපට වාර්තා වී ඇත. එහෙත් කැලේක වීඩියෝ කැමරා ක්‍රමයක් අප අසා නැත.

තාක්ෂණය සමග පැමිණි ක්‍ක්‍ඔඪ කැමරා ක්‍රමය එළිමහන් පටිගත වීම් සාර්ථකව සිදුවන වීඩියෝ ක්‍රමවේදයකි. එම තාක්ෂණයට වැටකේ ගාලක් යට පෙම් කෙළින දසුන් දැන් වීඩියෝ පටිගත වීමක්...


‘කැලේට ආවම ඔය නංගිලා මල්ලිලා හිතන්නේ ලෝකෙටම වසං වුණා කියලා. ඒක වැරදියිනේ. දැන් රටේ තියෙන තාක්ෂණයත්, කාමුක ලෝලීන් වැඩිවීමත් එක්ක අද කාලේ එළියක තියා කාමරේකවත් ජෝඩුවකට තනි වෙන්න බෑ.


‘මේ බැල්මට්ලා උදේ ගස් උඩ තියෙන වීඩියෝ කැමරා ‘ඕන්’ කරනවා. කැලේට එන මොන මල්ලිද හිතන්නේ ගස් උඩ වීඩියෝ වෙනවා කියලා. හැබැයි මල්ලිලා නංගිලා ඇවිත් තුරුළුවෙලා, කරන හැම සෙල්ලමක්ම හරි ලස්සනට රෙකෝඞ් වෙනවා.  මේ කාලය තුළ බැල්මට්ලා ඈත ඉඳන් ඒ දිහා බලනවා මිස ඒ පළාතකටවත් එන්නේ නෑ. 


ඊට පස්සේ මොකද වෙන්නේ...?


‘මහත්තයෝ... මේක බිස්නස් එකක්. මේ අය පටිගත කළේ නියම නැචුරල් දර්ශන පෙළක්. මේ දර්ශනවලට ලෝභ බැන්ද ලොකු ලොකු මහත්තුරු ඉන්නවා. එයාලා දේශීය-විදේශීය සංදර්ශනාත්මක බ්ලූ බලලා තිත්ත වෙච්ච අය. පුදුම විදිහට ‘නිල්’ චිත්‍රපටිවලට ඇලුණු අය. ඒ අයගේ ඩීලර්ස්ලා මාර්ගයෙන් මේ කැලේ සිද්ධ වන පටිගත කිරීම් ‘බ්ලූ සීඩී’ විදිහට පැය භාගෙට, පැයට සංස්කරණය වෙලා විකිණෙනවා. බැල්මට්ලා මේ සී.ඩී. එකක් විකුණන්නේ රුපියල් තුන් හාරදාහට. දවසට එකක් දෙකක් කරගත්තොත් ඇති. හැබැයි මේ ‘සීන්’ එක හැමෝටම රහසක්... එකාට එකා දන්නේ නෑ. ලොකු මහත්වරුන් අතරට මේ සීඩී ගෙනියන අයත් ඉන්නවා. ඒ සී.ඩී. වලින් බ්ලැක් මේල් වෙච්ච නංගිලා මල්ලිලාත් ඉන්නවා. ඒ නිසා අපිනම් කියන්නේ කැලේට යන එක පරිස්සමින් කියලයි. උඩින් විතරක් නෙවෙයි හතර වටින්ම ඔයාලා වීඩියෝ රෙකෝඞ් වෙනවා.


ඒ නිසා කෝකටත් පරිස්සම හොඳයිනේ.


අනවශ්‍ය දේකින් ඔබ බ්ලැක් මේල් වුණොත් ඒක මුළු ජීවිතේටම ප්‍රශ්නයක්.. ඒ වගේම මේ නිල් චිත්‍රපට විදේශිකයන්ට විශාල මුදල් වලට විකුණනවා. 
ගණිකාවන් සැපයීමට පෙර පළමු උපක්‍රමය තමයි ලංකාවේ මෙවැනි රහස් චිත්‍රපට විදේශිකයන්ට විකිණීම. 


අපි දන්න මේ වගේ බ්ලැක් මේල් සිද්ධි ගොඩක් තියෙනවා. කැලේට-කාමරේට යන නංගිලා මල්ලිලා දන්නේ නෑ එයාලගේ ෆොටෝ, වීඩියෝ එළියට ඇවිත්... ඒ නිසා පරිස්සමින් ආදරේ කරමු.


අතුල මහතා අනතුරක ලකුණක් දෙයි. 


 

සීමාවන් දැනගෙන වැඩ කරන්න

ලිංගික තෘප්තිය පුද්ගලයා විඳිය යුතු ප්‍රධානම ආස්වාදය බවට පිළිගන්නා තරුණ සමාජයක් දැන් නිර්මාණය වී ඇත. මෙය විවිධ බහු මාධ්‍යයන් තුළ උඩට පැමිණි මොහොතක ප්‍රේමය-ආදරය ආදී උතුම් හැඟීම් මනුෂ්‍ය චිත්ත සන්තානයෙන් තුරන් වී යන තැනට පැමිණ ඇත.

 

56
යමෙක් ආදරය කිරීම සඳහා කාමරයට යනවා නම්, කැලෑවක් තුළට රිංගනවා නම්, ඒ තුළදී නිරුවත් වෙනවා නම්, එහි ලිංගිකත්වයක්, කාමුක හැඟීම් සමුදායක් මිස සාහිත්‍යය තුළදී අපි දකින නියම ආදරයක් නැත. 


ඒ අනුව ආදරය-ප්‍රේමය මුවාවෙන් සමාජය ශීඝ්‍රයෙන් යොමුවීගෙන යන්නේ රැල්ලක් ලෙස පවතින්නා වූ කාමුක සිදුවීම් පෙළක් වෙතය. මෙය දීර්ඝ කාලයක් තිස්සේ සමාජය විසින් ආක්‍රමණය කරන ලද ක්‍රියාවලියකි. 


ඒ තුළ පෙම්වතියට අසවල් දේවල් නොකළොත් තමන් සාර්ථක පුද්ගලයකු නොවන බවට වන මතයක්ද ඇති වී ඇත. මෙවැනි අදහස්වලින් තරුණ සමාජය ගිලගෙන ඇති අවස්ථාවක විවාහයට පෙර  තරුණියන් දූෂණය වීම, බිඳ වැටීම, අනියම් සබඳතා පැවත්වීම ආදී ප්‍රවාහයන් රැසකට පුද්ගලයා පෙළැඹී ඇත. 


විශේෂයෙන් වත්මන් තරුණ පරම්පරාව තුළ අසීමිත බලාපොරොත්තු හමුවේ ඇතිවූ අපේක්‍ෂා භංගත්වය, නියම ආදරය නොලැබීම මත තමන්ට පහසුවෙන් ලබා ගත හැකි 


ලිංගික තෘප්තියක් වෙතද යොමුවී ඇත. නූතන තරුණයා එතැනට තල්ලු වී ඇත. ඊළඟට නවීකරණය වන සමාජයේ මිනිසාගේ සිත හා කය පිනවන අවස්ථා වේගවත් වී ඇත. ඒ සඳහා යාන්ත්‍රීකරණ පසුබිමක් නිර්මාණය වී ඇත. එහි හොඳ නරක දකිනවාට වඩා සමාජය පුරුදු වී ඇත්තේ ‘මේවා සාමාන්‍ය දේවල්’ ය යන මනැසින් දැකීමටය.


‘මෙහෙම කරන්නේ අපි විතරක් නෙවෙයි, හැමෝම කරන දේවල්’ හැටියට තරුණ පරම්පරාව හිතන තැනට බය-සැක නැතිව පිළිගන්නට පෙළැඹී ඇත. ඒ අනුව නූතන තරුණයා සේම නූතන තරුණියද තනිවීම හා ලිංගික තෘප්තිය විඳිය යුතුය. ඒ සඳහා  සුදුසු තැන් සොයා යා යුතුය යන තැන නැවතී ඇත. මෙය අතිශය භයානක තත්ත්වයකි. එබැවින් සෑම දෙමාපියකුම තමන්ගේ දරුවන් යන එන තැන් ගැන අවධානයෙන් විමසිල්ලෙන් සිටිය යුතුය. දරුවන් අවුරුදු 18 ඉක්ම වූවා කියා මාපිය අවධානය අහිමි වීම වර්තමානයේ කාම රැල්ලට සීඝ්‍රයෙන් යොමුවීමට එකම හේතුවක් වී ඇත.


එවැනි කාම රැල්ල තුළ ඔබගේ අහිංසක-දුව-පුතා හැසිරෙන හැටි විවිධ කල්ලි විසින් වීඩියෝ කර ඡායාරූප ගත කර විකුණන ආදායම් මාර්ගයන් බවට පෙරළී ඇත. ඇතැම්හුගේ පරම ආදායම් මාර්ගය රහසේ සිදුවන ලිංගික කටයුතු ඔස්සේ මුදල් ඉපැයීමය. එවැනි දේ ඔබේ දරුවන් බ්ලැක්මේල් කර හෝ අදායම් ලබන කල්ලි නිර්මාණය වී ඇත. ලංකාවේ සංචාරකයන්ට මෙවැනි පට විකුණන තැනට පත් වී ඇත. 


විශේෂයෙන් නිසි අධ්‍යාපනයක් නොලද යම් මුදලක් උපයාගෙන රටේ සාමාන්‍ය වැසියන් පරිදි ඇවිදින්නට එන විශාල සංචාරකයන් ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. ඔවුන්ගේ මුදල් උපක්‍රමශීලීව ලබා ගැනීමට කාණ්ඩයම් නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකාවන් ලෙස සැපයීමට මාධ්‍ය වශයෙන් පළමුව කාමුක රහස් සීඩී අලෙවිය අද වේගවත් බව පෙනෙන්නකි. මෙවැනි තත්ත්වයක් රටේ සංචාරක ක්ෂේත්‍රයටද බාධාවකි. 


මෙවැනි විසම සමාජයකදී මේ කිසිවක් නොදන්නා තරුණ තරුණියන් විවිධ කල්ලිවල ග්‍රහණයට යන එන තැන් වලදී හසුවීම අරුමයක් නැත. එබැවින් තමන්ගේ සීමාවන් දැනගෙන කටයුතු කිරීම, අනවශ්‍ය කරදරවලට පත් නොවීමට හේතුවන බව නිතර මෙනෙහි කළ යුතුය.

තොරතුරු: පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර

 

 

M



අදහස් (0)

වැටකේ පඳුරු යට තහනම් කම්සැප

තුෂාර Wednesday, 27 January 2016 09:08 AM

මෙවැනි වැඩ නැවත්වීමට රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි(කෞ)

:       105       15

නිම්මි Monday, 25 January 2016 03:23 PM

අනිවාර්යයෙන් (බ)

:       88       0

ජනක Thursday, 28 January 2016 10:47 PM

විජිත, ඔයා හොඳ මානසික දොස්තර කෙනෙක් හමුවන්න. මට එච්චරයි ඔයාට කියන්න තියෙන්නේ. අනික මේ වැනි දේ ලිවීමෙන් ඔයාගේ අනුවණකම පෙන්වන්න එපා. (නි)

:       4       2

දිනේෂ් Tuesday, 26 January 2016 09:11 AM

කොයි පැත්තෙන් බැලුවත් දෙමාපියන්ට හොරෙන් ප්‍රේම සම්බන්දතා පවත්වන එකත් වැරදි ඒවා මදිවට මේ වගේ තැන තැන මෙලෙස හැසිරීම ඊටත් වැඩියේ ලොකු වැරද්දක්. (කෞ)

:       18       0

ප්‍රසාදිනී Wednesday, 27 January 2016 11:13 AM

මේ වගේ දේවල් පල කිරීම සම්බන්ද මම ගොඩක් ස්තුති වන්ත වෙනවා ආදරය ලිංගිකත්වය හරි හැටි තේරුම් නොගන්න නිසා (බ)

:       10       1

විජිත Thursday, 28 January 2016 02:28 PM

නිල්මිණිට පිස්සු පෙම් කලින්න නීතියට අනුව කසාද බැදලා. දෙමාපියන්ගේ ආදරය නැති නිසා තමයි ළමුන් මේවට පෙළඹෙන්නේ. නිල්මිණි පොඩි කාලේ ලවු කරලා බැන්දට පස්සේ ඉලව් මොකද ලවු පොඩිකාලේ ඉවරයි (බ)

:       10       0

නිල්මිණි Monday, 25 January 2016 05:46 AM

මීට හේතුව විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ප්‍රේමය නිදන කාමරයට සීමා වියයුතු දෙයක් යයි සමාජගතවී ඇති වැරදි මතයයි. ලියුම්කරු කියන ආකාරයට විවාහය බලාපොරොත්තුවෙන් සිටින අයත් මෙහෙම වැටකේ ගාල් වල රිංගීමෙන් පෙනෙන්නේ මේ සමාජය තුළ තරුණ පෙම්වතුන් පත්වී ඇති අසරණ භාවයයි. තරුණයන්ට ආරක්ෂිතව ගෞරවනීය ලෙස පෙම් කිරීමට අපේ රටේ තැනක් නැති වීම තමයි මීට හේතුව. (ම)

:       10       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 554 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 69 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 93 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 320 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 213 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 109 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 671 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site