IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හොරා කෑම

02_page_12-M  

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යැපීම සිදුවන්නේ මහා භාණ්ඩාගාරයෙනි. එයට හේතුව ගුවන් සේවාව විඳින අති විශාල පාඩුවයි. මේ ආකාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බර දිගින් දිගටම මහාභාණ්ඩාගාරයට ඇදගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත. ඒ හේතුව නිසා ඉදිරි මාස 6 කාලය සඳහා පමණක් ශ්‍රීලංකන් ගුවන් සේවයට මහාභාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීමට රජය තීරණය කර ඇත.  භාණ්ඩාගාරයෙන් දෙන සහනාධාර ඉදිරි මාස 6න් පසු අත්හිටවුවහොත් කළ යුත්තේ කුමක්ද?


ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිපාලනය විධිමත් හා ඉක්මන් තීරණයක් ගත යුතු තත්ත්වයට පත්වී සිටී. අනුන්ගේ පව් කර ගැසීමට සිදුවී ඇත්තේ මේ රජයටයි.


මේ පිළිබඳව දැනටමත් යෝජනා රාශියක් කෙරෙහි අවධානය යොමුකර ඇත. ඉන් එක් යෝජනාවක් නම් ශ්‍රී ලංකන් ගුවන් සේවාව වෙනත් ගුවන් සේවාවක් සමග ඒකාබද්ධ කිරීමය. මීට අමතරව දියුණු ගුවන් සේවා පවත්වාගෙන යන රටවලින් උපදෙස් ලබා ගැනීමට ද යෝජිතව ඇත.


ශ්‍රී ලංකන් ගුවන් සේවය සුදු අලියෙක් බවට පත්වීමට ප්‍රධාන හේතුව අයථා මුදල් පරිපාලනය බව නොරහසකි. සංචාරකයන් පැමිණීමේ ඉහළ යාම හේතුවෙන් 2014 වර්ෂයේදී ගුවන් මගී ප්‍රවාහනය සියයට 6.9කින් ඉහළගොස් තිබිණි.


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගින් හසුරුවන ලද මුළු ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 192371ක් දක්වා සියයට 4.1කින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.


මීට අමතරව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මගින් හසුරුවන ලද ගුවන් යානා සංඛ්‍යාවද සියයට 8.5කින් ඉහළගොස් ඇත.


ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඒ අංශවලින් වර්ධනයක් පෙන්නුම් කළත් පාඩුව අති විශාල විය. 2012 වර්ෂයේ පාඩුව මිලියන 14,000ක් වී තිබිණි. 2013 පාඩුව මිලියන 19,000ක් වී තිබිණි. 2014 පාඩුව මිලියන 21,000ක් වී තිබිණි. මේ පාඩුව පියවීමට සිදුවූයේ රජයටය.


ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයට පාඩුව අවම කර ගැනීමට අවශ්‍ය ණය ලබා ගැනීමට රජය ඇපකරු බවට පත්වූ අවස්ථා ඇත. ණයකරු ණය නොගෙවූ විට, ඒ බර දරන්නට සිදුවන්නේ ඇපකරුටය. ණය ගෙවීමේ බැඳුම්කරය රජයටය.

 

56


මේ තරම් විශාල පාඩු ලැබීමට ශ්‍රී ලංකන් ගුවන් සේවාවට සිදුවී ඇත්තේ අකාර්යක්ෂම පරිපාලනය හේතුවෙනි. මෙම තත්ත්වය පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතාගේ සභාපතිත්වයෙන් යුතු විමර්ශන කමිටුවක් ද පත්කර තිබිණි.


ශ්‍රී ලංකන් ගුවන් සේවාව මෙතරම් අති විශාල පාඩුවක් ලැබීමට මූලික හේතුවක් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වූ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය බව කියති. වයස අවුරුදු 68ක් ඉක්මවා සිටි නිශාන්ත වික්‍රමසිංහ මහතා ගුවන් සේවා පරිපාලනය ගැන මෙලෝ හසරක අවබෝධයක් නැති පුද්ගලයෙක් බව කියති. සභාපති පුටුවේ සිටි ඔහු, ආයතනයේ පරිපාලනය වෙනුවට සිය කායික හා මානසික සුවය සඳහා ගුවන් සේවා මුදල් වියදම් කර තිබූ බව වාර්තා වේ.


නිශාන්ත වික්‍රමසිංහ මහතා කිසිදු ලෝභකමක් නොමැතිව සිය කම් සැප සඳහා මුදල් වියදම් කර තිබිණි. මෙහිදී ඔහුගේ මුදල් නාස්තිය පිළිබඳව සුළුවෙන් හෝ කරුණු ඉදිරිපත් කළ යුතුව ඇත. මර්සිඩීස් බෙන්ස් රථයක් හා සුපිරි ප්‍රාඩෝ රථයක් සභාපතිවරයා පාවිච්චි කරමින් සිටින අතරතුර තවත් කෝටි 1 1/2 මුදලක් වැය කර නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට ක්‍රියා කර ඇත.


මහලු වියට එළඹ සිටියත් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය කෙළිලොල් තරුණයකුට සමාන වූ බව සේවකයෝ සඳහන් කරති.


ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ තරම් පාඩු ලබන ආයතනයක් බවට පත්වූවත් ඊට පෙර එහි කොටස්කරු වූයේ එමිරේට්ස් සමාගමයි. එමිරේට්ස් සමාගම හා ශ්‍රී ලංකන් එයාර් සමාගම අතර ගිවිසුම අවසන් කෙරුණේ වර්ෂ 2008 මුල් කාර්තුවේදීය. ඒ වනවිට ඔවුන් ලබා සිටි ලාභය රුපියල් බිලියන 9.3ක් බව කියැවේ. එතරම් ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් එයාර් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම බවට පත්වී දිගින් දිගටම පාඩු ලැබීය. මේ දිගින් දිගටම ලැබූ පාඩුවට අනුව දැනට භාණ්ඩාගාරයේ ඇප මත බැංකු හා වෙනත් ආයතනවලින් ලබා ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 518ක් බව සඳහන් වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 10,000කට ආසන්නය.


මෙතෙක් ලාභයක් පේනතෙක් මානයක නැති ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණය ගෙවීමට හා පැවැත්මට උර දීමට සිදුවී ඇත්තේ රජයටය.


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිගේ චරිතයට අමතරව ගුවන් යානා මිලදී ගැනීමේදී ද අතිවිශාල මුදල් නාස්තියකට මග සාදා තිබූ බව සඳහන් වේ.


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඇණවුම් කර තිබූ එයාර් බස් ගුවන් යානයට විශේෂ ප්‍රභූ පැකේජයක් ඇතුළත්වී තිබූ බව සඳහන් වේ. මෙම ප්‍රභූ පැකේජයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන දහයක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් කෝටි 15,000කි.


එම ප්‍රභූ පැකේජයට අනුව ගුවන් යානයේ නාන කාමරයක් සහිත නිදන කාමරයක් කාර්යාල ඉඩකඩක්, සාකච්ඡා කාමරයක්, කෑම කාමරයක් ශාරීරික අභ්‍යාස කරන ස්ථානයක් ද ඇතුළත් වේ.


සිවිල් ගුවන් සේවාවෙන් ලැබෙන තොරතුරුවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ 320-300 ගුවන් යානා 6ක් හා ඒ 350-390 ගුවන් යානා හතරක් ඇණවුම් කර තිබූ බව වාර්තා වේ.


 ශ්‍රී ලංකාව වැනි රටකට ප්‍රභූ පැකේජයක් සහිත ගුවන් යානයක් ඔරොත්තු දෙන්නේ ද යන ප්‍රශ්නය මෙහිදී ඉදිරිපත්වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රභූ පැකේජය පිළිබඳව අදහස් දක්වමින් කෝටි 225ක් පමණ වන මෙම ගුවන් යානය අවලංගු කර  ඒ වෙනුවට මගී ගුවන් යානා සඳහා වූ අමතර කොටස් ගැනීමට ක්‍රියා කරන බව ප්‍රකාශ කර සිටියේය.


මෙවන් තත්ත්වයක් මත ශ්‍රී ලංකන් ගුවන් සේවය සම්බන්ධයෙන් ප්‍රබල තීන්දුවකට එළඹීමට රජයට සිදුවනු ඇත. රජයටත් ශ්‍රී ලංකන් ගුවන් සේවාව ඇදගෙන යා හැකි සීමාවක් ඇති බව අවිවාදයෙන් පිළිගැනීමට සිදුවනු ඇත.

m



අදහස් (0)

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හොරා කෑම

අජිත් Tuesday, 05 April 2016 01:35 PM

ඡන්දයක් ළග එන ලකුණු පෙනේ.... (ර)

:       0       0

චාමර Wednesday, 06 April 2016 08:39 AM

චතුරි ඔක්කොටම කලින් ඔයා මනෝ වෛද්‍යවරයෙක් ළඟට ගියා නම් ඔය වේදනාවෙන් සුවපත් වෙන්න තිබුන. (බ)

:       0       0

ලාල් Saturday, 16 April 2016 05:08 PM

අපේ බදු මුදල් අපරාදේ මේ වගේ දෙයකට වැය කරන්නේ. බදු ගෙවන හැමෝම ශ්‍රී ලන්කන් එකේ යන්නේ නැහැ. ඒ වගේම ඕනෑතරම් ගුවන් සේවා එනවා ලෝකයේ ඕනෑම තැනකට යන්නේ පුළුවන්. ආණ්ඩුවක් වශයෙන් ලංකාවේ බදු ගෙවන මහජනයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි මෙය වහාම හමාර කරලා සේවකයන්ටත් ආදාල වන්දි දෙන එක. (නි)

:       0       0

රුවන් Tuesday, 12 April 2016 11:14 AM

මහ රජාගේ මේ වෑඩ සමහරුන්ට ඉවසන්න බෑහෑ. ලෝකෙ නෑති කතා ලියන්නේ නමුත් ඈත්ත මේකයි(අ)

:       0       0

චාමර Monday, 18 April 2016 05:02 AM

තමන් මුලාවේ වැටිච්ච අය මේ සමාජය විනාශය කරා ගෙනියනවා. ඔවුන් කරන්නේ මොකක්ද කියල ඔවුන්ම දන්නේ නැහැ (කෞ)

:       0       0

චතුරි Wednesday, 06 April 2016 04:47 PM

චාමර, වේදනාවට මනෝ වෛද්‍යවරු ළඟට යන්නේ. නැහැ. ඔයා හොරකම් කළේ නැත්නම් බය නැතුව ඉන්න. (නි)

:       0       0

කපිල Tuesday, 05 April 2016 08:28 AM

ගුවන් සේවයේ නියම තත්ත්වය මේකෙන් කියලා නැ. නියම තත්ත්වය මේකට වඩා 1000 වාරයක් නරකයි.(හේ)

:       0       0

සාමා Tuesday, 05 April 2016 03:37 PM

කොච්චර කතා කළත් තවමත් ඔය ආයතනය ඇතුලේ සිදුවෙන නාස්තියනම් අඩුවෙලා නැහැ. මම හොඳට දන්නවා තවමත් හොරකම් සිදුවෙනවා ඉහළ මට්ටමෙන්. (බ)

:       0       0

දුමින්ද Tuesday, 05 April 2016 08:40 AM

පරණ තැටියම නැවත වාදනය. (ර)

:       0       0

අමල් Tuesday, 05 April 2016 09:17 AM

අසරණ මිනිස්සුන්ගේ සල්ලි නේද මේ.? (ර)

:       0       0

ජයතු Friday, 08 April 2016 10:34 PM

ගුවන් යානා වලින් ජනතා මුදල් කෝටි වියදම් කරමින් සවාරි ගොස් විශාල ධනස්කන්දයක් රට රටවලින් ලබාගෙන මිහින් ලංකා ලාබ ලබන අායතනයක් බවට පත්කල එකම නායකයා කවුද? (නි)

:       0       0

හරීන් Monday, 18 April 2016 07:14 AM

ඕනෑම රාජ්‍ය නායකයෙකුට තමන් කැමති ගුවන් යානාවක් ගන්න නිදහසක් තියෙන්න ඕනෑ. එහෙනම් පිටරටවල කොච්චර ඕවා කරනවද? (නි)

:       0       0

කාරියවසම් Thursday, 07 April 2016 06:16 AM

මහින්ද එලවල ඉතුරු කරපු සල්ලි කෝ?(රේ)

:       0       0

සරෝජා Friday, 08 April 2016 12:28 AM

බොහොමයක් පංචේන්ද්‍රියම දුර්වල මිනිස්සු තමා රටේ නායකයෝ පත්කරන්නේ. අන්තිමට හැමෝම එක වළේ. (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Tuesday, 05 April 2016 07:01 PM

අපි මේවා ගෙවනවානේ ටිකට්පත් වලින් (නි)

:       0       0

සමන් Monday, 18 April 2016 08:54 PM

ඔය කතා අහලම එපාවෙලා තියෙන්නේ. දැන් ඇති වැඩ කරලා පෙන්වන්න. (නි)

:       0       0

ඉදුනිල්-ලොස්ඇන්ජලිස් Tuesday, 05 April 2016 10:33 AM

එකම තැටිය අහලා එපා වෙලා,. (ර)

:       0       0

නාලක Saturday, 09 April 2016 01:32 AM

ගුවන් සේවය පාඩු බව සැබෑය. එයට හේතුව රාජ්‍ය ව්‍යවසායේ ඇති අකාර්යක්ෂමබව සහ එය සමඟ ඇති දේශපාලන අතපෙවිමය. ගිය රජය කල ඓතිහාසික ආර්ථික සහ සාම මෙහෙවර අපි අගය කරන අතර, මෙවැනි ක්‍රියා විවේඡනය කළයූතුය. (නි)

:       0       0

ජගත් Wednesday, 13 April 2016 01:06 PM

චතුරි හරියටම හරි (නි)

:       0       0

චතුරි Tuesday, 05 April 2016 11:37 AM

හැම ආයතනයකම පාඩු සිදුවන්නේ කෝටි ගණනනින් එත්. රාජපක්ෂවරු ජාතික ඇදුම ඇදගෙන නැවත රට ඉල්ලනවා කරන්න මේවට උදව් දෙන්න ඒ. වගේම ඇමති රැනකුත් ඉන්නවා අපිට තියෙන වේදනාව මොවුන්ට නොදන්නේනේ ඇයි මොවුන්ව මෝහනය කරන්න මනෝ වෛද්‍ය වරයෙක් ලගට අරන් ගියොත් නරකද .(හේ)

:       0       0

සුජීව Sunday, 10 April 2016 11:03 AM

චාමර 100% හරි (බ)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 06 April 2016 01:23 AM

ඉතා හොඳ සවිස්තරාත්මක ලිපියක් (නි)

:       0       0

සෙල්වා පිරිස් Sunday, 17 April 2016 05:42 AM

බොරු සමාජගත කරලා සමාජය මුලා කරන අයට මානසික ප්‍රතිකාර දෙන්න ඕනෑ. (නි)

:       0       0

කුමාර Thursday, 07 April 2016 03:47 PM

චතුරි හරියටම හරි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2455 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 961 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site