IMG-LOGO

2025 අප්‍රේල් මස 06 වන ඉරිදා


ශ්‍රී ලංකාවේ ඉතිහාසය මූර්තිමත් කරන ජාතික උරුම උයන

ගාල්ලේ සිට අකුරැස්ස මාර්ගයේ ගොස් අමලගොඩ මංසන්ධියෙන් දකුණට හැරී මංවැල්ල මංසන්ධියට පැමිණ ඇල්ගිරිය ගමට අපි පැමිණියෙමු. කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරයට යාම අපගේ අරමුණය. ගමන් මග සොයා ගැනීම අද අපට තරමක් දුෂ්කර වුව ද අනාගතයේදී මෙම ගම ලෝක පූජිත වීමට නියමිතය. දෙස් විදෙස් සංචාරකයන්ගෙන් මේ බිම පිරී ඉතිරී යාමට නියමිතය. ”ආයුබෝවන්.......ඔබව සාදරයෙන් පිළිගන්නවා.” ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා අප පිළිගත්තේ එසේය. ඔහු සමග මහ පිරිසකි! පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක, මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය පි‍්‍රශාන්ත ගුණවර්ධන, මහාචාර්ය ගාමිණී අධිකාරී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාස්තු විද්‍යාඥ කේ.එන්.කේ. පතිරණ, ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් විජිත මහින්ද කුමාර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක දුලාන් හෙට්ටිආරච්චි නිල්වලා විද්‍යා පීඨයේ පීඨාධිපති ඒ.ජේ. අමරකෝන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රංජිත් විජේසිංහ, කථිකාචාර්ය බන්දුල රත්නායක යන මහත්වරු සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් සහකාර අධ්‍යක්ෂ වසන්තා අලහකෝන් මහත්මිය එහි සිටියහ. මහාචාර්ය අනුර මනතුංග, මහාචාර්ය ජගත් වීරසිංහ. ආචාර්ය සරත් ඥානසිරි යන මහත්වරුන්ට නොවැළැක්විය හැකි හේතුවක් නිසා එදින පැමිණීමට නොහැකි වූ බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවැසීය. මේසා විශාල පිරිසක් පිරිවරාගෙන ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා කරන්න යන්නේ කුමක්ද? ඒ පැනයට පිළිතුරු දුන්නේ කහවිල්ගොඩ පුරාණ රාජමහා විහාරාධිපති පරදුව ජිනරතන නාහිමියෝය. ”ජාතික උරුම උයන භාරකාර මණ්ඩලයේ සභාපතිතුමා අපේ හෙට්ටිගේ මැතිතුමානේ” උන්වහන්සේ පැවැසූහ. ජාතික උරුම උයන කුමක්ද යළිත් ප‍්‍රශ්නයකි. ”මහා වංශගත සිද්ධි ඇතුළත් ශ්‍රී ලංකා ඉතිහාසය මූර්ති මගින් ප‍්‍රතිනිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කහවිල්ගොඩ  පුරාණ රජමහා විහාර පරිශ‍්‍රයේ තමයි ඒක ඉදිකරන්නේ. ඒක නම් කරලා තියෙන්නේ ජාතික උරුම උයන හෙවත් ශ්‍රී ලාංකේය ඉතිහාසය පිළිබඳ සංකල්ප කෞතුකාගාරය ලෙසයි. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා කීවේය. අපූරු කටයුත්තකි. අදින් වසර දෙලක්ෂයක පටන් ශ්‍රී ලංකාවට අයත් භූමිය තුළ මානවයා ජීවත් වූ බව ප‍්‍රාග් ඉතිහාසඥයෝ විශ්වාස කරති. එසේ වුවත් මුල්ම මානව සාධක අදින් වසර 125,000 කට ඈත කාලයක් දක්වා ඈතට දිව නොයයි. සංචාරික දඩයක්කාර ජීවිතයක් ගතකළ ආදි ගල් යුගයේ මානවයාගේ සාධක මේ රටේ ස්ථාන බොහෝමයකින් හමුවී තිබේ. සුප‍්‍රකට බලංගොඩ මානවයා ජීවත් වූයේ මෙයින් වසර 37000 ඉහතදීය. දඩයමින්ද පළවැල රැස් කිරීමෙන්ද ජීවනෝපාය සරිකරගත් ආදි මානවයාට ගින්දර පිළිබඳ දැනුමක් තිබූ අතර තෙත් කලාපයේ ගල්ලෙන්වලත් දිවයිනේ අනෙකුත් ප‍්‍රදේශවලත් ජීවත්ව සිට ඇති බවට සාධක ඇත. මෙම යුගයට සම්බන්ධ පරිසරය පිළිබඳ සාධක රත්නපුර අවට ප‍්‍රදේශවලින් ලැබී තිබේ. ලංකා භූමියෙන් වඳව ගිය රයිනෝසිරස්, හිපපොටේමස්, සිංහයා, ගවරා, ව්‍යාඝ‍්‍රයා හා ලෝකයෙන්ම තුරන් වී ඇති හස්ති විශේෂ දෙකක් ඇතුළු ශාඛ හා සත්ව අවශේෂ මෙම ප‍්‍රදේශවලින් ලැබී තිබේ. මේ ඉතිහාසය නෙළන ලද ප‍්‍රතිමා ඇසුරෙන් අත්විඳින්නට ඔබ සූදානම්ද? එසේනම් ඔබ තව ඉදිරියට යන්න. අදින් වසර 20000-12000 අතර කාලය ඔබේ දෑස ඉදිරිපිට තිබේ. එකල විසූ ශ්‍රී ලාංකික ජනයා කෘෂිකාර්මික ජීවිතයකට හුරු වී සතුන් හා ශාඛ හීලෑ කර ගනිමින් ජීවත් වූහ. ශ්‍රී ලංකේය මානවයා ස්ථීර වාසස්ථානයක ජීවත් වී සංවිධානාත්මක නායකත්වය යටතේ ජිවත්වූ අයුරු හෝර්ටන්තැන්නේ, දොරවක්කන්ද හා හම්බෙලිකන්දේ පරිසර අසිරි සිරිය සමග විඳින්නට ඔබට අවස්ථාව සැලසේ. ශ්‍රී ලාංකීය මානවයා සංස්කෘතික හා ආර්ථික සංවර්ධනයේ නිම් වළළු පුළුල් කළ කි‍්‍රස්තු පූර්ව 1000 හෙවත් මෙගලිතික අවධිය ඊට මඳක් ඔබ්බෙනි. නව ශිලා හෙවත් නියෝලිතික අවදිය ලෙස ද පුරාවිද්‍යාඥයෝ හඳුන්වති. මැටි මෙවලම් භාවිතයෙන් ගමනාගමන පහසුව සඳහා අශ්වයන් යොදා ගැනීමත් විදේශ රටවල් සමග සබඳතා ගොඩ නගා ගැනීමත් මූර්ති මගින් ප‍්‍රතිනිර්මාණය කර තිබෙන අයුරු අත්විඳින ඔබගේ ඊළඟ පිවිසුම ශ‍්‍රී ලංකාවේ ඓතිහාසික අවධිය ඇරැුඹෙන කි‍්‍රස්තු පූර්ව 5 සියවසය. මුලින්ම අක්ෂර හඳුන්වා දුන් මෙම යුගයේදී වඩා දියුණු වාස්තු විද්‍යාත්මක නිර්මාණ හා කලා නිර්මාණ පහළ වූ මෙම යුගයේදී අත්පත් කරගත් විශිෂ්ට දියුණුව ප‍්‍රතිමා ඇසුරෙන් හා එයට අදාළ පරිසර සාධක ඇසුරෙන් අත්විඳින ඔබගේ නෙත ඊළඟට පැහැර ගන්නේ කි‍්‍රස්තු පූර්ව දෙවැනි සියවසේදී ලොව වාර්තාගත උසම මහල් ගොඩනැගිල්ල වූ ලෝවාමහා ප‍්‍රාසාදයයි. කි‍්‍රස්තු වර්ෂ පළමු සියවසේදීම රෝමානු අධිරාජ්‍ය ඇලෙක්සැන්ඩි‍්‍රයාවේ මහල් 14 ක ගොඩනැගිල්ලක් තනමින් ලෝවාමහාපායේ වාර්තාව බිඳ හෙළුවද කි‍්‍රස්තු වර්ෂ 12 සියවසේදී මහල් 12 ක ගොඩනැගිල්ලක් තනමින් ලොව දෙවැනි උසැතිම ගොඩනැගිල්ලේ ගෞරවය මෙරටට දිනා දුන්නේය. මේ ඉතිහාසය කෙතරම් අපූරුද? අක්කර දහයක පහළොවක විසල් භූමි භාගයක් පුරා නිර්මාණය වෙන අපේ ඉතිහාසයේ එදා අද කතා  වස්තුව ප‍්‍රතිමා හා ඒ හා බැඳුණු පරිසරය ඇසුරෙන් ඔබට විඳින්න අවස්ථාව හිමිවීමට නියමිතය. මිනිස්සු සිතේ මැවෙන චිත්ත රූප ඇසින් දකින්න කැමැතියි. පන්සල්වල තියෙන වෙස්සන්තර ජාතකය සිතුවමින් දකිමින් මිනිස්සු මොනතරම් රසයක් හා අවබෝධයක් ලබනවද? දැන් අපි හදන්නේ අපේ ඉතිහාසය, ඒ ඉතිහාසයට අයත් පාරිසරික සාධක මතින්ම ප‍්‍රතිනිර්මාණය කරලා මූර්ති මගින් දකින්න සැලැස්වීමයි. එය දුෂ්කරයි. ඇතැම් තැනෙක සාක්ෂි නෑ. නමුත් පුරාවිද්‍යාත්මක හා විද්‍යාත්මක සාධක මත පදනම්ව සංකල්ප මත පිහිටා මේ ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා කීවේය. මේ රටට තිබුණ ලොකුම උවදුර උගුලා දමන්න ජනාධිපතිතුමා සමත් වුණා. දැන් මෙතැන් සිට තියෙන්නේ ආර්ථික සමෘද්ධියේත්, සංස්කෘතික නවෝදයේත් මතු මහළට මේ රට ඔසොවා තැබීමයි. එය කළ යුත්තේ අපේ ඉතිහාසය සිරසින් දරාගෙනයි. ඒ ඉතිහාසය තුළ අන්තර්ගත අපේ ජීවය හා දර්ශනය මේ පරපුරට පමණක් නොව මතු පරපුරටත් අත්විඳින්න අවශ්‍යයි. ජනාධිපතිතුමාගේ ඒ දර්ශනය ඔස්සේ යමින් මේ ජාතික උරුම උයන නිර්මාණය වෙනවා. මේ ජාතික කටයුත්තේ වැදගත්කම දැනුණ නිසාම එහි වගකීම බාර ගන්න මං කැමැති වුණා.” ජාතික උරුම උයන භාරයේ සභාපති ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු ලේකම්, කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවැසීය. කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරාධිපති පරදුව ජිනරතන හිමියෝ මෙහි ප‍්‍රධාන සම්පත් දායකයාණෝ වෙති. ”මම මේක කොහොම හරි කරනවා මහත්තයෝ” උන්වහන්සේ කීහ. ඉදින් මේ බලාපොරොත්තුව ජීවමාන යථාර්ථයක් බවට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් /  සේයාරු - ඇලෙක්සැන්ඩර් බාලසූරිය
ජාතික උරුම උයන සාකච්ඡා මණ්ඩපය පරදූව ජිනරතන නාහිමි කහවිල්ගොඩ පුරාණ රජමහා විහාරය භූමිය පරීක්ෂා කරමින්



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ඉතිහාසය මූර්තිමත් කරන ජාතික උරුම උයන

ලියොන් ගුනවර්දන Saturday, 15 November 2014 06:06 AM

ලංකාදීප පුවත්පතේ !අපේ උරුමය! පිටුවේ මෙතෙක් පලවුනු හෙළ ඉතිහාසය ගැනවූ ගවේසනාත්මක ලිපි සහ වීර විකුම්පෑ රාවනා නිරිදු රුපවාහිනී ආදී මාධ්‍ය හෙළිකර ඇති කරුණු අනුව අපේ නියම ඉතිහාසය අපේ දරුවන්ටත් දැන ගත හැකි වන සේ ලංකා ඉතිහාසය නැවත ලිවීමට මෙම විද්වතුන් වහාම පියවර ගත යුතුය(අ)

:       1       0

ධම්මික Friday, 22 June 2012 02:19 PM

පන්සිල් පද 18 නෙමෙයි අද ඉන්න කට්ටිය පන්සිල් පද 5 වත් රකින්නේ නෑනේ

:       0       0

ලියොන් ගුනවර්ධන Friday, 14 November 2014 06:49 PM

ලංකාදීප පුවත් පතේ, අපේ උරුමය පිටුවේ විවිද විද්වතුන් විසින් පළකර ඇති ගවේසනාත්මක ලිපි වල දක්වා ඇති කරුණු අනුව හෙළයන්ගේ නියම ඉතිහාසය අපේ දරුවන්ටවත් දැනගත හැකි වනසේ පුරාවිද්‍ය අධ්‍යක්‍ෂ ආදී විද්වතුන් යොමු වුවොත් වඩා හොඳ නේද. (ර)

:       0       0

සදුනි Wednesday, 02 May 2012 10:30 AM

මම දන්න පන්සලක් ඉක්මනට දියුණු වුනා.

:       0       0

සමන් Thursday, 10 May 2012 09:38 PM

අනික් අයගේ නම් ප්‍රශ්නයක් නෑ.ඒත් එක්කෙනෙක් ඉන්නවා.එයා තමයි ඉතිං....

:       0       0

අමරවංශ හිමි Thursday, 10 May 2012 09:41 PM

ජාතිය, ආගම කන අයත් මේකේ ඉන්නවා.අපි දන්නවා

:       0       0

බන්දුල Saturday, 01 November 2014 10:45 AM

ෆොටෝ එකේ තියෙන්නේ බෞද්ධ කොඩියක් නෙමෙයිනේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කැනඩාවේ අධිකරණ ඇමැති පුටුවට ගිය යාපනයේ උපන් දෙමළ ජාතිකයා
2025 අප්‍රේල් මස 05 331 0

කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ


දූෂිතයින් පිටුදැකීමේ අභියෝගය
2025 අප්‍රේල් මස 05 72 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්


නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 196 2

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 376 2

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 84 1

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 64 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 307 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 441 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 947 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site