රෝගීවීම මරණයට හේතුවක් නොවේ. ලෝකයේ විද්‍යාව දියුණුවීමත් සමග සෑම රෝගයකටම පාහේ ඖෂධ නිෂ්පාදනය වී තිබේ. එහෙත් නොදියුණු රටවල මෙන්ම දියුණු වෙමින් පවත්නා රටවල්වලද රෝගිවීම මාරාන්තිකය. අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාව අයත්වන්නේ දියුණු වෙමින් පවත්නා රටවල් කොටසටය.
නැතහොත් බලධාරීන්ගේ මුවින්ම පිටවූ පරිදි බංකොලොත් රටකි. එබඳු රටක රෝගීවීම කවර නස්පැත්තියක් ගෙන එන්නේ දැයි පුරෝකථනය කළ නොහැකි තරම්ය. ඒ බව පසක් කරවන සංවේගජනක පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
කැපුම් තුවාලයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු වරකාපොළ ප්‍රදේශයේ 50 හැවිරිදි පුද්ගලයකු කෝ - ඇමෙක්සික්ලෝව් නමැති ප්‍රතිජීවක ඖෂධය ලබාගැනීමෙන් පසුව මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසන බව අප පුවත්පත ඉකුත්දා අනාවරණය කළේය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම පුද්ගලයාගේ හදිසි මරණයත් සමග ඇමෙක්සික්ලෝව් නමැති ප්‍රතිජීවක ඖෂධය භාවිත කිරීම තාවකාලිකව අත්හිටවූ බවය. එමෙන්ම මෙම ප්‍රතිජීවක ඖෂධය දේශීය සමාගමක නිෂ්පාදනයක් බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා තහවුරු කර තිබිණි.
මෙරට පුරවැසියා රසායනාගාර මීයන් බවට පත්කර ඇතැයි ද යන සැකය තහවුරු කෙරෙන පුවත් එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වෙමින් තිබේ. මෙම ප්‍රතිජීවක ඖෂධය භාවිතයේ දී දිවයිනේ රෝහල් කිහිපයකින් උග්‍ර ආසාත්මිකතා තත්ත්වයක් සහ මරණ තුනක් වාර්තා වී තිබේ. නිකවැරටිය මූලික රෝහලෙන්, රාගම ශික්ෂණ රෝහලෙන්, කරවනැල්ල හා වතුපිටිවල රෝහල්වලින් මෙම සිද්ධි වාර්තා වූයේය.
එසේ පවසන්නේ ඖෂධ නියාමන අධිකාරියයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරමින් කර තිබිණි.
කොළඹ ජාතික රෝහලේදී ඇමෙක්සික්ලෝව් ප්‍රතිජීවක ඖෂධය ලබාදීමෙන් වරකාපොළ ප්‍රදේශයේ පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සමග එන්නත් සහ ඖෂධ ලබාගැනීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හයක් දක්වා ඉහළගොස් තිබේ. පේරාදෙණිය රෝහලේ එවැනි මරණ හතරක් සහ හෙට්ටිපොළ රෝහලේ මරණයක් වශයෙන් ඖෂධ ලබා ගැනීමෙන් පසුව සිදුවූ සැක සහිත මරණ පහක් මෙයට පෙර වාර්තා විය.
කොළඹ ජාතික රෝහලේ රෝගියාගේ මරණය සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසූ විට ඒ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ ආසාත්මිකතාව හේතුවෙන් එම මරණය ද සිදුවන්නට ඇතැයි සැක කරන බවය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබුණේ දේශීය සමාගම නිෂ්පාදනය කළ මෙම ඖෂධ කාණ්ඩයේ එන්නත් 21000ක් කොළඹ ජාතික රෝහලට නිකුත් කර ඇති බවත් ඉන් එන්නත් 18,000ක් කිසිදු ගැටලුවකින් තොරව භාවිත කර තිබූ බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එක් එන්නතක් සම්බන්ධයෙන් පමණක් බවය.
මෙබඳු මරණ සචේතනාත්මක නොමැති බවත් අහම්බයෙන් එකදු මරණයක් දෙකක් වාර්තාවීම බලාපොරොත්තු විය හැකි බවටත් මතයකි. එම මතය බැහැර කළ නොහැකිය. එහෙත් මෙහිදී අත්වැරැද්දකට කිසිදු ඉඩක් තිබිය නොහැක. ගුවන් නියමුවකුට පුහුණුවේදී ලබාදෙන පළමු උපදේශය වන්නේ අත්වැරැද්දකට කිසිදු ඉඩක් නොමැති බවය. සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම උපදේශය එලෙසින්ම ආදේශ කළ හැකිය. එමෙන්ම එසේ ආදේශ කිරීමෙන් නොනැවතී එය ක්‍රියාත්මක කළ යුතුය.
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ අර්බුද පොකුරක පැටලී තිබේ. දේශපාලන පාට අනුව ක්‍රියා කිරීමත් කල දුටු කල වළ ඉහ ගැනීමට උත්සාහ දැරීමත් හේතුවෙන්. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහී තිබේ. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙම තත්ත්වයෙන් වහා මුදාගත යුතුය. එසේ නොවන්නේ නම් මෙරට නිදහස් සෞඛ්‍ය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති අන්තිම බලාපොරොත්තුවද ගිලිහී යනු ඇත.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සෞඛ්‍ය ක්ෂේත්‍රය පරිහානියෙන් මුදාගනිමු