IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ශ්‍රිලනිපයෙන් ආණ්ඩුවට තරවටුවක්

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළක් රජය ආරම්භ කර තිබේ. සෑම ගමකටම සංවර්ධන ව්‍යාපෘතියක් ලබාදීමටත් සැම පවුලකටම ආධාරයක් ලබාදීමටත් එම වැඩපිළිවෙළ යටතේ කටයුතු යොදා තිබේ. ගම්වල රාජකාරියේ නිරත නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ සෑම පවුලකටම ස්වයං රැකියා ණයක්, ආධාරයක් හෝ ප්‍රදානයක් ලබාදිය යුතු බවටය.

මේ අතර හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය කමිටුවක්ද පත්කර තිබේ. උත්සව සමය වෙනුවෙන් ආණ්ඩුව එම පියවර ගෙන ඇතත් ඩොලර් හිඟය සියලු දේටම බාධකයක් වී තිබීම බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ආණ්ඩුව අය වැයෙන් වැඩ ලක්ෂයක් නමැති ව්‍යාපෘතියක් ආරම්භ කළා. පාරවල් හදන්න පාලම් බෝක්කු දාන්න ස්වයං රැකියා ලාභීන්ට ජුකී මැෂින් ලබාදීම වැනි අංග එම වැඩසටහනට එක්කර තිබුණා. ඒත් සිමෙන්ති නැහැ, යකඩ නැහැ. ඩොලර් හිඟය නිසා ජුකී මැෂින් ආනයනයත් සම්පූර්ණයෙන්ම නතර වෙලා. එම ව්‍යාපෘතිය කරන්නේ කොහොමද? ආණ්ඩුවේම ප්‍රාදේශීය දේශපාලනඥයෝ ප්‍රකාශ කරති.

මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි දේශපාලන පක්‍ෂ සංඛ්‍යාව 75 කි. ඒ සෑම පක්‍ෂයකටම පිළිගත් ලාංඡනයක් හෙවත් ලකුණක් ලබාදී තිබේ. මීට අමතරව කිසියම් දේශපාලන පක්‍ෂයකට හෝ කණ්ඩායමකට හෝ මෙතෙක් වෙන්කර දී නැති ලාංඡන 150 ක පමණ සංඛ්‍යාවක් මැතිවරණ කොමිසම සතුව පවතියි. එම ලාංඡන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මහජනතාවටද ප්‍රසිද්ධ කර තිබේ. 

කිසියම් මැතිවරණයකදී නව දේශපාලන පක්‍ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ එම ලාංඡන අතරින් කැමති ලාංඡනයක් ඉල්ලා සිටිය හැකිය. මෙවැනි තත්ත්වයක් යටතේ ඉකුත්දා මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. මෙතෙක් දේශපාලන පක්‍ෂවලට ලබානොදී තිබෙන ලාංඡන අතුරින් දෙකක් එම ලේඛනයෙන් ඉවත්කරන ලද බව එම අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් කර තිබුණේය. ඔටුන්න හා ‘‘ගොවියා’’ යන ලාංඡනය ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතුව මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක් විස්තර කළේය.

ජාතික වැදගත්කමක් ඇති ලාංඡන ආගමික ලාංඡන හෝ ජාතියක රටක ලාංඡන දේශපාලන පක්‍ෂයකට දෙන්නේ නැහැ. කිසියම් ලාංඡනයක් දේශපාලන පක්‍ෂයකට ලබාදුන්නොත් එහි අයිතිය අනන්‍යතාව එක් කණ්ඩායමකට හිමි වෙනවා. ඔටුන්න රාජ්‍යත්වය ඉස්මතු කරන ජාතික වැදගත්කමකින් යුත් ලාංඡනයක්. ගොවියා යනු මෙරටේ එක් ජනකොටසක්. සුවිශේෂි ජනකොටසක්. ඒ නිසා එවැනි වැදගත්කමකින් යුත් ලාංඡනයක් දේශපාලන පක්‍ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට හෝ ලබාදිය නොහැකියි. ඒනිසා අපි එය නතර කළා යැයි මැතිවරණ කොමිසමේ සාමාජිකයා පැහැදිලි කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින පිරිසක් බොහෝ කාලයක සිට අත්අඩංගුවේ පසුවන බවට චෝදනා එල්ල වන්නේ බොහෝ කාලයක සිටය. උතුරු හා නැගෙනහිර පළාත්වලින් අත්අඩංගුවට පත්ව සිටින මෙම පිරිස නිදහස් කරන්නැයි ඉල්ලමින් වසර ගණනාවක සිටම උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වෙන අතර හිටපු ජනාධිපතිවරුන්ට මෙන්ම වර්තමාන ජනාධිපතිවරයාට ද එම ඉල්ලීම් ලැබෙමින් තිබෙන බව වාර්තා වේ.

නඩු පැවරීමක්වත් නොකර ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවේ රඳවාගෙන සිටින බවට චෝදනා කරමින් දෙමාපියන් හා ඥාතීන් පිරිසක් ඉකුත්දා කොළඹ දී විරෝධතාවක්ද පැවැත්වීය. ඒ පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ මෙම පිරිස නිදහස් කළ යුතු බවය. ඔවුන්ට සාධාරණයක් කරන්නැයි කරන ඉල්ලීම්වලට මෙතෙක් ප්‍රතිචාරයක් නැතැයිද මනෝ ගනේෂන් සඳහන් කළේය.

රටේ සම්පත් විදේශයන්ට විකුණා දමන බවට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ඉකුත්දා ප්‍රසිද්ධියේ ආණ්ඩුව විවේචනය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස එම චෝදනාව කළේය. ‘‘ජාත්‍යන්තර බලවේග රටේ කැරකැවෙන්න පටන් අරගෙන තිබෙනවා. රටේ වටිනා සම්පත් මර්මස්ථාන වෙනත් රටවල වෙන්දේසි කරන්න පටන් අරගෙන තිබෙනවා.

කොළඹ වරායේ ජැටි, කොළඹ වටිනා ඉඩම්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, උක් ඉඩම් මේ සියල්ල විදේශ රටවලට විකුණා දැමීමට මේ ආණ්ඩුව වැඩ පටන් අරගෙන තිබෙනවා. මේ සියල්ලට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ධයි. රට බරපතළ ලෙස විදේශ ගොදුරක් බවට පත්ව තිබෙනවා. රට පුරාම වංචාව දූෂණය රජ කරනවා. ශ්‍රිලනිපය ඒ පිළිබඳව විවේචන හා විරෝධය මේ ආණ්ඩුවට පළකරනවා’’ යැයිද ඔහු කීවේය. 

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ඇමති ධුරය අතහැරීමට සූදානම් වන බවක් ඉකුත්දා දේශපාලන කරලියේ රැව් දුන්නේය. කැබිනට් ඇමති ධුරයක් නොලැබීම නිසා ආණ්ඩුව ගැන කලකිරී ඇතැයිද එම නිසා ලාන්සා රාජ්‍ය ඇමතිධුරයෙන් ඉල්ලා අස්වීමට යන බවටද ඇතැම් වාර්තා පළ වී තිබුණේය. තවත් ආරංචියකින් වාර්තා වූයේ ඔහු රාජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වී ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට අපේක්‍ෂා කරන බවය.

‘‘ඉකුත් කැබිනට් සංශෝධනයේ දී ලාන්සාට මහාමාර්ග ඇමති ධුරය ලබාදෙන්න හැදුවා. ඔහු එය බාරගත්තේ නැහැ. මාර්ග සංවර්ධන කටයුතුවලදී තමන්ට කිසිදු සැලකිල්ලක් නොලැබුණ බවක් ලාන්සා කීවා. ඔහු කලකිරීමෙනුයි හිටියේ’’ යැයි ආණ්ඩුවේ ඇමතිවරයෙක් හිතවතුන් පිරිසක් සමඟ කියා තිබුණේය.

මේ අතර තවත් ආරංචියකින් ප්‍රකාශ වූයේ මාර්ග ඉදිකිරීම්වලදී සිදුව ඇතැයි කියන වංචා දූෂණ පිළිබඳ හෙළිදරව්වක් කිරීමට ද ලාන්සා සූදානම් වන බවය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගල් සහ අසූචි ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබඳව ඉකුත්දා කරළියේ බොහෝ මාතෘකා සාකච්ඡා වූයේය. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ වජිර අබේවර්ධන චමුදිත හමුවීමටද ගියහ. මේ අතර මහජන ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඒ පිළිබඳව අදහස් දක්වමින් පුළුල් පරීක්‍ෂණයක් කරන බව පැවසුවේය.

මේ අතර රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයා පසුගියදා මුහුණපොතේ ව්‍යංගාර්ථය දනවන පෝස්ටුවක් පළකර තිබුණේය. ‘‘ගල්වලට සහ අසූචිවලට අපහාස කළ අය හෙලා දකිමු’’ යනුවෙන් එම පෝස්ටුව පළවීම පිළිබඳව බොහෝ පිරිසක් සිය විරෝධය පළකරති. මුහුණු පොතේ අදහස් දක්වමින් එම ප්‍රකාශයට විරෝධය දැක්වීමක් ලෙස රාජ්‍ය ඇමතිවරයාගේ පුත්‍රයාට දොස් කීමට බොහෝ පිරිසක් එක්ව සිටිති.

කොරෝනා තදින් පැතිර යමින් තිබූ සමයක සාදයකට සහභාගීවීම නිසා අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිට අවශ්‍ය ඇඳුම් බදුල්ලට රැගෙන ගියේ එම වෛද්‍යවරයායි. ඒ ගැන මාධ්‍ය විවේචන එල්ල වුණා. චමුදිත සිය වැඩසටහන්වලදී විවේචන එල්ල කළා. ඒ නිසා රාජ්‍ය ඇමතිගේ පුත්‍රයාට චමුදිත ගැන වෛරයක් තිබෙන්න ඇති යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු සඳහන් කර තිබුණේය.

ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතා ආරම්භවී වසර 65 ක් පිරීම සහ චීන - ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් වන සමරු වැඩසටහනක් බ්‍රහස්පතින්දා පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්විණ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂගේ සහභාගිත්වයෙන් පැවැති එම සමරු උළෙලට ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන් සහ විදේශ තානාපතිවරුන් පිරිසක්ද එක්ව සිටියහ. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිතයෝ සූම් තාක්‍ෂණය ඔස්සේ එම සමරුවට එක්ව සිටීම විශේෂත්වයකි.

චීන - ශ්‍රී ලංකා සබඳතා සිහිගන්වන සංස්කෘතික අංගද මෙම සමරු උළෙලට ඇතුළත් කර තිබුණේය. සංවත්සරය වෙනුවෙන් සමරු සංග්‍රහයක්ද එළි දැක්විණ.

කොළඹ මහනගර සභාවේ සහ යාපනය වලිකාමම් නිරිත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැසිවාරයක් මේ දිනවල පැවැත්වේ. වලිකාම්ම නිරිත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට ආරාධනා කරමින් කොළඹ පුරපතිනිය වෙත නිල ආරාධනාවක් ඉකුත්දා එවා තිබුණේය. ඒ අනුව කොළඹ පුරපතිනි රෝසි සේනානායක, නියෝජ්‍ය පුරපති මොහොමඩ් ඉක්බාල් ඇතුළු මන්ත්‍රීවරු 80 දෙනකු ඊයේ කොළඹ සිට වලිකාමම් බලා පිටත්ව ගියහ.

අත්දැකීම් හුවමාරු වැඩසටහන දින තුනක් තිස්සේ පැවැත්වේ. වලිකාමම් මන්ත්‍රීවරුන් හා කොළඹ නාගරික මන්ත්‍රීවරුන් අතර සුහද ක්‍රිකට් තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. කොළඹ නාගරික මන්ත්‍රීවරු යාපනය නල්ලූර් කෝවිලේ ආගමික වතාවත්වලට ද එක් වෙති. නාගරික මන්ත්‍රීවරුන් සමඟ කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පිරිසක්ද සංචාරයට එක්ව සිටිති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායම් නව සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. ‘‘පසුපෙළ අපි’’ යනුවෙන් සංවිධානය වී ඇති එම පිරිසට තිස්සකුට්ටිආරච්චි, මිලාන් ජයතිලක සහ යූ.කේ. සුමිත් උඩුකුඹුර යන මන්ත්‍රීවරුන් පිරිසක් එම සංවිධානයේ සිටිති. ඉකුත් සඳුදා එම මන්ත්‍රීවරුන් පිරිස කොළඹ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට ගියහ. එහිදී මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ සාකච්ඡා පැවැත්වූහ. එහිදී පසුපෙළ මන්ත්‍රීවරුන්ට ආශිර්වාද කළ මුරුත්තෙට්ටුවේ නාහිමියෝ ඉදිරියේදී අවශ්‍ය සහාය ලබාදෙන බවද පැවසූහ.

එහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි අර්ථසාධක අරමුදලට අධිභාරයක් පැනවීමට ආණ්ඩුව සූදානම් වන බවට යන කතාව බිල්ලන් මැවීමක්. මේ ආණ්ඩුව වැඩ කරනවා. අයවැයෙන් වැඩ ලක්‍ෂයක් හරහා බදු මුදල් නැවත ගමට යනවා. අද ආදරවන්තයන්ගේ දිනය. මුළු ලෝකයම එම දිනය විශේෂකොට සලකනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් වන අපට වගකීමක් තිබෙනවා ආණ්ඩුවේ ප්‍රශ්න කතාකරන්න. අඩුපාඩු හදාගන්න අපි ඉදිරිපත් වෙනවා. මුරුත්තෙට්ටුවේ නාහිමියන් මාර්ගයෙන් අපට ජනාධිපතිතුමා අගමැතිතුමාට, මුදල් ඇමතිතුමාට ඉදිරියේදී කරුණු කියන්න හැකි වේවි යැයි තිස්ස කුට්ටිආරච්චි කීවේය.

කස්තුරි



අදහස් (0)

ශ්‍රිලනිපයෙන් ආණ්ඩුවට තරවටුවක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 2983 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12171 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 562 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 937 2

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 1010 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 495 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site