IMG-LOGO

2025 අප්‍රේල් මස 05 වන සෙනසුරාදා


සුන්දර මඩකළපුවේ පෘතුගීසි බළකොටුව

ක‍්‍රි.ව. 1505 මෙරටට පැමිණි පෘතුගීසීහු ක‍්‍රි.ව. 1638 තෙක් ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප‍්‍රදේශ පාලනය කරමින් අපේ රට සූරා කෑවෝය. ක‍්‍රි.ව. 1638දී පෘතුගීසීන්ට පළමු වරට ලන්දේසීන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වූයේ නැගෙනහිර පළාතේ මඩකළපුවේදීය. ඒ වූ කලී මෙරට පෘතුගීසි බලය අතු ගා දැමීමේ පළමු පියවරයි. මඩකළපුවේදී දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් පෘතුගීසීන්ට බරපතල හානි සිදු වී තිබේ. පෘතුගීසීන්ට ලන්දේසීන්ගෙන් මඩකළපුවේදීම ප‍්‍රහාරයකට ලක්වීමට සිදුවූයේ ලන්දේසීන්ගේ ශූර කපටි බුද්ධිය නිසාය. ලක්දිවට ලන්දේසීන් ප‍්‍රථම වරට ගොඩ බැස්සේ නැගෙනහිර පළාතේ මඩකළපු ප‍්‍රදේශයෙනි. ඇතැම් පොතක එය සඳහන් වන්නේ සයින්දමරුදු වෙරළ තීරයට ගොඩ බැස ඇති බවයි. තවත් තැනෙක එය කාරතිව් ලෙස සඳහන් වේ. මේ සියලූ ස්ථාන වර්තමානයේ නැගෙනහිර පළාතට අයත් වෙරළ බඩ ප‍්‍රදේශය වෙයි. ඇතැම් විටෙක ලන්දේසීන් සයින්දමරදු හෝ කාරතිව් වෙත ගොඩ බැස සැතපුම් 28ක් උතුරින් පිහිටි මඩකළපුව වෙත පා ගමනින් ගියා විය හැකියි. කෙසේ නමුත් ක‍්‍රි.ව. 1602 මැයි 31දා නැගෙනහිර වෙරළට ගොඩ බට ලන්දේසි අද්මිරාල් ජොරිස් වෑන් ස්පිටිස්බර්වින් ඇතුළු කණ්ඩායම උපක‍්‍රමශීලීව පෘතුගීසීන් පලවා හැරීමේ පියවර ක‍්‍රියාත්මක කළේය. එහි උච්චතම අවස්ථාව වූයේ ක‍්‍රි.ව. 1638දී පෘතුගීසීන්ට එල්ල කළ දරුණුතම ප‍්‍රහාරයයි. මෙම ප‍්‍රහාරයෙන් මඩකළපු පෘතුගීසි බළකොටුවට බරපතල හානි සිදුවී තිබේ. ලංකාවේ ඇති දැකුම් කළු නගර අතුරින් මඩකළපුව නගරයට හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයකි. නගරයේ තැන තැන පිහිටි විවිධ ඉදි කිරීම් ද කළපුවේ පැතිරීම ද භූ විෂමතාව ද තවත් නොයෙකුත් හේතු නිසා ද නගරය වඩාත් අලංකාර වී ඇත.නගරයේ ඇති ඉදිකිරීම් අතර යුරෝපීයයන්ගේ පාලන සමයේ කරන ලද ඉදිකිරීම්වල කිසියම් අපූර්වත්වයක් දක්නට ලැබේ. මඩකළපු නගරයට ද පොදු වූ ඒ නියමය අනුව මඩකළපු ලන්දේසි බළකොටුව ද අපුර්වත්වයෙන් පිරී ඇත. ලන්දේසීන් නැගෙනහිරට ගොඩ බැස මඩකළපුව කේන්ද්‍ර කර ගනිමින් රට පුරා සිය අණසක පතුරුවා ලීමට උත්සාහ දරා තිබේ. යුරෝපීයයන් විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ඉදි කරන ලද බළකොටු දෙකකි. ඉන් එකක් ත‍්‍රිකුණාමලයේ පිහිටා ඇති අතර අනෙක මඩකළපුව නගරයේය. නගරය පුරා පැතිර ඇති කළපු අද්දර සිහිල් සුළං දැවටෙන සේ ඉදි කර ඇති මඩකළපුවේ ලන්දේසි  බළකොටුව තවමත් ප‍්‍රශස්ත මට්ටමේ පවතියි. මෙහි මූලික ගොඩනැංවීම පෘතුගීසීන් විසින් කරනු ලැබූ වූවත් දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් පසුවත් ස්වාභාවික හේතු නිසාත් විනාශයට ගිය කොටුව විධිමත් ලෙස ගොඩ නංවා තිබෙන්නේ ලන්දේසීන්ය. ඒ නිසා මෙය අදටත් ලන්දේසි කොටුව ලෙස හඳුන්වයි. පසුගිය යුද සමයේ මෙහි යාමට සංචාරකයන්ට නොහැකි වුවත් දැන් සැමට එහි යාමට අවසර ඇත. මඩකළපුව දිසාපති කාර්යාලය පිහිටා තිබෙන්නේ ද මෙම බළකොටුව තුළයි. අඩි 18-20ක් පමණ උසැති එක් පැත්තක් අඩි 250ක් 300ක් පමණ දිගැති කොටු පවුරු කළුගල් වලින් සමන්විත අතර ඒවා ඉතා ශක්තිමත්ය. යාපනය, ගාල්ල යන නගරවල ඇති තාරකා කොටු මෙන්ම මෙයද තාරකා කොටුවකි. මෙහි සිව් කොන නිමවා ඇති ආකාරය අනුව තාරකා හැඩය ගෙන ඇත. බළකොටුවේ ඉදිරිපස දොරටුව කළපුවට විවෘතව ඇත. පසු පස දොරටුව නගරයට මුහුණලා තිබේ. කොටු පවුරේ ඉදිරිපස දොරටුවේ සිට බලද්දී ඉදිරියෙන් පෙනෙන්නේ කළපුවයි. වම් පසින්ද කළපුවයි. ඉදිරි දොරටුවෙන් එළියට එන විට කළපුවත් කොටු පවුරත් අතර අඩි තිහ හතළිහක දුරට සමතලා බිමකි. සැඳෑ යාමයක ඒ එළිමහන් කාලය ගත කරන්නට හොඳ තැනකි. බළකොටුව ඇතුලේ යුරෝපීයයන්ගේ සමයේ ඉදි කළ මහල් දෙකකින් යුත් ප‍්‍රධාන ගොඩනැගිල්ලකි. එය අඩි පනහක් හැටක් දිගැතිය. ඉපැරණි ගෘහ නිර්මාණ සැළසුම්වලට අනුව එය සකස් කර තිබේ. එම දෙමහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලට ගොඩවීම සඳහා දැවයෙන් නිමවූ තරප්පුවකි. වසර සිය ගණනක් පැරණි වුවද එම ගොඩනැගිල්ල අදටත් හොඳ තත්ත්වයේ පවතී. එම ගොඩනැගිල්ල හැරුණු විට තවත් ගොඩනැගිල්ලක් බළකොටුවට ඇතුළු වන තැන දකුණු පසින් ඉදි කර ඇත. එයද දෙමහල් ගොඩනැගිල්ලකි. එම ගොඩනැගිලි දෙකට අමතරව මෑත භාගයේ ඉදි කරන ලද තවත් ගොඩනැගිලි දෙකක් නිසා බළකොටුවේ ඉඩ ඇහිරී ඇත. දිසාපති කාර්යාලයේ සියලූම අතුරු කාර්යාල මේ තුළ පිහිටා ඇත. එලෙස ගොඩනැගිලි ඉදි කළ නිසා වෙනදා බළකොටුවේ තිබූ දැකුම් කළු බව සහ නිදහස ඇහිරී ඇති සෙයක් පෙනේ. ලන්දේසීන් නැගෙනහිර වෙරළට ගොඩ බැසීමත් ඉන්පසුව සිදුවූ ඇතැම් දේ ඇසීමත් අපූරුය. මඩකළපු කොටු පවුරේ සිට අවට සිසාරා බලන විට අපූරු සෞන්දර්යයක් දක්නට ඇත. එවන් සෞන්දර්යයක් ද ධන ධාන්‍යයෙන් ද රන් රිදී මුතු මැණික් වලින් ද පොහොසත් වූ මේ රම්‍ය දිවයින කෙරෙහි ආශා නොසිතෙන්නේ කාටදැයි සිතේ. ඒ නිසාම යුරෝපීය ජාතීන් මේ රම්‍ය දිවයින වසර සිය ගණනක් තිස්සේ පාලනය කරමින් අපේ සියලූ සේසත සූරාගෙන කෑවෝය. ලන්දේසි අද්මිරාල් ජොරිස් වෑන් ස්පීට්ස් බර්ජන් ක‍්‍රි.ව. 1601දී තවත් පිරිසක් රැුගෙන ලංකාව සමග වෙළෙඳ සබඳතා ආරම්භ කිරීම සඳහා  ඕලන්දයේ සිට යාත‍්‍රා කළේය. මැයි මාසයේ 05 වැනිදා යාත‍්‍ර ආරම්භ කළ ඔහු නොවැම්බර් 29 වැනි දින බෙංගාල බොක්ක වෙත ළඟා විය. මෙසේ නාවික ගමනේ යෙදුණු ඔවුන් ශ්‍රී ලංකාවේ ගාලූ තුඩුව ආසන්නයට පැමිණ තිබේ. නමුත් ඔවුන් ගාල්ලට ගොඩ බැස්සේ නැත. ඔහු එසේ කරන්නට ඇත්තේ ඒ වන විටත් ලංකාවේ වෙරළ තීරයේ පාලනය පෘතුගීසීන් සතුව තිබූ නිසා විය හැකිය. බටහිර සතුරු ආක‍්‍රමණයක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා පෘතුගීසීන් ද සිටියේ සුදානමිනි. කෙසේ හෝ ගාල්ලට සේන්දු නොවූ අද්මිරාල් ස්පීට්ස්බර්ජන් සිය රුවල් නැව ලංකාවේ දකුණු වෙරළ තීරයට සමාන්තරව පදවාගෙන ගොස් නැගෙනහිර වෙරළ තීරයට ප‍්‍රවිෂ්ඨ විය. අනතුරුව නැගෙනහිර වෙරළට සමාන්තරව උතුරු දෙසට ගමන් කළ ඔවුහු ක‍්‍රි.ව. 1602 මැයි 31දා නැගෙනහිර වෙරළ තීරයේ මඩකළපු ප‍්‍රදේශයෙන් ලක්දිවට ගොඩ බැස්සෝය. ලන්දේසීන්ට පෙර මඩකළපුව ප‍්‍රදේශය පෘතුගීසීන්ට නතු වූයේ ක‍්‍රි.ව. 1622 දීය. ඔවුන් ක‍්‍රි.ව. 1638 දී මඩකළපු බළකොටුව තනා නිම කළේය. එම වසරේම ලන්දේසීන් සමග ඇතිවූ සටනින් බරපතළ පරාජයකට මුහුණ පෑ පෘතුගීසීන්ට මඩකළපුවේ බලය අහිමි වී ගියේය. මඩකළපුවේ බලය මෙලෙස අහිමි වූ පෘතුගීසීන්ට ක‍්‍රි.ව. 1658දී රටේම බලය අහිමි වී ගියේය. ඒවන විට ඔවුන් වසර 153ක් තිස්සේ මෙරට වෙරළබඩ පාලනයට සම්බන්ධවී සිටියේය. පෘතුගීසීන් මෙරටට පැමිණ වසර 97ක් ගත වෙද්දී ලන්දේසීන් මෙරටට පැමිණියේය. එසේ පැමිණි ලන්දේසීන් තවත් වසර 36ක් කුරුමාණම් අල්ලා පෘතුගීසි බලය පැහැර ගැනීම ඇරඹුවේ මඩකළපුවෙනි. ලන්දේසීන් වෙනුවෙන් මෙරටට මුලින්ම පැමිණ සිය යුතුකම මනාව ඉටු කළ අද්මිරාල් ස්පිට්ස්බර්ජන් ලන්දේසි පෙරදිග ඉන්දියා සමාගමේ (DANISH EAST INDIA COMPANY VOC) උසස් නිලධාරියෙකි.මඩකළපුව බලකොටුවේ වම් පස පවුරේ සිට ඍජුවම බලද්දී පෙනෙන්නේ සුප‍්‍රසිද්ධ කල්ලඩි පාලමයි. මේ පවුරේ ඉදිරියෙන් ඇති සෙබළ මුරකුටිය ආසන්නයේ කල්ලඩි පාලම දෙසට හරවා ඇති ඉපැරණි කාල තුවක්කුවකි. කලපුවට එපිටින් මහා මුහුදයි. වෙරළාසන්නයට පැමිණෙන සතුරු නැවකට හෝ මෝයකට හරහා කළපුව තරණය කර බලකොටුව වෙත එන නැවකට මෙමගින් හොඳින් ප‍්‍රහාර එල්ල කළ හැක. මේ හැරුණු විට කොටු පවුරේ ඉදිරිපස දොරටුව දෙපසද කාල තුවක්කු දෙකකි. මේ කාලතුවක්කු මඩකළපුව බලකොටුවේ සවි කරන ලදදේ ලන්දේසි ජාතික ජාකොබ්ස් විල්හෙම් කොටස්ටර්ය. ඔහු ක‍්‍රි.ව. 1638 මාර්තු 17 වෙනිදා කිරිත්කෝවිල් (අම්පාර දිස්ත‍්‍රික්කයේ වෙරළබඩ ප‍්‍රදේශයේ නගරයකි) වෙත ගොඩ බැස ඇත. වර්තමානයේ මෙම කාලතුවක්කු තුනම නරඹන්නන්ට බැලීම සඳහා කෞතුක භාණ්ඩ ලෙස තබා ඇත. බළකොටුවේ ඉදිරි පස සහ වම්පස කළපුවට සීමා වුණත් පිටපස සහ දකුණු පස අඩි 15-20ක් පුළුල් වූ දිය අගලකි. කාලයාගේ ඇවෑමෙන් ඒවා ගොඩවීමේ තර්ජනයට මුහුණ දී ඇත. එවක රුවල් නැව් කළපුව දිගේ යාත‍්‍රා කර බළකොටුව අසළටම පැමිණි ලක්ෂණ දක්නට ලැබේ. නැව්වල කඹ ගැට ගැසීමට උපයෝගී කරගන්නා ලද ගලෙන් නිමැවූ අඩි තුන හතරක් උසැති කුළුණු හතරක් කොටු පවුර පිටුපස දක්නට ඇත. නැව්වල බඩු බාන්නට උපයෝගී කර ගත් දොඹකරයක්ද මඩකළපුව නගරාසන්නයේ දී දක්නට ලැබේ. කොටුවේ ගොඩනැගිල්ලක තිබූ ලාංඡනයක් කල්ලඩි පාලම දෙසට හරවා ඇති කාලතුවක්කුව කොටුවේ මුර කුටියක් දොඹකරය කොටු පවුර ඉදිරිපස කුඩා නැව් හෝ බෝට්ටු ගැට ගසන්නට ඇතැයි සිතෙන ගල් කුළුණු මඩකළපුවේ සුප‍්‍රසිද්ධ කල්ලඩි පාලම



අදහස් (0)

සුන්දර මඩකළපුවේ පෘතුගීසි බළකොටුව

නිශාන්ති Tuesday, 27 September 2011 06:04 PM

ගොඩක් ලස්සනයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය
2025 අප්‍රේල් මස 04 112 1

අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 160 1

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


සහල් මිල පාලනයට වැඩපිළිවෙළක් නැද්ද?
2025 අප්‍රේල් මස 04 51 0

ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා කඩයිම්
2025 අප්‍රේල් මස 04 42 0

ශ්‍රී ලංකාවේ මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සමඟ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය (2025 අප්‍රේල් 4-6) පිළිබඳව පැවැත් වූ සම


සූර්යබල විදුලියට බාධා ඇයි?
2025 අප්‍රේල් මස 02 929 1

වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ‌ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට


උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 1084 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 138 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 380 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 906 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site