IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


වතුකර ජනතාවගේ බඩගින්න නිවමු

හැටන් - දික්ඔය රෝහලට වේල් ගණන් නොකෑ රෝගීන් පැමිණෙන බව නොබෝදා අප පත්‍රයේ පළවූ පුවතකින් අනාවරණය වූයේය. වතු ආශ්‍රිත නිරාහාරව පසුවන රෝගීන් රෝහලට පැමිණි විට සියලු ප්‍රතිකාරවලට පෙරාතුව ඔවුන්ගේ කුසගිනි නිවීමට වෛද්‍යවරුනට සිදුව තිබේ. රෝග අතුරින් දරුණුම රෝගය කුසගින්න බව බුදු බණේ පැවසේ.

රටේ ශ්‍රම බළකායේ වැදගත් කොටසක් වන වතුකරවාසීන්ගේ කුසගිනි නිවීම කෙතරම් වැදගත් වේද යන්න සියලුදෙනාගේ අවධානයට පාත්‍ර විය යුත්තකි. ශ්‍රී ලංකාවේ අපනයන ආදායමෙන් තවමත් සියයට 17 ක ප්‍රතිශතයක් උපයන්නේ තේ නිෂ්පාදනවලිනි. ආර්ථික අර්බුදය හමුවේ රටට අවශ්‍ය විදේශ විනිමය තේ කර්මාන්තයෙන් උපයා දෙන අතර වතු කම්කරුවා නිරාහාරව පසුවීම මහත් දුක්ඛදායක තත්ත්වයකි.

මෙරට මිලියන 22 ක්වූ ජනගහනයෙන් මිලියනයක් පමණ සිටින්නේ වතුකර ජනයාය. වතුකර සේවක සංඛ්‍යාව තුන්ලක්ෂ විසිඑක් දහසකට වැඩිවේ. දෛනික වැටුප රුපියල් දහසක් කරගන්නට වසර හයක් තිස්සේ ඔවුන් ගෙනගිය සටන ජය ගත්තේ 2021 මාර්තු මාසයේය. එදා පටන් මේ දක්වා වසරක පමණ කාලයක් තුළ ආහාර උද්ධමනය සියයට 95 කින් ඉහළ ගොස් ඇති බව 3 වැනිදාම වාර්තා වූයේය. සතරදෙනකුගෙන් යුක්ත පවුලක සාමාන්‍ය දෛනික වියදම රුපියල් 2500 ක් පමණ වන බව සති දෙකකට පමණ පෙර වාර්තා විය.

තිරිඟු පිටි වතුකර ජනයාගේ දෛනික ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් විය. තිරිඟු පිටි මිල පසුගිය මාස කිහිපය තුළ දෙගුණ වූයේය. වතුකර ජනයාගේ ආහාර වේලේ වැදගත් අංගයක්වූ උළුඳු ආනයනය නවතා දැමුවේ වසර දෙකකට පමණ පෙරදීය. උළුඳු යනු දැන් වරප්‍රසාද හිමි ජනයාට පමණක් මිලදී ගත හැකි ධාන්‍යයකි. දෛනිකව උපයන දහසක වැටුපකින් දෙදහස් පන්සීයක් වියදම් කරද්දී වතු කම්කරුවා එක්කෝ ණය විය යුතුය, නැතහොත් නිරාහාරව පසු විය යුතුය.

වතු කම්කරුවාගේ ජීවන තත්ත්වය එසේ ඇද වැටෙද්දී, අනෙක් අතට ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය පහත වැටේ. 2022 අගෝස්තුවේ තේ අස්වැන්න අවුරුදු 28 කට පසුව පහත වැටී තිබුණි. 2022 පළමු මාස අට තුළ ලැබූ තේ අස්වැන්න 1996 න් පසු ලැබූ අවම තේ අස්වැන්න බවද එම වාර්තාවේ සඳහන් විය. රසායනික පොහොර තහනම් කිරීම නිසා පසුගිය වසර පුරාම මෙරට තේ වගාවට නිසි ලෙස පොහොර වැටුණේම නැත. දැන් නිරාහාරව ඉන්නා වතු කම්කරුවාගේ කුසගින්න නිවා දැමීමට සිදුව ඇත්තේ නිෂ්පාදනය පහත වැටෙමින් පවතින එවැනි තේ කර්මාන්තයකිනි.

වතු සේවකයන්ගෙන් බොහෝදෙනාට ලෙඩ නිවාඩු හිමි නැත. ඔවුන් බොහෝදෙනකුට වැඩ කළේ නැත්නම් එදාට වැටුප් ලැබෙන්නේ නැත.

පාසල් දරුවන්ගෙන් බොහෝදෙනකු නිරාහාරව පාසලට පැමිණෙන බවට ඊයේ පෙරේදා බොහෝ වාර්තා පළවිය. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ අඩු ආදායම්ලාභීන්ට ජීවන බර දරාගත නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව මේ සියල්ල ඔස්සේ ලැබෙන පණිවිඩයයි.

ඉදිරියට එන්නේ රටේ ආර්ථිකය ගොඩගැනීම සඳහා සියලු ප්‍රතිව්‍යුහගත කිරීම් කිරීමට නියමිත කාලයයි. රටපුරා පොදුවේ බෙදන සහනාධාර එම ප්‍රතිව්‍යුහගත කිරීම්වලදී අත්හැර දැමීමට සිදුවනු නියතය. සියලු ප්‍රතිසංස්කරණවල දී ඒවායේ අහිතකර ප්‍රතිඵල අඩු ආදායම්ලාභීන්ට විඳින්නට සිදුවන බව කල්තියා දැන සිටි කාරණයකි.

පොදුවේ බෙදන සහනාධාර නවතා දමා සහනාධාර අත්‍යවශ්‍ය ජන කොටස් තෝරාගෙන ඔවුන්ට ආහාර ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය සහනාධාර සැපයීම කෙරේ අවධානය යොමුකළ යුතු කාලය දැන් එළඹ තිබේ. වතු කම්කරුවා නිරෝගීව තැබීම ශ්‍රම බළකාය ශක්තිමත්ව තැබීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. එය රටේ ඵලදායීතාව හා බැඳී පවතින සාධකයකි.

(***)



අදහස් (3)

වතුකර ජනතාවගේ බඩගින්න නිවමු

Senarath Friday, 07 October 2022 12:26 PM

තේ දළු කිලෝවට රුපියල් 100 ලැබෙද්දීත් ආණ්ඩුව පොරොන්දු වුණා වැටුප දිනකට රුපියල් 1000 කරන්න. දැන් තේ දළු කිලෝව රුපියල් 200 පසුකරලා ඇති. ඒත් තවම තේ දළු නෙලනවට ලැබෙන්නේ රුපියල් 800ක් වගේ මුදලක්. ඒ මිනිස්සු කොහොමද රුපියල් 800න් ජීවත් වෙන්නේ කියලා අපිට නම් හිතාගන්න බැහැ. අඩුම තරමේ 1200ක් වත් වෙන්න ඕනෙ හරි විසඳුමක් ලැබෙනකම්...!

:       1       2

විනිවිද Saturday, 08 October 2022 07:02 AM

තිරිඟු පිටි වතුකර ජනයාගේ දෛනික ආහාරයේ අත්‍යාවශ්‍ය අංගයක් නිසා තිරිඟු පිටි, සීනි සහ සහල්, සහ (පොල් හැකිනම්) ඔවුන් සේවය කරනා ආයතනයේ මැදිහත්ව ආයතනය තුළදීම දෛනිකව හෝ සතියකට අවශ්‍ය තිරිඟු, පිටි, සීනි සහ සහල් වර්ග 2ක් සේවකයින්ගේ කැමැත්ත අනුව එම සමාගම් මගින්ම ආරම්භ කරනලද budget shop මගින් සහන මිලට ලබාදීමට කටයුතු කල හැකිද කියා සොයාබැලිය යුතුවේ. එවිට වැඩකරනා සේවකයින්ගේ දෛනික වැටුපෙන් සේවකයා සේවය නිමවී නිවෙස් වෙත යාමට පෙර මිලදී ගනු ඇත. අවශ්‍ය වනුයේ සැලසුමක් සකස්කර සේවකයන් සමග සකච්ඡා කර සමාගම මගින් ඉතාම පහසුවෙන් ක්‍රමවත්ව මෙම කටයුතු කාර්යක්ෂමව කළ හැකිවේ. සමාගම සහ සේවකයා අතර සම්බන්ධතාවක් සහ සේවකයාට සමාගම මගින් සහ සමාගමට සේවකයාගෙන්ද වටිනාකම ලැබෙනු ඇත. සමාගම් සහ එහි හිමිකරුවන් සහ අධ්‍යක්ෂවරුන් නිර්මාණකරුවන් සහ මනුෂ්‍යත්වය අගයන පුද්ගලයන් විය යුතුයි. එවිට කළ නොහැකි ඕනෑම අපහසු කටයුත්තක් කළ හැකිවේ...!

:       0       4

ganegoda Saturday, 08 October 2022 12:38 PM

තේ හිටෙව්වෙත් මේ මනුස්සයෝ තේ වගාව නඩත්තු කරන්නෙත් මේ මනුස්සයෝ...! ඒත් කවුද මේ මනුස්සයින්ව හූරගෙන කන්නේ..? මෙන්න මේක තමයි අපේ තේ කර්මාන්තයට සාපයක් වෙලා තියෙන්නේ..!

:       0       7

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1422 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 8571 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 473 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 858 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 884 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 463 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37981 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site