IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩි තිබ්බේ පුතයි රාසයියගෙ පුතයි වල්ලිපුරම්ගෙ පුතයි

 7_SLT_P_7

 

1985 මැයි 14 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානය ජය ශ්‍රී මහා බෝධිය සමීපයට ප්‍රහාරයක් එල්ල කර වන්දනාකරුවන් සිය ගණනක් මිලෙච්ඡ ලෙස ඝාතනය කළේය. එම ප්‍රහාරයෙන් දිවිගලවා ගත් අය අද ද පූජා භූමිය අසල වෙති. මේ ඔවුන්ගේ මතකය සිහිපත් කිරීමකි.

 


1985 ශ්‍රී මහා බෝධි ප්‍රහාරය.
එල්.ටී.ටී.ඊය අපට මතක හිටින පහරවල් දෙකක් ගැසුවේය. ඒවායින් අපේ කන් අඩි පමණක් නොව ඉහමොළද රත්වීය. එයින් එකක් ජය ශ්‍රී මහා බෝධියට එල්ල කළ ප්‍රහාරයයි. අනෙක දළදා මාළිගාවට කළ ප්‍රහාරයයි. මේ තැන් දෙක ඔවුන් ඉලක්ක කරන්නට බොහෝ හේතු තියෙන්නට ඇත. කොහොම වුණත් එයින් අපේ ජාතිය - ආගම දෙකටම රිදුණු බව නොකියා බැරිය. එබැවින් අමාරුවෙන් නිවාගත් ත්‍රස්තවාදය ආයෙත් රටේ ඇති නොවේවා යන්න අපේ අදහසයි. ජාතිවාදී ගින්නක් නැවත ඇවිලෙනවා යනු ඔවුන්ට වගේම අපටද රිදෙන බොහෝ දේ සිදුවීම නැවතිය නොහැක.


අනුරාධපුර ශ්‍රී මහා බෝධි ප්‍රහාරය අස්සේ එතෙක් - මෙතෙක් කාටවත් හෙළි නොවූ ඇත්තක් අපි මුල්වරට මාධ්‍යයෙන් හෙළි කරමු. එය හුදෙක් ජාතිවාදී ගින්නේ එක පැත්තක් ගැන කාගේත් ඇස් ඇරවීම පිණිසය. ජාති කීපයක් රටේ සිටීම තුළ අප අතර යම් යම් ප්‍රශ්ණ තිබිය හැක. රිද්දා, කොණිත්තා, බැන වැදී පමණක් නොව ගසා - මරා ප්‍රශ්න බේරා ගත් නීතියක් කොහේවත් නැත. බුද්ධ දේශනාවේද නැත. ප්‍රශ්නයක් ඉදිරියේ ඉහත ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් වේ නම් එය සටනකට අර ඇදීමකි. සටනින් දිනිය යුත්තකි. නමුත් තිස් අවුරුදු යුද්ධයක් හෙම්බත් වී ඉවරකර ගත් අපට ආපසු ත්‍රස්තවාදී අරගල උවමනා නැත. තිස් අවුරුදු යුද්ධය අතරේ තවත් අරගලයක් සඳහා අර ඇද්දා නම් අපට ඒ දෙකකින්ම බැට කන්නට සිදුවේ. එකක් ඉවර කරන් අනික ගැනීම නොව කවුරුත් එකතු වී රට හැඳීමට මේ කාලයයි.

5
එදා ශ්‍රී මහා බෝධියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ඇසින් දුටු, මුළු පවුලම ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්වුණු පවුලක් අදත් ජය ශ්‍රී මහා බෝධිය අසළ ජීවත් වේ. අවුරුදු 60ක් තිස්සේ මහ බෝ සෙවන අසළ දිවි ගෙවන කේ. අල්විස් මහතා (ගුණපාල) (70) බොහෝ වයෝවෘදය. කෙස් ඉදි, කොණ්ඩය වවා, ඉදුණු කොණ්ඩයෙන් ගැටයක් ගසා ගත් ඔහු පූජා නගරයටම ගෙවී ගිය තම ජීවිතයේ අත්දැකීම් අතර තවම ජීවත් වෙන්නෙකි. එදා ශ්‍රී මහා බෝධි ප්‍රහාරයත් ඊට පසුබිම් හේතුත් තමන්ගේ ජීවන අත්දැකීම් අතරින් ගුණපාල අපට සිහියට නැගුවේය.


‘මහත්තයෝ... අපි පුංචි කාලෙ අනුරාධපුර පරණ ටවුම තමා මේ..’ ගුණපාල මහතා ශ්‍රී මහා බෝධිය අසළ සිට මට කියයි..


“ඒ කාලෙ පුත්තලම් පාර තිබුණෙ ශ්‍රී මහා බෝධිය ළඟින්මයි. එහෙම ගිහින් තමයි කුරුණෑගල හන්දියට වැටුණෙ. මට මතක හැටියට ශ්‍රී මහා බෝධිය ළඟින් පුත්තලම් පාර ඉවත් කරන යෝජනාව ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙ කාළේ.


එතකොට විජේන්ද්‍ර හෝල් එක තිබුණෙ දැන් උඩමළුව පොලිසිය තියන ඉඩමෙ. ශ්‍රී මහා බෝධියට මීටර් 100 ක් නෑ. සිත්තම්පලම් හෝල් එක තිබුණෙත් මේ ළඟ. ඒක අයිති දෙමළ මහත්තයෙකුට. පූජා නගරෙ ඇතුළෙම රා තැබෑරුම්, අරක්කු තැබෑරුම් තිබුණා. මම දැකලා තියෙනවා සමහරු බීගෙන ශ්‍රී මහා බෝධිය ඉස්සරහ වැටිලා ඉන්නවා. බීගෙන මෙතැනින් කෑගහගෙන යනවා. ඔන්න ඔහොමයි 1950-60 කාලයේදී තිබුණේ. මේ පූජා නගරයේ තිබුණු කුඹුරු, ඉඩම්, කඩ හුඟක් අයිතිය තිබුණේ දෙමළ මිනිස්සුන්ට. දැන් ටවුමේ තියන කදිරේසන් කෝවිල තිබුණේ ශ්‍රී මහා බෝධියට මීටර් 100 ක් දුරින්. පූජා නගර සංකල්පය එක්ක තමයි පරණ නගරේ වෙනස් වෙලා ගියේ...


“1985 මැයි 14” වෙනිදා කොටි ශ්‍රී මහා බෝධියට ගහන්න ආවා. ගුණපාල මදක් කල්පනා කරයි...


“කලින් ආරංචි වුණේ නැද්ද” මම විමසීමි. 


“මම ඔරලෝසු කණුව ළඟ (ශ්‍රී මහා බෝධිය අසළම) මල් තට්ටුවක් තියාගෙන හිටියෙ. ඒ කාළෙ විනී අයියා කියල කෙනෙක් හිටියා. එයා වෑන් එකේ ශ්‍රී මහා බෝධිය ළඟ ඉඳන් ටවුමට සෙනඟ අදිනවා. එයා තමයි ඉස්සෙල්ලම මේ පූජා නගරෙ වාහන සර්විස් එකක් කරපු පළවෙනි කෙනා. කීයද දන්නවාද ගාණ? ගුණපාල මදෙසට හැරෙයි.


එය මට සිතා ගත නොහැක.

6
“ශ්‍රී මහා බෝධිය ළඟ ඉඳන් ටවුමට රුපියලයි. අද කීයද බස් එකේ රුපියල් 20යි, ත්‍රිවිල් එකේ 100යි.


විනී අයියා ටවුමේ ඉඳන් බෝධිය දිහාට වේගෙන් ආවා. අයින් වෙයල්ලා. ටවුමෙ කොටි ගහනවා. කිව්වා. එහෙම කියාගෙන විනී අයියා වාහනේම ගියා.
එයාගේ වාහනේට පිටිපස්සෙන් ජර්නි බස් එකක් ආවා. අපි හිතුවෙ වන්දනා නඩයක් එනවා කියලා. මොන නඩයක්ද මහත්තයො. මැෂින් තුවක්කු අරන් තුන් දෙනෙක් බැස්සා. වෙඩි තියාගෙන ඉස්සරහට දිව්වා.


“බස් එකේ හිටපු අනික් අය” 20 ක් විතර හිටියා වෙන එකෙක් වත් බැස්සෙ නෑ. මේ අය අ’පුරේ ටවුමට ඇවිත් තිබුණෙ සී.ටී.බී බස් එකක. ඒකෙ රියදුරුයි කොන්දොස්තරයි මරලා ඒ දෙන්නත් දාගෙන ඇවිත් තිබුණෙ. අනුරාධපුරේ ටවුමට ගහල ටවුමෙ තාත්තයි පුතයි වැඩකරපු ජර්නි බස් එකක් යටත් කරගෙන තමයි ශ්‍රී මහා බෝධියට ආවේ.


“එතකොට තුන් දෙනාද ප්‍රහාරයට බැස්සෙ”


“ඔව්, ඒ තුන් දෙනාම අපි අඳුර ගත්තා”


“අඳුර ගත්තා” පුදුම කතාවකි. කොටි අදුරගන්නේ කොහොමද මගේ හිත මටම කියයි.


“ඔව්.. ඒ බැස්ස තුන් දෙනාගෙන් එක් කෙනෙක් වල්ලිපුරම්ගෙ පුතා. වල්ලිපුරම් කියන්නේ පරණ ටවුමෙ හිටපු පැරණිම මුදලාලි කෙනෙක්. රත්තරන් බඩු කඬේ එයාගේ. ඊළඟට රාස අයියගෙ පුතා. රාස අයියා කුඹුරු කළේ. මේ පූජා නගරෙ ඇතුළෙම තිබිච්ච කුඹුරු කීපයක් එයාගෙ. අනික් කෙනා මට මතක නෑ. රාස අයියගෙ පුතා තට්ටෙ ගාලා හිටියා. මේ තුන් දෙනා දැක්ක ගමන් අඳුරන අය එයාලගෙ නම් කියලා කෑ ගැහුවා. හැබැයි ඒ පරණ අයට මෙයාලා වෙඩි තිබ්බේ නෑ. මම හිතනවා අපිත් නොමැරී බේරුණේ සමහර විට අඳුරගෙන නිසා කියලා.


ඒත් අපට වෙඩි වැදුණා. මේ බලන්න.


ගුණපාල සුදු කමිසය ඉවත් කොට පිට පල්ල පෙන්වයි. මගේ නෝනගේ අතට වැඳුණා. මගෙ පුතාගෙ කුකුලට වෙඩි වැදුණා. අදටත් අඟල් එකහමාරක් කුකුල කොටයි.


“බෝධිය ඇතුළට ගියාද”


“මළුවට ගියේ ඔය තුන් දෙනා. උළුවස්සටත් වෙඩි වැඳුණනෙ. සේරම මැරුවා. මරලා ඇවිත් බස් එකට ගොඩවෙලා යන්නත් ගියා. අපි කරපු දේ බිම බුදියගෙන හිටියා. බිම බුදියා ගත්ත අය බේරුණා”


“ඇයි ඒ කාළෙ ඉඳන් එකට හිටපු රාස අයියගෙ, වල්ලිපුරම්ගෙ පුතාලා මේ වැඬේ කළේ? එයාල පුංචි කාළේ ඉඳන්ම හැදෙන්න වැඩෙන්න ඇත්තේ මේ ශ්‍රී මහා බෝධිය අවටනෙ.


“අන්න කතාව. ඔව්. වල්ලිපුරම්ගෙ, රාස අයියගෙ ළමයි සේරම ජීවත් වුණේ මේ පූජා භූමියෙ. මෙතන හිටපු සේරම ඔය පොඩි කොල්ලන්ව දන්නවා. උනුත් මේ පරණ ටවුමේ වෙච්ච සමහර දේවල් බලාගෙන හිටියා.”


“මොනවද?” මම විමසීමි.


“මහත්තයෝ.. ඔය ප්‍රශ්නෙ දී මට හිතෙන හැටියට එදා රටේ පාලකයොත් වැරදියි. එයාල ජාතිවාදි ප්‍රශ්න විටින් විට මතු කළා. 1957 අවුරුද්දෙ ඉඳන් මම මේ අනුරාධපුරේ සිංහල - දෙමළ ගැටුම් දැක්කා. හර්තාල් දැක්කා. අවුරුදු පහෙන් පහට වගේ දෙමළ මිනිස්සුන්ට විරුද්ධව මොකක් හෝ කැරැල්ලක් රටේ ආවා. එහෙම වෙච්ච ගමන් අපේ සමහර චණ්ඩි කීප දෙනෙක් (හැමෝම නොවෙයි) දෙමළ අයට ගහනවා. ඒ ගහන්නෙ ඇයි? දෙමළ මිනිහගෙ දේ කොල්ල කන්න. සල්ලි ටික උදුරගන්න. කඬේ බිඳින්න. ගෑණු ළමයි දූෂණය කරන්න. ඔය චණ්ඩි ජීවත් වුණේ රටේ මේවගේ ප්‍රශ්නයක් ආවම, බොර දියේ මාළු බානවා වගේ දෙමළ මිනිහගෙ දේ මංකොල්ල කාලා.


‘සිත්තප්පලම් දෙමළ හෝල් එක ගිනි තිබ්බා. රාස අයියලට, වල්ලිපුරම්ලට හුඟක් කරදර වුණා. අනුරාධපුරේ ඔය වැඩ කළේ ඇල්බට්, විල්බට්, රොබට් වගේ චණ්ඩි කීප දෙනෙක්. සමග එයාලගෙ කණ්ඩායමක්.


සමහර දෙමළ ගෑණු ළමයි හිතක් පපුවක් නැතුව දූෂණය කළා. එතකොට මමත් තරුණයි. දවසක් දෙමළ තරුණියක් දූෂණය කරන්න හදනකොට මම එතනින් යනවා. මම කරපු දේ අපේ එවුන් එක්ක ගහගෙන ඒ කෙල්ලව බේරලා යැවුවා. මාත් එක්ක රණ්ඩු වුණ එක කොල්ලෙක්ගෙ අතක් මම ගහපු පාරකින් කැඩුණා. ඒ වගෙ දෙමළ ගෑණු ළමයි කී දෙනෙක් මම බේරලා යැව්වද? මේ ළමයි මට වඳිනවා. අදටත් අනුරාධපුරේ ආවම ඒ දෙමළ අය මාව බලන්න ඇවිත් වැඳල යනවා. දැන් වයසයි. ඒත් මම කරපු දේවල් සිහිපත් කරනවා.


මහත්තයෝ. ජාතිවාදයක් ඕනැනම් කැපුවා - මැරුවා ඉවරවෙන්න ඕනෑ. නමුත් කොල්ල කනවා, දූෂණය කරනවා කියන එක ජාතිවාදය නොවෙයිනෙ. රත්තරං බඩු මුදලාලිට වටකරගෙන රත්තරං බඩු ඉල්ල ඉල්ල ගහනවා. රත්තරං බඩු බඩ පල්ලෙ හංගන් ඉන්නවා. ඉතින් දෙනකම් ගහනවා. දැන් මේ වැඩ දැක්කෙ කවුද? ඒ දෙමළ අයගෙ ළමයි. පුංචිවුන්. තාත්තට ගහනවා, බඩු සල්ලි කොල්ල කනවා. කඩගිනි තියනවා, අක්කා, අම්මා දූෂණය කරනවා. පොඩි කාලේ ඉඳන් මේවා දැක්කා. ඊට පස්සෙ ඔය හුඟක් ළමයි අනුරාධපුරේ කාලයක් පේන් නැතුව ගියා. පස්සෙ එල්.ටී.ටී.ඊයට බැඳිලා ඒ කරපු දේවල්වලට පළිගන්න මෙතෙන්ට ගහන්න ආවා. ඒවාට වගකියන්න ඕනෑ ඔය අවුරුදු 5න් 5ට ජාතිවාදය ඇති කරපු සමහර පාලකයෝ.


ඒ වගේම ඒ ජාතිවාදය අස්සෙ ජහ ජරා වැඩ කරපු ඇල්බට්, රොබට්, විල්බට් වගේ චණ්ඩි කොටසක්. ඒ මිනිස්සු එහෙම නොකළා නම් රාස අයියගෙ පුතාලා, වල්ලිපුරම්ගෙ පුතාලා මේ ශ්‍රී මහා බෝධියට ගහන්න එන්නෙ නෑ. එයාලා දැකපු, දන්න තැනට, වගේම තමන්ගෙ අයට වදදීපු අය හොයාගෙන ඇවිත් සේරටම ගැහුවා. ඒකයි වුණේ.


‘ජාතිවාදී ප්‍රශ්න රටට වුවමනා නෑ. මේවා තුළින් බොරදියේ මාළු බාන කොටසක් ඉන්නවා. ඒ බව පාලකයෝ දැනගන්න ඕනෑ. මොකද මම මේ කියන්නෙ 1957 ඉඳන් දැකපු දෙයින් ’ගුණපාල මහතා කියයි.


එදා කුඩා මල් තට්ටුවක් කළ ගුණපාල අද මල් කඩ හිමියෙකි. මහ බෝ වඳින්නට එන අයට මල් පූජා භාණ්ඩ දෙන ගුණපාල මහා ඉතිහාසයක් දරාගෙන ඒ පින්බිමේ ජීවත්වෙයි. නමුත් ඔහු දකින මහා ජීවන හා සමාජ දර්ශනය අපේ රටේ සමහර භික්ෂූණ්ට උගතුන්ට පාලකයන්ට තවමත් දැකිය හැකිද යන්න අපට ප්‍රශ්නයකි.

m



අදහස් (0)

ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩි තිබ්බේ පුතයි රාසයියගෙ පුතයි වල්ලිපුරම්ගෙ පුතයි

මැටිපහන Tuesday, 10 May 2016 09:20 AM

මිත්‍යා ගැන ලිපි ලියන මෙයා මේ වගේ යම් සමබර ලිපිත් ලියනවා එහෙනම්. (බ)

:       0       1

නුවන් Wednesday, 11 May 2016 08:58 AM

මේ සිද්ධියේදී කවුරුත් වැරැදියි.(හේ)

:       1       0

දිනුෂ දේශප්‍රිය Tuesday, 10 May 2016 11:53 AM

මේ වගේ ලිපි වලට ප්‍රතිචාර අඩුයි නේද ? (ර)

:       0       0

සත්‍යයා Thursday, 12 May 2016 09:45 PM

සැබෑ ජාතිවාදියෝ කවුද කියලා විමර්ශනාත්මක අධ්‍යයනයකින් පසුවයි අදහස් ලියන්න ඕනෑ. කොහොම වෙතත් කියන්නා කෙසේ කිවුවත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි. පිළිගත හැකි සාධක නොමැති කිසිම අදහසකින් ඔලුව පුරවා ගන්න එපා. (නි)

:       0       0

මධුෂංක Thursday, 12 May 2016 10:28 AM

වැදගත් ලිපියක්. මේ වගේ ලිපි ඵල කිරීම ගැන මගේ අවංක ප්‍රණාමය.මොකද මේ විස්තර ගොඩාක් අය දන්නේ නෑ.(හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 12 May 2016 11:02 AM

තුවාලේ වේදනාව දන්නේ ඒ තුවාලේ තියෙන කෙනානේ. (ර)

:       0       0

රෝහණ Thursday, 12 May 2016 04:54 AM

ඉතා හොද ලිපියක් අපේ රටේ ජාතිවාදය අවුස්සන්නේ එදා ඉදන් හැමදාටම දේශපාලඥයින් ඒ ඔවුන්ගේ පටු අරමුණු ඉටු කර ගන්න. අපේ රටේ සිංහල ජනතාව හැමදාටම මෙි ගැට වලට අහුවෙන එක.(ම)

:       0       0

මනෝජ් Tuesday, 10 May 2016 01:28 PM

ඉතා වැදගත් ලිපියක්.....රටේ බහුතරය මේවා දන්නේ නෑ.....සත්‍ය කියා හිතෙනවා..... (බ)

:       0       0

සහන් Tuesday, 10 May 2016 01:35 PM

මම මේ ලිපිය කියවනකොට මටත් පෙර 1667 බලලා තියනවා, අනෙත් ලිපි ගැන බැලුවොත් අඩුම මෙලහකට ප්‍රතිචාර 10ක් වත් ඇවිල්ලා, ඇත්ත ඇත්ත වශයෙන් දැම්මම එක දිරවලා එකග වෙන්න බැරි කට්ටිය තමයි දැන් ලංකාවේ ගොඩක් ඉන්නේ කියන එකට හොදම උදාහරණයයි මේ ලිපිය සහ ලිපියට වැටිලා තියන ප්‍රතිචාර... බුදු හිමියන් නැවත වැඩියත් මේ පින් බිමේ මේ ඉන්න අය හැදෙන් නැහැ ...(බ)

:       0       0

මනෝජ් Tuesday, 10 May 2016 01:52 PM

රට තුල ජීවත් වෙන සුළුතරයක් වූ මෝඩ මිනිසුන් නිසා බහුතර බුද්දිමත් ජනතාවට එදත් දුක් විඳින්න උනා අදත් දුක්විඳිනවා. (හේ)

:       0       0

අසෝකා Tuesday, 10 May 2016 01:53 PM

හොඳ පුවතක්.අපේම අයගේ වැරැදි නිසයි මේ වගේ දේවල් වෙන්නේ.(හේ)

:       0       0

ආකාෂ් Tuesday, 10 May 2016 01:52 PM

සුළු කොටසක් නිසා මුළු රටක් දුක් වින්දනේ.(හේ)

:       0       0

දසුන් Tuesday, 10 May 2016 01:52 PM

ඇයි කාටත් සමගියෙන් ඉන්න බැරි.පොඩි දේටත් ගහ මරා ගන්නේ නැතුව.(හේ)

:       0       0

සිතුම් Tuesday, 10 May 2016 01:53 PM

මෙවන් දේ ඉදිරියේදී සිදු නොවෙන්න වග බලා ගන්න.(හේ)

:       0       0

අයිකේඑස් චන්ද්‍රසිරි Monday, 09 May 2016 01:27 PM

හොඳ ලිපියක් (බ)

:       0       0

විකුම් Tuesday, 10 May 2016 01:53 PM

හොඳ ලිපියක්.(හේ)

:       0       0

සංජීව Friday, 13 May 2016 12:09 PM

එතකොට කැබිතිගොල්ලෑවට ගැහුවෙත් රාසයියගේ පුතයි වල්ලිපුරම්ගේ පුතයි ද (බ)

:       0       0

අසංක Thursday, 12 May 2016 01:06 PM

ජාතිවාදය කියා මේ රටේ කිසිම කෙනෙකුට නෑ.(හේ)

:       0       0

රජින්ද Sunday, 15 May 2016 02:05 PM

ප්‍රභාකරන් ද්‍රවිඩ තරුණයින්ගේ මොළ සේදුවා. ඔහු නැති දේවල් සත්‍ය යැයි හැඟවෙන පරිදි ඒ වැඩේ කළා. ඒකෙන් ඒ තරුණ තරුණියන්ට තමන් දැකලාවත් නැති මිනිස්සු ගැන වෛරයක් ඇතිවුණා. ඒකෙන් වුණ පොඩි පොඩි සිත් රිදවීම් මිලේච්ඡත්වයක් දක්වා ඔඩු දිව්වා. (නි)

:       0       0

මංගල Tuesday, 10 May 2016 04:22 PM

මෙය හොඳ පාඩමක් බොහෝ දෙනෙකුට (නි)

:       0       0

නුවන් Tuesday, 10 May 2016 07:37 AM

ඔහොම මිනි මරපු අය තමා අද ෆෙඩරල් ඉල්ලන්නේ! (ම)

:       0       0

අංජලි Tuesday, 10 May 2016 06:51 PM

ඉතා ආශාවෙන් කියවූ ලිපියක් (නි)

:       0       0

ශාන්ත Tuesday, 10 May 2016 07:13 PM

ඉතා හොඳ ලිපියක් (නි)

:       0       0

අශිකා Wednesday, 11 May 2016 10:47 PM

මේක අවුරුදු 2500 ක ඉතිහාසයක් ඇති සිංහල දේශය. සිංහල ‍බෞද්ධ රජවරු 250ක් මේ රට පාලනය කළා. හරියට ලංකාව කියන්නේ ජපන් අධිරාජයා වගේ. මේකේ වෙන ජාතින් විත් ව්‍යාප්ත වෙන එක හොඳ මදි. (නි)

:       0       0

නසාර් Wednesday, 11 May 2016 12:05 PM

අපේ ගමෙත් වල්ලිපුරම්ලා කඩ කළා එ්ත් කාටවත් අත තියන්න බැරි වුණා. මොකද අපි සිංහල දෙමල මුස්ලිම් එකා වගේ හම්බන්තොට ටවුමේ ජීවත් වුනේ. (බ)

:       0       0

සත්‍යයා Tuesday, 10 May 2016 10:02 PM

ගුණපාල කියන්නේ ඔහු දුටුවදේයි. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සිංහලකමට වඩා බුදු දහමට විරුද්ධ වුණේ ඇයි කියලා මේ රටේ මෙතෙක් බලයට පත්වූ කිසිම පාලකයෙක් නොදැන සිටිද්දී ඒ ගැන ගුණපාල වැනි මල් විකුණා ජීවත්වන ගැමියෙක් දන්නේ කෙසේද? මෙතෙක් බලයට පත්වූ සියලුම කණ්ඩායම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ සැබෑ ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය දැන සිටියේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 348 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 965 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1452 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 229 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 445 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 611 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 536 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 744 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2073 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site