IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


විමර්ශන වෙනතක හරවන සංකීර්ණ සිදුවීම්

 

කාන්තාවන්, දරුවන් ඇතුලු 268 දෙනෙක්ට මරු කැදවූ 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පසුපස තිබෙන සිදුවීම්, දිනෙන් දිනම කුතුහලයෙන් පිරෙමින් තිබෙන සෙයකි.

ලොවක් දෙරුම් කැවූ මෙම ප්‍රහාරය පසුපස සිටින සැබෑ මොළකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමක් සිදුනොවනු ඇතැයි දැනටමත් මත පළවෙමින් තිබෙනුයේ ඉතා ප්‍රබලවය. අනාවරණයව ඇති කරුණු කාරණා ගණනාවක් තිබිය දී, ඉතා සංකීර්ණ සිදුවීම් සමුදායක්, මෙම ප්‍රහාරය සම්බන්ධ විමර්ශන පැවැත්වෙමින් තිබූ අත සපුරා වෙනත් අතකට හරවමින් ඇත. එසේ සිදුවෙමින් පවතින්නේ, ප්‍රහාරය පසුපස සැබෑවටම සිටින පුද්ගලයින්ට නිය පිටින් හෝ හානියක් සිදුනොවනු ඇතැයි විශ්වාස කළ හැකි පසුබිමකය.

පාස්කු ප්‍රහාරය හා බැඳී තිබෙන සිදුවීම්වල අලුත්ම පෙරැළිය සනිටුහන් වන්නේ මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයකිනි.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති පොලිස් විමර්ශනවල අඩුපාඩු තිබෙන බව නීතිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබේ. නවුෆර් මවුලවි, මෙම කණ්ඩායමේ සිටි ප්‍රධාන පුද්ගලයෙක් මෙන්ම නායකයාද වූ නමුත් ප්‍රහාරයේ ප්‍රධාන මොළකරුවා ලෙස ඔහුව සළකන්නට නොහැකි බව නීතිපතිවරයා පවසා තිබේ. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ෆෙඩරල් විමර්ශන බියුරෝව (එෆ්බීඅයි) සහ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය එක්ව මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් සිටී. දැනට පුද්ගලයින් 704 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙන අතර, ඔවුන්ගෙන් 203 දෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරත් 84 දෙනෙක් රැදවුම් නියෝග මත රඳවාගෙන සිටී. 244 දෙනෙක් සිටින්නේ ඇප මත නිදහස්වය. 168 දෙනෙක් නිදහස් කර යවා තිබෙන අතර 32 දෙනෙක්ට චෝදනා ගොනු කර තිබේ. 

ශ්‍රී ලංකාවේ පොලිස් විමර්ශනවලට සහ එක්සත් ජනපදයේ විමර්ශනවලට අනුව ප්‍රහාරයේ මහමොළකරුවා ලෙස හදුනාගෙන තිබෙන්නේ නවුෆර් මවුලවීය. ශ්‍රී ලංකාවට අයිඑස් මතවාදය රැගෙන විත් තිබෙන්නේත්, එම මතවාදයට සහරාන්ව නැඹුරු කරගෙන තිබෙන්නේත් ඔහුමය. මේ බව සහරාන්ගේ බිරිඳත් තහවුරු කර තිබේ. 

එලෙසින්ම, ඔහු ශ්‍රී ලංකාවේ අයි.එස්. පුහුණු සැසි ද පවත්වා තිබේ. ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ සහ පොත්පත්වල ඒ සම්බන්ධ තොරතුරු අඩංගු වෙයි. 

නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල ඔහුගේ අධීක්ෂණය යටතේ පුහුණු කදවුරු පවත්වාගෙන ගොස් ඇති අතර නව්ෆර් මව්ලවි සිය නෑනණ්ඩියත් සහරාන්ට සරණපාවා දී තිබේ. ඔවුන් අධ්‍යාපනය ලබා ඇත්තේ එකම මද්‍රාසා පාසලේය. නවුෆර් සහරාන්ගේ ජේ්‍යෂ්ඨයෙක් වන අතරම දරුල් අදාල් සංවිධානයෙත් ප්‍රධාන චරිතයකි. මේ සියල්ල තිබියදී, නවුෆර් මවුලවී පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන භූමිකාවකට පණපෙවූ පුද්ගලයෙක් බව එෆ්බීඅයි සංවිධානයත් තහවුරු කර තිබේ. 

වැදගත්ම කාරණයට එමු. 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ එෆ්.බී.අයි. සංවිධානය කිසිදු තැනෙක හෝ, ප්‍රහාරයේ මහමොළකරුවා වන්නේ නවුෆර් මවුලවී යැයි සදහන් කර නොමැත. එෆ්.බී.අයි සංවිධානය පවා එවැන්නක් කියා නොමැති පසුබිමක, අමාත්‍ය වීරසේකර ඔහුගේම සොයාගැනීමත් එතැනට ඇදීමට උත්සාහ කරමින් සිටින්නේ ඇයි? එයට පිළිතුරු දන්නේ ඔහුම පමණි.

“ශ්‍රී ලංකාවේ අයි.එස්.අයි.එස්. සංවිධානය යැයි තමන්ව හදුන්වාගත් අයි.එස්.අයි.එස්. ආධාරකරුවන්ගේ කණ්ඩායමක දෙවැනි එමීර් ලෙස කටයුතු කර තිබෙන මොහොමඩ් නවුෆර්, එම කණ්ඩායමේ ප්‍රචාරණය කටයුතු, අයිඑස් සංවිධානය සමග එක්වීම සදහා පුද්ගලයින් බඳවා ගැනීමේ කටයුතු සහ දින කිහිපයක් පුරා දිවූ මිලිටරි පුහුණුවීම් ආදිය සිදුකර ඇතැයි සැළකිය හැකිය” යැයි එෆ්බීඅයි වාර්තාවේ සදහන් වේ. ඒ අනුව ගත්විට නවුෆර් යනු මෙම සංවිධානයේ දෙවැනි එමීර්වරයාය. 

එමීර් යන වදන අණ දෙන්නා හෝ කුමාරයා යන අරුත ගෙන ඒ. එසේ නම්, තර්කානුකූලව, පළමු එමීර්වරයෙක් ද සිටිය යුතුය. එම පුද්ගලයා කවුරුන් ද?, 

ශ්‍රී ලංකාවේ අයිඑස් සංවිධානයේ නායකයා ඔහුම නොවේ ද? මෙම තොරතුරු ශ්‍රී ලංකාවට ලැබී වසරකට වැඩි කාලයක් ගතව ඇත. එවැනි තත්ත්වයක, ඒ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික සබඳතා මාර්ගයෙන් වැඩිදුර පැහැදිලි කරගැනීමක් සිදුකරගන්නට අමාත්‍ය වීරසේකරට සහතිකයෙන්ම කාලය තිබිණ.


නවුෆර් ඇතුලු තවත් දෙදෙනෙකුට - මොහොමඩ් අන්වාර් මොහොමඩ් රිස්කින් සහ අහමඩ් මිහාන් යහතු මොහොමඩ් යන දෙදෙනාට -  එරෙහිව ලොස් ඇන්ජලිස් නුවර දිස්ත්‍රික් අධිකරණයේ නඩු පැවරීමට ඇමරිකා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ත්‍රස්තවාදයට සම්බන්ධ වැරදි සිදුකර ඇතැයි යන්න ඔවුන්ට නැගී තිබෙන චෝදනාවයි. 

විශේෂයෙන් සකස් කරන ලද පුපුරණ උපකරණ නිෂ්පාදනය කිරීමට උපකාර කළේ යැයි රිස්කින්ට එරෙහිව චෝදනා නගා තිබෙන අතර රාජකාරි ගිනි අවිය ලබාගැනීම සදහා පොලිස් නිලධාරියකු ඝාතනය කළේ යැයි ද ඔත්තුකරුවෙකුට වෙඩි තැබූවේ යැයි ද, වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සුදුසු ස්ථානයක් හදුනාගැනීමේ නිරතව සිටියේ යැයි ද, හයතු මොහොමඩ්ට එරෙහිව චෝදනා නගා තිබේ.

හයතු මොහොමඩ්ට එරෙහිව නැගී තිබෙන චෝදනා සමග බැදී තිබෙන සිදුවීම වන්නේ, 2018 දෙසැම්බර් මාසයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ වවුනතිව් ප්‍රදේශයේ මුර කුටියක සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනයයි. 

එය එල්.ටී.ටී.ඊ සංවිධානයේ ක්‍රියාවක් යැයි මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිගමනය කළේ වැරදි ලෙසය. එෆ්බීඅයි සංවිධානය අනාවරණය කරගෙන තිබෙන තොරතුරු, මෙම සිදුවීමට තවත් එළියක් ගෙන දේ. එම ඝාතනය සිදුකර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ සහචරයින් වන අතර එසේ කර තිබෙන්නේ එම පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනිඅවි ලබාගැනීමටය. එම එක් ඇසල්ට් රයිෆලයක් පසුව පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රදේශයේ මෙම කණ්ඩායම පවත්වාගෙන ගිය කදවුරේ තිබී හමුව, හදුනාගැනිණ.

නවුෆර් මවුලවි, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවා යැයි අමාත්‍ය සරත් වීරසේකර හදුන්වාදුන් පළමු අවස්ථාව මෙය නොවේ. මේ සම්බන්ධයෙන් මෙම තීරුවෙන් වරක් (2021 අප්‍රේල් මස 11 වැනිදා), පෙන්වා දුන්නේ මෙලෙසය.
පළමුකොටම, ප්‍රහාරයේ මහමොළකරුවා වන්නේ නවුෆර් මවුලවී නම්, ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහුව විමර්ශන කොමිසම ඉදිරියට නොකැඳවූයේ ඇයි? යන්න පැනයකි. දෙවනුව, බොහෝ කල්ගතවී කරන ලද මෙම අනාවරණයට පදනම් සැපයීමට තරම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්කි තිබෙනවා ද? පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කැරුණු කොමිසමේ සුවිශාල වාර්තාවේ පවා, පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරුවා නවුෆර් යැයි හෝ එල්ල කැරුණු ප්‍රහාර පසුපස ඔහු සිටින්නේ යැයි හෝ කිසිදු තැනක සදහන් නොවේ.


කෙසේනමුත්, එල්ලව තිබෙන ත්‍රස්ත ප්‍රහාරයන් හා සෘජුවම සම්බන්ධව ඇති පුද්ගලයින් තිදෙනා අතුරින් අයෙක් එම වාර්තාවෙන් හදුනාගෙන තිබෙන්නේ මිල්හාන් හයතු මොහොමඩ් පමණකි. ප්‍රහාරයේ මහමොළකරුවා යැයි නවුෆර් මවුලවීව සහතික වශයෙන්ම හදුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මංපාදා තිබෙන සාක්කි සහ වෙනත් තොරතුරු මේ දක්වාම ප්‍රසිද්ධියට පත්කර නොමැත. අනෙක් අතට, පවසන දෙය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක් ලෙසට අමාත්‍ය සරත් වීරසේකරව හදුනාගත හැකි කිසිවක් ද මෙතෙක් නොමැත.

අනෙක් අතට නවුෆර් මවුලවී ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය යටතේ පවත්නා පාසලක ඉගෙනුම ලැබූවෙක් බවට විමර්ශන කොමිසම් වාර්තාවේ පවතින සඳහන ද මේ වන විට අභියෝගයට ලක්කෙරී තිබේ. වාර්තාවේ එම කොටස උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වෙත ලිපියක් යොමුකර තිබෙන එම සංවිධානයේ නියෝජ්‍ය මහලේකම් එම්.එච්.එම්.හසේන් මහතා එහි මෙසේ සදහන් කර ඇත.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි සංවිධානය යටතේ පවතින පාසලක නවුෆර් මවුලවී ඉගෙනුම ලැබූ බව සදහන් කර ඇත. නමුත්, අප සංවිධානය පාසල් හෝ එවැනි කිසිදු අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන නොයන බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි සංවිධාන ඉතිහාසයේ කිසිදු අවස්ථාවක නවුෆර් මවුලවී එහි වැටුප් ලබන සේවකයෙක් හෝ නිලධාරියෙක් ලෙස කටයුතු කර නැති බවත් එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

“පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා රජය අපගේ සහාය ඉල්ලා සිටියා. එයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ එෆ්බීඅයි ආයතනය මෙම ඛේදනීය ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ශ්‍රී ලංකාවේ විමර්ශන ව්‍යුහයන් සමග අත්වැල් බැදගත්තා” යැයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසුවේ ය.

මෙම කාරණාවලට අදාළ පසුබිම තවදුරටත් පැහැදිලි කරගැනීම සදහා, එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව 2021 ජනවාරි මස 8 වැනිදා ප්‍රකාශයට පත්කර තිබෙන පුවත් නිවේදනයකට අවධානය යොමුකිරීම වටී. පහත දැක්වෙන්නේ එහි වැදගත් කොටස්වල සංක්ෂිප්තයකි.

ත්‍රස්තවාදී කටයුතුවලට අදාළව ගත හැකි වැරදි සිදුකර ඇතැයි මෙන්ම, විදේශීය ත්‍රස්ත සංවිධානයකට (අයිඑස්අයිඑස්) අමුද්‍රව්‍යමය සහයෝගයක් ලබාදීමට කුමන්ත්‍රණය කර ඇතැයි ශ්‍රී ලංකා පුරවැසියන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.

මෙම පුද්ගලයින්, ශ්‍රී ලංකාවේ අයිඑස්අයිඑස් යැයි තමන්ව හදුන්වාගෙන තිබෙන කණ්ඩායමක සාමාජිකයෝය. අද දිනයේ ප්‍රසිද්ධ කැරුණු ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව ගොනුකළ අපරාධ චෝදනාවකට අනුව, 2019 වසරේ දකුණු ආසියානු කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ දී, එක්සත් ජනපද පුරවැසියන් 5 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 268 දෙනෙක්ට මරු කැඳවමින්, 500 දෙනෙකුට වැඩි පිරිසකට තුවාළ සිදුකරමින්, සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයට මෙම කණ්ඩායම වගකිව යුතුය.

2019 අප්‍රේල් මස 21 වැනිදා, ශ්‍රී ලංකාවේ කොළඹ, මීගමුව සහ මඩකළපුව යන නගරවල දී, ආසන්නව එකක් පසුපස එකක් ලෙසින් සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට මුල්වූ සිදුවීම් සහ කුමන්ත්‍රණයන්වල මෙම විත්තිකරුවන් තිදෙනාගේ භූමිකාව, මෙම පැමිණිල්ලෙන් විස්තර කරදී තිබේ. මරණයට පත්වූ එක් එක්සත් ජනපද පුරවැසියෙක් එක්සක් ජනපද වානිජ දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුව සිටි අයෙක් වන අතර, ඔහු රාජකාරි කටයුත්තක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ සිට ඇත.

ප්‍රහාරයෙන් දින දෙකකට පසුව ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයිඑස් සංවිධානය භාරගත් අතර, අයිඑස් සටන්කරුවන් එම ඝාතනය සිදුකළ බව ඔව්හු වැඩිදුරටත් සදහන් කළහ. 2019 අප්‍රේල් මස අග භාගයේ දී එවක අයිඑස් නායකයා එම ප්‍රහාරකයින්ව ඇගයීමට ලක් කරමින් අදහස් දැක්වූ අතර, ශ්‍රී ලංකාවේ සිදුකළ ත්‍රස්ත ප්‍රහාරය ඔහු හදුන්වාදුන්නේ ඊට පෙර මාසයේ සිරියාවේ බගූස් නගරයේ දී අයිඑස් සංවිධානය පරාජය කිරීමට එරෙහිව බටහිර රටවලට දැක්වූ ප්‍රතිප්‍රහාරයක් ලෙසය.

“අයිඑස්අයිඑස් සංවිධානය ශ්‍රී ලංකාවේ සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පුද්ගලයින් 268 දෙනෙකු ඝාතනයට ලක්වුනා. ඔවුන් අතරට ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙක් ද අයත්” යයි ජාතික ආරක්ෂාව සම්බන්ධ නියෝජ්‍ය නීතිපති ජනරාල් ජෝන්.සී.ඩෙමර්ස් මහතා පැවසුවේ ය.

මෙම ඝාතනයන්ට තමන්ගේ පාර්ශවයෙන් දායකත්වය ලබා දී, තිබෙන මෙම විත්තිකරුවන්ට එරෙහිව අපි චෝදනා ගොනු කරනවා. චෝදනාවලට අනුව ඔවුන්, අයිඑස්අයිඑස් සංවිධානයට කැපවුණු ආධාරකරුවන් ලෙස කටයුතු කර තිබෙනවා. අයිඑස්අයිඑස් සංවිධානයේ අතිශය ප්‍රචණ්ඩ අරමුණ වෙනුවෙන් පුද්ගලයින් බදවාගැනීමේ නිරතව තිබෙනවා. නවීකරණය කරන ලද පුපුරණ පුපුරණ ද්‍රව්‍ය නිපදවීමේ සහ ඒ සදහා අමුද්‍රව්‍ය මිලයට ගැනීමේ නිරතව තිබෙනවා. ප්‍රහාරයට හවුල්ව ඇති අනෙක් පුද්ගලයින්ව බදවා ගැනීමේ සහ ඔවුන්ව පුහුණු කිරීමේ නිරතව තිබෙනවා. එමෙන්ම අවසානයේ මෙම භයංකර විදෙස් ත්‍රස්තවාදී සංවිධානයේ නාමයෙන් පුද්ගලයින් ඝාතනය කර තිබෙනවා. 

විත්තිකරුවන් දැනට පසුවන්නේ ශ්‍රී ලංකා බලධරයින්ගේ අත්අඩංගුවේ. ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිදුවන විමර්ශන කටයුතුවලට සහ වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමේ කටයුතුවලට අපගේ පූර්ණ සහයෝගය දෙන අතරම මෙම විත්තිකරුවන් ඔවුන් කළ අපරාධවලට වගවීමේ තැනට පත්කිරීම සදහා අපට තිබෙන පොදු අරමුණ වෙත යෑමට එරට බලධරයින් සමග තවදුරටත් වැඩකටයුතු කිරීමටත්, අප කටයුතු කරනවා. ඒ අතරවාරයේ, විදේශයන්හි පවා අපගේ පුරවැසියන්ට යම් හානියක්, අකටයුත්තක් සිදුවෙනවා නම්, ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් එම වැරදිවලට වගකිව යුතු තැනට පත්කිරීමට තරම් අදටත් එක්සත් ජනපද අධිකරණ පද්ධතිය බලවත් මෙවලමක්. මෙම නිර්ලජ්ජිත ප්‍රහාරයේ වින්දිතයන්ගේ මෙන්ම ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත්ව ඇති සියලුම ඇමරිකානු පුරවැසියන්ගේ යුක්තිය, ඔවුන් වෙනුවෙන් අපි දිගින් දිගටම හඹා යනවා.

“ලොව කොතැනක හෝ සිටින ඇමරිකන් පුරවැසියන් ඉලක්ක කිරීමට කුමන හෝ ත්‍රස්ත කණ්ඩායමක් උත්සාහ කරනවා නම්, එම ත්‍රස්ත කණ්ඩායම නීතිය හමුවට පැමිණවීමට එක්සත් ජනපදය වහාම පියවර ගන්නා බව මෙම සිදුවීමෙන් පෙන්වා දෙනවා” කැලිෆොර්නියානු මධ්‍යම ප්‍රාන්ත සදහා වන එක්සත් ජනපද නීතිඥ නික් හනා පැවසීය.
වැරදිකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ශ්‍රී ලංකා බලධාරීන්ට හැකියාවක් පවතිනවාය කියා එක්සත් ජනපදයට තවමත් විශ්වාසයි. ඒ වගේම, මෙම විත්තිකරුවන් යුක්තිය මගහැර යාමට උත්සාහ කරනවා නම්, අප එයටත් සූදානමින් සිටිනවාය යන්න මෙම පැමිණිල්ලෙන් තවදුරටත් පැහැදිලි කර දෙනවා.

වින්දිතයන් බවට පත්වන සංචාරක ඇමරිකා පුරවැසියන්ට යුක්තිය ඉටුකර දීමට වගේම, ඇමරිකාවේ හෝ වේවා විදෙස් රටක හෝ වේවා එක්සත් ජනපදයේ අරමුණු සහ වුවමනාවන් ආරක්ෂා කරගැනීමට ෆෙඩරල් විමර්ශන බියුරෝව කැපවී සිටින්නේය යන්න විදේශ භූමියක සිදුවූ ප්‍රහාරයකට එරෙහිව මෙසේ ස්වදේශීයව ගොනු කර තිබෙන චෝදනාවලින් පෙන්නුම් කරනවා” යයි එෆ්බීඅයි ආයතනයේ ලොස් ඇන්ජලීන් නුවර කාර්යාල භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ක්‍රිස්ටි. කේ. ජොන්සන් මහත්මිය පැවසුවා ය.

ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (2)

විමර්ශන වෙනතක හරවන සංකීර්ණ සිදුවීම්

Mr,Don Tuesday, 25 May 2021 05:13 PM

පුස් වෙඩිල්ල නාට්‍ය පෙන්වමින් පවතී.

:       2       15

ගාමිණී Wednesday, 26 May 2021 06:16 AM

මහ මොළකරු නවුෆර් මවුලවි නම් මෙයට සම්බන්ධ විමර්ශන අවසාන වී ඇති බැවින් එම නිගමනයන්ට එළඹීමට අදාල වූ කරුණු කාරණා එලි දැක්වීමට බාධාවක් ඇතැයි නොසිතමි. එබැවින් විවිධ ප්‍රකාශ කරමින් සමාජය වික්ෂිප්ත භාවයට පත් නොකර එම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන මහ ජනතාවට සත්‍ය එලි දක්වා නොපමාව මොවුන් ට අදාළ නඩු පැවරීමට රජය කටයුතු කල යුතු බව මාගේ අදහසයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 828 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 399 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 132 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4296 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12709 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 696 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38317 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site