ලොව පුරා බොහෝ ජනතාව දැඩි විස්මයකින් යුතුව නරඹන අප රටේ වැදගත් ස්ථාන අතරින් සීගිරියට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. ඒ නිසාම අද බොහෝ දෙනා ලොව අටවැනි පුදුමය ලෙස සීගිරිය හඳුන්වති. පාසල් අවධියේ සිටම අප රටේ ජනතාවද සීගිරිය නැරඹීමට දැඩි කැමැත්තක් දක්වති. ඒ අප රටේ අතීතයේ සිටි මිනිසුන් තුළ විස්මිත ක‍්‍රියාකාරකම් තව තවත් නැරඹීමට ඇති වුවමනාව නිසා යැයි අපි සිතමු.
එදා සීගිරි නැගීමට නොහැකි බොහෝ දෙනා සිංහපාදය අසලට පමණක් නගිති. ඔවුහූ සීගිරි මාලිගාව පිහිටි ස්ථානයට නොයති. ඒ කැඞීගිය දිරාගිය පඩිපෙළ නිසාත් අනාරක්ෂිත නිසාත් යැයි බොහෝ අය කීහ. එහෙත් ඔබ මෑත කාලයේ සීගිරි නැරඹීමට නොගියේ නම් දැන් සීගිරි ගල මුදුනටම ඉතා පහසුුවෙන් නැගීමට හැකි පරිදි මේ සියලූ පඩිපෙළ සංවර්ධනය කර හමාරය.
සිංහපාදයේ සිට ඉහළට නැගීමට එක් පැත්තකින් ද පහළට බැසීමට තවත් පැත්තක් ද ආවරණ මේ වන විට ඉදිකොට ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමත් සමගින් එසේ කැර ඇත.
පතල් හා කැනීම් කාර්යන්ශයේ දේශීය ශිල්ප ඥාණය මෙන්ම ඉංජිනේරුවන් සමග එක්ව අතීතයේ හෙළවිරුවෝ කළ ක‍්‍රියාකාරකම් වලට අනුව මෙය ඉතා ශක්තිමත්ව මේවා ඉදිකරනු ලැබූ බව කියැවේ.
සිංහපාදය අසලට ගිය විට පෙරදා තිබූ බිය පහව ගොස් සුදු යකඩ අත්වැල් දිගේ නගින්නට ඕනෑම අයකුට සිත්දෙන ආකාරයට එය නිර්මාණය කර ඇත. වසර හතක කාලයක් තිස්සේම පතල් හා කැණීම් කාර්යංශයේ නිලධාරීන් හා සේවකයන් සීගිරි පව්වට පැමිණ මෙම නිර්මාණය කර ඇත. එය සීගිරි ඉතිහාසයේ නව පිටුවක් ලියැවෙන අති සුවිශාල වූ නිර්මාණයකි.
ජ්‍යෙෂ්ඨ කාර්මික නිලධාරි එම්.ඒ.පී. මංචනායක, බී.පී. සිරිසේන යන මහත්වරුන්ගේ කැපවීම මත සීගිරි පඩිපෙළ ඉදිකිරීම සිදුවිණි. භූවිද්‍යාඥ උදය සිල්වා මහතා නිරන්තර සීගිරියට පැමිණ ආදි ශිල්පීන් සීගිරිය නිර්මාණය කරද්දී සිදුකරන්නට ඇතැයි විශ්වාස කරන දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කරගනිමින් ගිරි කුහර කරමින් ගිරට යකඩ සවිකළහ.
සීගිරිය නිර්මාණය කළේ මෙසේයැයි අපට ලිඛිත සාධක නැතත් අප විශ්වාස අනුව හා පිහිටීම අනුව මේ ආකාරයෙන් මාළිගා හා විවිධ ඉදිකිරීම් තිබෙන්නට ඇතැයි යන නිගමනය මත අප තක්සේරුවකට පැමිණ සිටිමු.
ශිරාන් දැරණියගල මහතා මීට වසර ගණනාවකට පෙර දැනුම්දී තිබුණේ සීගිරියේ චිත‍්‍ර ලෙනේ අවදානම් ගල් කැබලි ශක්තිමත් කිරීම ඇතැම් පූර්ණ පරීක්ෂණයකින් පසු කාර්යන් රැුසක් කළ යුතු බවයි. ඒ අනුව භූ විද්‍යා පතල් කැණීම් කාර්යංශය පූර්ණ ගවේශණයක් කරන ලදි. එහිදී කළයුතු හදිසි කාර්යන් 12 ක් හඳුනා ගෙන තිබිණි.
චිත‍්‍ර ගුහාවේ පාදම තවදුරටත් පළල් කැර සංචාරකයන්ට නැරඹීමට නොහැකිව තිබූ චිත‍්‍ර රැුසක් දැකගැනීමේ අවස්ථාව සලසාදීම, චිත‍්‍ර ගුහාවට පිවිසෙන දැල් ආවරණ සහිත ආරක්ෂිත පියගැට පෙළ අලූත්වැඩියා කිරීම, කැටපත් පවුරේ පිටත බිත්තිය ඉරිතලා තිබීම, එය ශක්තිමත් කිරීම, මෙන්ම සීගිරි ගලේ දිරාගිය ගල් කැබලි රැුසක් පහළට කඩා වැටීමේ අවදානමක් පැවතිණි. එම ස්ථානවලට ළඟාවීම පවා දැඩි අවදානම් තත්ත්වයක පැවතියේය. ජල කාන්දු වැළැක්වීම ඇතුළු කරුණු රැුසක් පිළිබඳව අවධානය යොමුකැර අද වන විට මේ සියල්ල වැඩ නිමවා දෙස් විදෙස් සංචාරකයන්ට ඉතා පහසුවෙන් සීගිරිය නැරඹීමට හැකිවන පරිදි සකසාදී ඇත.
අපගේ ඉංජිනේරු ශිල්පීන් මේ කාලයේ කළ ක‍්‍රියාකාරකම් පිළිබඳව සොයාබැලීම සඳහා පසුගියදා පරිසර ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ද පැමිණ දැඩි ප‍්‍රසාදය පළකර සිටියේය.
සීගිරි ගලේ ගමන් කිරීමට නොහැකි බෑවුම් ස්ථානවල සිට වැඩ කළ වත්මන් ශිල්පීන් ටයර් හා ලනු උපයෝගී කරගෙන තනි කකුලෙන් එල්ලී ජීවිත අවදානම නොතකා මෙම කාර්යය ඉටුකැර තිබීම විශේෂත්වයකි. මේ කැපවීම මත අලූත් වූ සීගිරිය නැරඹීමට දෙස් විදෙස් ජනතාවට පහසුව හිමි වී ඇත.මෙම අලූත්වැඩියා කිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලත් ජපන් රජයත් මූල්‍ය දායකත්වය ලබාදී තිබිණි.
එදා පස්වැනි සියවසේදී කාශ්‍යප රජු විසින් කරවන ලද බව කියන සීගිරියේ වත්මන් පියගැට පෙළේ පැවැත්ම තවත් වසර 400 ක් වත් පවතින බව භූවිද්‍යා පතල් කාර්යංශය කියයි.
සීගිරියේ වත්මන් තත්ත්වය පිළිබඳව අප මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු වජිර පර්ඩිනැන්ඩන් මහතාගෙන් විමසීමක් කළේ බොහෝ ජනතාව සීගිරිය ගැන දැඩි අවධානයෙන් සිටින නිසාය.
ඒ මහතා අප සමග මෙසේ වත්මන් තත්ත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව කරුණු ප‍්‍රථම වතාවට හෙළි කළේය.
”අපි තවදුරටත් දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරියේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අනවසර වෙළෙඳාම් කිරීම විධිමත් කිරීමත්, සීගිරියේ පිටත දැනට පොලිසිය පිහිටි ස්ථානයෙත් මොරගහමුල ප‍්‍රදේශයෙත් නව වැසිකිළි පද්ධතියක් ඉදිකිරීමටත් කටයුතු කරනවා. මාර්ගෝපදේශක කණ්ඩායම පිළිබඳව වැඩි අවධානයක් යොමුකර තිබෙනවා. ඒ අයටත් විධිමත් පුහුණුවක් ලබා දී සංචාරකයනට නිවැරදි තොරතුරු දෙන්නටත් අලූතින් ඇතුළුවීමේ ප‍්‍රවේශ පත‍්‍රයක් නිකුත් කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා.”
රථගාලේ සිට කිලෝමීටරයක් දුර පයින් ගමන් කිරීමට තිබෙනවා. ඒ අයගේ කාලය ඉතිරිකැර දීම සඳහා විශේෂ බස්රථ සේවයක් ක‍්‍රියාත්මක කිරීමත්, විශේෂ විදුලි ආලෝක පද්ධතියක් ආරම්භකිරීමත්, පානීය ජල ටැංකි කීපයක් සීගිරි නගින බහින අයට පාවිච්චි කිරීමට ස්ථාපිත කරනවා. පොලිතින් නැති කලාපයක් බවට මේ පෙදෙස පත් කරනවා.
එදා සීගිරිය නිර්මාණය කිරීමේදී කාශ්‍යප රජු කළ ක‍්‍රියාදාම පිළිබඳවත් ශ‍්‍රම බළකාය යොදාගත් ආකාරයත් මෙහි ඇති වටිනාකම පිළිබඳවත් තැනින් තැන හමුවී ඇති රාජ සභා, මණ්ඩප, ජල උද්‍යාන, ගල් ආරුක්කු, උගුල් මෙන්ම විවිධාකාර වූ ස්ථාන පිළිබඳව නම්වලින් හඳුන්වා තිබුණ ද එම ස්ථානවල සවිස්තරාත්මක දැන්වීම් පුවරු පළකිරීමට හැකියාවක් ඇත්නම් එය දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මෙම අලූත් වූ සීගිරිය නැරඹීමට ගිය අපට පසක්විය.
සීගිරි කාශ්‍යප රජු වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය ආයතන ගණනාවක දහස් ගණනක ජනතාවක්් පෝෂණය කරති. එහෙත් කාශ්‍යප රජුගේ ප‍්‍රතිමාවක් හෝ කාශ්‍යප රජුට කළගුණ සැලකීමටත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. සීගිරියේ පමණක් හෝටල් කාමර 3000 ක් නඩත්තු වන්නේ ද කාශ්‍යප රජුට පිංසිදුවන්නටය. මෙම කරුණු ගැඹුරින් අවබෝධ කැරගෙන කාශ්‍යප රජු පිළිබඳව ජනතාවට ගෞරවයක් හිමිවන පරිදි යමක් සීගිිරියේ කළ යුතුයැයි අපි විශ්වාස කරමු.
අද නවීන තාක්ෂණයෙන් කළ දේ එදා කළේ ගණිත ක‍්‍රම උපකාරයෙන්
එදා රජදරුවන් සීගිරි පර්වත මස්තකයට ජලය ගෙනගිය ශිල්පීය ඥාණය කුමක්ද? මහා කළුගලක් උද්‍යානයක් බවට පත්කළ ශිල්පය කුමක්ද? අපි ඒ පිළිබඳව වාස්තු විද්‍යාඥ වජිර පර්ඩිනන්ඩස් මහතාගෙන් විමසීමක් කළෙමු.අප මුලින්ම විමසීමක් කළේ සීගිරියේ ජල උද්‍යානයේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳවත් අදටත් එය රහසක්ව පවතින්නේ කෙසේද යන්නයි.”මෙම ජල මල්වල ක‍්‍රියාකාරීත්වය එදා සිටම අද දක්වා පවතිනවා. හැබැයි තවමත් මේ ගැන නිසි පරීක්ෂණ කර නැහැ. ජලය ගෙනයන මාර්ගය සීගිරි අවට ඇති වැව්වලට සම්බන්ධ කර ඇතැයි විශ්වාසයක් පවතිනවා. හැබැයි තවම නිශ්චිත වශයෙන් ඒ ගැන අලූත් මත ඉදිරිපත් කිරීමට බැහැ.”පෙරදා සීගිරිය ඉදිකිරීම්වලදී හා අද ඉදිකිරීම් පිළිබඳව ඇති තාක්ෂණික ක‍්‍රමවේද පිළිබඳව ද අපි විමසුවෙමු.”අද නවීන තාක්ෂණ උපකරණ භාවිතයෙන් කරන දේ එදා සිටි අපේ ඉහළ දැනුමක් ඇති ශිල්පීන් ගණිත මූලධර්ම මත කරලා තිබෙනවා. ඒ වගේම තමයි එදා පිරිස් බලය අඩුවෙන් සිටියදී කළ විශ්කම් දෑ අද පිරිස් බලය වැඩියෙන් සිටියත් කරන්න බැරිවෙලා තියෙනවා. ඊට හේතුව තමයි අපේ පැරැුණියන්ගේ සිට වර්තමානය දක්වාම උගත් දෑ බෙදාහැරීමේදී කැර තිබෙන ගුරුමුෂ්ටිය කියන එක රැුකගැනීමට ගත් උත්සාහය නිසයි. දක්ෂ ශිල්පීය ක‍්‍රම සැඟවීම නිසා අද අප අසරණවෙලා ඉන්නවා. නව නිර්මාණ අඩුයි. අපේ තවත් වැරැුද්දක් තමයි මම දන්න තරමට අපි භෞතිකවාදීවයි ක‍්‍රියාකරලා තියෙන්නේ ඉන් ඔබ්බට යන්නේ නැහැ. අපි සංරක්ෂණය කළ යුත්තේ ස්පර්ශ කළ නොහැකි හැඟීම් සිතුම් පැතුම් හා ක‍්‍රියාකාරකම් මොකද අපි සොයාගන්නා භාණ්ඩ ආරක්ෂාකර තබනවා විනා එම භාණ්ඩවලින් කළ ක‍්‍රියාකාරකම් කුමක් ද ඒවා කුමකට භාජන කළේ ද යන්න සොයන්නේ නැහැ. ඔහු කියයි.
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සීගිරිය නගින්න අලුත් හිනිපෙළක්
ඇන්තනී Wednesday, 24 August 2011 08:58 PM
හොද වැඩක්. ඊට සම්බන්ධ කාටත් ස්තුතියි
ගාමිණි Saturday, 12 April 2014 01:32 PM
හොද අදහසක් කාශ්‍යප රජුගේ පිළිරුවක් හැදීම අගයකරමු , (දී)