විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම සිත්ගන්නා සුළු ප්රගතියකි.
මෙහි අරමුණ වන්නේ එය ප්‍රතිදානයක් වූ දේශපාලන පත්වීමක් ලෙස පිරිනැමීම අනුමත නොකොට එහි අගය පිළිඹිබු වන අයුරෙන් හා එහි වටිනාකම ඉහළ නැංවීම උදෙසා ශ්‍රී.ලං.වි.සේ සංගමය වෘත්තීය නිපුණත්වය දක්ෂතාව අවශ්‍ය ක්ෂේත්රයක් බව පෙන්වා දීම ඒ සඳහා උපකාරී වේ. ශ්‍රී ලං.වි. සේවා සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, එම කාර්ය කරා පිවිසීමේ දී පැන නගින ප්‍රශ්න හුවා දක්වන්නේ එම අභිප්‍රායෙනි.
දැනට ක්‍රියාත්මකව පවතින පිරිසිදු ශ්‍රී ලංකාවක් වැඩ සටහෙන් අංගයක් ලෙස ශ්‍රී ලංකාවේ පිරිසුදු විදේශ සේවාවක්/ තානාපති සේවාවක් වෙනුවෙන් පෙනී සිටීම කාලීන අවශ්‍යතාවකි.
අවශ්‍ය සමස්ත ප්‍රතිසංස්කරණවලට ශ්‍රී ලංකා විදේශ සේවා පනත වැනි නෛතික රාමුවක් ද ඇතුළත් විය යුතුය.
වෘත්තීය නිපුණත්වය පවත්වා ගැනීමේ අභියෝග
ජාත්‍යන්තර සම්බන්ධතා මෙහෙයුමක් සාර්ථකත්වය හා විදේශ සේවාවක ඵලදායි බව රඳා පවතින්නේ උපදෙස් ගැනීමට සාකච්ඡා කිරීමට හා පොදු සම්මුති ගොඩනැගීම සඳහා දායකවීමට ඊට ඇති හැකියාව හා දක්ෂතාව මතයි. ජාත්‍යන්තර සම්බන්ධතා මෙහෙයුම්වල දී බිය ගන්වා මැඩ පැවැත්වීමට හෝ කම්පනයට පත් කිරීමට මාන බැලීම අදාළ වන්නේ නැත. එය වෙනත් වෘත්තීමය ක්ෂේත්රයකට අදාළ වූවක් මිස තානාපති සේවාවට අයත් වූවක් නොවේ.
සංගමයේ නිලධාරින් මහජනයා ඉදිරියට ගොස් යම් පිළියමක් සෙවීමට පෙර මෙම කාරණය අමාත්‍යවරයා නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ සාකච්ඡා කළේද යන්න පැහැදිලි නැත. විදේශ සේවා නිලධාරීන් හා වෘත්තීය සමිති නිලධාරීන් අතර පැහැදිලි වෙනසක් තිබේ. අනෙක් වෘත්තිකයක් මෙන් නොව, තමන්ගේ ගැටලු සඳහා විසඳුම් සෙවීමේදී ඔවුන් උපයාශීලී නොවුණ හොත් එම අවදානම දැරීම වරදක් වනු ඇත.
විදේශ දූත මෙහෙවර / තනතුරු 61ක් එතෙර රටවල ශ්‍රී ලංකාව සතුව ඇති බැවින් එවැනි කටයුත්තක නියැළීම හිතකර වනු ඇත. විදේශ අමාත්‍යාංශයේ අංශ 23ක කටයුතු පවත්වාගෙන යාම සඳහා අවම නිලධාරීන් සංඛ්‍යාවක් කොළඹට අනුයුක්ත කළ පසුව දැනට ශ්‍රී.ල.වි.සේ සංගමයේ ඉහළම මට්ටමේ කාඩරය (නිලධාරී සමූහය) මෙම තනතුරු සියල්ල පුරප්පාඩු පිරවීමට ප්‍රමාණවත් නොවනු ඇත.
ශ්‍රී ලංකා වි.සේ. සංගමය මාධ්‍ය නිකුතුවෙන් මතු කර ඇති ගැටලුව ඊටත් වඩා අභියෝගාත්මක ලෙස අවස්ථා ගණනාවක දී දශක ගණනක් පුරා මතු වූයේය.
2005 සිට 2010 දක්වා දූත මෙහෙවර හා විවිධ අග නගරවල පහළ තනතුරු දරන තානාපතිවරුන් ලෙස නම් කරමින් දේශපාලන පත් කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් සිදු කෙරිණි. විදේශ ධූත මෙහෙවර ප්‍රධානීන් ලෙස තනතුරුවලට පත් කිරීම උදෙසා විදේශ නිලධාරීන් තෝරා ගැනීමේ දී ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතා නොසලකා හැරීම නිසා ෙමම සුදුසුකම් සහිත නිලධාරීන් හට දැඩි අසාධාරණයක් සිදුවිය.
දේශපාලන පත්වීම් දීම 2016 දී මෛත්‍රී - රනිල් පාලනය දක්වාම අඛණ්ඩව සිදු විය.
ඓතිහාසික සන්දර්භය හා අභ්‍යන්තර දේශපාලනය
2018 දී දින පනස් දෙකේ ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සිදුවූ කාලය තුළ ප්‍රධාන දූත මෙහෙවර උදෙසා ව්‍යවස්ථාපිත වලංගු භාවය ප්රශ්නකාරී වූ පාලනයෙන් (අවසානයේ එම පාලනය නීත්‍යනුකූලව නොවූ බව මහාධිකරණයෙන් තීරණය වූයේය.) කරනු ලැබූ නම් කිරීම් ඇතැම් විදේශ සේවා නිලධාරීහු පිළිගත්හ. ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ නිලධාරීන් අනතුරුව පැමිණි ආණ්ඩුවලින් දඬුවමට යටත් කෙරිණි. 2005 පටන් විදේශ සේවා නිලධාරීන් දේශපාලන බලධාරීන් සමඟ හවුලේ පෞද්ගලික වාසි සඳහා ගැනීමට මාන බැලූ අවස්ථා බොහෝය. සුදුසුකම් සහිත අනෙකුත් නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා පතුරුවා හැර ඔවුනට හානි කරන්නට ඇතැම් අය දේශපාලන සම්බන්ධතා පවා භාවිත කළහ. ඊළඟ දූත මෙහෙවරෙහි ප්‍රධානත්වය දරන්නට කවදා කවුරු කොතැනට යන්නේ ද යන්න තීරණය කිරීම කෙමෙන් කෙමෙන් අමාත්‍ය සංස්කෘතියේ කොටසක් බවට පත් වී අද පවා ඊටත් වඩා තිබූ ලෙස එය ක්‍රියාත්මක වේ.
2020 සිට 2022 දක්වා ගෝඨාභය ජනාධිපති පදවිය හෙබ වූ කාලයේ දී තානාපති සේවා හා ධූත මෙහෙවර ප්‍රධාන තනතුරුවලට කිසිදු ලජ්ජාවකින් තොරව වෘත්තීය ප්‍රවීණත්වය සුදුසුකම් ආචාර ධර්ම හෝ විදේශ සේවා නිලධාරීන්ගේ කනස්සල්ල ද නොතකා දේශපාලන පත්වීම් කරනු ලැබුවේය.
මටද දේශපාලන පත්වීම ලැබූ අයකුට ස්ථීර නියෝජිත ලෙස කටයුතු කිරීමේ කාර්ය පවරා ජිනීවා නුවරින් එන්නට සිදු වූයේ මාස කිහිපයකින් පසු මා ආපසු කැඳවූ නිසාය.
අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ උදෙසා හඬ නැගීම
2016 දී එ.ජා. පෙරමුණු රජය අභ්‍යන්තර ප්‍රතිව්‍යුහගත කිරීමක අවශ්‍යතාව පවසමින් සමස්තයක් ලෙස විදේශ සේවාවේ අරමුණු දිශානුගත වීම හා හැකියාවන් නිරන්තරයෙන් ප්‍රශ්න කරනු ලැබිණි. රටේ අවශ්‍යතාවලට සරිලන වෘත්තියේ ක්‍රියාකාරකම් ඉටු කිරීමට නොව පෞද්ගලික ලාබ ප්‍රයෝජන අරමුණුකර ගැනීම දක්වා පරාසයක විවේචන එල්ල වූයේය.
පුද්ගල කේන්ද්‍රගත වීම, අකාර්යක්ෂමතාව හා අධීක්ෂණ දුර්වලතා යන චෝදනාවන්ට විදේශ සේවාව ලක්විය. ආකල්පමය ගැටලු විවේචනයට ලක්වීමට සැහැල්ලුවෙන් සලකා ඉවත ලිය නොහැකිය.
ශ්‍රී.ල.වි.සේවාව විවේචනයට ලක් කිරීමෙන් යුතුව පරීක්ෂා කිරීම එහි දක්ෂතා හා වෘත්තීය නිපුණතාව නැංවීමේ වඩාත් හොඳ ප්‍රවේශය බව එම විවේචනවලට ප්‍රතිචාර දැක්වූ ඇතැම් නිලධාරීහු සිතූහ. අයකුගේ ආකල්පමය ගැටලු තවත් අයකු විසින් ඵලදායි ලෙස පරීක්ෂා කිරීම කළ නොහැකි බැවින් අපක්ෂපාතී මැදිහත් වීමක් සහ නිරීක්ෂණයක් අවශ්‍ය වූයේය. පළමුව අපව ප්රතිසංස්කණය කරනු යන කාරණය උදෙසා ඒ වෙනුවෙන් 2016 දී ස්වේච්ඡා පදනමෙන් පත්‍රිකාවක් සකස් කළ ද ඇතැම් සගයන් ඒ සඳහා කැමැත්ත නොදැක්වූ නිසා එය අතහැර දමන ලදී. එය විදේශ සේවාවේ කිසිවකුගේ අවධානයට නතු නොවූ කාරණයක් පවතී.
අදේශපාලනිකරණය උදෙසා වර්තමානු ඉල්ලීම හා ආත්ම වංචාව පිළිබඳ ගැටලුව
අපව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ ඉහත ඉල්ලීමට විරෝධය පෑ ඇතැම් නිලධාරීන් තානාපති සේවය දැන් දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් ඇවිස්සී මාධ්‍ය වෙත කරන නිවේදන උදෙසා දායක වනු පෙනේ.
සිත්ගන්නා කාරණය නම් තම සාමාජිකයාට නිසි පිළිගැනීමක් ඉල්ලා සිටීමට ශ්‍රී.ල.වි.සේ ය ධෛර්යය උපදවා ගැනීම ජජබ රජයකට අවශ්‍ය වීමයි.
මාධ්‍ය නිවේදනයෙන් වෘත්තීය ප්‍රවීණ භාවය සහ කුසලතාව පිළිගැනීමට ලක්වීමේ වැදගත්කම හුවා දක්වා තිබේ.
වර්තමානයේ කුසලතා හා නැවත සුදුසුකම් ලබා දූත මණ්ඩල ප්‍රධානීන් වන්නට අපේක්ෂා තබාගෙන ඇති වෘත්තියත් කුසලතාව හිමිකරගෙන ඇති අය වෙතියි, යන පණිවිඩය සන්නිවේදනය කිරීම මාධ්‍ය නිවේදනයේ අරමුණු වී ඇත.
ධූත මෙහෙවරෙ දී යම් අයෙකු කෙරේ ධනාත්මක ප්‍රතිරාවයක් ගොඩ නැගීම අසාමාන්‍ය කරුණක් නොවේ. කෙසේ වුවද පසුගිය කාලයේ රජයෙන් ඉතා වැදගත් ප්‍රධාන නගරයක මහ කොමසාරිස් පදවියට නම් කළ විදේශ සේවා නිලධාරියකු සම්බන්ධයෙන් පළිගැනීමේ චේතනාවෙන් හා ද්වේෂ සහගතව නිකුත් කළ පණිවිඩ මා හට ලැබිණි. මෙම පණිවිඩ පැමිණියේ දැන් වෘත්තිය ප්රවීනත්වය හා කුසලතාව වෙනුවෙන් පෙනී සිටින ශ්‍රීල.වි.සේවා සංගමයේ ඇතැම් සාමාජිකයන් වෙතින් බවට කිසිදු සැකයක් නැත. ඒ ඔස්සේ නාම යෝජනා බාර ගැනීම පිණිස ඔවුන්ට අදාළ නිර්ණායක පිළිබඳ ප්‍රශ්න මතුවේ.
මේ දැන් වෘත්තීය ප්‍රවීණත්වය හා කුසලතාව පිළිගැනීමට හඬ නගන සැබවින්ම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 2017 දී විශේෂ ශ්‍රේණියට උසස් කිරීම ප්‍රමාද කිරීමට කුමන්ත්‍රණය කළ අයම නොවේද? ඔවුන් අනවශ්‍ය පරිදි අවහිරකට ලක් නොකළේ නම් ඔවුන් වඩාත් කලින් උසස් වීම් ලබනු ඇත. 2019 දී එවකට අමාත්‍යාංශ ලේකම්වරයා මෙකී නිලධාරීන් සමඟ කුමන්ත්‍රණය කළේ හුදෙක් රාජ්‍ය සේවා කොමිසමෙන් ප්‍රතික්ෂේප කරනු ලැබීමටයි.
ස්වයං ප්‍රතිසංස්කරණය වීමේ අවශ්‍යතාව වර්ධනය
විදේශ සේවාව සියුම් පරීක්ෂාවට ලක් කොට වැරදී ගිය තැන් සොයා බලා එය ප්‍රතිසංස්කරණයට ලක් කිරීමෙන් දක්ෂතාවන් හා වෘත්තිය ප්රවීනත්වය නැංවීමට උත්සාහ දැරීම උදෙසා තවමත් ප්‍රමාද නැත. එය පසුව කරනු වෙනුවට කඩිනමින් එවැනි ක්‍රියාදාමයක් ආරම්භ කිරීම යහපත් බව සිත් හි තබා ගැනීම වැදගත්ය.
ශ්‍රී.ලං.වි සේවාවේ නිලධාරීන් නිරන්තරයෙන්ම පෞද්ගලික ආත්මාර්ථකාමී අභිමාතාර්ථ උදෙසා මිස දිවයිනේ අනෙකුත් සේවාවන් වෙන් නොවන්නේ ද යන්න කටුක යථාර්ථයයි.
සේවාවේ සමස්ත වුවමනා එපාකම් තර්ජනයට ලක් වූ අවස්ථාවල ඔවුහු එක්සත් ස්ථාවරයකට ගොනු වීමට නිතරම අපොහොසත් වූහ.
තම සගයින් දේශපාලන වශයෙන් පීඩාවට පත්වන ගොදුරක් බවට පත්වූ අවස්ථාවල ඔහුන් නැගී සිටියේ නැත. උදාහරණයකට ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ ගිහාන් ඉදාගුප්ත ජිනීවා නුවරින් ආපසු කැඳවා ඔහු ජීවිත අවදානමකට ලක් වූ අවස්ථා දැක්විය හැකිය. ඇතැම් එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විපක්ෂ දේශපාලනඥයන් සහ මාධ්‍ය යම් ස්ථාවරයකට පැමිණිය ද විදේශ සේවාවෙන් එවැන්නක් සිදු වූයේ නැත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවේ දූත මෙහෙවරේ යෙදී සිටි ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීහු ඔහු පීඩාවට පත් කිරීමට හැකි සෑම කාර්යයක්ම කළෝය.
විදේශ සේවා නිලධාරීන් යම් කාරණයක් සම්බන්ධයෙන් යම් ස්ථාවරයකට පැමිණිවිට සංගමය භාවිත කළේ තෝරාගත් කිහිප දෙනාගේ වැඩි දුර අවශ්‍යතාවන් පිණිසු වූ වාහකයක් ලෙසටයි. 2018 දී විශේෂ ශ්‍රේණි යෝජනාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ දූත මෙහෙවරේ නියෝජ්‍ය ප්‍රධානීන්ට තානාපතිමය දීමනා දීම පිළිබඳ සොයා යෑමට ඔවුහු පෙළඹුනෝය.
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් (සැවොම නොව එහෙත් බොහෝ දෙනකු) වෘත්තීය ප්‍රවීණත්වය නැංවීමට ශීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය හා සමගාමී වීමට, රටේ අවශ්‍යතාවලට දායක වීමට ශ්‍රී ලංකාවේ දී විදේශ රටවලදීත් කිනම් පියවර ගෙන ඇත්තේ ද? සේවාව තුළ සිටින දක්ෂ තරුණයන් දැනුමෙන් පෝෂණය කිරීමට කොතරම් ඵලදායි මෙහෙවර ඔවුන් කර තිබේ ද ඔවුන් වෙනුවෙන් දී ඇත්තේ කිනම් ආදර්ශයක් ද?
ශ්‍රී ලං.වි.සේවා සංගමය මාධ්‍ය නිවේදනයේ ජා.ජා බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ දැක්වෙන කරුණු උපුටා දක්වමින් විදේශ අමාත්‍යාංශය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ශ්‍රී ලංකාවේ දූත මෙහෙවර ඇගයුම් කිරීමේ දර්ශකයක් තහවුරු කිරීම ආදිය පිළිබඳව කරුණු සඳහන් කරයි. එසේම ශ්‍රී ලංකාවේ තානාපති සේවයේ කාර්ය සාධනය ඇගයුම් කිරීම හා අධීක්ෂණ යාන්ත්‍රණයක් ගැන ද කරුණු සඳහන්ය. මෙම තත්වය කරා ළඟා වීමට හා එම තත්වය තහවුරු කර ගැනීමට සේවාව හා සංගමය කිනම් දෑ කර තිබේ ද?
ඔවුන් අදේශපාලනීකරණය යන කාරණය කුසලතාව අරමුණ කොට පවත්වාගෙන යාමට සේවාවේ සාමාජිකයන් වෙනුවෙන් පෙනී සිටී නම් ඔවුන් වැදගත් ප්‍රධාන නගරවලට මහ කොමසාරිස්වරුන් ලෙස දක්ෂ සගයන් පත්කළ විට විරෝධය පළ කරන්නේ ඇයි ?
මෙම සේවාව අමාත්‍යාංශයේ දී විදේශ දූත මෙහෙවරේ දී කුසලතාව පොදු වගකීම සහ අන්‍යෝන්‍ය ගරුත්වය ප්‍රවර්ධනය වන ආකාරයේ වෘත්තීය ප්රවීනතාව විදහාපාන සංස්කෘතියක් පවත්වාගෙන තිබේද? පිළිතුර නැත, යන්න නම් එසේ නොකළේ ඇයි ?
විදේශ සේවාව අව්‍යාජ ලෙස වෘත්තීමය උසස් මට්ටමේ නම්, ඔවුන් එතෙර පැවරුම් සියල්ල එකසේ වැදගත් ඒවාට ආවේනික අරමුණු සහිත වුවක් ලෙස නොසලකන්නේ ඇයි ?
විශේෂිත තනතුරුවලට අනෙක් ඒවාට වඩා ප්‍රමුඛතාව දීම තුළ සියලු පැවරුම්වල අගය නොසලකා හැරෙන අතර යමෙකුගේ හැකියාව අනුව උපරිම හොඳින් කාර්යය ඉටුකිරීමේ අවශ්‍යතාව නොසලකා හැරේ.
විදේශ සේවාව විසින් කඩිනමින් විසඳාගත යුතු ප්‍රශ්න ගණනාවක් අතරින් මේවා කිහිපයකි. රජය ද මේවා බැරෑරුම් කොට තැකිය යුතු වන අතර විදේශ දූත මෙහෙවර ප්‍රජාව ද මේ ගැන සැලකිය යුතුය.
ශ්‍රී ලංකා විදේශ සේවාව ප්‍රතිසංස්කරණය කිරීම
අවසාන වශයෙන් ජාජබ බලයට ඒමට පෙර විදේශ තානාපති සේවාව දේශපාලනීකරණය නොකරන බවට සහතික විය. කෙසේ වුවද අතීතයේ සිදු වූ ආකාරයටම නොකඩවා තානාපති සේවාවට දේශපාලන පත්වීම සිදු කරන බව පෙනී යමින් තිබේ.
මීට පෙර ලිපිවල රටේ විදේශ සේවාවේ කාර්යක්ෂමතාව නැංවීමට නම් අපගේ විදේශ දූත මෙහෙවර කාර්ය මණ්ඩලයේ ප්‍රමාණය නිවැරදි කිරීම පිණිස රජය කරුණු සඳහා බැලිය යුතු බව මම යෝජනා කළෙමි. එකී නිවැරදි ප්‍රමාණය (සංඛ්‍යාව) සහ ශ්‍රීලං.වි. සේවාව ප්‍රතිසංස්කරණය කිරීම අවධාරණය කිරීමට දැන් කාලය පැමිණ තිබේ.
ඒ මගින් ප්‍රවීන සේවා පිරිසකට අපගේ විදේශ දූත මෙහෙවරේ වගකීම හොඳින් ඉටු කිරීමට හැකිවනු ඇත. මෙම ප්‍රවේශය ඔස්සේ විදේශ දූත මෙහෙවර ප්‍රධානීන් හෝ තනතුරුවලට දේශපාලන පත් කිරීමේ අවශ්‍යතාව සමනය වනු ඇත.
විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරීන් දූත මණ්ඩල ප්‍රධානීන් ලෙස පත් නොකිරීමේ රජයේ තීරණය එකඟ විය හැකි තීරණයකි. විශ්‍රාමලත් මහාචාර්යවරුන් විනිසුරන්, පක්ෂ හිතවතුන් හා විද්වතුන් ඇතැම් අනෙකුත් පිටස්තර අය නිරන්තරයෙන්ම පත් කළ නිසා මේ ගැන සළකා බැලීම වැදගත් වේ. මෙම තත්වයට අඛණ්ඩව පවත්වා ගැනීම එහි ඇති බැරෑරුම් බව සළකා කළ යුත්තකි.
(***)
2025 පෙ.බ 11 Daily Ftහි පළවූ
Advocating for clean Foreign Service.
Challenges ahead ලිපියේ පරිවර්තනය සමන් පුෂ්ප ලියනගේ
විදේශ තානාපති සේවය දේශපාලනීකරණය කිරීම නවත්වා ඒ උදෙසා වෘත්තිය ප්‍රවීණත්වයත්, කුසලතාවත් පිළිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය
ලබුගම සහ කලටුවාවේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන කැලණි ගඟට මේ වෙන විට තඹ සහ පිත්තල නිස්සාරණ සමාගමක බැර ලෝහ එක් කරන බවට චෝදනාවක් එල්ල වෙයි. කැලණිය පෙතියාගොඩ ප්
මේ වනවිට සමස්ත සමාජය කතාකරන ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙන්නේ ‘අපරාධ’ ය. පොදු සමාජය අතර එතරම් ජනප්‍රිය මාතෘකාවක් බවට මෙය පත් වූයේ ඇයි? මෙරට ඉතිහාසය ප
හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරනු ලබන මහා සිව රාත්‍රිය අදට (26) යෙදී ඇත. ඒ නිමිති කරගෙන පහත ලිපිය පළ වේ.
දෙදහස් විසිපහ වර්ෂයට අදාළ අයවැය ලේඛනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හා දිනෙන් දින වර්ධනය වන මිනිමැරීම් ඇතුළු පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ සමහර විව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟූ රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 71 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
විදේශ සේවාවත් ක්ලීන් කරමුද?