IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳුඳා හමුවෙන් මෙසේ එළිදක්වමු.

 

ප්‍රශ්නය:- ජනපතිවරණ රේස් එක දුවන කීපදෙනෙක්ම මේ වනවිට පේන්න සිටිනවා. ඔබත් ඒ රේස් එකට අලුතෙන් එක්වෙලාද?

පිළිතුර:- ඔය රේස් එක දුවනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. මේ අභියෝග ජයගන්න වැඩපිළිවෙළක් මුලින්ම අපට තියෙන්න ඕන. ඒකට අවශ්‍ය පුළුල් මානුෂිකත්වයේ සන්ධානයක්. අපි මේ දවස්වල උත්සාහ කරන්නේ එකී සන්ධානය පුළුල් නායකත්ව මණ්ඩලයක් සමග ගොඩනගන්නයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන්නේ කවුද කියා එම නායකත්ව මණ්ඩලය තීරණය කරාවි. ඒ අනුව අපි ක්‍රියාකරනවා. ජනපති සටනට මා ඉදිරිපත් කරන්න ඔවුන් තීරණය කළොත් මම තරගයට එනවා. එසේ නැතුව වෙනත් කෙනකු නම් කළොත් අපි ඒ අපේක්‍ෂකයාට පූර්ණ සහයෝගය දෙනවා.

ප්‍රශ්නය:- ජා.ජ.බ. ප්‍රමුඛ ප්‍රබල සන්ධානයක් ගොඩනැගෙමින් ඇති බව කියනවා. ඔවුන් මේ වනවිට රටපුරා රැලි පවත්වමින් යනවා. මෙවැනි පසුබිමක තවත් සන්ධාන සාර්ථක වෙයිද?

පිළිතුර:- තමන්ට අවශ්‍ය දේශපාලන ක්‍රියාමාර්ග තේරීමේ අයිතිය ජා.ජ.බට තිබෙනවා. හැබැයි එතැන සන්ධානයක් නැහැ. සන්ධානයක් කියන්නේ පක්‍ෂ අතර එකතුවක්. සංවිධාන අතර එකතුවක්. ජා.ජා.බ කියන්නේ ජ.වි.පෙ. සහ පුද්ගල එකතුවක්. එතැන සංවිධාන හෝ පක්‍ෂ එකතුවක් නැහැ. පුද්ගල කණ්ඩායමක් පමණක් එකතුවී සිටීම නිසාම එතැන ප්‍රතිපත්තිමය විසංවාදයක් තිබෙනවා. වෙළෙඳපොළ ආර්ථිකයක් සමාජ වෙළෙඳපොළ ක්‍රමයක් අවශ්‍ය බව ජා.ජ.බට අලුතෙන් එක්ව සිටින අය කියනවා. එ.ජා.පයෙත් ස.ජ.බත් ප්‍රතිපත්තිය එ්කමයි. ඒ අතර සමාජවාදය පිහිටුවන බව ජ.වි.පෙ කියනවා.

බහුපක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අනුගමනය කරන බව ජා.ජ.බ ට අලුතෙන් එක්වූ පුද්ගලයන් කියන විට තමන් බලයට පත්වූ පසු ප්‍රතිවිප්ලවය මර්දනය කරන බව ජ.වි.පෙ. කියනවා. ඒ නිසා ඔය කියන එකතුව තුළ ලොකු පරස්පරයක් අපට පේන්න තිබෙනවා.

ප්‍රශ්නය:- එහෙත් ජනතාව ඉන්නේ එතැන නම් ප්‍රධාන බලවේගය බවට පත්වෙන්නේ ඔවුන් නෙමෙයිද?

පිළිතුර:- ජනතාව ඉන්නේ එතැන ද නැද්ද කියා ජනාධිපතිවරණක දී හෝ මහමැතිවරණයක දී හෝ පෙනේවි. රටේ සාක්‍ෂරතාව තිබුණට දේශපාලන සාක්‍ෂරතාව පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ජනතාව 2019 සිටියේ ගෝඨාභය රාජක්‍ෂ සමගනේ. එදා තමන් කරගත්තේ මෝඩකමක් කියා වසරක් දෙකක් ගතවනවිට ජනතාවටම තේරුණා. ගෝඨාභය රැල්ලට ඡන්ද දීම නිසා ආර්ථිකය හැකිළීමෙන් සෑම පුද්ගලයකුටම මේවන විට රුපියල් ලක්‍ෂයක් අහිමි වෙලා. ඒ වගේම රුපියල් ලක්‍ෂයක් අතිරේක වශයෙන් බදු ගෙවන්නත් සිදුව තිබෙනවා. ගෝඨාභය රැල්ලට ඡන්දය දීම නිසා හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් අට ලක්‍ෂයක මුදල් හානියක් සිදුව අවසන්. එනිසා එවැනි රැලි පසුපස යන්න තරම් මෝඩ විය යුතු නැහැ. අපි නම්  එදත් ඒ රැලි පසුපස ගියේ නැහැ. ජා.ජ.බ. කරන්නේ  කුමක්ද කියා අපට නම් පැහැදිලි නැහැ. එ්ක ඒ අය පැහැදිලි කරලත් නැහැ.

හැබැයි අපි මේ වනවිට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් රට හමුවේ තබා තිබෙනවා. ණය ආපසු ගෙවීමට ඒ සඳහා අන්තර්ජාතික ගිවිසුමකට එළැඹීමට, රටේ බදු ප්‍රතිපත්තිය, ඉලෙක්ට්‍රොනික් ගනුදෙනු වේදිකාවක්, සාමාන්‍ය ජනතාව මත අධික බදු නොපටවා බදු ගෙවිය හැකි පිරිසෙන් බදු අයකිරීමට, බදු පොලු කාරයන්ගෙන් සහ බැංකු පොලුකාරයන්ගෙන් ඒ මුදල් නැවත අයකර ගැනීමට යනාදී වශයෙන් වැඩසටහන් අප ඉදිරිපත් කර තිබෙනවා. මේවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි කණ්ඩායමක් අප සමග සිටිනවා. ඒ වගේම විදුලි බිල, තෙල් මිල අඩු කිරීමට දැඩි අවධානය යොමුකර තිබෙනවා. සමාජ සුබසාධන වැඩසටහන් විධිමත්ව කරන ආකාරය සැලසුම් සහගතව අප ඉදිරිපත් කර තිබෙනවා. ඒ මත පදනම්ව අපි අනෙක් පාර්ශව සමග සාකච්ඡා කරනවා. දැනටමත් ශ්‍රී.ල.නි.ප සමග සාකච්ඡා කර තිබෙනවා. එ.ජා.ප. සමගත් සාකච්ඡා කරමින් සිටිනවා. ස.ජ.බ. සමගත් සාකච්ඡාවකට ලෑස්තියි. ඉදිරියේදී රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ, වෘත්තීය සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු සියලු දෙනා සමගම සාකච්ඡා කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට එකතු කරගත හැකි ප්‍රමිතියෙන් යුතු පිරිස් එකතු කරගෙන රටට ඔබින සන්ධානයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:- ඔබ නියෝජනය කරන දේශපාලන පක්‍ෂයේ නායකයා ජනපති සටනට මේ වන විටත් නම්කර සිටිද්දී ඔබ වෙනම ගමනක් යාමට කැසකවන්නේ ඇයි?

පිළිතුර:- අපි 2019 දී සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කළා. එතුමා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයක් සදාවි කියා අපි බලාපොරොත්තු වුණා. රනිල් වික්‍රමසිංහ මහත්තය ගාව ප්‍රජාතන්ත්‍රවාදී ගුණ, ලක්‍ෂණ අපට එදා දකින්න ලැබුණේ නැහැ. හිතවතුන් පිරිසක් රට පාලනය කරන තත්වයක් එදා තිබුණා. 2015 ජනවරම අවභාවිතවීමක් එතැන වුණා. අපි එකතු වී ස.ජ.බ. ගොඩනැගුවෙත් ඒ නිසයි. පැරැණි එ.ජා.පය ගමන්කළ මාර්ගයේම ස.ජ.බත් ගමන් කරන බව පේනවා. ප්‍රජාතන්ත්‍රවාදී ගුණ එහි දකින්න නැහැ. ඒ වුණත් පක්‍ෂයක් හැටියට අපි ඔවුන්ටත් ආරාධනා කර තිබෙනවා.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වුණාම අපේක්‍ෂකයා කවුද කියා හෙළිකරනවා. අපි කවුරු සමග කතා කළත් මේ රට බංකොලොත් කළ රාජපක්‍ෂලා සමග හෝ එම තත්වයට රට ඇද දැමීමට ඔවුන් සමග සිටිමින් මුදල් හා බලශක්ති ක්ෂේත්‍රයේ ඇමැතිධුර හෙබවූ අයත් සමග හෝ අපේ ගනුදෙනුවක් නෑ. මොකද මේ රට මෙතැනට වැට්ටුවේ ඔවුන් නිසා. රට බංකොලොත් බවට ගෙනයාමට පාර කපා රට නොමග යැවූ පිරිස් කිසිදු විවේචනයකින් තොරව ස.ජ.බට එකතු වී ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට එන්නේ කොහොමද කියා බලමින් සිටින තත්වයක් තිබෙනවා. මේ කාරණය සජිත් ප්‍රේමදාස මහත්තයා ඇතුළු පිරිස අවබෝධ කරගත යුතුයි. එනිසා ස.ජ.බ ජනපතිවරණයක් දිනුවත් මහ මැතිවරණයක් දිනුවත් මාස කීපයකදී වෙන්නේ ගෝඨාභයට වූ දේමයි. එනිසා රටේ තිරසර පාලනයක් ඇති කර ගන්න ප්‍රජාතන්ත්‍රවාදී පුළුල් සන්ධානයක් ගැන ඒ අය සිතිය යුතු බව අපේ ස්ථාවරයයි.

ප්‍රශ්නය:- ලන්සා පාර්ශවයත් සන්ධානයක් හදනවා. තවත් පාර්ශව තව සන්ධාන හදන බව සඳහන්. ඔබත් වරින්වර විවිධ නම්වලින් පෙරමුණු සේනාංක එළිදක්වනවා. ඒත් ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ප්‍රශ්නයක්. එවැනි පසුබිමක ඔය කතා ප්‍රායෝගිකද?

පිළිතුරු:- අනුර යාපාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානය හෝ දේශපාලනය ව්‍යාපාරය හෝ මේ අවස්ථාවේ හොඳ දෙයක්. මේ රටේ දේශපාලනය පවුල්වාදයෙන් ගැලවෙන්න ඕන. තනි පවුලක් රජ කරන්න යෑමෙන් පොදුජන පෙරමුණට ඡන්දය දුන් ජනතාවට බලගතු අයුක්තියක් සිදුවුණා. ඒ වගේම එහි වින්දිතයන් බවට අපත් පත්වුණා. එනිසා ඒ ජනතාවට වේදිකාවක් හැදීම ප්‍රගතිශිලී ලකුණක්. හැබැයි එ්ක තීරණය වෙන්නේ ඒ සන්ධානය පිහිටුවා ගන්නා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවේ ස්වභාවය අනුවයි.

මේ රටේ වෙනත් රටක් ගොඩනැගෙන්න ගියා. අපේ හමුදා සෙබළු 40000 ක් එල්.ටී.ටී.ඊයට යටත්වන අවදානම තිබුණා. මේ රටේ තමිල් ඊළාම් නමින් වෙනම රටක් බිහිවීම වාර්තා කරන්න ලෝකයේම ජනමාධ්‍ය මෙරටට පැමිණ සිටියා. හැබැයි අපි ඒ මග ආපසු හැරෙව්වා. ඒ වගේම වසරකට 6000 ක් පමණ මියගිය යුද්ධය නවත්වන්න අපට හැකි වුණා. එ්කට අපි මහින්ද රාජ්‍යපක්‍ෂ නායකත්වයට තෝරා ගත්තා. එතුමා ඒ කටයුත්ත කළා. එතුමට ඒ ගෞරවය තිබෙනවා. එ් වගේම එතුමා නොමග යන බව 2013 වනවිට අපට වැටහුණා. අධික පොලියට විදේශරටවලින් කෙටිකාලීන ණය අරගෙන ඒවා නාස්තිකාර වියදම් හැටියට යෙදෙව්වා. අපි ඒ ගැන ජනතාව දැනුවත් කර පරාජය කරන්න බැහැ කියු කොටි පරාජය කළා සේ පරාජය කරන්න බැහැ කියූ මහින්ද රාජපක්‍ෂත් පරාජය කළා. 2015 න් පසු දින 52 පාලන කාලයේදී ජනපති මෛත්‍රීත් ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක් කළා. අපි එතැනදීත් ඊට එරෙහිව පෙනී සිටියා. එනිසා අපි කළ කටයුතු ඔය විටින් විට ගොඩනැගෙන සන්ධාන සමග සසඳන්න එපා. අපි දැන් සන්ධානය ගොඩනගන්නේ මේ රට බංකොලොත්භාවයෙන් මුදාගැනීමේ අරමුණෙන්. අපි ඒ අරමුණ ජයගන්නවා. රාජ්‍ය ආයතන ගොඩනගන්නේ කොහොමද කියා අපි රටට ආදර්ශයක් දී තිබෙනවා. අමාරු ප්‍රශ්න විසඳන හැටි අපි එදා පෙන්නා දුන්නා. අද කවුරුවත් කොළඹ කුණු ගැන කතා කරන්නේ නැහැ. මාතරට හතර වතාවක් ගංවතුර ඒම ගැන කතාවක් නැහැ. කැලණි ගඟේ ගංවතුර ඒම ගැන කතාවක් නැහැ. කැලණි ගඟේ ගංවතුරට කොළඹ යටවෙන්නේ නැත්තේ ඇයි කියා අද කතා කරන්නේ කවුද? රට ණය නොකර පැල්පත්වාසීන් 20000 කට ගෙවල් දුන්නේ කොහොමද කියා කවුරු හෝ අහනවද?

ලංකාවේ සියලු ගනුදෙනු ලියාපදිංචි වෙන ඉලෙක්ට්‍රොනික වේදිකාවක් මාස හයකදී ස්ථාපනය කරනවා. ඒ හරහා වසර තුනකදි කිසිදු බදු වැඩි කිරීමකින් තොරව ආණ්ඩුවේ ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම අරමුණයි. මේවා හීන නෙමෙයි පැහැදිලිවම යථාර්ථයක් බවට පත්කළ හැකි කරුණු. ඒක අපේ අතීත ක්‍රියාකාරිත්වයෙන්ම පෙන්නුම් කර තිබෙනවා.

ප්‍රශ්නය:- එ්ත් අද දවසේ ප්‍රධාන ප්‍රශ්නය බඩගින්නයි. ඒ ගැන කතා නොකරන්නේ ඇයි?

පිළිතුර:- අපේ වැඩ පිළිවෙළේ අංක එක ජනතාවගේ බඩගින්න නිවීමයි. අද අපේ ආහාර වෙළෙඳාමේ දී දැවැන්ත කොල්ලයක් වෙනවා. රුපියල් 92 ට රේගුවෙන් මුදාගන්නා ලොකු ලූනු කිලෝව රුපියල් 395 ට වෙළෙඳපොළේ විකුණනවා. හැම එකක්ම එහෙමයි. රටේ අස්වැන්නෙන් සියයට 40 ක් විනාශ වෙනවා. කෙටිකාලීනව මේවා නවත්වා මුදලාලිලාගේ ඒකාධිකාරය බිඳ දමා ජනතාවට සහන දෙන ආකාරය අපි පැහැදිලිව කියා තිබෙනවා.

ප්‍රශ්නය:- රටේ ප්‍රශ්න විසඳීමට ඔබ යෝජනාකරන වැඩ පිළිවෙළම වත්මන් ආණ්ඩුව ක්‍රියාවට නංවමින් සිටිනවා කියා ඔබට සිතෙන්නේ නැතිද?

පිළිතුර:- නැහැ, ධනය තියාගෙන බදු නොගෙවන පිරිසක් මේ රටේ සිටිනවා. රුපියල් ලක්‍ෂයට වැඩි ආදායමක් ඇති අය මාසිකව බදු ගෙවන්න ඕන. ධනය තියාගෙන බදු නොගෙවන ලක්‍ෂ 10 ක් පමණ සිටියදී ආණ්ඩුව බලන්නේ ලක්‍ෂ 160 කට ටින් අංකයක් දෙන්නයි. මේක ප්‍රායෝගිකව කරන්න බැහැ. එනිසා ඒ ප්‍රශ්නයට පිළිතුර මේ කාරණයේ ම තිබෙනවා.

වැට් බද්ද වැඩි කිරීමෙන් රුපියල් කෝටි 60000 ක ආදායමක් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. සෑම පුද්ගලයකුගෙන්ම රුපියල් 30000ක් ඒ අනුව ලබාගන්නවා. අපි කියන්නේ ඒක ගන්න අවශ්‍ය නැහැ කියලයි. ලංකාවේ ව්‍යාපාරිකයන් රුපියල් කෝටි ලක්‍ෂයක් බදු පොලු තබා තිබෙනවා. ඒවා කඩිනමින් අයකර ගැනීමේ වැඩසටහනක් රටට අවශ්‍යයි. වත්මන් ආණ්ඩුව මහජනයා මතම බර පැටවීමට අපි දැඩි සේ විරුද්ධයි.

ප්‍රශ්නය:- ඉදිරි මැතිවරණයෙන් මේ ආණ්ඩුව අනිවාර්යයෙන් පරදින බව ඔබ කියා තිබුණා. එවැන්නක් කීමට ඇති හේතු සාධක මොනවද?

පිළිතුරු:- මේ ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඔවුන්ගේ සංඛ්‍යා ලේඛන අනුවම ඔවුන්ට ඡන්දය දෙන්න ඉන්නේ සියයට දහයක විතර පිරිසක්. ඒ නිසා එ් කතාව කියන්න අලුත් චින්තන ඕන නැහැ. ඉදිරි මහා මැතිවරණයෙන් පොදුජන පෙරමුණ අන්ත පරාජයක් ලබනවා.

ප්‍රශ්නය:- එහෙම නම් එවැනිම සමීක්‍ෂණ සනාථ කරන ප්‍රතිඵලයක් ජා.ජ.බට තිබියදී එය පිළිගන්නේ නැද්ද?

පිළිතුරු:- රටේ එවන් පසුබිමක් පැවතියත් පැත්තක් තෝරා නොගත් විශාල පිරිසක් තවමත් රටේ සිටිනවා. නිශ්චිත, විශ්වසනීය විකල්පයක් තිබෙනවා නම් ඔය තත්වය වෙනස් වේවි. ජ.වි.පෙට එවැනි රැල්ලක් 2001 මහමැතිවරණයේදීත් තිබුණා. ප්‍රා. සභා මැතිවරණවලදී ගම ජ.වි.පෙට කියා කිව්වා. අච්චර මෙච්චර දිනනවා කිව්වා. එහෙත් විශ්වසනීය විකල්ප ඉදිරිපත් වුණාම ඒ තත්වය වෙනස් වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ විශ්වසනීය විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ ජා.ජ.බ ට විකල්පයක් හැටියට නෙමෙයි රටේ අර්බුදය විසඳන්නයි. ජා.ජ.බෙ තිබෙන විසංවාදී ප්‍රතිපත්තියට අර්බුද විසඳන්න බැහැ.

 

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (6)

​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?

Kamal Koyrala Monday, 26 February 2024 03:47 PM

හෙළ උරුමය කෝ...? හෙළයේ ජාතික සම්පත් විකුණනවා. කෝ උරුමය..? පාඨලී හොරු සමග හෙළුවෙන් හිටගන්න යන්නේ ජාතික ඇඳුම උණාදාලා...

:       1       7

chandima Monday, 26 February 2024 06:37 PM

විකල්ප කාරයා හොරෙන් රනිල් එක්කලා සාකච්ඡා පැවැත්වුවා නේද?

:       1       8

S,p,bandara Tuesday, 27 February 2024 02:04 PM

මෙයාගේ වැඩේ ප්‍රතිපත්ති හදලා සමුලු තියෙන එක. ඒවා ඔක්කෝම හදන්නේ මෙයාමයි. වෙනකාගේවත් අදහස් එතැන නෑ. ඒ නිසා තමයි මෙයත් එක්ක කවුරුත් නැත්තේ. ඉස්සර වෙලා පොතක් ගහලා බෙදුවා. ඒකෙ සිට මේ දක්වා විදුර, අනුර යාපා, ප්‍රියදර්ශනී, කුරුඳුපොල්ලා ඔය කීපදෙනෙක් අල්ලාගන්න බැලුවා. ඒත් එයාලා කැමැති නෑ. පාඨලී, ෆොන්සේකා, අර්ජූන කියන්නේ තමන්ට මූලිකත්වය ලැබෙන නිර්මාණ. ඒ නිසා පාඨලී ඉතිහාසයට එක්වෙන කෙනෙක් වෙනවා ඡන්දෙන් පස්සේ...! 

:       1       7

Thilak Friday, 01 March 2024 01:02 PM

ඔබට අවස්ථාව වසර දහයක් ලබා දුන්නා, දැන් කතාකරලා වැඩක් නෑ...

:       0       2

p.D Goonawardene Friday, 01 March 2024 01:14 PM

ශක්තිමත් වුණාට මේ වගේ අය ඕනෑම නෑ ආයිත්...

:       0       1

rattu Monday, 04 March 2024 11:52 AM

අර කොල්ලව හප්පලා, අබ්බගාත කරලා තව බොරුත් කියනවා.. ඉතින් කොහේද රටක් හදන්නේ...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 368 0

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 794 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 169 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 124 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 598 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 127 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site