IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


විසඳුම් තවමත් නැති අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුම නිසා 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා) පවසන බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්ද‌ා අනාවරණය කළේය. අලි - මිනිස් ගැටුම නිසා එම වසරේදී මියගොස් ඇති පුද්ගලයන්ගේ සංඛ්‍යාව 122 ක් බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

අප රට හැඳින්වෙන්නේ ඉන්දියන් සාගරේ මුතු ඇටය ලෙසය. ලෝක සිතියමේ අබැටක් තරම් වුවද මේ රට සුන්දරත්වයේ පාරාදීසයකි. එමතුදු වුව අප රට වෙළාගත් ප්‍රශ්න අර්බුද පොකුරකින් පිරී ඇත. එක් අතකින් සියවසකට පමණ පසුව පැමිණි ලෝක වසංගතයෙන් මේ බිම අතොරක් නොමැතිව බැට කයි. ඩෙංගු උවදුරෙන් එල්ලවන මාරාන්තික අනතුර ද හිසට ඉහළින් ළඹ දෙමින් තිබේ. රිය අනතුරු වලින් දැයට අහිමිවන පුරවැසියන්ගේ සංඛ්‍යාව මෙන්ම සද‌ාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පුරවැසියන්ගේ සංඛ්‍යාව ටැක්සි මීටරය මෙනි. කඳුළෙන් සුසුමෙන් ලියැවෙන ජාතියේ දූ පුතුන්ගේ ඉරණම ද නිතිපතා අලුත් වෙයි. අලි මිනිස් ගැටුම ද රටේ අනාගතය ලියවමින් තිබෙන බව කෝපා කමිටුවේ වාර්තාවෙන් කියවෙයි. මෙම ප්‍රශ්නවලට කල්පවත්නා හා දියුණු උත්තරයක් සොයා ගැනීමට රටක් වශයෙන් අප තවමත් අසමත්ය. එමගින් ප්‍රදර්ශනය වන්නේ අපගේ ජාතික ආධ්‍යාත්මය තල්ලු කර ඇති දිළිඳු බවේ ප්‍රපාතයේ ගැඹුර විනා අන් යමක් නොවේ.

 සමාජ විද්‍යාවට අනුව යම් ප්‍රශ්නයක් සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනෙන්නේ එම ප්‍රශ්නය සමාජයේ පැවැත්මට අතිශයින්ම බාධාකාරී ලෙස බලපෑම් කරන්නේ නම්ය. අලි මිනිස් ගැටුම ද එබඳු බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස හඳුනා ගැනීමට තවත් කල් පමා කළ යුතු නැත. කෝපා කමිටුවේදී අනාවරණය වූ තොරතුරුවලට අනුව අලි මිනිස් ගැටුම නිසා වනඅලින් වැඩියෙන්ම මියයන රට බවට අප රට පත්ව තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර අප රට දෙවැනි තැනට පත්ව තිබේ. අවශ්‍ය වන්නේ මෙම සංඛ්‍යා ලේඛනවලින් ප්‍රදර්ශනය කරන අඳුරෙන් එළියට ඒමය. එහෙත් සිදුවී තිබෙන්නේ අඳුරෙන් එළියට ඒම වෙනුවට අඳුරෙන් අඳුරට යාමය.

 කෝපා කමිටුවේදී අනාවරණය වී ඇති කරුණුවලට අනුව අප රට තුළ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ගණන සාමාන්‍යයෙන් 272 ක් වුවද 2019 වසරේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් තිබේ. එමෙන්ම අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන මිනිසුන් ගණන අලුත් වුවද 2019 වසරේදී එය 122 දක්වා වර්ධනය වී තිබේ. 2021 වසරේ දත්ත තවම ප්‍රකාශයට පත්වී නැත. කෙසේ වෙතත් එම සංඛ්‍යා ලේඛනවලින් පැහැදිළි වන්නේ අලි - මිනිස් ගැටුම නැමැති ගඟුළ දිනෙන් දින පළල් වී ඇති බවය.

අලි මිනිස් ගැටුම අද ඊයේ ඇරඹුණ දෙයක් නොවේ. මෙය දශක ගණනාවක් පුරා පවතින ගැටුමකි. වන අලි ප්‍රහාරයකින් මියගිය තම සමීපතමයාගේ සිරුර වැළඳ ගෙන ඥ‌ාතීන් නගන මර විළාප ඉදිරිපිට බලධාරීන් යම් යම් ප්‍රතිඥ‌ා ලබා දුන්නද ඒවා ජීවමාන යථාර්ථයක් බවට පත් වී නැත. අඟහරු ලෝකයත් තරණය කරන තරමට විද්‍යාව දියුණු වී ඇති ලෝකයක අලි - මිනිස් ගැටුමට විසඳුමක් සොයා නොගෙන ‘පුළුවන් නම් බේරිලා ජීවත් වෙයව්’ වැනි ඉරණමකට ජනයා තල්ලු කර ඇති සෙයකි.

කෝපා කමිටුවේදී අවධාරණය වී තිබෙන්නේ අලි මිනිස් ගැටුම දශක කිහිපයක් තිස්සේ ඉතාම බරපතළ අන්දමින් ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස්වීමකට බඳුන් විය යුතු බවය. එමෙන්ම විදුලි වැට ඉදිකර අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටුවන්නේ අහිංසක ගැහැනු සතුන් හා අලි පැටවුන් පමණක් බව ද කෝපා කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්ලේ සඳහන් වන බව ද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

 

අලි මිනිස් ගැටුම ඉබේ නිර්මාණය වූවක් නොවේ. එයට බලපා ඇති සාධක බොහෝය. මිනිස් ක්‍රියාකාරකම් ද එයට හේතු වී තිබේ. අලි වාසභූමිවල ජනාවාස ඉදිකර ගැනීම මෙන්ම ගොවිතැන් සඳහා යොද‌ා ගැනීමද ප්‍රධාන හේතුවේ. අලි වාසභූමි හා අලිමංකඩ සම්බන්ධයෙන් අවබෝධයකින් තොරව හෝ එම කාරණා උවමනාවෙන්ම නොසලකා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාම තවත් හේතුවකි. වන අලින්ට ඇවැසි තරමට ඉඩකඩ නොවීම, ආහාර මෙන්ම ජලය හිඟවීම ආදිය ද වන අලින් ගම් වැදීමට හේතුවේ. ඇතුන් දඩයමේ යන දඩයක්කරුවන් නිසා සිදුවන විනාශයද සුළුපටු නොවේ.

කරුණු කාරණා කුමක් වුව ද මෙම ප්‍රශ්නය ඉබේ විසඳෙන තුරු බලා සිටිය නොහැක. බලධාරීන්ගෙන් ප්‍රදර්ශනය වෙමින් තිබෙන්නේ එබන්දක්දැයි සැක සිතෙන තරම්ය. එබඳු සැක පහළ වන්නේ අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා මෙතෙක් වියදම් කර ඇති මහ ධන නිධානයෙන් ශත පහක ප්‍රයෝජනයක් නොමැති හෙයිනි. මේ සම්බන්ධයෙන් ද කෝපා කමිටුවේ අවධානය යොමු වී තිබේ. එහෙත් අවධානය පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය විය යුතුය.

(***)



අදහස් (2)

විසඳුම් තවමත් නැති අලි මිනිස් ගැටුම

jagath Tuesday, 27 July 2021 05:48 PM

අලි මිනිස් ගැටුමට එතරම් අවධානයක් යොමු නොවන්නේ... එයින් බොහෝවිට මිය යන්නේ ඈත ගම්මානවල ජීවත්වෙන දුප්පත් ගොවීන් වීමයි. මහජන නියෝජිතයින් යයි කියාගන්නා උදවියට අවශ්‍ය මේ මිනිසුන්ගේ ඡන්දය පමණයි. ඉන් එහාට ඔවුන්ට මේ දුප්පත් ගොවීන්ගේ ජීවිත, නගරබද ජීවත් වෙන උදවියගේ ජීවිත තරම් වටින්නේ නැහැ. අද බොහෝවිට අද වල් අලි ගම් වදින්නේ හේන් ඵලදාවේ සහ ගෙවල්වල ගබඩා කර ඇති වී වල රස වැටුණු විටයි. එවැනි අලින් මී මැස්සන්ගේ ගුමු ගුමුව පැතිරවීමෙන් හෝ වැට බැඳීමෙන් පලවා හැරිය නොහැකිය...

:       0       100

ගොඩකන්දආරච්චි Wednesday, 28 July 2021 07:18 PM

හේන් ඵලදාවේ සහ ගෙවල්වල ගබඩා කර ඇති වී වල රස වැටුණු අලි ඒම වළක්වන්න පහසුම විදිහට වැට මායිමේ පැඟිරි හෝ කටු සහිත ගස්වැල් යාවෙන්න වැවීමත්, වී සමග දෙහි, දොඩම් වැනි පැඟිරි බෝග ගබඩා කිරීමත් තමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 758 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12681 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site