බ්‍රිතාන්‍ය ජාතික ටෝනි බාර් (42) ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමග තුර්කිය බලා ගියේ තම විවාහ සැමරුම් උත්සවය සඳහාය. තුර්කියේ මාමරිස් සංචාරක නුවර ආපන ශාලාවක පැවැති සැදයකට සහභාගී වූ ටෝනි ඇතුළු ඔහුගේ දරු පවුල එහි දී ගින්නකට හසු විය. බාබකිව් ක්‍රමයට මේසය මත ගිනි උඳුනක් තබා මාළු පුළුස්සා කෑමට ඔවුන් සූදානම් වෙද්දී කෝකියා අතින් සිදු වූ අත්වැරදීමකින් සියලු දෙනා පිළිස්සී බරපතල තුවාල ලදහ. ලිපත්තු කිරීමට ගෙන ආ ඉන්දන බෝතලය පෙරළී ගින්න ඇති විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු මොනවා උනත් මනුස්සයෝනේ ඉක්මන් සුවය පතනවා. (අ)
බුද්ධ ධර්මය අනුව බලනකොටනම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි. ඉතින් මෙයාලත් ඒ පාපකර්මය සිදු කරන ගමන් තමයි මේ කණගාටුදායක දේ සිද්ධ වෙලා තියෙන්නේ. බෞද්ධ අයට අකුසල කර්ම ගැන හිතන්න හොඳ පාඩමක්. වරදින්නෙත් මිනිස්සුන්ට, ඒ නිසා මේ දෙන්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.... (දී)
මාළු පුච්චන්නනේ හැදුවේ. දිට්ටධම්ම වේදනීය කර්මය. (ත)
නොසැලකිල්ල, ඉක්මන්සුවය පතමි (දී)
ඉහත අදහස් දැම්මේ මස් නොකන අයද ? (ස.වි)
රවිත් එක්ක මාත් එකඟයි.... (ස.වි)
මස් මාලු ඉව්වත්, බැද්දත්, BBQ කළත්..එකයි.. සෑම ඉවීමකටම ගන්නෙ අමුමස් මාලුනෙ..(නු)
දිට්ඨ දම්ම වේදනීය කර්මය ගැන කියන අය බුදුදහම ගැන දැනගෙනද කතා කරන්නෙ.. අනික ඒගොල්ලන් මස් කන්නෙ නැතිද? ඉක්මන් සුව පතමි..!!(නු)
"රවී 2012-07-20 22:33:02 බුද්ධ ධර්මය අනුව බලනකොටනම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි" මේ ලෝකේ අමු මස් අමුවෙන්ම කන අය නැහැ. කවුරුත් කන්නේ පුළුස්සලා හෝ උයලා තමයි. ඉතින් මේ අයට විතරක් ඇයි කර්ම විපාකය පලදෙන්නේ? ඔය වගේ අදහස් බෞද්ධ අදහස් නොව, මක්ඛලි ගෝසාල උගන්වපු 'පුබ්බේකත හේතු වාදී' අදහස්ය. අවැසි තැනටත් නැති තැනටත් ආගම ගාවගන්න ගිහින් බුදුදහම විහිළුවක් කරන්න එපා කියා මෙත් සිතින් ඉල්ලාසිටිමි. (දී)
"රවී 2012-07-20 22:33:02 බුද්ධ ධර්මය අනුව බලනකොට නම් දිට්ඨදම්මවේදනීය කර්මයක් පල දීල තියෙනව වගේ.. "බාබකියු" කියන්නේ අමු මස් පුච්චගෙන කන එකයි" මේ ලෝකේ අමු මස් අමුවෙන්ම කන අය නැහැ. කවුරුත් කන්නේ පුළුස්සලා හෝ උයලා තමයි. ඉතින් මේ අයට විතරක් ඇයි කර්ම විපාකය පලදෙන්නේ? ඔය වගේ අදහස් බෞද්ධ අදහස් නොව, මක්ඛලි ගෝසාල උගන්වපු 'පුබ්බේකත හේතු වාදී' අදහස්ය. අවැසි තැනටත් නැති තැනටත් ආගම ගාවගන්න ගිහින් බුදුදහම විහිළුවක් කරන්න එපා කියා මෙත් සිතින් ඉල්ලා සිටිමි. (නි)
මේක දිට්ඨ දම්ම වේදනීය කර්මය තමයි.ඒත් මේක වුණේ ඒ වෙලාවේ මස් පුච්චාගෙන කෑමේ විපාකය නිසා කියලා කියන්න බැහැ. පෙර ආත්මයක කරපු දෙයක් වෙන්නත් පුලුවන. කොහොම වුණත් අසරණ සත්වයෙකුගේ මාංශ පුලුස්සා කෑමේ විපාකය ගෙවන්නත් වෙයි කවදා හර. (මම මස් මාලු තබා බිත්තරවත් නොකන කෙනෙක් බව කියමි.) (නි)