IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විදුලිය අර්බුදයේ නොදකින පැත්තක්

ජලාශවලට ප්‍රමාණවත් වැසි ලැබී ඇති නිසා විදුලි බලය කපා හැරීම සීමා කළ හැකිය යන පුවත අගෝ. 15 වැනි දින පුවත්පත්වල පළ වුවද එදිනම නොරොච්චෝලේ කඩාවැටුණු නිසා විදුලි බලය කපා හැරීම පැය තුනකට දීර්ඝ කරන බව 16 වැනිදා පුවත්පත්වල පළ විය.

සාමාන්‍යයෙන් නවීන තාක්‍ෂණයට වඩා කාලගුණය අවිනිශ්චිතය. එහෙත් කාලගුණයටත් වඩා අප යොදා ගන්නා තාක්‍ෂණය අවිනිශ්චිත වී තිබේ. තාක්‍ෂණයටත් වඩා අපගේ විදුලි අර්බුදයට හේතු වී ඇත්තේ විදුලිබල උත්පාදනයට යොදා ගන්නේ ෆොසිල ඉන්ධන ද නැතහොත් ස්වාභාවික බලශක්ති මූලාශ්‍ර ද යන ප්‍රශ්නයයි. විදේශ සංචිත හිඟවීම හේතුවෙන් ෆොසිල ඉන්ධන කලට වේලාවට සපයා ගැනීමට නොහැකි වූ නිසා මේ වසරේ මුලින්ම විදුලිය කැපීම ඇරඹිණි. ඒ ජලාශවලට ප්‍රමාණවත් වැසි නොලැබුණු මාසවලදීය.

ෆොසිල ඉන්ධන දහනයෙන් විදුලි බලය උත්පාදනය කිරීමේදී වැයවන මුදලට වඩා ජලය, සුළං හා හිරු එළිය භාවිතයෙන් විදුලිය නිපදවීමේදී වැයවන වියදම ඉතා අඩුය. ඒ සඳහා විදේශ විනිමය වැය වන්නේ යොදා ගන්නා තාක්‍ෂණයට මිස ශක්ති මූලාශ්‍රයට නොවේ. මහා පරිමාණයෙන් ජල විදුලිය උත්පාදනයේදී විදුලි ඒකකයකට වැයවෙන මුදල සාමාන්‍යයෙන් රුපියල් 6කි.

දැනට පවතින තත්ත්වය අනුව සුළං බලයෙන් නිපදවන විදුලි ඒකකයට රුපියල් 16ක් වැයවන බවත් සූර්ය විදුලි ඒකකයට රුපියල් 24 බැගින් වැය වන බවත් ඒ පිළිබඳ විශේෂඥ දැනුම ඇත්තෝ වාර්තා කළහ. ඊට සාපේක්‍ෂව ගල්අඟුරුවලින් නිපදවන විදුලි ඒකකයකට රුපියල් 40ක් බැගින් වැයවන අතර ඩීසල් මගින් විදුලිය නිපදවීමේදී ඒකකයකට යන වියදම රුපියල් 60 සිට 120 දක්වා වැඩි වේ. 

වැයවන මිල ගණන් සසඳා බැලූ විට විදුලි අර්බුදයට කළ යුතු පිළියම ඉතා පැහැදිලිය. එහෙත් 2018 පටන්, සුළං, සූර්ය බල හා කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති උදෙසා ඉදිරිපත් වූ ආයෝජකයන්ට අවසර නොලැබුණේය. එසේ සිදු වූයේ අප ෆොසිල ඉන්ධන දහනය මගින් බලශක්තිය නිපදවීම මීළඟ දශකය තුළ අවම කරන්නට ලෝකයාට පොරොන්දු වී තිබියදීය. අපගේ ජාතික ප්‍රතිපත්තිවල එම ඉලක්කය අන්තර්ගත විය. 

ගල්අඟුරු සඳහා වැය කරන වියදම්, ලෝක වෙළඳපොළේ ගල් අඟුරු මිල දෙගුණයකින් පමණ ඉහළ යාම නිසා පසුගිය දෙවසර තුළ දෙගුණ වී තිබේ. රුසියා - යුක්රේන යුද්ධය නිසා වෙනත් ඉන්ධන මිලද ඉහළ ගියේය. රටේ අභ්‍යන්තර පරිපාලනයේ දුර්වලතා නිසා විදේශ සංචිත පතුලටම සිඳී ගියේ ඒ අව් අස්සේය. සියලු අනුවණකම්වල ප්‍රතිඵලවලට දැන් මුහුණ දෙන්නට සිදුව තිබේ. රටේ ජනතාව දිනකට පැය කිහිපයක් අඳුරේ ගිලෙමින් අඳුරටත්, අඳුරේ ඉන්නට සැලැස්වූ උදවියටත් ශාප කරති. 

අඳුරට ශාප නොකර එක පහනක් හෝ දැල්විය යුතු බැවින් දැන් මීට පෙර කළ අනුවණකම්වලින් මිදෙන්නට කාලය පැමිණ තිබේ. ඒ සඳහා දැනටමත් රජය පියවර කිහිපයක් ගෙන තිබීම සතුටට කරුණකි. සුළං හා සූර්ය බලශක්ති ව්‍යාපෘති සඳහා අවසර දීමට රජය පියවර ගෙන තිබේ.

එසේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූලික පියවර ගැනීම් උදෙසා යෝජනා ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කර තිබේ. විදුලි බල මණ්ඩලය හේතු කිහිපයක් නිසා විදුලි ගාස්තු ඔස්සේ ජනතාව පිට පටවන බර වැඩි වුවද ඒ සඳහා ප්‍රධානම හේතුව වී ඇත්තේ ෆොසිල ඉන්ධන සඳහා වැය කරන පිරිවැය වැඩි වීමය. එම නිසා බලශක්ති මූලාශ්‍රය වෙනස් කිරීමට වැඩි බර යෙදිය යුතුය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, ආසාධාරණ ලෙස මහජනතාවට පිරිවැය, බර පැටවීමට ඉඩ නොදිය යුතුය. ෆොසිල ඉන්ධන සපයා ගැනීමේදී යම් අක්‍රමිකතා සිදුවී ඇත්නම් එහි මිල පාරිභෝගිකයන් දැරීමද සාධාරණ නොවේ. එසේම විදුලි බල මණ්ඩලයේ අකාර්යක්‍ෂම කළමනාකරණය නිසා වැයවෙන අමතර පිරිවැය ජනතාව පිට පැටවීමද අසාධාරණය. ඒවා ඉදිරියේදී නිවැරැදි විය යුතුය.

විදුලි බලය නිපදවීම උදෙසා ඉන්ධන ආනයනයට අප දිගින් දිගටම විදේශ විනිමය වැය කිරීම මෙහි ඇති පළමු අනුවණකමයි. අපේ රටට ප්‍රමාණවත් ඉර එළිය (විශේෂයෙන් වියළි කලාපයේ) වසර පුරා ලැබේ. ඉන්දියාවේ දක්‍ෂිණ කඳු සහ අපගේ මධ්‍යම කඳුකරය අතරින් හමා යන සුළං ධාරාවේ ආශිර්වාදය අපට හිමිව තිබේ.

ඒවා උපයෝගි කර ගන්නට අප සතුව තාක්‍ෂණ සහ මූල ධනය නැත්නම් කළ යුත්තේ තාක්‍ෂණය සහ ප්‍රාග්ධනය ඇති රටකින් ඒවා ලබාගෙන එම ස්වාභාවික සම්පත් උපයෝගි කර ගැනීමයි. ඒ සඳහා (දැනට අඳුරට ශාප කරමින් සිටිනා) රටේ ජනතාවගේ ආකල්පමය වෙනසක් ද ඇති විය යුතුය.

ඉන්දියානු සමාගමක් හා එක්ව රජය සුළං බලය ඔස්සේ, මෙගාවොට් 500ක විදුලි බල උත්පාදනයකට අවසර දී ඇති බව අසන්නට ලැබිණි. අප රටට අවශ්‍ය විදුලි බලය මෙන් සිය වාරයක් විදුලිය නිපදවීමේ විභවතාව ඉන්දියාවත්, ශ්‍රී ලංකාවත් අතරින් හමා යන සුළං ධාරාවේ පවතින බව විශේෂඥයෝ කියති. එය මෙරට ඉදිරි සංවර්ධන සැලසුම්වලට ද උපරිම අයුරින් ඉවහල් කරගත යුතුය.

(***)



අදහස් (2)

විදුලිය අර්බුදයේ නොදකින පැත්තක්

jaya Monday, 22 August 2022 01:48 PM

කතාකරන සියල්ලන්ටම රුපියල් සියයට 80%කට වඩා කඩා වැට්ටවීම නිසා සිදුවී ඇති විනාශය නොතේරේ...!

:       0       3

nak Wednesday, 24 August 2022 08:20 AM

විදුලි බල මන්ඩලයේ නාස‍්තිය ග‍ැන එක් උදාහරනයක් දක‍්වනවා නමි ඉහල කොත්මලේ බලාගාරයේ සේවක ප්‍රවාහනය ද‍ැක‍්විය හ‍ැකියි. බලාගාරය කොත්මලේ ජලාශයේ කඩදොරපිටිය ඉවුරේ පිහිටා අ‍ැති අතර සේවක නිවස‍්න පිහිටා අ‍ැත්තේ ඊට කෙලින‍්ම ප්‍රතිවිරුද්ධ පැත්තේය. එම සේවකයින් දිනපතා සේවයට ගෙනඒමට හා සේවය අවසන‍් කර න‍ැවත ගෙදරට ගෙන යාම සදහා දිනපතා වෑන‍් රියක‍් ජලාශය වටා දෙපසට කි.මී. 12/13ක් ගමන‍් කරයි. ජලාශය මතින‍් බෝට්ටුවකින් ගමන‍් කරනවා නමි ඇත්තේ කිලෝමීටර් 1ක පමන දුරකි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1608 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 10117 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 495 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 874 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 918 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 473 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site