IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


විරෝධතා උද්ඝෝෂණවලදී විනාශකාරී වැඩ එපා

ටයර් දමා පිළිස්සීම හේතුවෙන් විනාශ වූ බගවන්තලාව නගරයේ මාර්ග කොටසක් නගර සභා සේවකයකු ඉවත් කරන අයුරු අප පුවත්පත ඊයේ වාර්තා කර තිබුණේ සේයාරුවක්ද සමගිනි. ඉන්ධන මිල ඉහළ යාම හා ඉන්ධන හිඟයට විරෝධය පා රටේ පළාත් 8ක ප්‍රධාන මාර්ග අවුරා විරෝධතා දැක්වූයේ ඉකුත් 20 වැනිදාය. ගස් කපා පාරවල්වලට දමා ටයර් පුළුස්සා, එම විරෝධතා පැවැති බව මාධ්‍ය වාර්තාවල සඳහන්ය. එම විරෝධතාවේදී ස්ථාන දෙකකදී බස් රථ දෙකකටද පහර දී තිබිණි.

හේතුවකින් තොරව ඵලයක් හට නොගනී. ඒ අනුව ජන විරෝධතාවලට හේතුවක් තිබේ. අද රටේ ජනතාවට ජීවිතය අහිමි වී ඇත. එක පැත්තකින් විදුලිය කප්පාදුවකි. තවත් පැත්තකින් ඉන්ධන හිඟයකි. එමෙන්ම ගෑස් හිඟයකි. හිතූ හිතූ මිලට වෙළෙන්දෝ බඩු විකුණති. මෙම පරිසරය තුළ ජන ජීවිතය බරපතළ අර්බුදයකට ලක්වී තිබේ. ආදායම ඉහළ නොගියද වියදම හතර පස් ගුණයකින් ඉහළ ගොස් තිබේ. විරෝධය පෑම හැර වෙනත් විකල්පයක් ජනතාවට නොමැති තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ජනාධිපතිවරයා යළිත් වරක් ඇමති කුට්ටම අනා තිබේ. අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ එමගින් යැයි සිතන සෙයකි. ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අත්සන් කරන බව පාර්ලිමේන්තුවෙන් ඇසේ. එමෙන්ම විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම ඇතුළු ව්‍යවස්ථා සංශෝධනයකට අදාළ කෙටුම්පතක් සමගි ජනබලවේගය කතානායකවරයාට බාර දුන් බවටද ප්‍රවෘත්ති පළවිය. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම ඇත්තේ එතැන යැයි විපක්ෂය සිතන සෙයකි. මෙම පරිසරය තුළ ජන අරගල තව තවත් උණුසුම්වීම වැළැක්විය නොහැක.

අවධාරණය කළ යුතු වඩාත් වැදගත් කාරණාවක් තිබේ. එනම් බොර දියේ මාළු බාන්නන් සිටින බවය. ජනයාගේ සාධාරණ පොදු අරමුණ පෙරටු කරගත් සටන් බිම තමන්ගේ පටු හා පවිටු අරමුණු මුදුන්පමුණුවා ගැනීමට උත්සාහ දරන පිරිස් සිටින බවය. ඔවුන් ජන සමාජ මහා විනාශකාරී අන්තයක් කරා රැගෙන යාමට උත්සාහ දරනු ඇත.

රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් ගැඹුරු හඳුනා ගැනීමක් කළ යුතුය. රඹුක්කන මාර්ග අවුරා උද්ඝෝෂණය කරමින් සිටියෝද ජනතාව වෙති. පොලිසිය පවසන්නේ එතැනට පැමිණි ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට කිසියම් සූදානමක් තිබූ බවය. ‘‘තත්ත්වය පාලනය කිරීමට පොලිසිය අවම බලය පාවිච්චි කළ බව පොලිස්පතිවරයා මාධ්‍යයට කියා තිබිණි. එහෙත් එම සිදුවීමෙන් එක් පුරවැසියෙක් මිය ගියේය. අවසානයේදී සිදු වූයේ අහිංසක දරුවන් දෙදෙනකුට පියා අහිමි වීමයි. බිරිඳකට සෙනෙහෙබර සැමියා අහිමිවීමය. ඒ පවුලට දැන් කඳුළුවල බර තනියම දරා ගැනීමට සිදුවනු ඇත.

ජන විරෝධයට මුවාවී රට ලේ වගුරක් කරා රැගෙන යාමට සංවිධානය වූ පිරිස් සිටිය හැකි බව උපකල්පනයක් පමණක් නොවේ. සමාජ ක්‍රියාකාරිණියක වන සන්ධ්‍යා සල්ගාදු මහත්මිය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ පානදුර ප්‍රදේශයේ පැවැත්වුණේ දේශපාලනික කණ්ඩායමකින් දිරිදුන් කලබලයක් මිස මහජන විරෝධයක් නොවන බවය. මහජනතාව පීඩාවට පත් කරමින් පාර වසාගෙන පැවැති විරෝධය පසුව ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැරිය බවත් ඒ වෙනුවෙන් මැදිහත් වූ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් එම මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

ජනතාවට අවශ්‍ය වන්නේ තමන්ගේ ජීවත්වීමට එරෙහිව ඇති බාධා ඉවත් කර ගැනීම මිස පාරවල් වසා විරෝධතා පැවැත්වීමට නොවේ. බස් රථවලට පහරදී අලාභ කිරීමට ද නොවේ. ඒවා යළි පිළිසකර කර ගැනීමට වැය වන්නේ මහජන මුදල් බවද ජනතාව දනිති. ඔවුන්ට අවශ්‍ය වන්නේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමය. තම උද්ඝෝෂණ ක්‍රියා මාර්ග නිසා තමන් අත්විඳින පීඩාවම කිසිදු අඩුවකින් තොරව අත්විඳින ජනතාව අමතර පීඩනයකට ලක්වන බව වටහා ගැනීම ඉතාම වැදගත්ය.

එක්වරම මාර්ග වසා දැමීමෙන් ඒ වනවිටත් පාරට බැස සිටි විශාල පිරිසක් පීඩාවට පත්වේ. එසේ පීඩාවට පත් වූ පාසල් සිසුන් සම්බන්ධ පුවත් ඉකුත්දා මාධ්‍ය වාර්තාවල සඳහන්ය. හදිසි රෝගියකු රෝහලකට රැගෙන යාමේදී ඇතිවන බාධා එම රෝගියාට මරු කැඳවීමක් වනු ඇත. මේවා සම්බන්ධයෙන් විරෝධතාකරුවන්ගේ ගැඹුරු අවධානය යොමු විය යුතුය.

ජනතාව මුහුණ දෙන ප්‍රශ්න එලෙසින්ම තිබියදී සන්සුන් සංහිඳියාවක් බලාපොරොත්තු විය නොහැක. එහෙයින් ප්‍රමුඛ අවධානය යොමු කළ යුත්තේ ප්‍රශ්න විසඳීමටය. එසේ නොකිරීම රට ලේ වගුරක් කරා තල්ලුවීමට හේතුවක් වීම වැළැක්විය නොහැක.

 

(***)



අදහස් (0)

විරෝධතා උද්ඝෝෂණවලදී විනාශකාරී වැඩ එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 25 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 84 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මාගේ දෙවියනි ඔබ මා අත්හැරියේ මක්නිසාද?
2025 අප්‍රේල් මස 18 33 0

ක්‍රිස්තුන් වහන්සේගේ මුළු මහත් මෙලෝ දිවිය, මනුෂ්‍ය පුත්‍රයකු සේ අත් විඳි ජීවිතය හමාර වන හෝරාව ක්‍රමිකව පැමිණෙමින් තිබේ. කල්වාරිය මත සිදුවෙමින් පැවති


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 45 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ගොවියා රවටන පාරිභෝගිකයා සනසන ස්වයංපෝෂිත කිරි නාඩගම
2025 අප්‍රේල් මස 17 212 0

ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව


පම්බන් පාලම ඉන්දු-ලංකා යාකරන මුහුදු මාවතේ ඇරැඹුමද?
2025 අප්‍රේල් මස 17 401 0

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 205 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1127 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site