IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශ්‍රීලනිපය තීරණාත්මක මං සන්ධියක

 

ටික කලක සිටම ජනපති ලේකම් කාර්යාලය විවිධ අමාත්‍යවරුන්ගේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කාර්යසාධනය අධ්‍යනය කරමින් සිටි අතර එම අධ්‍යනයේ දී එම එක් එක් අමාත්‍යංශ සහ නිලධාරීන් මැදිහත්ව සිදුකරන ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබිණ. 

බැසිල් රාජපක්ෂ මහතා රටේ නව මුදල් අමාත්‍යවරයා ලෙස පත්වීම, රටේ ආර්ථිකය නිවැරදි දිශානතියකට හැරවීම සහ රටේ මුල්‍ය කටයුතු ශක්තිමත් කිරීම පමණක් අරමුණු කරගෙන සිදුව තිබෙන්නක් නොවේ. එම කටයුතු අරභයා ඔහුට ගත හැක්කේ, වඩාත්ම හොදින් කිවහොත්, කිරීමට තිබෙන්නේ, විවිධ සීමා පැනවීම හෝ පවතින මුදල් හිඟය පියවා ගැනීම සඳහා විවිධ පාර්ශවයන්ගේ සහාය ලබාගැනීමේ හැකියාව ඇති පුද්ගලයෙක් ලෙස කටයුතු කිරීමට වැනි සීමා සහිත දේවල්ය.
නමුත්, එයට පරිබාහිරව ඔහුට කළ හැකි බොහෝ දේ ඇත. 

මුදල් අමාත්‍යවරයා ලෙස දැන් හිමිව තිබෙන බලතලත් බැසිල් රාජපක්ෂ ලෙස ගොඩනගාගෙන තිබෙන පෞරුෂයත් ආධාර කොටගෙන ඔහුට දැන් පැවරී තිබෙන රාජකාරිය වන්නේ අද වන විට රාජපක්ෂවරුන්ගේ පක්ෂය බවට පත්ව තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශක්තිමත් කිරීමය. 

මෙම කටයුත්තේ දී, කුඩා දේශපාලන පක්ෂ කෙරේ අවධානය යොමුවනු ඇත. ඒ, විශේෂයෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල් පෙල සාමාජිකයන්, කුඩා පක්ෂ එක්ව, මව් පක්ෂයේ අරමුණු සහ අභිමතාර්ථයන් බලහත්කාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන්නේ යැයි දැඩිව විශ්වාස කරන හෙයිනි. මෙය බැසිල් රාජපක්ෂ මහතා ලොස් ඇන්ජලීස් නුවර සිටි සමයේ වඩවඩාත් පැහැදිලිව පෙනෙන්නට ගත් කාරණයකි. 

ඉන්ධන මිල හදිසියේම ඉතා වැඩි අගයකින් ඉහළ ගිය අතර, අර්බුදය පත්තු වූයේ එයත් සමගය. ඉන්ධන මිල ඉහළ යෑමට එරෙහිව පළමුවෙන්ම හඬ නැගූයේ බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයෙකු වන (දැන් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක) සාගර කාරියවසම් මහතාය. 

තුන් දෙනාගේ කල්ලිය

ඉන්ධන මිල ඉහළ යෑම සැළකිල්ලට ගනිමින්, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඔහුගේ තනතුරින් ඉල්ලා අස්විය යුතුව ඇතැයි ඔහු තර්ක කළේය. මේ හමුවේ උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් තිදෙනා ඔවුන්ගේම කණ්ඩායමක් තනා ගත්හ. 

ජූනි 14 වැනිදා ප්‍රකාශයක් නිකුත් කළ ඔවුහු, ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණයක් ගෙන තිබෙන්නේ ජීවන වියදම පිළිබද කැබිනට් උප කමිටුව බවත් එම තීරණය ගැනුණු දින පැවැති රැස්වීමේ මුලසුන හෙබවූයේ ජනපතිවරයා බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාද එයට සහභාගීව සිටි බවත් ප්‍රකාශ කළහ. එවැනි පසුබිමක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා, ස්වභාවයෙන්ම ජනප්‍රිය නොවන මෙම තීරණයේ සම්පූර්ණ වගකීම උදය ගම්මන්පිල මහතා මත පටවා ඇතැයි චෝදනා කළ ඔවුහු ඒ හමුවේ රජය ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත්ව තිබෙන්නේයැයි ද පෙන්වා දුන්හ. 

එවැනි ප්‍රකාශයක් කිරීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා ජනපතිවරයාගේ මෙන්ම අගමැතිවරයාගේ තීරණය අභියෝගයට ලක්කර ඇතැයි ද එයින් රජයේ යම් බෙදීමක් සිදුව තිබෙන බවට ජනතාව අතර සැකයක් ඇතිවීමට මාර්ගය තනා ඇතැයි ද ඔවුහු එම නිවේදනයේ සදහන් කර තිබුණහ. මෙම බෙදීම සම්බන්ධයෙන්, එනම් කාරියවසම් මහතා පිළිබදව වහාම පියවරක් ගතයුතුව තිබේයැයි මෙම නිවේදනය හරහා ඔවුන් ව්‍යංගයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබුණ ද එවැනි කිසිත් නොවීය. 

එය ඔවුන් වෙතම භූමරංගයක් මෙන් කැරකී විත් ඇති බවක් පෙනෙන්නට තිබෙන්නේ කාරියවසම් මහතා තවදුරටත් පක්ෂයේ සාමාජිකයෙක් ලෙස සිටීම මෙන්ම ඔහුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකධූරයටත් පත්කර තිබීම නිසාය.

මෙම කැරලිකරුවන් අතර සිටි එක් අමාත්‍යවරයෙකුගේ විෂය පථයට යටත්කර තිබූ එක්තරා රාජ්‍ය සමාගමක්, කෘෂිකර්ම අමාත්‍යංශය යටතට පැවරිණ. මෙකී සමාගම ගෙවුණු බ්‍රහස්පතින්දා මුදල් අමාත්‍යංශය යටතට ගැනිණ. නොයෙක් අයථා කටයුතු මෙහි සිදුව ඇතැයි පැවසෙන අතර, එම අකටයුතුකම් හමුවේ පිළිකුලට පත්ව ඉල්ලා අස්වූ ලේකම්වරයෙක් ඒ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුම්වත් කර තිබෙන බව දැනගන්නට තිබේ. මේ පිළිබදව වැඩිදුර විමර්ශනයන් කිරීමට නියමිතව ඇත.

ඇමතිවරු මුනිවත රකිති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙසේ ඇතිව තිබෙන තත්ත්වය, 2015-2020 යහපාලන රජය සමයේ ස්වකීය දේශපාලන ඉරණම තීන්දු වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවැති තත්ත්වය හා සමානය. 

ගෙවුණු බ්‍රහස්පතින්දා කොළඹ ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ දී පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැති අතර, තවදුරටත් රජයේ පාර්ශවකරුවෙක් ලෙස කටයුතු කරන්නේදැයි යන්න ගැන එහිදී සාකච්ඡා කෙරිණ. කෙසේවුවත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනුණේ නැත. 

ජනතාව ඉතා බරපතල ලෙස අගතියට පත්කර තිබෙන රජයක් සමග තවදුරටත් ගමනේ යෙදිය යුතුදැයි යන්න පිළිබදව තීරණයක් ගත යුතුව ඇතැයි සාමාජිකයන් කිහිපදෙනෙකුම අදහස් පලකළ අතර නිදහස් පක්ෂ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අදහස් දක්වමින් ජනතාවට සහන ගෙනදීමට යැයි ක්‍රියාත්මක කළ වැඩසටහන් අසාර්ථකව තිබෙන්නේ යැයි චෝදනා කළේය. මෙම සන්ධානයේ අනාගතය පිළිබඳව තීරණයක් ගැනීමේ කාලය දැන් පැමිණ ඇතැයි ඔහු කීවේය. ආචාර්ය සොමරත්න දිසානායක සහ අජිත් බස්නායක යන මහත්වරු ද ඒ හා සමාන අදහස් දැක්වූහ. 

මෙහිදී කැපී පෙනුණු එක් අංගයක් වූයේ, මේ සියල්ල හමුවේ රජයේ අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යධූරයන් හොබවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් මුනිවත රැකීමය. අවසානයේ දී පවත්නා තත්ත්වය දෙස සැළකිල්ලෙන බලා සිටිය යුතුව ඇතැයි රැස්වීමේ මුලසුන හෙබවූ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ය.

බැසිල් හමුවේ ඇති අභියෝග

බැසිල් රාජපක්ෂ මහතාට විසඳාලීමට සිදුවනු ඇත්තේ දේශීය වශයෙන් පවතින මුල්‍ය ගැටලු පමණක් නොවේ. මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන පුද්ගලයෙක් වන බැවින්, දෙමළ ජාතික සන්ධානය සමග සංහිඳියාව ගොඩනගා ගැනීම සදහා රජය දරන උත්සාහය ඉදිරියට ගෙන යෑමේ කාර්යය ද, ඔහුට පැවරෙනු ඇත. ගෙවුණු මාසයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙමළ සන්ධානය සමග පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබූ රැස්වීම අවලංගු කිරීමට පියවර ගත්තේ මේ කාරණය නිසා බව රජයේ ආරංචි මාර්ගයක් සදහන් කළේ ය.

මෙම කාරණා සැළකිල්ලට ගැනීමේ දී නැඟෙන ඉතාම වැදගත් පැනයක් වේ. විශේෂයෙන්ම, නව මුදල් අමාත්‍යවරයෙක් පෙරටු කොටගෙන ප්‍රතිපත්තිමය වශයෙන්, වැඩසටහන්මය වශයෙන් සහ වෙනත් පියවරයන් වශයෙන් රජය ඉදිරියේ ගැනීමට අපේක්ෂා කරන තීන්දු සහ තීරණයන් සමග, ආර්ථිකමය වශයෙන්, රාජ්‍යතාන්ත්‍රිකමය වශයෙන් සහ ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික ප්‍රතිරූපය සැළකිල්ලට ගැනීමේ දී එම අංශයෙන්, රජය දැනට අනුගමනය කරමින් සිටින ප්‍රතිපත්තියේ වෙනසක් ඇතිවේ ද? යන්න එම පැනයයි. 

උදාහරණයක් ලෙස ගතහොත්, සංහ`ිදියාව ඇති කිරීම යනු ගෙවුණු මාර්තු මාසයේ ජිනීවාහි පැවැති ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී නැවත වතාවක් සදහන් කැරුණු කාරණයකි. එහි මීළග සැසිවාරයට යන්තම් තවත් මාස 2ක පමණ කාලයක් ගෙවීමට තිබෙන තැන, සංහිදියාව ඇතිකිරීමට රජය මෙතෙක් අනුගමනය කළ පිළිවෙතෙහි වෙනසක් සිදුකිරීම යනු අනෙක් පියවරයන් ද එකතුව ගත්විට ධනාත්මක ප්‍රතිඵලයක් රටට ළගාකර දීමට හේතු වනු ඇත.

මුදල් අමාත්‍යවරයාට අයත් වන විෂය පථයන් සහ ඔහුගේ කාර්යභාරය පසුගිය බදාදා නිකුත් කැරුණු ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කළ තොරතුරු

1. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව සහ රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ප්‍රතිපත්තීන් මත පිහිටා ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීම සදහා නියමිත නීති සහ අණ පනත්වලට අනුකූලව ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා රාජ්‍ය යාන්ත්‍රණය හා පෞද්ගලික අංශය යොමු කිරීම සහ පහත දැක්වෙන දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම හා ඇගයීම

2. දිළිදුකම පිටුදැකීම සහ ආර්ථික පුනර්ජීවනය සදහා වන ජනාධිපති කාර්යසාධන බලකාය සහ දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසදුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බිහිකිරීම සදහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමග සියලු අමාත්‍යංශ සම්බන්ධීකරණය කරමින්, අදාළ සංවර්ධන කටයුතු මෙහෙයවීම සදහා පහසුකම් සැළසීම

3. ගම සමග පිළිසදර ග්‍රාමීය සංවර්ධන ජනාධිපති කාර්යසාධක බලකාය සමග සම්බන්ධීකරණය

4. පාරිභෝගික ජනතාවට මෙන්ම දේශීය නිශ්පාදන හා සැපයුම්කරුවන්ට සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ හා සේවා ලබා ගැනීම සහතික වන පරිදි, ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල කමිටුවට වරින්වර ඉල්ලීම් ඉදිරිපත් කර, ජීවන වියදම සහ භාණ්ඩ හා සේවා පාරිබෝගික ජනතාව අතර ගලායාම අධීක්ෂණය හා සමාලෝචනය කිරීම

5. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු හා පළාත් සභා සංවර්ධන කටයුතු සම්බන්ධීකරණය කරමින් ජනතා කේන්ද්‍රීය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම

මුදල් අමාත්‍යවරයාගේ සුවිශේෂී ප්‍රමුඛතාවයන් ලෙස පහත කාරණා ලැයිස්තු කරගතකර ඇත.

1. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සදහා ජාතික සංවර්ධන වැඩසටහන් හා ව්‍යාපෘති සැළසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම

2. ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීම

3. ආර්ථික සංවර්ධනයේ දී, පෞද්ගලික අංශයේ සහභාගීත්වය පහසුකරලීම සදහා රාජ්‍ය, පෞද්ගලික හා සමූපකාර ක්ෂේත්‍රය සම්බන්ධීකරණය

4. ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සහ උපායමාර්ග ක්‍රියාත්මක කිරීම

5. යටිතල පහසුකම් සංවර්ධන, ආයෝජන ප්‍රවර්ධන, කාබනික පොහොර නිෂ්පාදනය නියාමනය ඇතුලු රජයේ ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් අපේක්ෂිත ඉලක්ක වෙත මෙහෙයවීම සදහා සියලු අමාත්‍යංශ හා අදාළ අනෙකුත් ආයතන සම්බන්ධීකරණය

6. බිම් මට්ටමෙහි සේවා සැපයුම් ජාලය ශක්තිමත් කරමින්, ග්‍රාමීය හා ප්‍රාදේශීය ආර්ථිකය නගා සිටුවීම සදහා ජාත්‍යන්තර බැංකු, අරමුදල් හා දේශීය බැංකු ඒකාබද්ධ කිරීම සදහා පියවර ගැනීම

විපක්ෂයේ අවධානය වෙනතක

අභිනවයෙන් පත්කළ මුදල් අමාත්‍යවරයෙක්, විශේෂයෙන්ම ඔහුගේ රාජකාරි කටයුතුවලට අදාළව ලබාදුන් අලුත් බලතල සහිතව සහ එයින් පරිබාහිරව ඊටත් වැඩි බලයක් හිමි අයෙක් සමග වුව රටේ ආර්ථිකය හෝ මුල්‍ය කටයුතු මැජික් පෙන්වන්නාක් මෙන් යහපත් අතට හැරවිය නොහැකිය. මෙය පැහැදිලි කරගතහොත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාරගෙන තිබෙන්නේ කඩාවැටෙමින් පවතින රටේ ආර්ථිකය තවදුරටත් එසේ කඩා වැටීමට නොදී, රඳවාගෙන සිටීමේ කාර්යයයි. එහිලා, දිරවාගන්නට අපහසු මට්ටමේ තීන්දු සහ තීරණ ඔහු ගතහොත් පවත්නා තත්ත්වය පසුබිම්කොට ගෙන ගැනීමේදී එහි පුදුම වන්නට දෙයක් නොමැත.

දේශපාලනමය වශයෙන් ඉතා වැදගත් වන මෙවැනි බල හුවමාරුවක් සිදුව තිබෙන තත්ත්වයක දී, රටේ ප්‍රධාන විපක්ෂයේ අවධානය එයින් ගිලිහී තිබෙන සෙයකි. ඉතා දුර්වල මට්ටමේ විරෝධතා කිහිපයක් පැවැත්වීම හැරෙන්නට, රටේ ජනතාවගේ පැහැදිලි සහාය තමන් වෙත දිනාගැනීමේ සමත් දායකත්වයක් ලබාගැනීමට හෝ ක්‍රියාකාරී වීමට හෝ ඔවුන් අපොහොසත්ව තිබෙන බව රහසක් නොවේ. 

කෝවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කළ නොහැකි අන්දමින් පැතිරෙමින් තිබෙන වාතාවරණයක, ආර්ථිකය තවදුරටත් ආගාධය බලාම ගමන් කරමින් සිටී. මේ හමුවේ මතුවෙමින් තිබෙන ගැටලු කරළියට ගෙන එන්නට, වෘත්තිය සමිති කටයුතු කරමින් සිටී. එය ඔවුන්ට කරන ඇගයීමක් ලෙස සදහන් කළ යුතුමය. විරෝධය දක්වන ඔවුන් ඇතැමෙක්ව අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකර ඇත්තේ, සමගි ජනබලවේගයට එවැනි බලපෑමක් එල්ල නොකෙරෙන- විරෝධතා මතු කිරීමට ඔවුන්ට තවත් දිනයක් ඉතිරි කර තිබෙන, පසුබිමකය.

ද සන්ඩේ ටයිම්ස් අනුග්‍රහයෙනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (10)

ශ්‍රීලනිපය තීරණාත්මක මං සන්ධියක

Lamaya Wednesday, 14 July 2021 05:06 PM

රට කාපු මේ යෝධයා හිරේවිලංගුවේ වැටෙන්නේ කවද්ද? ජවිපයෙන් ආවොත් බොහෝ දුරට ඒක වෙයි..

:       0       412

thilak Wednesday, 14 July 2021 05:39 PM

නටපු නැටුමකුත් නැහැ.. බෙරේ පලුවකුත් නැහැ.. කිව්වේ ඔහේට නේද? අනේ ආපහු නම් එන්න එපා. පුළුවන් නම් අර හිරෙන් එළියට දාපු ඥාණසාර හාමුදුරුවෝ ළඟට ගිහින් මහණ වෙන්න.

:       0       147

sunil Wednesday, 14 July 2021 06:42 PM

තට්ටු මාරුවට මේ ගොල්ලන් දිගින් දිගටම රට පහළටම දමලා තියෙන්නේ. ඒත් ඡන්දය ආපුවාම ඒ ගොල්ලන් කෙනෙකුටයි කතිරය. මොවුන් හැර වෙනත් කිසිවෙකුට දිනන්න බැරි නිසා, සාපේක්ෂව තමන්ට හොඳ පැත්තට දෙනවා. එබැවින් නිරපේක්ෂව සිතා, සොරකම් වලට චෝදනා නැති අයට එක වරක් හෝ දීලා බලන්න පුරුදු වී ඒ අයත් කරන හැටි බැලීමට කාලයයි.

:       0       170

amila Wednesday, 14 July 2021 07:11 PM

මට හිතෙන්නේ සන්ඩේ ටයිම්ස් පත්තරේ බැසිල් නම් ලෝක හොරාට කඩේ යනවා.

:       0       343

nihal Thursday, 15 July 2021 01:50 AM

අපේ රට අගාධයට වැටීමට දායක වුණු අහිකුණ්ඨක රොඩියෝ කවුද?

:       0       0

Koralage Thursday, 15 July 2021 01:17 PM

බණ්ඩාරනායකලා දිවිහිමියෙන් ගොඩනගපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද වෙනකොට සිරිසේන රජ පවුලට කිහිලි කරුවක් වගේ අල්ලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවාදීලා පාස්කු ප්‍රහාරයට හිරේ යන එකෙන් බේරිලා ඉන්නේ... ස්වභාව ධර්මයෙන්වත් නැද්ද මේ අයට දඬුවම් දීමක්?

:       0       0

pradeep Thursday, 15 July 2021 02:56 PM

හොරුන් විසින් හදපු රටක් නම් දැනට ලොවේ නැත...

:       0       86

gagana Friday, 16 July 2021 12:41 PM

මොන තත්ත්වයක් යටතේ වුවත් නුඹ වැන්නෙකු නැවත රටේ නායකත්වයකට ඉදිරිපත් නොවේවා කියා ප්‍රාර්ථනා කරමි...

:       0       109

saman Saturday, 17 July 2021 04:44 AM

දැන්නම් තාත්තෙ ඔයා කියන එ්වා අපි පිළිගන්නේ නැහැ. කියපු බොරු බේගල් ගැන පොත් 10ක් ලිවිය හැක​. අප්පච්චි මරන්න එනවා කියා ඇඳයට හැංගුණා කිව්වා. පස්සේ අප්පචිචිගේ වලිගේ එල්ලිලා අපිට කොකා පෙන්නුවා...

:       0       112

Puppa Saturday, 17 July 2021 06:22 AM

නුඹලා ශ්‍රීලනිපය ආරක්ෂා කරන්නේ නැහැ. පක්ෂය පාවිච්චි කරනවා තමුන්ගේ ආරක්ෂාවට...

:       0       103

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 755 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 371 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 126 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4271 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12680 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 687 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38288 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25225 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site