IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


විශ්වවිද්‍යාල පත්වීම්වලට දේශපාලන ඇඟිලි ගැසීම්

විශ්වවිද්‍යාලයක් යනු රටට ඇවැසි ඥන සම්පත නිර්මාණය කරන කෙෂ්ම භූමිය වේ. අදීන බවින් පිරිපුන් නිර්මාණශීලි මෙන්ම ගුණවත් පුරවැසියන් බිහි කිරීමේ වගකීම දෙවුරට ගත් විශ්වවිද්‍යාලය එහෙයින්ම අත්‍යන්තයෙන්ම ස්වාධීන විය යුතුය. එයට අවශ්‍ය විධි විධාන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතෙහි සඳහන්ව ඇත.

විශ්වවිද්‍යාලයක පරිපාලනය පීඨ මට්ටමින් ක්‍රියාත්මක වේ. තීන්දු තීරණ ගනු ලබන්නේ සනාතන සභාව මගිනි. ප්‍රධාන පරිපාලකයා උප කුලපතිවරයා වුවද ඔහුට විධායක බලතල නැත.

අධ්‍යයනාංශ ප්‍රධානීන් පීඨාධිපතිවරුන් මෙන්ම උප කුලපතිවරයා ඇතුළු සමස්තයම සුදුසුකම් සපුරා එම ධුරවලට පත් වූවෝ වෙති. එහෙයින් ඔවුහු ආදීනවත්, නිර්භයවත් තීන්දු තීරණ ගනිති. උගත්කමට ගරු කරන සමාජයක් එම තීන්දු තීරණවලට හිස නමති. 

විශ්වවිද්‍යාල වුවද තමන්ගේ පක්ෂ කාර්යාල බවට පත්විය යුතු යැයි සිතන දේශපාලනඥයෝ අතීතයෙත් සිටියහ. වර්තමානයේත් සිටිති. එක් වරක විශ්වවිද්‍යාලයක උපකුලපතිවරයා වශයෙන්  පත් කෙරුණේ එවකට රට පාලනය කළ පක්ෂයේ ආසන සංවිධායකවරයෙකි. ඔහු එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයකු වුවද උප කුලපති ධුරය සඳහා සුදුසුකම වූයේ ආසන සංවිධායකකමය.

එක් උසස් අධ්‍යාපන ඇමතිවරයකු විශ්වවිද්‍යාලයක උප කුලපතිවරයා අමතමින් ලිපියක් ලියමින් සඳහන් කර තිබුණේ ‘‘ලිපිය රැගෙන එන  පුද්ගලයා එම විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කරන’’ ලෙසය. විශ්වවිද්‍යාල පරිපාලනය එම ලිපිය කුණු කූඩයට දැමුවේය.  ප්‍රශ්නය පාර්ලිමේන්තුව දක්වා දුර දිග ගියේය. ‘‘එයා අපේ පක්ෂයේ කෙනෙක්. අපට වැඩ කරපු කෙනෙක්. ඒකයි  එහෙම ලියුමක් දුන්නේ’’. අදාළ ලිපිය නිකුත් කළ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේය. රෝගී දේශපාලනඥයන් විශ්වවිද්‍යාල පරිපාලනයට ඇඟිලි ගසන්නේ එසේය. 

අප පුවත්පත් ඊයේ පළකළ පුවතකින් කියවුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පාලක සභාව සඳහා විශ්වවිද්‍යාල කොමිෂන් සභාව මගින් එහි හිටපු සාමාජික පිරිසම නම් කර ඇතත් අධ්‍යාපන ඇමතිවරයා මැදිහත් වී එම නාම ලේඛනය අහෝසි කර ඇති බව විශ්වවිද්‍යාල ආරංචි  මාර්ග පවසන බවය.

මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ  නිර්ලජ්ජිතම දේශපාලන ඇඟිලි ගැසීම මෙය බවට විවාදයක් නැත. විශේෂයෙන්ම  විශ්වවිද්‍යාලයක පාලක සභාවක් පත් කිරීමට එරෙහිව මෙවැනි දේශපාලන ඇඟිලි ගැසීමක් සිදුකර නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයෙකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පාලක සභාවේ අති බහුතරයක් එම විශ්වවිද්‍යාලයේ කීර්තිමත් විද්වත්හු වෙති. නමගිය උගත් බුද්ධිමත් ව්‍යාපාරිකයෝ වෙති. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, හෙට්ටිගොඩ සමූහ ව්‍යාපාරයේ අධිපති අශෝක හෙට්ටිගොඩ, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු ව්‍යවසායකවකු වන ලාෆ් සමූහ ව්‍යාපරයේ අධිපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය, මහජන බැංකුවේ සභාපති හා ගණකාධිකාරිවරයකු වන සුජීව රාජපක්ෂ, ෆිනගල් සමූහ ව්‍යාපාරයේ අධිපති මහින්ද රණසිංහ යන මහත්වරුන්ගේ තෙවසරක නිල කාලය ඉකුත් 10 වැනිදායින් අවසන් විය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමද එම නාම ලේඛනයක් පාලක සභාව සඳහා යෝජනා කර ඇති අතර අධ්‍යාපන ඇමතිවරයා හදිසියේ මැදිහත්වී එම නාම ලේඛනය අත්හිටුවා තිබේ.

සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ රුව ගුණ තේජස වෙසෙසින් දැක්විය යුතු නැත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කීර්තිනාමය දිගත පතර කිරීම සඳහා සුවිශේෂ දායකත්වයක් සලසා ඇති මහාචාර්ය සුනිල් ආරියරත්න මෙරට පුරා වෘත්තයක් බඳුය. අධ්‍යාපන කේෂ්ත්‍රයේ පමණක් නොව සාහිත්‍ය විචාර කලාවේත්, චිත්‍රපට, ගී නිර්මාණ හා කාව්‍යකරණයේ සුවිශේෂ දක්ෂතා ප්‍රකට කර ඇති මහාචාර්ය සුනිල්  ආරියරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙන්ම රුහුණු විශ්වවිද්‍යාල ගීතය ද රචනා කළේය. 

විශ්වවිද්‍යාලයීය ප්‍රකාශකයකු අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මහාචාර්ය සුනිල්  ආරියරත්න මහතා තමන්ගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රුපියල් ලක්ෂ 25ක් පමණ වැයකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිර්මාතෘ වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන්ගේ එක් ප්‍රතිමාවක් විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ බවය.

පාලක සභාවේ සෙසු සාමාජිකයෝ ද රටේ පිළිගත් සම්භාවනීය පුරවැසියෝ වෙති.එබඳු පාලක සභාවක් පත් නොකර අධ්‍යාපන ඇමැතිවරයාගේ ඡන්ද ව්‍යාපාරයේදී  ගෙන් ගෙට ගිය පෝස්ටර් ගැසු හෙන්චයියලා එක් කර ගැනීමට බලාපොරොත්තු වන්නේ දැයි අපි නොදනිමු. මෙම ක්‍රියාවට උගත් බුද්ධිමත් සමාජය නිහඬ නොවිය යුතු බව අපි අවධාරණය කරමු.

(***)



අදහස් (4)

විශ්වවිද්‍යාල පත්වීම්වලට දේශපාලන ඇඟිලි ගැසීම්

Nimal Saturday, 21 January 2023 06:36 AM

රෝගී දේශපාලනඥයන් විශ්වවිද්‍යාල පරිපාලනයට ඇඟිලි ගැසීම, පෙරටුගාමින් සහ අන්තරේ ක්‍රියාකාරකම් අතර වෙනසක් නොමැත. මොවුන් සියල්ලෝම සරසවියට තුල සිට සහ පිටතින් ඍජුව සහ වක්‍රව එල්ල කරනාවූ බලපෑම් නතර විය යුතුවේ.

:       0       4

මෝ77 Sunday, 22 January 2023 06:57 AM

විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ හිතට අල්ලන අයට උසස් සාමාර්ථදි විශ්ව විද්‍යාල පද්ධතියක බඳවා ගැනීම සුලබයි. දැන් සිටින කථිකාචාර්යවරුන් ගෙන් කාන්තා පාර්ශවය 65% ක් හැත්තෑවක් වෙනවා. වෙන රටවල් වල විශ්වවිද්‍යාල පද්ධතියකට ආචාර වරු ලෙස බඳවා ගන්නේ PhD සහ ලෝකයේ පිළිගත් journal වල නිබන්ධන පත්‍රිකා පළකළ හා පේටන්ට් ලබා ගත් පුද්ගලයන්. ඒකට මේ ශ්‍රී ලංකාවේ!

:       1       4

Deshan Monday, 23 January 2023 03:26 PM

දේශපාලකයන්ට කඩේ ගියාට විශ්ව විද්‍යාලවල පත්වීම් ගන්න බැරිබව විශ්ව විද්‍යාලවලට ගිය උපාධිධාරියෝ සියල්ලෝම දනිති. වර්ථමාන ක්‍රමය අනුව උපකුලපතිවරයෙක් හෝ ඕනෑම විශ්ව විද්‍යාලයක පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වීමට නම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට කඩේ යා යුතුය. විශ්ව විද්‍යාලවල ආචාර්යවරයෙක් වීමට නම් සඳහා උපකුලපති ඇතුළු පාලක මණ්ඩලයට කඩේ යායුතුය. අවසානයේ විශ්ව විද්‍යාලවල සියළු පත්වීම් සිදු කෙරෙන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයාට අවශ්‍ය පරිදිය. සැබෑ තත්වය වසන් කිරීමට මෙම ලියුම්කරු අසාර්ථක උත්සාහයක් දරා ඇති බව පැහැදිලිය.

:       0       0

ජයරත්න Tuesday, 24 January 2023 12:10 PM

දේශපාලනේ විතරක් නෙවේ ප්‍රස්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1293 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7867 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 460 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 851 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 869 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 458 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site