IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


ශ්‍රී.ල.නි.ප.ය ගොඩනැගූ රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගොඩනැඟූ රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාගේ 71 වැනි ගුණ සමරුව අදට (26) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී නිශ්ශංක මැති හෙළ බොදු දෑ හැඟුමින්
ශ්‍රී ඝන ගෙන අකුරු තෝරා තමා නමින්
සිරි ලංකා නිදහස් පක්ෂය තනමින්
දිරිඳුනි පෙරමුණට එන්නට ජන වරමින්

“වරෙක මගේ කලණ මිතුරෙක්, ගුරුවරයෙක් ලෙසින් ද උපදෙස් ගුරුහරුකම් දෙමින් ද දේශීය චින්තනය හා වෙසෙසින් බුදු දහම පිළිබඳව පුළුල් දැනුම, අවබෝධය ලබා දුන් සෙනෙහෙබර මිත්‍රයා අකාලයේ වයස පනස් හතරක් වැනි වියේදී සමුගෙන යාම මට දරාගත නොහැකි පාඩුවකි. ඔහු නිර්මාණය කළ පක්ෂය මා හට භාර දුන්නේ බලාපොරොත්තු සහගතවයි. එය ඒ අයුරින්ම පොදු ජනතාව වෙනුවෙන් මෙහෙයවන බව දිවුරා පොරොන්දු වෙමි.” කඳුළු පිරි දෑසින් යුතුව එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, නිශ්ශංක මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතමින් 1954 වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා කිරුළපන යමුනා මන්දිරයේදී පැවැසීය. (මේ පිළිබඳ ඡායාරූප, වාර්තා යමුනා මන්දිරයේ වර්තමානයේ යමුනා සදහම් ආශ්‍රමයේ සුරැකිව පවතී.)

“පෘථග්ජන මනුෂ්‍යයෝ වුණාම ධනය, බලය, තනතුරු අත්හරින්න හරිම අපහසුය. ඒත් අප කතානායකවරයා තමා ගොඩනැඟූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ එකට ඉගෙනගත් විශ්වාසවන්ත මිතුරා වූ බණ්ඩාරනායකයන්ට භාර දෙන්න තරම් නිර්ලෝභි වීම ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂි සිදුවීමකි.

නිහඬ විද්වතකු වූ නිශ්ශංක, දිවේරිස් මෙන්ඩිස් හා මාලතී වික්‍රමරත්න සොයිසා ළමාතැනීට දාව වර්ෂ 1898 දී දක්ෂිණ දේශයේ බලපිටිය සුප්‍රකට ගරුමුණි වලව්වේදී උපත ලැබීය. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයත්, රාජකීය විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලද මෙතුමා වැඩිදුර නීතිය හැදෑරීම සඳහා මව්පිය ඥාති පිරිසගේත්, වෙසෙසින්ම ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේත් මඟ පෙන්වීම යටතේ එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළත් විය. එහිදී බණ්ඩාරනායක හමු වූ අතර, ඔහු ද නීතිය හැදෑරීමට ගොස් සිටියේය. වැඩි කාලයක් යාමට ප්‍රථම දෙදෙනා ලෙන්ගතු මිතුරෝ වූහ.

නීතිය හැදෑරීමට එංගලන්තයට යාමට ප්‍රථම සිව් වසරක් තාවකාලික පැවිද්ද ලබා බුරුමයේදී බුදු දහම හා භාවනා ක්‍රම පිළිබඳ මැනවින් හැදෑරූ මොහුට යම් කෙනකුගේ දේහ ලක්ෂණ අනුව අනාගතය දැකීමේ විශ්ව ශක්ති බලයක් පැවැතිණි. තම සමීප මිතුරාගේ සුවිශේෂි ලක්ෂණ හඳුනාගත් මෙතුමා පියවරෙන් පියවර බටහිර චින්තනය වෙනුවට ශ්‍රී ලාංකීය දේශයට ගැළපෙන (බණ්ඩාරනායක) කෙනෙක් ගොඩනැංවූයේ අවංක මිතුරකු හා ගුරුවරයකු ලෙසිනි.

නීති උපාධිය ලැබීමෙන් පසු ලංකාවට පැමිණ අපරාධ නඩු සම්බන්ධව 30, 40 දශකයේ සිටි පළමු පෙළේ නීතිවේදියකු ලෙස තම කීර්තිනාමය ශ්‍රී ලංකාවේ සිව් දිශාව පුරාම ප්‍රචලිත වන අයුරින් ක්‍රියා කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා පවා මෙතුමා යටතේ කනිෂ්ඨ නීතිඥයකු ලෙසින් පුහුණුව ලැබූ බැව් ප්‍රකාශ කර ඇත. “ප්‍රගතිශීලි අදහස් ඇති නායකයෙක් ලෙසත්, පැසුණු බුද්ධියක් ඇති දේශප්‍රේමියකු ලෙසත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමැති ගැමි ජනයාගේ හදවතට සමීප පක්ෂය ගොඩනැඟූ සැබෑ නිර්මාතෘවරයා ලෙසත් රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක හඳුන්වන්න පුළුවන්.” යැයි මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු මෙන්ම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් ලේකම්වරයා වූ අධි නීතිඥ සෑම් විජේසිංහ ශූරීන් වර්ෂ 2012 නිශ්ශංක ගුණ සමරුවට එක්වෙමින් පැවැසීය. හෙතෙම මෙසේ ද සඳහන් කර ඇත.

“සැබෑවටම, රටට ආදරය කළ පුරුෂයෙක්. දේශීය මෙන්ම ජාත්‍යන්තරව විවිධ විෂයයන් සම්බන්ධ විශාල දැනුම් සම්භාරයක් තිබුණි. අපේ භද්‍ර යෞවන වියේදී එතුමාගේ දේශනවලට සවන් දී තිබෙනවා. ජාතිවාදි, ආගම්වාදි අරගල දුර දිග යන්න නොදී මැඩපැවැත්වූවා.”

මේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා වර්ෂ 1954 දී වයස 54 සපිරෙත්ම හදිසි අභාවය නිසා බණ්ඩාරනායක මහතාට නිවැරැදි අවංක මිතුරකු, උපදේශකයකු නැති වූ අතර, එය ඔහුගේ අනාගත දේශපාලන දිවියට බලපෑවේය. ශ්‍රී නිශ්ශංක පිළිබඳ නිවැරැදි කියවීමක් හරිහමන් වැටහීමක් තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළවත් නොමැති වීම කනගාටුවට කරුණකි. පක්ෂය ගොඩනැඟීමේදී භාවිත කළ පෑන, මේස පුටු කිරුළපන යමුනා මන්දිරයේ වර්තමානයේ “යමුනා ආශ්‍රමයේ” සුරැකිව පවතී. මෙවැනි දෑ සංරක්ෂණය කිරීමට පක්ෂයේ වගකිව යුත්තන් කටයුතු කරන්නේ නම් ඉතා අගනේය.

“අප පළාතේ ප්‍රභූවරයකු වූ නිශ්ශංක මහතා හමු වීමට දෙස් විදෙස් මහා සඟරුවන‌, දේශපාලන නායකයන්, ප්‍රභූවරුන්, කවීන්, පුවත්පත් කලාවේදින් යමුනා මන්දිරයට පැමිණෙන ආකාරය අසල්වාසියකු වශයෙන් මා දැක තිබෙනවා” යැයි ප්‍රවීණ ගී පද රචක සුනිල් සරත් පෙරේරා පවසයි. ශ්‍රී නිශ්ශංක මහතාට දේශපාලනික, ආගමික, සමාජයීය මෙහෙවර සිදු කිරීමට උපරිම නිදහස තම ආදරණීය බිරිඳ වූ මියුරියල් නිශ්ශංක මැතිණිය ලබා දුන්නාය. යමුනා, ගීතා, රංජිත් දරුවන් තිදෙනාය. ආචාර්ය අවන්ති නිශ්ශංක කරුණාරත්න, මහාචාර්ය රන්දිව් නිශ්ශංක කරුණාරත්න, රංජන් අබේසේකර, 2022 ලොව හොඳම වේදිකා නළුවා වූ හිරාන් මිහිදු අබේසේකර බලපිටිය මහා කප්පින පරපුරේ වර්තමාන නියෝජනය ආචාර්ය අශෝකා සොයිසා රාජපක්ෂ, දේවිකා වික්‍රමරත්න ප්‍රමුඛ මුණුපුරු මිණිපිරියෝය. නිශ්ශංක නාමය ඉදිරියට ගෙන යමින් නිශ්ශංක සමරු සංසදය එක්ව සමාජ මෙහෙවරේ නිරතව සිටීම සතුටට කරුණකි.

රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතා කොළඹ වැල්ලවත්ත බලප්‍රදේශයේ නාගරික මන්ත්‍රී පදවියට සිංහල, දමිළ, මුස්ලිම් ප්‍රධාන විවිධ ජන කොටස්වල බලවත් ඉල්ලීම පරිදි නිතරගයෙන් තේරී පත්වූයේය. එසේම‌‌, ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට කුරුණෑගල ජනතාවගේ බහුතර ඡන්දයෙන් තේරී පත්වීම ඉතිහාසගත සිදුවීමකි. සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ සභාපතිවරයා ලෙසින් තේරී පත්වුණ අතර, රජයේ වගකිව යුතු නිලතල රැසක් ඉසුළුවේය. ලංකාව නියෝජනය කරමින් විදෙස් රටවල පැවැති සම්මන්ත්‍රණවලට එක්වෙමින් මෙරටට කීර්තියක් අත්කර දුන්නේය. ගත්කතුවරයකු ලෙසින් ද දක්ෂතා දක්වා ඇති අතර, ලංකා දණ්ඩ නීති සංග්‍රහය, එංගලන්ත ඉතිහාසය, සල්ගල පුදබිම, ඇතුගල්පුර සටන ද, “සංඛනාදය හා හෙළදිව” යන පුවත්පත් සංස්කරණය කරමින් සද්මෙහෙවරක නිරත වූයේය.

තමාගේ නමේ මුලකුරු වන ‘ශ්‍රී නි’ උපයෝගි කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනඟා එහි වර්ණය, ලාංඡනය හා ව්‍යවස්ථාව සකස් කර පක්ෂය ඉදිරියට ගෙන යාමට තම සමීප මිතුරා වූ බණ්ඩාරනායකට පැවරූ බෝධිසත්ව ගතිගුණවලින් හෙබි මෙතුමා සැබැවින්ම ලාංකීය දේශපාලනයේ මහත්මා චරිතයකි. රට දැය සමය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් කළා සේම වත්මන් බෞද්ධ ප්‍රබෝධයේ මුල් පෙළේ ආදර්ශවත් නායකයකු වූ මෙතුමා වර්ෂ 1954 පෙබරවාරි 26 වැනිදා වයස 54 සපිරෙත්ම තම යමුනා මන්දිරයේ බුදු රුව දෙස බලාගෙන අවසන් හුස්ම හෙලීය.

මෙතුමාගේ 71 වැනි ගුණසමරුව මෙවර රත්ගම මෙත්මඟ භාවනා මධ්‍යස්ථානය ආශ්‍රිත මෙත්මඟ රූපවාහිනී ජාලයේ මෙහෙයවීමෙන් හා නිශ්ශංක සමරු සංසදය එක්ව ශාස්ත්‍රපති ඕවිටිගමුවේ සංඝසීල හිමි, බලපිටිය බ්‍රහම්මනවත්තේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත සිරිධම්ම හිමි, වස්කඩුවේ ධම්මාරාමතිස්ස හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ඉගෙනුමට දක්ෂ දරු දැරියන්ට පාසල් උපකරණ හා ඉතිරි කිරීම් පුරුදු කිරීම සඳහා ඉතිරි කිරීම් කැට ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.

රාජ නීතිඥ එච්. ශ්‍රී නිශ්ශංක මහතාට
නිවන් සුව ලැබේවා!


නිශ්ශංක සමරු සංසදයේ ලේකම්
ජගත් ජනකාන්ත ගුණෙත්ති

(***)



අදහස් (0)

ශ්‍රී.ල.නි.ප.ය ගොඩනැගූ රාජ නීතීඥ එච්. ශ්‍රී නිශ්ශංක

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 152 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 30 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 57 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 131 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 220 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 847 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 476 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site