දරුවන් දහසය දෙනෙකු මෙලොවට බිහි කළ මාතර කරගොඩ, උයන්ගොඩ ඉහළ විටියල පදිංචිව සිටි පුරුක්අකුල වඩුගේ නෝනහාමී මහත්මිය මෙලොවින් සමුගත්තාය. මිය යනවිට ඇගේ වයස අවුරුදු 99කි.
නෝනහාමී මහත්මියගේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් ගණන 144 දෙනෙකි. ඔවුහු සියලූ දෙනා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටිති.
1913 වසරේදී නාඔටුන්න ප්‍රදේශයේදී උපත ලබා ඇති ඇය විවාහ වී ඇත්තේ නැසීගිය වයි.ජී. සිංඤහාමී මහතා සමගය.
අවුරුදු 108ක් ජීවත්ව ඔහු මිය ගියේ මීට වසර කිහිපයකට ඉහතදීය.
එම දෙපල විසින් බිහි කළ දරුවන් 16 දෙනා අතුරින් දැනට ජීවතුන් අතර සිටින්නේ 12 දෙනෙකු පම‚. ඉතිරි සිව් දෙනා මිය ගොස් ඇත.
වයි.ජී. පේමාවතී, වයි.ජී. කුසුමලතා, වයි.ජී, පේමදාස, වයි.ජී. සුමනාවතී, වයි.ජී. කරුණාදාස, වයි.ජී. සිරිපාල, වයි.ජී. සුමතිපාල, වයි.ජී. කරුණාවතී, වයි.ජී. ගුණදාස හා වයි.ජී. ලීලාවතී දැනට ජීවතුන් අතර සිටින දරු දැරියෝ වෙති.
වයි.ජී. සෝමාවතී, වයි.ජී. මෙන්දියස් සිල්වා, වයි.ජී. සෝමදාස හා වයි.ජී. සිරිල් යන සිව් දෙනා මිය ගොස් සිටින දරුවන් සිව් දෙනාය.
නෝනහාමි මහත්මිය පෙරේදා (04) මිය යන තෙක්ම හොඳ ශරීර සෞඛ්‍යයකින් සිටි බව ඇයගේ දරුමුණුබුරෝ කියති. ඇය හොඳින් ඇවිද්දාය. ඇස් පෙනීම කොපමණ දැයි කිවහොත් ඉදි කටුවට නූල දැමීමද පසුගිය සතිය වනතෙක්ම සිදු කෙරුණේ ඇය අතිනි.
මිය යන තෙක්ම ඇය ඇස් කණ්නාඩි පාවිච්චි නොකළාය. ඊට අමතරව කිසිදු රෝගී තත්ත්වයකට ඖෂධ ලබා ගෙන නොමැත. කන් ඇසීමද ඉතා යහපත් මට්ටමක පැවති‚.
බොහෝ දෙනා විශ්වාස කළේ නෝනහාමි මහත්මිය අවුරුදු සියයකටත් වඩා වැඩි කාලයක් ජීවත් වනු ඇති බවය. එහෙත් කිසිවකුත් නොසිතු පරිදි ඇය අවසන් ගමන් ගියාය.
නෝනහාමී මහත්මියගේ තෙවැනි දිය‚ය වූ වයි.ජී. සුමනාවතී (63) මහත්මිය මෙසේ කීවාය.
—අම්මා හොඳට පිං දහම් කළා. සෑම පොහොයකටම සිල් ගත්තා. තාත්තා එක්ක 11 වතාවක් සිරිපා වැඳීමට ගොස් තිඛෙනවා. ඒ කාලේ අවුරුද්දට දෙතුන් වතාවක් වට වන්දනාවේ ගියා. අපේ පවුලේ දරු මුණුබුරු මි‚පිරියන් 144 දෙනෙකු සිටිනවා. පසුගිය දවසේ අපි ගණන් බැලූවා. අම්මාගේ දරුවන්ගේ දරුවන් කිහිප දෙනෙකුම ආරක්ෂක අංශයේ සේවය කරනවා. මිය යන තෙක්ම අම්මා හොඳට ආහාර පාන ලබාගත්තා. ඇගේ පවුලේ විශේෂත්වයක් තමයි වැඩි දෙනෙක් අවුරුදු 90කට වඩා ජීවත්වීම. අපේ අම්මත් අවුරුදු 100කට වඩා ජීවත්වෙයි කියලා විශ්වාස කළා. සිය වෙනි උපන් දිනය සමරන්න අපි සිතා ගෙන සිටියා. තවමත් අම්මගේ කටේ දත් ටික තිඛෙනවා. කොන්ඩයේ එක කෙස් ගහක් ඉදිලා නැහැ. සමහර වෙලාවට අම්මා අපිටත් විහිළු කරනවා අපි නාකි වෙලා කියලා. අපේ අම්මවත් හිතාගෙන හිටියේ නැහැ මේ වගේ ඉක්මනින් මැරෙයි කියලා. කිසිදු කරදරයකින් තොරව වේදනාවක් නොමැතිවයි ඇය මිය ගියේ. අම්මට උරුම වූයේ වාසනාවන්ත මරණයක්. ලබන හැම ආත්මයකම අපේම අම්මා වී ඉපදේවායි ප්‍රාර්ථනාය කරනවා.
මියගිය නෝනහාමි මහත්මියගේ වැඩිමහල් දිය‚යගේ වයස අවුරුදු 81කි. බාලයාගේ වයස අවුරුදු 63කි. ඇය කාන්තාවන් අතර උතුම් මවක් වන්නේ දරු දැරියන් 16 දෙනකුම මෙලොවට ජනිත කර තිබීම නිසාය.
නෝනහාමී මහත්මියගේ අවසන් කටයුතු හෙට (07) සවස කඹුරුපිටිය ආදාහනාගාරයේදී සිදු කෙරේ.
ආගම දහමට ඉතා ලැදිව කටයුතු කළ නෝනහාමී මාතාව ආදර්ශවත් කාන්තා චරිතයක් යැයි ඛෙංගමුවේ නාලක නාහිමියෝ පවසති.
(දරුවෝ දොළොස් දෙනක් ද, මුවුබුරෝ දෙදෙනෙක් ද මෙහි වෙති.)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට නිවන් සුව අත්වේවා! (නි)
අම්මේ නුඹේ ගුණ ලෝකයටම පෙන්වා දරු මුණූපුරන් එකසිය ගාණක් හදලා නිරෝගි දැහැමි ජීවිතයක් නිමකරලා නිවන් සුව ලබන් පැතුමන් ඉටුවීලා... (නි)
ඔබට නිවන් සුව ලැබේවා (දී)
මෙවන් උතුම් මෑණිවරුන් අපේ රටට සම්පතකි. (නි)
මෙවැනි අම්මලා අද බිහිවෙන්නෙ නැත්තෙ ඇයි.. (ස)
උතුම් රුහුණු වීර මාතාවට නිවන් සුව!ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි.වාසනාවන්ත මවක්. මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා!(ස)
මෑණියෙනි , ඔබ සැබවින්ම වීර මාතාවකි. ඔබට නිවන් සුව ලැබේවා....(ස)
නිවන් සුව ලැබේවා (දී)
මවුනි, ඔබට නිවන් සුව! (නි)
නිවන් සුව අත් වේවා (දී)
නිවන්සුව පතමි. , යහපත් දරුවන් ලොවට දායාද කීරීමම පිනක්(ස)
ඔබ ජාතියේ උන්නතියට කළ මෙහෙවරින් හැබෑම වීර මාතාවකි. ඔබ වැනි මවුන් මේ යුගයට රත්තරන් වටී. එවන් මවුවරු තවත් අප අතර පහළ වේවා!!! ඔබට නිවන් දොර විවර වේවා!!! (නි)
ඔබට නිවන් සුව! (නි)
උතුම් අම්මා කෙනෙක්. නිවන් සැප ලැබේවා! (නි)
මෙවන් මාතාවන් ජාතියටත් රටටත් සම්පතක්. මෑණියනි, ඔබට නිවන් සුව! (නි)
උතුම් මව් තුමියක්.නිවන්සැප ලැබේවා (ස)
රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)
නිවන් සුව ඔබට (දී)
වාසනාවන්ත මවක් (දී)
වාසනාවන්ත මවක්. නිවන්සුව පතමි ..!(ස)
මෙවැනි මව් වරුන් තමයි දැන් අපිට අවශ්‍ය . ඔබ තුමියට නිවන්සැප ලැබේවා (ස)
ඔබට නිවන් සුව අම්මේ (දී)
වාසනාවන්ත මවක් , ඔබතුමියට නිවන් සුව !!(ස)
අම්මේ, ඔබතුමියට නිවන් සැප ලැබේවා! (නි)
මෙවැනි වූ මෑණිවරුන් තව තවත් ලංකාවේ බිහිවේවා! එතුමියට බුදුන් දැක නිවන් දකින්නට මේ පිනම සෑහේවි. (නි)
රුහුණු වීර මාතාවට නිවන් සුව! (නි)
අද කාලේ ළමයින් පාරේ දාලා යන අම්මලා එක්ක බලද්දී මේ අම්මා මතු බුදුවන අම්මා කෙනෙක්. (නි)