IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


ව්‍යාජ මොඞ්ලින් මාෆියාවට හසුවන තරුණියෝ

09-Rasa-P1-1    

 

අන්තර්ජාලය යනු තවත් එක් රටක් වැනිය. එතුළ ගොඩනැගෙන සමාජ රටා විවිධ සංස්කෘතික තත්ත්වයන් අතර දෝලනය වෙමින් ඊට අනන්‍ය වූ සමාජයක් ගොඩනගා ගැනීමට ප්‍රයන්ත දරයි. තවද ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් වැනි දැවැන්ත සමාජ ජාල තුළ බොහෝ යෞවන යෞවනියන් අපේක්ෂා කරන්නේ ප්‍රසිද්ධිය හා ජනප්‍රියත්වය බව නොරහසකි. මෙම වසර කිහිපය තුළ විවිධ ආකාරයේ සමාජ රැලි ගොඩනැගී ඇති අතර ඉන් බොහෝමයක අවසානය වූයේ රැවටීම හා මුළාව පමණය. මේ ආදී සමාජ රැලි අතර වර්තමානයේ ප්‍රචලිත වන්නේ ඡායාරූප ශිල්පියෙකුවීම සහ නිරූපිකාවක් වීමේ සමාජ රැල්ලයි.

09-Rasa-P1-5
පහසු ගෙවීමේ ක්‍රමයට හෝ එකවර හෝ රු. අසූදහසක් හෝ ඊටත් අඩු මුදලකට යම් වෘත්තීය ගණයේ කැමරාවක් මිලදී ගත හැකි අතර එසේ මිලදී ගන්නා බොහෝ තරුණයෝ වෘත්තීය වශයෙන් හෝ ඡායාරූප ශිල්පය පිළිබඳ දන්නවුන් නොවෙති. තවද මෙවැනි කැමරා දෛනික කුලියට ලබාදෙන වෘත්තීය ආයතන ඇති බැවින් ස්මාර්ට් ෆෝන් මගින් පින්තූර ගැනීමේ උමතුවෙන් පෙළෙන ඇතැම්හු එලෙස ලබා ගනිති. වර්තමානයේ සත්‍ය වශයෙන්ම වෘත්තීය ඡායාරූප ශිල්පීහු බොහෝමයක් සමාජ ජාල පරිහරණය කරන බැවින් ඔවුන් විසින් ගන්නා නිරූපිකාවන්ගේ ඡායාරූප ඇල්බම සියල්ලම පාහේ සමාජ ජාලගත කරයි. ඒ අතරින් බෝහෝමයක ඇඟ පසඟ වැඩියෙන් පෙනෙන තරුණියන්ගේ ඇල්බම් විශේෂ වන අතර ඒවා සමාජ ජාලය තුළ හුවමාරු (Share & Comments) වනවාද වැඩිය. මොඞ්ලිං පින්තූර ඇල්බම පොදුවේ නැරඹිය හැකි පොදු වෙබ් අඩවි (Blogs) බහුලව තිබෙන බැවින් ඒවායේ දුරට විවිධ අයගෙන් අහුලාගත් ඇල්බම බෙදා හැරීමක් සිදුකරයි. කැමරාවක් මිලදී ගන්නා ඇතැම් තරුණයෝ තම පිටපත් අයිතිය (Copyright@) තරමක් විශාල ලෙස ඡායාරූපයේ කෙළවරක පෙන්නුම් කිරීමට දැඩි ලොල් බවක් දක්වති. සත්‍ය වශයෙන්ම නිරූපණ ඡායාරූපකරණයේ නියැළෙන වෘත්තීමය නිරූපිකාවන් හා ඡායාරූප ශිල්පීන් සිටින බැවින් ඇතැම් විකෘති කාමාශික පුද්ගලයෝද ඒවා අනුකරණය කරමින් ව්‍යාජ මොඞ්ලිං ඡායාරූපකරණ පවත්වාගෙන යති. අපගේ ගවේෂණයට බොහෝ සෙයින් හේතු පාදක වූයේ එවන් ව්‍යාජ පුද්ගලයන්ට හසුවී අමාරුවේ වැටුණු තරුණියන් දෙදෙනෙකු නිසාවෙනි. නමුත් මෙහි සත්‍ය අසත්‍යතාවය තව දුරටත් බැලීමේදී එම තත්ත්වයට පත්වූ තරුණියන් දහතුන් දෙනෙක් පමණ අප විසින් ක්‍රියාත්මක කරන ලද පිටුවට හසුවිණි. මෙම තරුණියන්ගේ අනුවණ බව පිළිබඳ සමාජය දැනුම්වත් කිරීමට මෙම කර්තව්‍ය සිදු කළෙමි. 


එක්තරා ෆොටෝග්‍රැෆි ආයතනයක් ලෙස මුහුණු පොතේ පිටුවක් සාදා තිබුණු අතර එය පිළිබඳ ගැඹුරු නිරීක්ෂණයක යෙදුණු අපට දැනගැනීමට හැකි වූයේ එහි ආරම්භය තවමත් වසරකට අඩු කාලයක් බව සහ එහි තිබූ බොහෝමයක් ඡායාරූප ඇල්බම්වල සිටින නිරූපිකාවන් දේශීය පෙනුමින් යුත් ඉන්දීය තරුණියන් වීමයි. එනම් මෙම ඇල්බම ඉන්දීය වෙබ් පිටුවකින් අනවසරයෙන් බාගතකර තමන්ගේ කාර්යයන් ලෙස අලුතින් මුහුණුපොතේ බෙදා හැර තිබීමයි. නිරාශා යනු කෑගල්ල ප්‍රදේශයේ ජීවත්වන වයස විසි එකක රූමත් තරුණියකි. 


මැය නිරූපිකාවක් වීමට සහ රූපවාහිනියේ පෙනී සිටීමට දැඩි ආශාවකින් සිටි කෙනෙකු වූ නිසාම ඉහත මුහුණු පොත පිටුවේ පළවුණු නිරූපිකාවන් තේරීමේ කාර්යයක් පිළිබඳව ඇයට ඉකුත් වසරේ දැන ගැනීමට ලැබුණි. ඒ අනුව ඇය අදාළ දුරකථන අංක හා ඊමේල් ලිපින මාර්ගයෙන් එම ආයතනය සම්බන්ධ කරගෙන හමුවීමට දිනයක් සහ ස්ථානයක් වෙන් කර ගන්නා ලදී. වෙන්කර ගත් ස්ථානය කෑගලු නගරයට තරමක් ඈතින් පිහිටි සුන්දර පරිසරයක වූ පොදු ස්ථානයකි. නමුත් විවෘත පොදු ස්ථානයක් වුවද සතියේ දිනවලදී මෙම ස්ථානයේ ජනතාව ගැවසෙන්නේ නැති තරම්ය. කෙසේ හෝ කතිකා කරගත් පරිදි ඇය රැගෙන ඇවිත් තිබුණේ කෙටි සායක් හා දෑත් රහිත ටී ෂර්ටයක් වැනි ඇඳුම් කිහිපයකි. ඇය මීට පෙර මෙවැනි ඡායාරූප ගැනීමකට (Photo Shoot) සහභාගි වී නොමැති අතර මව්පියන්ගේ අවසරය නොලැබේ යැයි බිය නිසාම ඇය මේ ගමන පිළිබඳව කිසිවෙකුට පැවසුවේ නැත.


කතිකා කරගත් පරිදි ඇය අදාළ ස්ථානයට නියමිත වේලාවට පැමිණි අතර ඇයට ආරාධනා කළ ආයතනයේ යැයි පවසමින් කැමරාවක් කරලාගත් තරුණයෙකු එහි සිට ඇත. එම ස්ථානයේ ඒ හැරුණු කල තරමක් ඈතින් පෙම් යුවළ දෙදෙනෙකු සිට ඇති අතර අසල වූ ගොඩනැගිල්ලකට ගොස් ඇයට ඇඳුම් මාරු කරගෙන එන ලෙස අදාළ තරුණයා පවසන ලදී. කෙසේ හෝ ඡායාරූප ගැනීමට සුදුසු වර්ගයේ ඇඳුම් ඇඳගත් පසු එම තරුණයා මැයගේ විවිධ ඉරියව්වලින් වැඩියෙන් අඟ පසඟ පෙනෙන අයුරින් ඡායාරූප ගෙන ඇත. පසුව ඇය හා කතාවට වැටුණු අදාළ තරුණයා මැයට කරන ලද යෝජනාවකින් ඇය අන්දමන්ද වූවාය. එනම් ඔහුගේ ආශාවන් පිළිබඳවය. ඇයව දන්නා සම්බන්ධතා මගින් අදාළ රූපවාහිනී ක්ෂේත්‍රය තුළ රැකියාවක් ලබා දෙන බවටත් ඊට හිලව් වීමට තමන් හා අනියම් ඇසුරක් ලබා දෙන ලෙසත්ය.


නිරාශා කිසි දිනෙකවත් නොසිතපු මෙවන් හැසිරීමක් මගින් ඇය විශාල මානසික පීඩනයකට ලක්වුණි. ඇය එම පුද්ගලයාගෙන් මිදී නිවෙසට පැමිණියද ඇගේ ජීවිතයේ විශාල හිඩැස්බවක් ඇයට දැනෙන්ට වුණි. කෙසේ හෝ ඇගේ එම සිහිනය සදාකාලයටම අමතක කර දැමූ ඇය මුහුණු පොතෙන්ද ඉවත් වීමට තීරණය කළාය. අදාළ තරුණයා වෘත්තිය ඡායාරූප ශිල්පියකු නොවන බවත් ඇගෙන් ලබා ගත් ඡායාරූප ඉතා අශිෂ්ට සම්පන්න බවත් ඇයට දැනගන්නට ලැබුණි. හුදු ජනප්‍රියත්වයක් පසුපස යන නිරාශා වැනි තරුණියන් මෙලෙස තම ශරීරය පූජා කර හෝ අදාළ අරමුණට යාමට තීරණය නොකළහොත් එවැනි අසහනකාරී පුද්ගලයන් සමාජයෙන් මැකී යනු නියතය. ඇය වැනි තරුණියන් දෙදෙනෙකු පිළිබඳ තොරතුරු දැනගත් අතර ඔවුන්ද මුහුදු වෙරළවල හා වෙනත් ස්ථානවලදී අඩනිරුවත් ඡායාරූප සඳහා සහභාගි වී මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් තරුණියෝ වෙති. බොහෝ විට වෘත්තීය ගණයේ කැමරාවක් කරලාගෙන අඩනිරුවත පසුපස දුවන කාමාතුර තරුණයින් මෙවැනි ක්‍රියාමාර්ගවලට යොමු වන්නේ පසෙකින් පොලිසියටත් නීතියටත් ඇති බිය නිසා විය හැක. මන්දයත් ඔවුන් උත්සාහ කරන්නේ කුමන හෝ ක්‍රමයකින් තම කාමාශාවන් සඳහා තරුණියන් කැමති කරවා ගැනීමටයි. මන්දයත් මෙම ක්‍රියාමාර්ගවලට යොමුවන්නේ අත්දැකීම් සහිත අපරාධකරුවන් වැනි අය නොවන හෙයිනි. බොහෝ විට මොවුන් සාමාන්‍ය ඔබ අප පරිදි සමාජයේ හොඳ තත්ත්වයක රැකියා කරන පුද්ගලයන්ය. තම විකෘති කාමාශා සංසිඳුවා ගැනීමට විවිධ ක්‍රම සොයා ගන්නේ අපරාධකරුවන් ලෙස හංවඩු ගැසී සමාජයෙන් කොන්වීමට ඇති බිය නිසාය.

 

09-Rasa-P1-3


මංගල යෝජනාවක් අනුව විවාහ වීමට තීරණය කළ සෙව්වන්දි නම් වෙන්නප්පුවේ පදිංචි විසි හතර හැවිරිදි තරුණියද මෙලෙස රූපවාහිනී තිර සහ පුවත්පත් පිටුවල ඡායාරූප පළ කර ගැනීමට දැඩි ලෙස ආශා කළ රූමත් තරුණියක් වූවාය. ඇයද මුහුණු පොතේ විලාසිතා හා විලාසිතා ඡායාරූප කරන බොහෝ පිටුවලට කැමැත්ත ප්‍රකාශ කර සිටි තැනැත්තියකි. තම විවාහයට මාස 4ක් පමණ තිබියදී ඇයට එක්තරා පුද්ගලික ඡායාරූප ශිල්පියෙකුගෙන් මුහුණු පොත හරහා පණිවුඩයක් ලැබී තිබුණි. එහි සඳහන්ව තිබුණේ ඔහු දිවයිනේ ප්‍රසිද්ධ සඟරා, කාන්තා පුවත්පත්වලට පිට කවරය සඳහා නිරූපිකාවන්ගේ ඡායාරූප සපයන්නෙකු බවයි. ඔහුගේ පිටුව බැලුව කල ඊට සරිලන උදාහරණ පවා දැකගත හැකිවිය. කෙසේ හෝ විවාහයට ප්‍රථම තම ආශාවට ඉඩක් ලැබී ඇතැයි සතුටින් සිටි ඇය අදාළ ඡායාරූප ගැනීමේ දිනය පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් සිටියාය. කොළඹ ආශ්‍රිත බොහෝ ජනයා නොගැවසෙන මුහුදු වෙරළක් අසලට ඇයට පැමිණීමට කියූ වෙලාවටම ඇය පැමිණියාය.


ජලය හා කාන්තාව සම්බන්ධ මාතෘකාවක් සඳහා ඇගේ ඡායාරූප ගැනීමට අවශ්‍ය බව පවසමින් ඇයට ඊට සරිලන ඇඳුම් ඇඳ ගැනීමට උපදෙස් ලැබුණි. තරමක් ශරීරය නිරාවරණය වූ ඇඳුමකින් සැරසුණු ඇයගේ ඡායාරූප ගැනීම ආරම්භයේ පටන් අදාළ ඡායාරූප ශිල්පියා යැයි කියූ පුද්ගලයා ඇයගේ අඟ පසඟ ඇයටද නොදැනෙන ලෙස අත පත ගාන්නට විය. කෙසේ හෝ ඔහුගේ අතපත ගෑම කොතෙක් දුරට ගියාද කිවහොත් සෙව්වන්දිට මෙය රැවටීමක් බව දැනගැනීමට වැඩි කාලයක් ගත නොවුණි. නමුත් ඒ වන විට ඇයගේ ඡායාරූප කිහිපයක් ඔහු කාච ගත කොට අවසන් විය. තමා රැවටීමකට ලක්වූ බව වැටහුණු සෙව්වන්දි නැවත සිය නිවස බලා ගියාය. එදින සවස්වරුවේ ඇය මුහුණු පොතට යන විට ඇය වෙත එවා තිබූ නාඳුනන පණිවුඩ දැක ඇයගේ ඉහෙන් කනින් දහඩිය ගලන්නට විය. එනම් අර පුද්ගලයා ලබාගත් ඡායාරූප අසභ්‍ය ඡායාරූපවලට බද්ධ කොට සෙව්වන්දිට එවා තිබු තර්ජනාත්මක පණිවුඩයයි. තවත් මාස කිහිපයකින් පතිකුලයට යාමට නියමිත වූ සෙව්වන්දිගේ හීන කඩා වැටෙන්නට විය. තමාගේ තේරුමක් නැති අනුවණ ආසාවන් නිසා තමා පත්ව ඇති කරදරය ඇය තේරුම් ගන්නා විට ඇය බොහෝ ප්‍රමාද වී තිබුණි. 


ඒ කෙසේ නමුත් ඇය අසහනකාරී පුද්ලයාගේ ඉල්ලීම්වලට එකඟ නොවූවාය. එහි ප්‍රතිඵලය වූයේ ඔහු ලබාගත් ඡායාරූප හා බද්ධකර සෑදූ ඡායාරූප ඇයගේ අනාගත සහකරුවා වෙත යැවීමයි. එම සිද්ධිය කොතෙක් බරපතළ වීද යත් ඇයගේ විවාහය නැවතුණු අතර ඇයට සමාජයට මුහුණ දීමට පවා නොහැකි තත්ත්වයක් උදාවුණි. මෙම ක්‍රියාව සිදුකළ වංචනික පුද්ගලයා ඔහුගේ ව්‍යාජ පිටු හා ගිණුම් සියල්ල මුහුණු පොතෙන් ඉවත් කොට තිබුණි.

 

09-Rasa-P1-6

 


එම නිසා පොලිසියට පැමිණිලි කිරීමට මොවුන් ගියත් එවිට ඇයගේ අනුවණ බවේ තරම තව දුරටත් සනාථ වුණි. එනම් එම පුද්ගලයා සමග කිසි විටකත් වාචිකව කතා කොට නොමැති බවත් මුහුණුපොත පණිවුඩ හරහා සියලුම කතා බහ ගෙන ගිය බවත් ඔහුව මුණ ගැසීමට පවා ස්ථීර කරගත්තේ එවැනි පණිවුඩ මාර්ගයෙන් බවත්ය. එනම් ඇය අඩුමතරමේ වංචනිකයාගේ ජංගම දුරකථන අංකයවත් ලබාගෙන නොතිබීමයි. කෙසේ හෝ තම ගෞරවයට කිසිදු හානියක් නොවුණද තම විවාහය පවා නවත්වා දැමීමට සහ තම සමාජයේ මිනිසුන්ගේ හිත්තුළ මෙතෙක් කල් තිබු හොඳ නම නැතිකිරීමට තරම් ඇයගේ අනුවණ ක්‍රියාව ඉවහල් වු බව තේරුම් ගන්නා විට ඇය බොහෝ ප්‍රමාද වැඩිය.


මෙවැනි වංචනික පුද්ගලයන්ව හසුකරගැනීමට සහ ඔවුන්ගේ පැටිකිරියේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීමට ඇති හොඳම දේ නම් එවැනි පුද්ගලයන්ගේ ආරාධනාවක් ලැබුණු පසු සත්‍ය වශයෙන්ම ඔහු වෘත්තීය ඡායාරූප ශිල්පියෙක්ද, එසේනම් ඔහුගේ මීට පෙර සිදුකළ නිර්මාණවලට සාක්ෂි මොනවාදැයි කියා සහ ජංගම දුරකථන හා වෙබ් අඩවි ඉල්ලාගෙන ඒ හරහා තම සැකය පිළිබඳ තවදුරටත් සොයා බලා තීරණයක් ගැනීමය.


තවද වෘත්තීය ගණයේ කැමරාවක් ඇති පමණින්ම සෑම කෙනෙකුම වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු නොවන බැව් මතක තබා ගත යුතු අතර එවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතුය. එලෙසම මෙවැනි ව්‍යාජ ජනප්‍රියත්වයන් පසුපස හඹා යමින් තම දෙමාපියන්ගේ අහිංසක බලාපොරොත්තු බිඳ දැමීම පිළිබඳව තරුණියන් වශයෙන් තමන්ගේ ගෞරවය හා චරිතය පිළිබඳව තව දුරටත් සිතා බැලිය යුතුය. මන්ද, මෙම නිරූපණ හා විලාසිතා ක්ෂේත්‍රය තුළ බොහෝ විට ලිංගික අල්ලස් ජාවාරම සිදුකරන බැවිනි.

m



අදහස් (0)

ව්‍යාජ මොඞ්ලින් මාෆියාවට හසුවන තරුණියෝ

රුමේෂ් Tuesday, 12 July 2016 01:03 PM

එකනම් ඇත්ත, ගොඩක් කොල්ලෝ වගේම කෙල්ලෝත් හිතන් ඉන්නේ ඩීඑස්එල්ආර් කැමරාවක් තියෙනකොට හරි වැඩ්ඩෝ කියල. මගේ යෙහෙලියෙකුත් මේ වගේ බොරු කාරයෙක්ට අහුවෙන්න ගිහින් බේරා ගත්තේ බොහොම අමාරුවෙන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 35 0

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


නව ලිබරල් ආර්ථිකය මුළාවක්
2025 අප්‍රේල් මස 24 15 0

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දින තීරු බදු යුද්ධයක් ආරම්භ කළේය. බැලූ බැල්මට මෙය සාමාන්‍ය තත්වයක් නොවේ. ට්‍රම්ප් මෙම තීරුබදු පැනවීම


කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 842 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 106 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 149 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 388 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 688 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 341 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 488 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site