IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


වෙ​ළෙඳපොළ මැතිසබයට රාජ්‍යය..?

දින කීපයකට පෙර බය සිතෙන සිහිනයක් දුටු වෙමි. සිහිනවලින් අනාගතයේ විය හැකි දේවල් කිව නොහැකිය යන අදහස සිග්මන් ෆ්‍රොයිඩ් කියා ඇතැයි මා අසා තිබේ. එහෙත් මා කලබල වුණේ පන්සීය පනස් ජාතක පොතේ මහ සුපින ජාතකය මතක් වීමෙනි. කොසොල් රජු බියට පත් වූ සිහින දහසය ගැන සඳහන් වන්නේ මහ සුපින ජාතකයේ ය. ඒ සිහින ගැන බුදුන් වහන්සේ දුන් අර්ථකතන සහ අනාවැකි අද ලෝකයේ සත්‍ය වශයෙන් සිදුවන විට ෆ්‍රොයිඩ් ගේ මතය ප්‍රතික්ෂේප වීමේ ඉඩක් ද ඇත. මම ඒ සිහින දහසය ගැන හදාරා ඇත්තෙක් මි. ඒ මා මිත්‍ර ආරියරත්න ඇතුගල ගේ “මහසමයම” දැවැන්ත වේදිකා නාට්‍යයේ පිටපත දොරට වැදීමේ උත්සවයේ ආරාධිත දේශනයක් කිරීම සඳහා ය. එහි දී  ලැබුණු එක නොව මා සකසාගත් මාතෘකාව වූයේ ‘මහ සුපින ජාතකය සහ නූතන වේදිකා සමාජය’ යන්න ය. දේශනය ඉතා සාර්ථක විය. කීප දෙනකුගේ සිත් රිදීම් ද සිදුවන්නට ඇත. පසු කලෙක “මහ සුපින” නම් වූ ඇතුගලගේ දෙවෙනි දැවැන්ත නාට්‍යය සඳහා හේතු වූයේ ද මේ දේශනය බව ඔහු කීප වරක් මා හා පවසා ඇත. ඔය කොයි හැටි වෙතත් හීන යනු නොතකා හැරිය හැකි දෑ නොවේය.

මට සිතෙන හැටියට මේ හීනයට ආසන්තම හේතුව පසු ගිය සිකුරාදා ‘ලංකාදීප කිවිදා දැක්මෙ’ හි පළවූ මා මිත්‍ර චරිත හේරත් ගේ ලිපිය ය. රාජ්‍යය නෝන්ජල් කොට වෙළෙඳපොළ මහජන ජීවිතයේ ගැලවුම්කාරයා කිරීම උදෙසා කලක සිට විශාල බුද්ධිමය පරිශ්‍රමයක් දරන්නකු වන චරිතට සති පොළක් සේ රට පාවිච්චි කරන වෙළෙන්දන්ගේ ගෞරවය හිමි විය යුතුම ය. එහෙත් දියුණු ජාතික අභිලාෂ වෙතින් නියාමනය වන වෙළෙඳපොළක් අපේක්ෂා කරන කිසිදු ප්‍රාග්ධන හිමියකුගෙන් ඔහුට කිසිදු ගෞරවයක් හිමි නොවනු ඇත. මා දුටු ඒ බියකරු එහෙත් චරිත වැනි අයට සතුටු විය හැකි සිහිනය තවම නොකීවා ට සමාවෙන්න.

මෙන්න මා දුටු ඒ බියකරු සිහිනය. මා මුලින් ම දුටුවේ නවීන තාක්ෂණය යොදා බිම් සැකසූ අක්කර සිය දහස් ගණනකින් විශාල වූ කුඹුරු යායකි. එහෙත් සුපුරුදු ගොවියන් පෙනෙන්නට නැත. සියලු‍ දේ යන්ත්‍ර සූත්‍ර මගින් සිදු වේ. ඒවා අද අප සැබෑවට දකින ඒවාට වඩා සංකීර්ණ ඒවා ය. ඒ මහා කුඹුරු යාය ඈතින් ඈතට විහිදී ගිය කටුකම්බි වැටකින් වටකොට ඇත. ඇතුල් වීමට ඇති විශාල ගේට්ටුවේ පිළිවෙළට නිල ඇඳුම් ලා අවිගත් මුරකාරයෝ වෙති. ඒ අසල දැවැන්ත නාම පුවරුවකි. එහි සඳහන් වන්නේ ඒ අක්කර දහස් ගණන් අයිති වෙළෙඳ ආයතනයේ නම සහ තව තව දේවල් ය. අනවසරයෙන් ඇතුල් වන්නන්ට දැනුම් දීමකින් තොරව වෙඩි තබන බවට වූ සඳහනක් ද එහි විය. කලබලයට පත් මම ගොවිබිමෙන් පිටත තැන් තැන්වල රැස්වී ඇති ජනයාගෙන් මේ ගැන විමසුවෙමි. ඔවුහු මේ කුඹුරුවල පැරණි අයිතිකරුවෝ ය. ඒ කුඹුරු විකුණා දැමු ගොවියෝ ය. දැන් කරන්නට වැඩක් නැති නිසා බඩවියත සඳහා තැන් තැන්වල සැරිසරන්නෝ ය. සිදුවුණේ කුමක් දැයි මම ඔවුන්ගෙන් ඇසුවෙමි. සහල් නිෂ්පාදකයන් ම වී නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ගේ කුඹුරු මිලට ගත් බව ඔවුන් කීවේ එවිට ය. වී ගොවිතැනින් බෙහෙත් පොහොර සමාගම්, අමාත්‍යාංශය සහ මෝල් හිමියන්ට මිස ගොවීන්ට කිසි ලාභයක් නැති නිසා ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජිතයන්, එනම් චරිත හේරත් වැනි අය වී ගොවිතැන අත්හැර කුඹුරු ටික ලාභ ලැබිය හැකි මෝල් හිමියන්ටම විකුණන්නට අවශ්‍ය බුද්ධිමය ඥානය ගොවියන්ට දුන්නේලු‍. දැන් සහල් නිෂ්පාදකයන් ම එනම් මෝල් හිමියන් ම වී නිෂ්පාදනය ද තම ඒකාධිකාරයට නතු කරගෙනය. මා හඬන්නට වූයේ කුඩා සහ ගැටවර කාලයේ තාත්තා සමඟ වෙලේ කුඹුරේ ගත කළ අතීතය මතක් වීමෙනි. හදිසියේ මහා සිනා හඬක් ඇසුනි. ඒ චරිත ගේ ය. අපි වී හදන වැඩෙත් වෙළෙන්ඳන්ට ම දීල රාජ්‍යය ඒ බරෙන් නිදහස් කළ ධම්ම, යනුවෙන් කියූ ඔහු සිටියේ ඉතා සතුටින් ය. අසල තිබු පොල්ලක් ගැනීමට උත්සාහ කළ මම චරිත වටේ සිටි කිසිවකුගේ පොලු‍ පහරකට ලක්වීමි මා අවදි වුණේ ඉහින් කනින් දහදිය පෙරාගෙනය. මා දුටු සිහිනය ඔන්න ඕකය. වී නිෂ්පාදනයත් වෙළෙන්දන්ට ම බාර දී රාජ්‍යය ගොවි බරෙන් නිදහස් වූ, එක අතකට මගේ නොව චරිතලාගේ සිහිනය ය.
චරිතට අනුව “සීමාසහිත වෙළෙඳපොළක් සහ විශාල රාජ්‍යයක්” යනු මහජනයාට හරිම කරදරයකි, වාතයකි. ඔහු යෝජනා කරන්නේ සීමා රහිත වෙළෙඳපොළක් සහ නෝන්ජල් රාජ්‍යයකි’. එනම් ඕනෑම දෙයක් කළ හැකි වෙළෙඳපොළක් සහ නෝන්ජල් ජන සමාජයකි’. රාජ්‍යයක් යනු මහා ජන-සමාජ සම්මුතියක් බව ඔහු නොතකා හැර ඇත. මේ රටේ ඇත්තේ වෙළෙඳපොළ ක්‍රමයක් නොව ජාවාරම්කාර වෙළෙන්දන්ගේ ක්‍රමයක් බව චරිත නොදන්නවා නොවේ. ඔහු වැනි අය හිතා මතාම එය අමතක කරති.

එසේ අමතක කරමින් 77 න් පසු ඉදිරියට ආ වෙළෙන්දන්ගේ ක්‍රමයට බුද්ධිමය ආධිපත්‍යය ලබා දීමට තවමත් නොහැකිවීම ගැන මැසිවිලි නගති. ඉන් නොනැවතී ඒ ආධිපත්‍යය ලබා දීම සඳහා වැඩ පටන් ගනිති. එක අතකට චරිතලා කරමින් සිටින්නේ විධිමත් වෙළෙඳපොළ ක්‍රමයක් සහිත රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම නොව රටේ ඇති ජාවාරම්කාර වෙළෙන්ඳන්ගේ ක්‍රමයට තවමත් නොලැබී ඇති බුද්ධිමය ආධිපත්‍යය ලබා දීම සඳහා වෙහෙස මහන්සි වීම ය.

ඉතිහාසයේ අරගල සිදු වූයේ ඔටුන්නේ බලය සීමා කොට පාර්ලිමේන්තුවේ බලය වැඩි කිරීමට ය. එංගලන්තයේ “රැජින රජකම් කරයි. එහෙත් රට පාලනය නො කරයි” යන ව්‍යවහාරය පැන නැගුණේ ඒ අරගලවල ප්‍රතිඵලයක් නිසා ය. එහෙත් චරිතලාගේ බුද්ධිමය තර්කයට අනුව සිදුවන්නේ ‘නියෝජිතයෝ සිටිති. එහෙත් වෙළෙන්දෝ රට පාලනය කරයි. පාර්ලිමේන්තුව ඊට පහසුකම් සපයයි’ යන අලු‍ත් පන්නයේ ව්‍යවහාරයකට පදනම වැටීම ය. වෙළෙන්ඳන්ගේ ක්‍රමය බලවත් කිරීම සඳහා වූ බුද්ධිමය සහය ලබා දෙන චරිතලා මේ කරමින් සිටින්නේ රාජ්‍ය ආයතනයක් වන පාර්ලිමේන්තුව ද වැඩක් නැති පන්නයේ එකක් ය, එහි බලය ද වෙළෙන්ඳන්ගේ ක්‍රමයට ලබා දිය යුතුය යන මතය සමාජගත කිරීමය. අවසානයේ එක්කෝ චරිතලා වැනි අය වෙළෙන්දන්ගේ ක්‍රමයේ නියෝජිතයන් විය යුතු ය. නැතහොත් වෙළෙන්දෙක් විය යුතු ය. එවිට පාර්ලිමේන්තුවේ සිටිනුයේ මහජන නියෝජිතයන් ය යන අදහස කෞතුකාගාරයකට යැවිය යුතු ය. කෝප් කමිටු වැනි දේවල් පෙර දවස භාවිත කළ උපකරණ ලෙස අනාගත ජනයා නරඹනු ඇත!

1994 සිට එජාප ව්‍යාපෘතියට එරෙහිව වෙනත් බලවේග ගණනාවක්ම රටේ පාලන බලය ලබාගත්තත් තවමත් රටේ බුද්ධිමය ආධිපත්‍යය තිබෙන්නේ සියල්ල රාජ්‍යයෙන් කළ යුතුවා යැයි සිතන තැනක බව චරිත පවසන්නේ දැඩි සිත් වේදනාවකිනි. ඔව්, තවමත් රාජ්‍යයට බුද්ධිමය ආධිපත්‍යය ඇත. එය හොඳක් මිස නරකක් නොවේ ය. එහෙත් ගැටලු‍ව වන්නේ රාජ්‍යය බුද්ධිමය ලෙස කළමනාකරණය කරන  පක්ෂවලට ආණ්ඩු බලය නොලැබීමය. බලය ගන්නා ආණ්ඩුවලට බුද්ධිමය හෘද සාක්ෂියක් නොතිබීම ය. එසේම බලය ලබාගන්නා පක්ෂ හෝ කල්ලිවල සිටින බුද්ධිමතුන්ට ජන-සමාජ හෘද සාක්ෂියකින් ක්‍රියාකිරීමට ඉඩකඩ නොලැබීම ය. බුද්ධිමය ආධිපත්‍යය රාජ්‍යයට තිබුණාට බඩගොස්තරවාදයේ ආධිපත්‍යය තිබෙන්නේ මේ දක්වා ආණ්ඩු බලය ලබාගත් කල්ලිවලටය. ඒ කල්ලි වෙළෙඳපොළ ක්‍රමයේ නොව වෙළෙන්ඳන්ගේ අතරමැදියෝ ය.

අනිත් කාරණය වන්නේ 1994 ආණ්ඩු වෙනස මගින් චරිත සහ අපි අපේක්ෂා කළේ ජාවාරම්කාර වෙළෙන්ඳන්ගේ ක්‍රමයට බුද්ධිමය ආරක්ෂාව සැපයීමට ද? යන්නය. අප ඇසිය යුතු වැදගත්ම ප්‍රශ්න මාලාව වන්නේ රාජ්‍යය මොකට ද? චරිතලා සිතන පතන ආකාරයට එහි කාර්යභාරය කුමක්ද? රාජ්‍යය කාගේ ද? රාජ්‍යයේ වපසරිය සීමා කළ යුතුය යන්නෙන් අදහස් වන්නේ කුමක් ද? සීමා කළ යුත්තේ කවර බලයන් ද? ඒවා ඊට පසු ලබා දෙන්නේ වෙළෙන්ඳන්ට ද? නැතහොත් රාජ්‍යය විසින් ජනතා අභිලාෂ මත නියාමනය කරන වෙළඳපොළ ක්‍රමයකට ද? රාජ්‍යයට වඩා වෙළඳපොළ උත්රීතර ද? රාජ්‍යය කටයුතු කළ යුත්තේ වෙළෙඳපොළ නියාමනය යටතේ ද? රාජ්‍යය සතු බලය සහ වපසරිය සීමා කළ යුතු බව කියන විට ඒවා බාර ගන්නා වෙළෙන්ඳන් ගැන තිබෙන විශ්වාසය කුමක් ද?

හරි, රාජ්‍යයේ බලය සහ වපසරිය සීමා කරමු. එහෙත් ඒ සමඟම වෙළෙඳපොළේ බලය සහ හැසිරීම නියාමනය කිරීමේ බලය ඒ රාජ්‍යය සතු සීමිත බලයෙන් එකක් බවට පත්කරමු. එහෙම නැත්නම් රාජ්‍යය විසුරුවා හරිමු. එවිට ජනාධිපති, පාර්ලිමේන්තු, පළාත් ආණ්ඩු සහ ප්‍රාදේශීය ආණ්ඩු කිසි දෙයක් අවශ්‍ය නැති නිසා වෙළෙන්ඳන්ගේ සංගමයකට හෝ කාටලයකට රට බාර දෙමු.
මා සිතන ආකාරයට අප අනුගමනය කළ යුතු පිළිවෙත වන්නේ රාජ්‍යය මනාව සංවිධානය කොට එය ජන-සමාජ සම්මුතියක් ලෙස රටේ අභිලාෂ සාධනය සඳහා යොදා ගැනීමේ දී ඊට අදාළ සහයක බලවේගයක් ලෙස විධිමත් වෙළඳපොළ ක්‍රමයක් ගොඩනගා ගැනීම ය. ඒ වෙළඳපොළට දෙන නිදහස ජාතික අභිලාෂ උල්ලංඝනය නොකරන සීමාව තුළ රඳවා තබා ගැනීම ය. එසේ නැතුව සමාජ-දේශපාලන නොහැකියා වසා ගැනීමට රාජ්‍යයට දොස් කීම සහ ගල් ගැසීම නොවේය.

රාජ්‍යය ජන-සම්මුතිවා දී අයුරින් ගොඩනැගිය නොහැකි සහ හැසිරවිය නොහැකි ජනතා නියෝජිතයන් යැයි කියාගන්නා අය, මිලියන ගණනින් වූ දිළිඳු පවුල්වල ජනයාට බලකර සිටින්නේ ජාවාරම්කාර වෙළෙන්ඳන්ගේ ක්‍රමයේ අනුහසින් සැපවත් ජීවිත ගත කරන්න කියා ද ? කෝකටත් තෛලය වෙළෙන්ඳන්ගේ ක්‍රමය කියා ද? පාර්ලිමේන්තුව ඍජුවම වෙළඳමේන්තුවක් කරන්න කියා ද? චරිත අපි මේ රටේ ජනයාගේ පැත්ත අරගෙන ඔවුන්ගේ රාජ්‍යය ශක්තිමත් කරමු. එය පාලකයන්ගේ රාජ්‍යය නොවන බවට වග බලා ගනිමු. මාලඹේ ස්ලිට් ආයතනය ගැන කෝප් හෙළිදරව්ව ගැන මගේ ප්‍රශංසාව පිළිගන්න. ඒ හෙළිදරව්ව සමාජගත කරන්න. වෙළෙන්ඳන් ජනයාගේ සම්පත් පහරන ආකාරය ගැන ලියන්න පටන් ගන්න. දැනට එ පමණකි.


(***)


කොළඹ විශ්වවිද්‍යාලයේ  
දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශ​යේ,
ධම්ම දිසානායක

 



අදහස් (1)

වෙ​ළෙඳපොළ මැතිසබයට රාජ්‍යය..?

ජයන්ත් විජේසූරිය Friday, 15 October 2021 07:57 AM

නියෝජිතයින් සිටිති.එනමුත් ඔවුන් සැබැවින්ම මහජන නියෝජිතයින් නම් නොවෙති. වෙළෙඳ ප්‍රජාවගේ නූතන වෙළදපොළ වනුයේ පිස්සු කෙළින සමස්ථ රාජ්‍යයමය. නියෝජිතයින් විසින් සිදුකරනුයේ එම රාජ්‍යයේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුව මගින්‍ වෙළෙදුන්ට රිසි සේ ක්‍රියා කිරිමට අවශ්‍ය පහසුකම් සලසාදීමයි.එපමණකින් නොනවති. පසුව වෙළෙදුන්ම නියෝජිතයින් වෙයි.පසුව ඔවුන්ද තම සගයන්ටද සුපුරුදු සහන සලසාදෙයි. ඒ අනුව පාර්ලිමේන්තුව යනු මහජන නියෝජිත ව්‍යාවස්ථා සභාවක් නොව ජාවාරම්කාර කූට වෙළෙදුන්ගෙන් පිරුන හොර ගුහාවකි.අහෝ සුන්දර රටකට දේශපාලුවන් විසින් අත්කර දුන් ඉරණමක තරමක්.ආදරණීය ධම්ම සර් අපි නොනැවතී නොබියව අපේ හඬ නංවමු.ඔබට ස්තුතියි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 368 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 794 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 169 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 598 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site