IMG-LOGO

2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා


ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි

කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1998 ජනවාරි මස 25 වැනිදා උදෑසන ශ්‍රී දළදා මාලිගය ඉලක්ක කර බෝම්බ එල්ල කිරීමට පැමිණි කොටි ත්‍රස්තවාදියා දළදා මාලිගය ඉදිරිපිටදී ලොරියෙන් බැස ත්‍රස්තවාදියා මාලිගය ඇතුළට යෑමට උත්සාහ කළ අවස්ථාවේදී ඉතා නිර්භීත පොලිස් නිලධාරිනියක විසින් ප්‍රධාන දොරටුව වැසීම නිසා එය වැළකිණි. ඇය ඒ ත්‍රස්තවාදියාට වෙඩි තබා ඇත. ඒ සමගම මහ හඬක් නගමින් බෝම්බ ලොරිය පුපුරා ඇත.

බෝම්බ ලොරිය පිපිරීමෙන් පසුව ඒ අසල තිබී බෝම්බ ඇඳුම් කට්ටල තුනක්ද ආර්.පී.ජී. තුවක්කු 3ක් හා T 56 ගිනි අවි 3ක්ද අත් බෝම්බ 8ක් මිලි මීටර් 40 රොකට් විදිනයක් හා උණ්ඩ 12ක්ද පතොරොම් 150ක් පමණද  අධිබලැති පණිවුඩ හුවමාරු යන්ත්‍ර 2ක්ද ටෝච් බැටරි 5ක්ද ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලදී.

එම බෝම්බ  ප්‍රහාරයෙන් දළදා වහන්සේ වැඩ සිටින මාලිගයට සහ රන්වියනට කිසිදු හානියක් සිදුවී නැති බව දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා පැවසුවේය.

මෙම බෝම්බ ප්‍රහාරය නිසා අඩි 28ක පමණ වළක් එම බෝම්බය පිපිරූ තැන හෑරී තිබුණි. ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 14කි. තුවාල වූ අය 28ක් රෝහල්ගත කර ඇත.

දළදා  මාලිගයේ ඉදිරිපස ප්‍රධාන පඩිපෙළ හා සඳකඩ පහන විනාශයට පත්වී ඇත. මේවා සියල්ලම එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල හා මධ්‍යම සංස්කෘතික අරමුදලේ ශිල්පීන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරන ලදී.

ශ්‍රී දළදා වහන්සේ ලාංකික බෞද්ධ ජනතාව විසින් පමණක් නොව සමස්ත ලෝකවාසී බෞද්ධයන් විසින්ද අගය කරනු ලබන පරම පූජණීය වස්තුවකි. එහෙයින් සංකේතාත්මක ශ්‍රී දළදා වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෙසත් වැඩ සිටින ගන්ධකුටිය මාලිගාව ලෙසත් සම්භාවනාවට පත්ව තිබේ. රජමාලිගාව  අසලම දළදා මාලිගයක් අනුරාධපුර යුගයේ සිටම තිබුණු බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී ඇත්තේය.

1998 ජනවාරි මස 25 වැනිදා සඳුදා හරියටම මීට වසර 27 කට ඉහතදී සමස්ත මහනුවර දළදා මාලිගය  පිහිටි ප්‍රදේශය පමණක් නොව මුළුපළාතම මහා බෝම්බ ප්‍රහාරයකින් දෙදරුම් කෑවේ එදින අලුයම 6 පමණ වනවිටය.

මරාගෙන මැරෙන කොටි ත්‍රස්තවාදීන් 4ක් පස් පිඩැලි, උදලු හා තාච්චි පටවාගෙන ලොරියෙන් ආවේ කම්කරුවන් ලෙසින්ය. ලොරිය නතර කළ විගසම අපේක්ෂා කළ පරිදි සිද්ධිය පිළිබඳ ලැබුණු පුළුල් මාධ්‍ය ආවරණය හා ප්‍රචාරය සමග ශ්‍රී දළදා මාලිගය වහා ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවද අවධාරණය කෙරුණි.

මෙම කෲර දරුණු බෝම්බ ප්‍රහාරයෙන් පසු පළමු දිනයේම පුවත්පත්වලින් පවා ප්‍රකාශ කළේ ශ්‍රී දළදා මාලිගය ආශ්‍රිත වූ විනාශයට ලක්වූ පුරාවස්තු ප්‍රතිසංස්කරණයට වහා ආරම්භ කිරීමය.

ඉතා ඉක්මනින්ම ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණයට පහසුකම් සැලසීම එකල ශ්‍රී ලංකාවේ ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධන බළකායක් පිහිටුවීමට ගත් පළමු පියවර වූයේය.

මේ සමගම සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මහනුවර සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබුවද මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම පරිදි  ශ්‍රී දළදා මාලිගය ප්‍රතිසංස්කරණ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට භාර කරනු ලැබීය.

එවක පුරාවිද්‍යා අධ්‍යක්ෂ ආචාර්ය සිරාන් දැරණියගල මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරිණි.

 

(***)
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග



අදහස් (2)

ශ්‍රී දළදා මාලිගයට කළ කොටි ප්‍රහාරයට වසර 27 යි

pj Sunday, 26 January 2025 11:52 AM

කොටි ද දැන් ත්‍රස්තවාදය අතහැර ජවිපෙ සමග ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රවිෂ්ඨ වෙමින් පවතින හෙයින් හා බොරුව රජ කරන යුගයකට මෙම තිත්ත ඇත්ත ලිපිය කාලෝචිත නොවේ.

:       11       7

රටවැසියා Wednesday, 29 January 2025 08:54 AM

ඒ වීරෝධාර පොලිස් කාන්තාවට මොකද වුණේ? ජීවිත් වෙලා හිටියා නම් නිසි ඇගයීමකට ලක් කරාද?

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි
2025 පෙබරවාරි මස 07 2056 3

මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන


සහල් පිළිවෙතේ විකෘතිය
2025 පෙබරවාරි මස 07 155 2

ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්‍රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්‍රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බද


USAID සහාය ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ඉරණම
2025 පෙබරවාරි මස 06 771 0

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදේශ ආධාර සඳහා යම් “විරාමයක්” ලබාදීමත් සමග ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (United States Age


සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 70ක් වතුරේ
2025 පෙබරවාරි මස 06 291 1

“සිලෝන් ටී ගෝලීය ප්‍රවර්ධනයට වියදම් කළ කෝටි 86ක් වතුරේ”‍ යන මැයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ 2024 අගෝස්තු මස 15 දින පළ වූ ලිපියෙන් පසු ඒ ගැන මූලික විමර්ශනයක්


වාහන ආනයන සීමා ලිහිලේ හොඳ නරක
2025 පෙබරවාරි මස 06 153 0

වාහන ආනයන සීමා වසර පහකට පසු ලිහිල්වී මෙම මස පළමුවැනිදා සිට වාහන ආනයනයට අවසර ලැබී තිබේ. එය රටේ ආර්ථිකයටත්, විවිධ ක්ෂේත්‍රවලටත් අංශ කිහිපයකින් බලපාන කාර


ව්‍යාපාරික ලෝකයට හැරීගේ ආදර්ශය
2025 පෙබරවාරි මස 05 2011 0

හැරී ජයවර්ධන ලංකාවේ ව්‍යාපාර ලෝකයේ අධිරාජයා ලෙස හැඳින්වීමේ වරදක් නැත. තේ නිම්නයේ තේ රස බලන්නකු (ටී ටේස්ටර්) ලෙස රැකියාව අරඹා ස්ටැසන් සමූහ ව්‍යාපාරය යට


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 23 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි. espoke නිර්මාණ සැලසුම සහ Wi – Fi සම

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 106 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 830 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site