IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


වතු කම්කරු ජීවන අරගලය සාධාරණව විමසුමට ලක්කරමු

ජීවත් වීමට මුදල් අවශ්‍ය වෙයි. මිනිසා රැකියා කරන්නේත්, ව්‍යාපාර කරන්නේත් මුදල් ඉපැයීමටය. මුදලේ ස්වරූපය නම්, කෙතරම් ඉපැයුවත් එය ජීවත් වීමට ප්‍රමාණවත් නොවීමය. මිනිසාගේ අවශ්‍යතා අසීමිත වීම එයට එක් හේතුවකි. උද්ධමනය ඉහළ යාම ප්‍රධානම හේතුවය. එහෙත්, මිය යනතුරු ජීවත් වීම මිනිසාගේ අයිතියකි. වතු කම්කරුවාට ද එම අයිතිය එලෙසින්ම තිබේ.

වතු කම්කරුවා යන විශේෂ නාම පදයකින් හැඳින්වෙන මධ්‍යම කඳුකරයේ වතු ජනයා ජීවත් වන්නේ කිසි ලෙසකින් හෝ සුව පහසුවෙන් නොවන බව ඒකාන්ත සත්‍යයකි. ආරම්භයේ සිටම ඔවුන් ගත කරන්නේ දුක්ඛිත ජීවිතයකි. මිනිස් වාසයට හිතකර නොවන ‘ලයින් කාමර’ නමින් හැඳින්වෙන කූඩාරමක ජීවත් වන මෙම ජනයාගේ ප්‍රධානම ආහාර වේල එක්කෝ පාන්ය. නොමැති නම් රොටිය. තේ දල්ලෙන් එපිට ලෝකයක් දැකීමේ වරම අහිමි මෙම ජනයා මධ්‍යම කඳුකරයේ පස් යටම සැඟවී යති. ඇත්තම කාරණය නම්, ජීවිතය අහිමිව මෙසේ ජීවත් වීමේ අරුත කුමක් ද යන්නය.

වතුකරයේ ජනයාගේ ජීවිත ස්වභාවය එයට හිමි නිසි හරයෙන්ම විමසා බැලිය යුතුය. වතු කම්කරුවාට දෛනිකව ලැබෙන රුපියල් දහසෙන් මුළු දරු පවුලක්ම රක්ෂා කළ යුතුය. දෛනික වැටුප රුපියල් දහස වූයේත් ආසන්න මෑත කාලයේය. එය ද නොනැවතී කළ මහ සටන්වලින් පසුවය.

අති විශේෂ ගැසට් නිවේදන දෙකක් මගින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් විය යුතු බව රජය ප්‍රකාශ කළේය. එම වැටුප ගෙවන ලෙස රජය වතු සමාගම්වලට නියම කළේය. වතු කම්කරුවාගේ දෛනික වැටුප රුපියල් 1,700ක් කිරීම කවර පැතිමානවලින් බැලුව ද ඉතා යහපත් තීන්දුවකි. උද්ධමනය ඉහළ ගොස් ඇති ප්‍රමාණය අනුව එය ප්‍රමාණවත් නොවේ යන්න ද මතු කළ හැකි තර්කයකි. එහෙත්, එම තීරණය පැසසුම් කටයුතුය. අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රවෘත්තියකින් කියැවුණේ, වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක වැටුපක් ලබා දෙන ලෙස රජය නියෝග කර තිබුණ ද මේ දක්වා කිසිදු වැවිලි සමාගමක් එම වැටුප කම්කරුවන්ට නොදෙන බවය.

ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකර මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, රජය නියම කර ඇති වතු කම්කරු දෛනික වැටුප කිසිසේත්ම දිය නොහැකි බවය. එමෙන්ම, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප සහ වතුවල අනාගතය සම්බන්ධයෙන් සලකා බලා දෙපාර්ශ්වයටම යහපත් යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කරන බව ද ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

තේ වතු සමාගම් අධික ලාබ උපයන්නේ යැයි අපි නොකියමු. එම කර්මාන්තය උච්චාවචනය වන කර්මාන්තයකි. එනම්, ඉහළ යෑම් මෙන්ම පහළ බැසීම් ද ඇති කර්මාන්තයකි. එහෙත්, වතු කම්කරුවාට ජීවත් වීමට සරිලන වැටුපක් ලබා දීමේ වත්කමක් මෙම වතු සමාගම්වලට තිබේ. එම නිසා වතු කම්කරුවාගේ ජීවන අරගලය සම්බන්ධයෙන් මානුෂිකවාදී ඇසකින් බැලිය යුතු බව අපි අවධාරණය කරමු.

රජය අනුමත වැටුප පවා නොලැබෙන්නේ නම් වතු කම්කරු ජනයා පෙළන අසාධාරණය කොතරම් ද යන්න වටහා ගැනීම අසීරු නැත. ලක්ෂ 5කට 6කට වැඩි වතු කම්කරු ජනයාගේ ජීවිත දුක වතුකරයේ දේශපාලනඥයන්ට ඡන්ද පමණකි. වතු කම්කරුවාගේ ජීවිත සුඛිත මුදිත කරන බවට දස අතේ පොරොන්දු දී එම ජනයාගේ ඡන්දයෙන් දියවන්නාව තරණය කර එම ‘ඡන්ද කුට්ටිය’ පෙන්වා මැති ඇමැති ධුර ඩැහැ ගනිති. එහෙත්, වතු කම්කරු ජනයාගේ ජීවිතවලට කිසිදු වෙනසක් නැත.

රජයට අයත් ඇල්කඩුව වතු සමාගමේ වතු කම්කරුවන්ට රජය අනුමත කළ රුපියල් 1,700ක දෛනික වැටුප ලබා දුන්න ද දිගින් දිගටම එය එම සමාගමට කළ නොහැකි වනු ඇති බවත්, 2016 වසරේ සිට එම කම්කරුවන්ට සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවා නැති බවත් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ලේකම්වරයා ප්‍රකාශකර තිබිණි. වතු ජනයාගේ දුක්ඛිත ඉරණම වටහා ගැනීමට එය වුව ද ප්‍රමාණවත්ය.

(***)

 



අදහස් (1)

වතු කම්කරු ජීවන අරගලය සාධාරණව විමසුමට ලක්කරමු

saman Wednesday, 19 June 2024 12:22 PM

ඕකෙන් අන්තිමට වෙන්නේ බාර් මුදලාලිලා පෝසත් වෙන එක විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 371 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 795 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 169 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 598 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site