IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


වත්මන් අර්බුදයේ සැඟවුණ යථාර්ථය

 

නොසිතූ ආකාරයෙන් කෝවිඩ්-19 වසංගතය මුලු රටම වෙළාගනිමින් සිටින තත්ත්වයක, මාරාන්තික වියවුලක සිරවී සිටී. 

රට පුරා නැගෙමින් තිබෙන අනතුරු ඇඟවීමේ නළා හඩවල ආරම්භය, පෙරමුණේ සිටම වසංගතය මර්දනය කිරීමට අරගල කරමින් සිටින දිවයිනේ වෛද්‍යවරුන්ගෙන් පැමිණිය යුතු වුවත්, එහිලා ගතයුතු වූ අවසන් තීරණය ගැනීමේ වගකීම, වෛද්‍යවරුන්ගෙන් දුරස්ව - වෙනත් මගක යමින් පැවතිණ. එම අවසන් තීරණය ගැනුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනපති කාර්යාලයේ දී රැස්වූ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී ය. 

ආර්ථිකයට හානි වනු ඇතැයි වූ බිය නිසා, රටම අගුලුලෑමේ අවශ්‍යතාවයක් නැතැයි දැඩි තීරණයක සිටි පාලක සන්ධානයේ නායකයින් කිහිපදෙනා අතුරින් ඔහුද එක් අයෙක් වේ. නමුත් හදිසි අවස්ථාවක දී, එදා ගත් පියවරම - අද නව මුහුණුවරකින් සහ නව නමකින් පැමිණීමට ඉඩ ඇත. 

අවසන අද එය එසේම වී ඇත. වෙනස්ව ඇත්තේ නම් පමණකි.

මැයි මස 1 සිට 14 දක්වා ගෙවී තිබෙන කාලයේ කෝවිඩ්-19 වෛරසය ආසාදනයව මියගොස් තිබෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 245 දෙනෙක් පමණ වේ. එයත් සමග මෙරට සමස්ත කෝවිඩ්-19 මරණ සංඛ්‍යාව මේ වන විට 1000 පසුකර ගොස් තිබේ. 

එය සැබැවින්ම අවධානය යොමුකළ යුතු කාරණයකි. තවත් කෙනෙකුගේ යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක් නිසා හෝ සම්පූර්ණ නොසැළකිලිමත්කමේ ප්‍රතිඵලක් නිසා හෝ, තවත් ශ්‍රී ලංකා පුරවැසියන් මරණයට පත්වීමට ඉඩහැරිය යුතුදැයි යන්න මෙතැන තිබෙන ගැටලුව වේ. 

දිනපතා ගෙනහැර දැක්වෙන ඉලක්කම් පසුපස තිබෙන සත්‍ය හෝ සත්‍ය පසුපස තිබෙන ඉලක්කම් බහුතරයක් දන්නේ වුවත්, තත්ත්වය හොද නැති බව පොදුවේ සියලු දෙනාම දනිති. එය උගැන්මට අවශ්‍ය අයෙක් වෙතොත් කළ යුතුව තිබෙන එකම දෙය වන්නේ එන්නත් ලබාගැනීමට ජනතාව පෙළගැසී සිටින පෝලිමක සිටගැනීම පමණකි. එතැන කිසිවෙක්, කිසිවෙකුව ප්‍රශංසාවට ලක් කරන්නේවත්, වර්ණනාවට ලක් කරන්නේවත් නැත. තොග අවසන්වීමට පෙර කෙසේහෝ කෝවිඩ්-19 මර්දන එන්නත ලබාගැනීම, ඔවුන්ගේ එකම යාච්ඥාවය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ජාතික ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමෙන් පසුව වහාම කෝවිඩ්-19 මර්දනය කිරීම සදහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ රැස්වීමකට සහභාගීවීම සදහා රාජගිරිය බලා ගියේය. 

එහිදී නිවේදනයක් නිකුත් කළ ඔහු බ්‍රහස්පතින්දා රාත්‍රී 11 සිට එළැඹෙන සදුදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවෙන බව පැවසුවේය. එසේ කෙරුණේ, එතෙක් අගුලුලා පැවැති ප්‍රදේශයන් විවෘත කැරෙන මෙන්ම තවත් ප්‍රදේශයන් අගුලු ලමින් පැවැති පසුබිමේමය. 

අලුත් බෝතලයක ලූ පැරණි වයින් මෙන් මෙසේ සංචරණ සීමා පැනවීම් සහ අගුලුලෑම් අතර, වෙනසක් නොමැත. අගුලුලෑම්වල මෙන්ම, සංචරණ සීමා පැනවීමේවලින් ද ජනතාව ඔවුන්ගේ නිවෙස්වලම රැදී සිටීම අපේක්ෂා කැරිණ. කෙසේවුවත්, මාර්ගයේ වාහන තදබදයේ සහ ජනතා ගැවසීම්වල වෙනසක් නොතිබිණ. අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේ වුවද ඇතැම් වාහන පෝලිම් කිලෝමීටර කිහිපයක් දුරට විහිද තිබෙනු දැකගත හැකිවිය. 
“පෝලිම පැන එන්න”යි ශබ්ද විකාශනයකින් කියයි

මේ අතර රජයට අයත් එක්තරා විසල් නිවස්නයක, ඒ හා සමානම විසල් ගෙවත්තේ ඉදිකර තිබූ එන්නත් ලබාදීමේ මධ්‍යස්ථානයක අමුතු දෙයක් සිදුවෙමින් පැවතිණ. 

ඇස්ට්‍රාසෙනාකා එන්නතේ දෙවැනි මාත්‍රාව එහිදී ලබාදෙමින් පැවැති අතර, හදිසියේම ශබ්ද විකාශනයකින් නම් කිහිපයක් නිවේදනය කරමින් එන්නත් මධ්‍යස්ථානය වෙත පැමිණෙන්නැයි දැනුම්දුණි. පෝලිමේ සිටි එම නම් සඳහන් වූවෝ වහ වහා ගොස් එන්නත ලබාගත්තෝය. ඔවුන්ගෙන් පසුව අනෙක් අයගේ වාරය පැමිණි විට එන්නත් අවසන් යැයි නිලධාරීහු පැවසූහ.

පොලිස් මුරපොලවල් ආදිය පිහිටුවා සංචරණ සීමා වඩා හොදින් ස්ථාපිත කැරෙණු ඇතැයි අපේක්ෂා කෙරුණ ද එසේ සිදුනොවීය. සංචරණ සීමා ඉවත් කැරෙන සඳුදා දිනයේ සිට පවා රාත්‍රී 11.00 සිට පසුදා අලුයම 4.00 දක්වා කිසිවෙකුටවත් නිවසින් බැහැරට යාමට අවසරයක් නොමැති බව හමුදාපතිවරයා පවසා තිබේ. 

මෙසේ හදිසියේ සංචරණ සීමා පැනවීමට ගත් තීරණය හමුවේ ඒ හා සමානවම කඩිමුඩියේ විවිධ පියවරයන් ගැනීමට මග පෑදීය. ඇඟලුම් කර්මාන්තශාලාවලට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට හැකිය. වසංගතයේ පැතිරීම අවම කිරීම සදහා තවත් පියවරයන් ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙන බව රජයේ ආරංචි මාර්ගයක් පැහැදිලි කළේය. 

කොළඹට තොග ගණනින් එළවලු ආදිය ගෙන ආ තොග වෙළෙන්දෝ, සංචරණ සීමා පැනවීමත් සමග කඩ වසා තිබෙනු දැක අතිශය කෝපයට පත්වූහ. ගැටලු පවතී නම් දිස්ත්‍රික්කයේ සිටින නිලධාරීන්ට ඒ බව දැනුම්දෙන්නැයි ආර්ථිකය නඟා සිටුවීම සදහා වන කාර්යසාධන බලකාය ජනතාවට දැනුම්දුන්නේ සැළකිය යුතු තරමේ ප්‍රමාදයක් සහිතවය. මෙම සියලු නිවේදනයන් කෙටි පණිවුඩ හරහා ලැබීම විශේෂයකි. 
දැන් රජයේ නව සන්නිවේදන මාධ්‍ය කෙටි පණිවුඩ සේවාව සෙයකි.


තත්ත්වය බරපතළයි

සෞඛ්‍ය බලධාරීන් හමුවේ වහාම තිබෙන අභියෝගය වන්නේ රෝහල් පිරී යමින් පැවතීමය. 
සිකුරාදා වන විටම කෝවිඩ්-19 ප්‍රතිකාර සදහාම වෙන්කර තිබූ සියලුම රෝහල් පිරී ගොස් තිබුණු අතර, එම ප්‍රතිකාර සදහා වාට්ටු දෙකක් වෙන්කර තිබූ කලුබෝවිල රෝහලේ එම වාට්ටු දෙකම පිරී තිබිණ. බදුල්ල, හෝමාගම සහ නුවර යන ප්‍රදේශ සැළකීමේ දී එම පළාත්වල රෝහල්වලට තවදුරටත් ඇතුළත් කරගත නොහැකි රෝගීන් යාබද රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගැනෙමින් පැවතිණ. මෙසේ ඉහළ යමින් පවතින ආසාදිතයන්ගේ ප්‍රමාණය සැළකිල්ලට ගෙන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන ද ඉදිකැරෙමින් පවතී. 

බරපතල මට්ටමේ නොවන ආසාදිතයන් ඔවුන්ගේ නිවෙස්වලම රැඳවීමටත් තීරණයක් ගෙන ඇත. එවැනි තත්ත්වයක ඔවුන්ට, වෛද්‍යවරුන්ගේ, හෙදියන්ගේ සහ වෛද්‍ය උපකරණවල පිහිටක් නැත. 

එක හේතුවක් නිසා නොව, හේතු ගණනාවක් නිසාම, වර්තමාන කෝවිඩ්-19 වසංගත තත්ත්වය පෙර පැවැතියාට වඩා බරපතලය. 

පළමුකොටම, මෙවර ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයමින් තිබෙන්නේ ඔවුන්ට උවටැන් කිරීම සදහා තවතවත් හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන ගොඩනැගීමේ අවශ්‍යතාව තීව්‍ර කරමිනි. එසේ ඉදි කෙරෙන හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානත් පිරී ගියහොත් කුමකින් කුමක්වේද ?

දෙවනුව, වසංගත තත්ත්වයට හේතුවී තිබෙන්නේ තැන් තැන්වලින් වාර්තාවන පොකුරු කිහිපයක් යැයි රජය නැවත නැවතත් කළ ප්‍රකාශය අද වන විට පදනම් විරහිත තත්ත්වයට පත්ව අවසානය. එසේ ප්‍රකාශ කිරීමේදී කිසිදු විනිවිදභාවයක් නොමැති බව දැන් පැහැදිලිය. වසංගතය රටපුරා විහිද ගොස් තිබෙන අතර, එය සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය දත්ත හා සිතියම් හරහා තහවුරු කර තිබේ. මෙවැනි තත්ත්වයක මේ සියල්ලේ තේරුම කුමක් ද?
පාලක සන්ධානය හමුවේ තිබෙන විශාලම අභියෝගය වන්නේ එයයි. 

ඇත්ත වසං කිරීම

කෝවිඩ්-19 වසංගතය මර්දනය කිරීමේ කටයුතු කෙරුණු ආකාරය අරබයා ජනතාව අතර දැඩි විවේචනයක් පවතින බව රහසක් නොවේ. එම කටයුතුවල දී, සත්‍ය දිගින් දිගටම ජනතාවගෙන් වසන් කෙරිණ. 

සතියක් පාසා ගත්විට වසංගත තත්ත්වය සම්බන්ධයෙන් වසංගතය මර්දනය කිරීමේ කටයුතුවල පෙරමුණේම සිටින එක් පාර්ශවයක් නිකුත් කළ නිවේදනයක් එහිම සිටින තවත් පාර්ශවයක් නිකුත් කළ නිවේදනයක් හා නොගැලපිණ. එසේ වූයේ ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා කිරීමේ පමණක් නොව එන්නත් ලබාදීම වැනි වසංගතය මර්දනය කිරීමේ කටයුතුවල දීත් ඒ වෙනස දක්නට ලැබිණ. 

ඇස්ට්‍රාසෙන්කා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ජනයා බලා සිටින්නේ එහි දෙවැනි මාත්‍රාව ලබාගැනීමටය. නමුත්, ඔවුන්ට දැනුම් දෙමින් තිබෙන්නේ තොග අවසන්ව ඇති බවය. ජනතාව කොතරම් බියට පත්වී ඇතිද යත් එන්නතක් ලබාගැනීමට ඇති අවස්ථාව මගහැරගැනීමට ඔවුන්ට කිසිදු අදහසක් නැත. 

රජයේ දේශපාලන පැවැත්ම ඉදිරි දින හා සති කිහිපයේ දී ඔවුන් රටේ පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය මත සම්පූර්ණයෙන්ම රදා පවතිනු ඇත. එසේ වුවද විපක්ෂයේ දේශපාලන පක්ෂ මේ තත්ත්වය හමුවේ පෙරට පැමිණෙමින් සිටින බවක් මින් අදහස් නොකෙරේ. 

කෝවිඩ් රෝගීන්ට සියලුම කඳවුරු වෙන්කර දී ගස් යට ජීවත්වීමට පවා යුද හමුදාව සූදානම් යැයි හමුදාපතිවරයා පවසා ඇති බව ඇත්තය. කිසිදු ආසාදිතයකු අත්නොහරින්නේයැයි ඔහු කියා ඇත. නමුත්, මීට පෙර පැවැති කොරෝනා රැලි සහ ඔවුන් එම අවස්ථාවල කටයුතු කළ ආකාරය සැළකිල්ලට ගත්විට, ජනතාව අතර වැඩි විශ්වාසයක් ජනිත නොවන බව සදහන් කළ යුතුය.


විශේෂඥයින් 6 හා ජනපති හමුව

රටේ වර්තමාන කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැඟෙනන්ට ගත් අනතුරු ඇගවීමේ සංඥාවල ආරම්භය, කෝවිඩ්-19 වසංගතයේ පැතිරීම මර්දනය කිරීමේ සහ වෛරසයේ ආසාදනයවීම් කළමණාකරණය කිරීමේ විශේෂඥයින් හය දෙනෙකු සමග ජනපති ගෝඨාභය රාජපක්ෂ ගෙවුණු සදුදා දින පැවැත්වූ රැස්වීම විය. මතුවෙමින් පවතින අන්තරායන් සම්බන්ධයෙන් ඔහු සිය අමාත්‍ය මණ්ඩලය ද එදිනම දැනුවත් කළේය. 

රැස්වීමේ දී මෙම විශේෂඥයින්ගේ කණ්ඩායම මතු කළ ප්‍රධාන කරුණුවලින් සමහරක් පහත දැක්වේ.

■ කෝවිඩ්-19 ආසාදිතයන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් හා අඛණ්ඩව ඉහළ යමින් පවතී.
■ දැඩි සත්කාර අවශ්‍ය අයවලුන්ගේ සහ කෝවිඩ්-19 ආසාදිතය මියයන අයවලුන්ගේ ප්‍රමාණය ද වේගයෙන් ඉහළ යමින් පවතී. 
■ ඔක්සිජන් ලබාදිය යුතු රෝගීන්ගේ ප්‍රමාණයත්, දැඩි සත්කාර ඒකකයට යොමුකළ යුතුව තිබෙන රෝගීන්ගේ ප්‍රමාණයත්, ඒ හා සමානවම ඉහළ යමින් පවතී.
■ පීසීආර් පරීක්ෂණ කිරීම සදහා පවතින පහසුකම්වල දැඩි හ`ිගයක්, විශේෂයෙන්ම දුර බැහැර ප්‍රදේශවල පවතින රෝහල්වල පවතී.
■ කෝවිඩ්-19 වෛරසය ආසාදිතව, රෝහලකට හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට හෝ යොමුවීමට අවස්ථාව ලැබෙන තෙක් නිවෙස්වලම රැදී සිටින අයවලුන් ද සිටිය හැකිය.
■ මෙවන් පසුබිමක, රෝහල් මත එල්ලව පවතින පීඩනය පහත හෙළීමේ සමත් ක්ෂණික ක්‍රියාකාරී සැළැස්මක් ක්‍රියාත්මක නොකළහොත්, සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියම පාලනයෙන් බැහැරව, සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වීමේ දැඩි අවදානමක් පවතී.
■ සෞඛ්‍ය සේවයේ සේවයේ නියුතු වෘත්තිකයන්ගේ ශාරීරික සහ මානසික වෙහෙස අවධානයට ගතයුතුම කාරණයකි. 
■ සෞඛ්‍ය සේවය කඩාවැටෙන තැනට පත්නොකරනු වස්, ඉහත සදහන් කර ඇති ආකාරයට, ආසාදිතයන්ගේ සීඝ්‍ර ඉහළ යෑම පාලනය කළ හැකි හා ඒ හරහා සෞඛ්‍ය සේවයට එල්ලවන පීඩනයත් පාලනය කළ හැකි, ක්ෂණික පියවරයන් ගැනීම අවශ්‍ය වේ.

කෝවිඩ්-19 වෛරසය යම්කිසි පුද්ගලයකුට ආසාදනය වීමෙන් පසුව, මූලික රෝග ලක්ෂණ මතුවීමට සති දෙකක කාලයක් ගතවේ. එතැන් සිට දැඩි සත්කාර සඳහා යොමුකිරීමට මෙන්ම මරණයට පත්වන තැන දක්වා රෝගය උත්සන්නවීමට තවත් සති දෙකක කාලයක් ගතවේ. ඒ අනුව ගත්විට, වර්තමානයේ වාර්තා වන මරණ ප්‍රමාණය මීට මාසයකට පමණ පෙර වෛරසය ආසාදනය වූ අයවලුන්ගේය. 

එසේ නම්, ඉදිරි සති 3 හෝ 4 ඇතුළත තව තවත් ආසාදිතයන් මෙන්ම මරණ ද වාර්තාවීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. එනිසා අද ම යම් පියවරක් නොගතහොත්, ආසාදිතයන්ගේ ප්‍රමාණය වේගයෙන් ඉහළ යාම නොවැළැක්විය හැකිය. එවන් අවස්ථාවක එම තත්ත්වය පාලනය කිරීම සදහා කුමන අයුරකින් හෝ වේවා ගැනෙන කිසිදු පියවරකින් ඵලක් නොවනු ඇත.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර



අදහස් (0)

වත්මන් අර්බුදයේ සැඟවුණ යථාර්ථය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 827 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site