IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


වසරේ සරාගීම කාන්තාව

 13_PAGE_4_RASA

 

2015 සහ 2016 වසරේ ලොව සරාගීම කාන්තාව ලෙස සැලකෙන්නේ ෂයිලීන් වුඞ්ලි නමැති මේ සුරූපිනියයි. “වසරේ සරාගී කාන්තාව” යන තේමාව යටතේ ලෝ ප්‍රකට තරු ගැන විස්තර පළ කෙරෙන බොහෝමයක් වෙබ් අඩවි වාර්තා කර ඇත්තේ, අංක එකට මේ සුරුපී ෂයිලීන්ගේ නාමයයි.

 


මෙලෙසින් 2015-2016 වසරේ ලොව සරාගීම කාන්තාව ලෙස වෙබ් අඩවි වාර්තා කරන ඇය කවුද?


ෂයිලීන් වුඞ්ලී
මේ සුරූපිනිය උපත ලබා ඇත්තේ 1991 වසරේ නොවැම්බර් 15 වැනිදාය. ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් බර්නාඩිනෝ ඇය උපන් පළාත වෙයි. සිමිවැලි උසස් පාසලෙන් ෂයිලින් අධ්‍යාපන ලබා ඇත. මව ලෝරි පාසල් උපදේශිකාවක වන අතර පියා ලොනී විදුහල්පතිවරයෙකි. ඇයට එක් බාල සහෝදරයෙක් ද සිටී.

1
වයස අවුරුදු 4 සිටම නිරූපිකාවක ලෙස කටයුතු කිරීමේ අවස්ථාව ෂයිලීන් හට ලැබිණි. නමුත් වයස අවුරුදු 15 පමණ වෙද්දී පිට කොන්දේ ඇදයක් නිසා ඇති වූ ආබාධ තත්ත්වයට මුහුණ දී චිකිත්සාවක ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවිණි. පිට කොන්දේ ඇදය හැර ගැනීම උදෙසා බඳවටා ප්ලාස්ටික් පටියක් පැළඳීමද කළාය. ඇය ගෘහස්ථ අලංකරණය ගැන නිව්යෝක් සරසවියෙන් හදාරා තිබේ. එසේ වූවද ඇයගේ දෛවය ලියැවී තිබුණේ සිනමා රංගනය සඳහාය.
නමුත් ඇය ඇමෙරිකාව හඳුනන චරිතයක් බවට පත් වූයේ “යෞවන යෞවනියන්” ඉලක්ක කරගෙන තැනූ “ද සීක්‍රට් ඔෆ් ද ඇමරිකන් ටීනේජර්” (2008-2013) ටෙලිවිෂන් නාට්‍ය මාලාව නිසාය. ඉනික්බිතිව දෘශ්‍ය කාව්‍යමය චිත්‍රපටයක් වූ “ද ඩිසෙන්ඩන්ට්ස්” හි රඟපෑම නිසා ඇයගේ ජීවිතය රන් මාවතකට යොමු විණි. ඒ නිසා හොඳම සහාය නිළි චරිතයට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර තවත් උළෙලකදී ඒ සඳහා ඇයගේ නාමය නිර්දේශ විය. ඉනික්බිතිව “දි ස්පෙක්ටකියුලර්” රඟපෑම වෙනුවෙන් සන්ඩන්ස් චිත්‍රපට උළෙලේදී (2013) ජූරියේ විශේෂ සම්මානය ඇයට හිමිවිණි. තවත් උළෙලකදී හොඳම නාමයට නිර්දේශ විය. ඒ සියල්ලට පෙර ටෙලිවිෂන් චරිත හරහා ඇයගේ රංගන ප්‍රවිශ්ඨයේදී කළ රඟපෑම උදෙසා “හොඳම යොවුන් නිළිය” ඇතුළු තවත් සම්මාන රැසකට ඇය හිමිකම් ලැබුවාය. 


දීර්ඝ ටෙලි වෘතාන්ත සමඟ නිරන්තරයෙන් රැඳී සිටීමට වාසනාවන්තියක වූ බැවින් බටහිර ටෙලි වෘතාන්ත නරඹන ලෝකය පුරා විසිරී සිටින ජනතාව අතර ඇය දීප්තිමත් තාරකාවියක බවට පත්ව සිටින්නීය. ඇය සතු රංගනය සිනමාව හා ටෙලිවිෂන නිර්මාණ සඳහා පමණක් නොවී, වාණිජමය කටයුතු සඳහා ද මුදා හැරීමට ඇයට අවකාශය ලැබී තිබේ.


මේ තරම් අඩු වයසකදී එනම් අවුරුදු 24 දක්වා පැමිණි ගමනේදී ජීවිතයේ ඇය කළ දේ නම් බොහෝමය. එතරම් සාර්ථකවීම සඳහා වඩාත් බලපෑවේ මව්පියන්ගෙන් ලැබුණු උපදේශකත්වයයි. රංගනයේදී, මෙන්ම ඉගෙනීමේ කටයුතුවලදී ද කෙසේ ඒවාට මුහුණ දිය යුතු ද කියා වටහා දී මව්පියන් ඇයට රීති පනවා තිබුණි.


ඇමරිකානු යොවුන් ටෙලි වෘතාන්තයේ රඟපෑමට ලැබීමත් සමඟ උසස් අධ්‍යාපනය ඇය නවතා දැමුවේ නැත. උපාධිය ලබා ගැනීම සඳහා අවැසි පාඩම් වැඩ සහ විෂයට අදාළ සියල්ල ඇය සිටි රූගත කිරීම් සිදු කළ තැනටම ගෙනැත් දීමට සරසවියේ ගුරුවරු කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් වයස අවුරුදු 15 වෙද්දී මව සහ පියා දික්කසාදවීම ඇයට ඇති කළේ එක්තරා විදිහක කම්පනයකි.


“ඇමරිකානු යෞවනයේ රහස් ජීවිතය” ටෙලි මාලාව ඒ සියලු කම්පනයන්ට අස්වැසිලල්ක් වූයේ ඇයට ආදරය කරන බොහෝ පිරිසක් එක් රැයෙකින් ඇති වීමත් සමගය. එමෙන්ම එහි රඟපෑ “මෙගන් පාක්” ඇයගේ හොඳම යෙහෙළියවීම නිසා ෂයිලීන් වඩාත් සතුටට පත්ව සිටියාය. ඇයගේ පියා බි්‍රතාන්‍ය සම්භවයක් ඇති අයකු වන අතර, මව අප්‍රිකානු, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉංග්‍රීසි, ස්විස් සම්භවයකින් පැවැත එන පරපුරක තැනැත්තියකි.


“ඩයිවර්ජන්ට්” හි ඇය සමඟ රඟපෑ දිඕ ජේම්ස් ඇයට යටිහිතින් ආදරය කළේය. ඒත් ඒ වනවිට සංගීතඥ නාකෝ බෙයර් සමඟ සමීප ඇසුරක් පවතින බවට කට කතා පැතිරිණි. එය සත්‍යයක් යැයි කියා, නාකෝගේ නැගණිය ටුවිටර් පිටුව ඔස්සේ ප්‍රකාශ කර තිබිණි.


“ඔව්, දවසක් මම එනකොට මේ දෙන්නා ප්‍රේමයෙන් වෙලී, කතා බස් කරමින් සිටින අයුරු දුටුවා” යැයි ඇය සඳහන් කර තිබිණි. “මට නිතරම ආදරය අවශ්‍යයි” යන්න ඇය විටෙක ප්‍රකාශ කළාය. නාකෝ සමඟ තදින් ප්‍රේමයක වෙලීමට පෙර, දිඕ ජේම්ස් ඇතුළු තවත් නළුවන් කීප දෙනකු සමඟ පෙමින් වෙලී සිටි බව නොරහසකි.


මේ සියල්ලට අමතරව ඇය වඩා ආදරය කරන්නේ “ගස්-වැල්” වලට කීවොත් වඩා නිවැරදිය. ගහට-කොළට ඇය බෙහෙවින්ම ආදරය කරන්නීය. පිරිසිදුම ජලය පානය කිරීමට මෙන්ම ඇය ස්වභාවික ගස්වැල් ශාඛ ශාරයෙන් නිපදවා ගත් දත් බෙහෙතක් භාවිතා කරන්නීය. ඇය ජංගම දුරකතනය භාවිතයට ප්‍රිය නොකරන්නීය. 


“මට ස්මාට් ෆෝන් එකක් නැහැ. සෙල් ෆෝන් එකකුත් නැහැ. මට එවැනි එකක් තිබිණි නම්, එය ඉතාම කෙටි භාවිතයක් වේවි. නැත්නම් මම එය උඩ විසී කරාවි. යනුවෙන් ඇය සම්මුඛ සාකච්ඡාවකදී ජංගම දුරකතන ගැන ප්‍රකාශ කර තිබුණේ එලෙසිනි.


ෆෝන් එකක් නැති තරමට මට ජනතාවට වඩාත් සමීප විය හැකියි. ඒ සියල්ලටත් වඩා මට මගේ නිදහස තාක්ෂණයට වඩා වටිනවා. තාක්ෂණය එක්ක ගැටෙනවාට වඩා මට නිදහස වැදගත්. ලොව සරාගී මේ නිළිය හිස සේදීම සඳහා ෂැම්පු භාවිතා කරන්නේ මසකට වතාවක් බව කියැවේ. එමෙන්ම ඇය මැටි ස්වල්පයක් (ඉතා මෘදු වන ගහණයෙන් සොයාගත්) දිනපතා අනුභව කිරීමට පුරුදුව සිටින්නීය. ඇය සොබා දහමේ චරිතයකැයි විශ්වාස කිරීම ඊට හේතුව වන අතර ඇයගේ යහපත් සෞඛ්‍ය උදෙසා එලෙස මැටි අනුභව කරන බව සඳහන් වෙයි.


අද මෙලෙසින් ලෝ ප්‍රකට තරුවක් වූවද, ඒ සියලු දේ කරන අතරේ ඇමරිකාවේ ඇඟලුම් සමාගමක සේවය කර තිබේ. පැසි පන්දු ක්‍රීඩාව ඇයගේ ප්‍රියතම ක්‍රීඩාව වන අතර ඇය වඩා අනුගමනය කරන නිළියන් වන්නේ කේට් වින්ස්ලට්, මෙරියන් කොටිලර්ඞ්, මෙලනි ලොරන්ට් යන තාරකාවියන්ය. “ඩර්ටි ඩාන්සින්” ඇයගේ ප්‍රියතම චිත්‍රපට ගොන්නට අයත් එකකි.

 


ලිංගිකත්වය
ජීවිතයේ කාන්තා සම අයිතිය ගැන කතා කරන ඇය කාන්තාවගේ නියම විමුක්තිය වන්නේ පිරිමි සහ කාන්තාවන්ට සමව සමාජයේ පිළිගැනීමට ලක්වූවොත් යැයි ප්‍රකාශ කරන්නීය. තමා වචනයේ පරිසමාප්ත අයුරින්ම කාන්තාවක් වන අතර, කාන්තාව එසේ විය යුතු බවද ඇය සලකන්නීය. ලිංගිකත්වයේදී ඇය ප්‍රකාශ කරන්නේ, “මම පිරිමියාව තදින් බදා ගැනීමට වගේම ඔහුව සිප ගැනීමට ආසයි. ඒ වගේම තනියම සිටියදී මම වඩා කැමති නූල් පොටක්වත් පැළඳ නොගෙන, එනම් මගේ කාමරයේදී නිරුවතින් සිටීමටයි. ලිංගිකත්වය කියන්නෙ එක අතකට සාමාන්‍ය දෙයක් විය යුතුයි. එය සමාජයේ උලුප්පවා කතා කළ යුතු දෙයක් නොවෙයි. යුරෝපය ඊට නිදහස් තෝතැන්නක්. චිත්‍රපටයක් වූවද එසේ විය යුතුයි. ලිංගික දර්ශන දිහා මහා අමුතු විදිහට නොවී සාමාන්‍ය දේ ලෙස නැරඹිය යුතුයි. ඒ හැරත් තාරුණ්‍යයට ලිංගිකත්වය යනු විශාල දෙයක්. එය තාරුණ්‍ය එක්ක මතුවන දෙයක්. ඒ සත්‍යය තේරුම් ගැනීම වැදගත් යැයි ද ඇය විටෙක ප්‍රකාශ කර තිබේ. “ජීවිතය යනු සටනක්. ඒ සටන විනෝදයෙන් පුරවා ගත යුතුය” යන්න ඇයගේ අදහසය.


මෙලෙසින් මේ ෂයිලීන් වූඞ්ලි ගැන කීමට සහ ලිවීමට ඇති දේ බොහෝය. ඇය ලෝ ප්‍රකට චරිතයක් බවට පත්ව ඇත්තේ සමහර චිත්‍රපටවලදී, නිරුවත් දර්ශනවලට හෝ ලිංගිකත්වය පදනම් වූ දර්ශන සඳහා පෙනී සිටි නිසා නොවේ. හොලිවුඩය පිළිගන්නේ ඇය වත්මනෙහි ලොව සිටින අති දක්ෂ චරිතාංග රංගන ශිල්පිණියක ලෙසය. දෙබස් කට පාඩම් නොකොට පිටපත බලා රංගනයේ යෙදීමට වූවද ඇයට හැකියාව තිබේ. ඇය ඒ විෂයය සඳහා එතරම්ම බද්ධ වී සිටින්නීය. දැඩි පරිසර හිතකාමී චරිතයක් වන ෂයිලීන්ගේ සරාගී පෙනුමට වඩා, සමාජයට ගත හැකි ආදර්ශවත් හොඳ බොහෝ දේ ඇයගේ ජීවිතයෙන් උකහා ගත හැකිය. නිරුවතින් දකින ඇයගේ පෙනුමට එහාගිය ඒ හොඳ දේ ගැන පාඨක ඔබ විමසා බැලිම වැදගත්ය.

m



අදහස් (0)

වසරේ සරාගීම කාන්තාව

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 318 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 937 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1427 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 222 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 440 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 608 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site