රංගිරි දඹුල්ල අන්තර් ජාතික ක්‍රීඩාංගණයේ රොද බැඳගත් දහස් සංඛ්‍යාත ක්‍රීඩා ප්‍රේමීන් පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකික ජනතාව පිනවමින් ඔවුන් අමන්දානන්දයට ලක් කරමින් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බලගතු ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලජ්ජා සහගත පරාජයකට ලක් කරමින් ආසියානු කුසලාන කාන්තා විස්සයි - 20 ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමට සමත් වූහ.
මෙයට පෙර පස් වතාවක්ම අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුවද එම පස්වතාවෙදිම ශූරතාව දිනාගැනීමට නොහැකි විය. එහෙත් මෙවර සිහිනය – ජීවමාන යථාර්ථයක් බවට පත්කර ගැනීමට චමරි ප්‍රමුඛ පිරිවර සමත් වූයේ ශ්‍රී ලාංකේය අභිමානය ආසියාවෙන් ඔබ්බට මුළු මහත් ලෝකයා ඉදිරිපිටම ප්‍රදර්ශනය කරමිනි.
මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් දිගු ඉතිහාසයක් නැත. බලධාරීන්ගේ විශේෂ අවධානයට එය ලක් වූයේත් නැත. දරාගත නොහැකි තරමේ නොසලකා හැරීම් කළ බලධාරීහු ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ද වගකීමක් නොදැරූහ. එහෙත් වඩාත් දුෂ්කරම මාර්ගය තෝරා ගැනීමෙන් නිපැදෙන අවදානම් සහගත ප්‍රීතියෙන් යුතුව අපේ ක්‍රීඩිකාවෝ නොසැලී පෙරටම පැමිණියහ. එහි අග්‍ර ඵලය ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීමය. මෙවර මෙහි විශේෂත්වය වන්නේ තරගාවලිය පුරාම අපරාජිතව පෙරට ඒමට ක්‍රීඩිකාවන් සමත්වීමය.
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව දිනා ගැනීම අහම්බයක් නොවේ. එය වාසනාවට ලද ජයග්‍රහණයක් ද නොවේ. දක්‍ෂතාව, කැපකිරීම්, පුහුණුවීම් ආදියෙහි සංකලනයෙන් ලද ජයග්‍රහණයකි. ක්‍රිකට් ක්‍රීඩාව සමග ආධ්‍යාත්මිකව බැඳීමෙන් අත්පත් කරගත් ජයග්‍රහණයකි. රට පෙරට තබා ක්‍රීඩා කිරීමෙන් ලද ජයග්‍රහණයකි.
කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සම්බන්ධයෙන් විශේෂයෙන් සටහන් කළ යුතුය. චමරි යනු ලෝක ක්‍රිකට් වංශ කතාවේ ගිනිසිළුවය. ඇගේ ප්‍රවේගකාරී පිතිහරඹයෙන් බැට නොකෑ කණ්ඩායමක් නැත. ඇගේ මනස්කාන්ත පිති හරඹය ඕනෑම අයකු ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි පොළඹවන්නකි. ළාබාල හුරුබුහුටි ක්‍රීඩිකාවන් හැදුණේ වැඩුණේ ඒ චමරිගේ යෝධ සෙවණැල්ල යටතේය. චමරි මවක මෙන් ළාබාල ක්‍රීඩිකාවන් රැක බලාගත්තාය. බලගතු ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගල ග්‍රහණයෙන් ගෙන ආසියානු ශූරතාව දිනා ගැනීමට අපේ කණ්ඩායම සමත් වූයේ ඒ ආනුභාවයෙනි.
අවසන් මහ තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ ලකුණු 166 කි. ඒ වූ කලී ඕනෑම කණ්ඩායමක් තිගැස්සීමට ලක් කෙරෙන යෝධ ලකුණු සංඛ්‍යාවකි. අපේ මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වනවිට පළමු කඩුල්ල බිඳ වැටිණි. එහෙත් එයින් පසුබට නොවුණු චමරි අතපත්තු පිටිය මැද ලකුණු මැෂිමක් ක්‍රියාත්මක කළාය. ඇගේ දැවී යාමෙන් පසුව කවීෂා දිල්හාරි සමග සුසංගත වූ හර්ෂිතා සමරවික්‍රම ඉන්දියානු පන්දු යවන්නියන්ට අනුකම්පා විරහිත ලෙස පහර පිට පහර දෙමින් ජයග්‍රහණ පිපාසයෙන් සිටින ශ්‍රී ලාංකික ජනයාගේ බලාපොරොත්තු මුදුන් පමුණුවමින් ජයග්‍රහණය වාර්තා කළාය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු හඹා යාම වාර්තා වූයේ කාන්තා ආසියානු කුසලාන විස්සයි - 20 ක්‍රිකට් තරගයක දී කණ්ඩායමක් හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය. එමෙන්ම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් විස්සයි - 20 තරගයක දී හඹාගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි විස්සයි - 20 තරගයක දී කණ්ඩායමක් හඹාගොස් ජයගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා අතරට එක්විය.
අනුස්මරණීය ජයග්‍රහණයකින් ලක්මව සැරසූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්‍ෂ 5 මුදලක් (රුපියල් කෝටි 50 ක්) ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කළේය. එයද අගය කළ යුතුය. ඉදිරියේ දී මෙවැනි අලංකාර ජයග්‍රහණ පෙරහරකින් පෙළහර පෑමට අපේ ක්‍රීඩිකාවන්ට ශක්තිය ලැබේවායි ‘‘ලංකාදීප’’ය සොම්නසින් යුතුව ප්‍රාර්ථනා කරමු.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ ජය ලාංකික ජාතියේ ජයග්‍රහණයක්