IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සිනමාවේ හැඩය වෙනස්විය යුතුයි

2012 දී ‘සුපර් සික්ස්’ නම් අති දැවැන්ත සිංහල චිත්‍රපටය නිර්මාණය කරමින් සිනමාවේ පෙරළියක් ඇති කළ උද‌ාර පල්ලියගුරු අද වනවිට එම භූමිකාවෙන් තවත් ඔබ්බට යමින් ලංකාවේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදකවරයකු බවට පත්ව සිටී. ඉදිරියේදී තිරගත කිරීම සඳහා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කර තිබුණත් කොරෝනා අර්බුදය ඊට හරස් වී තිබෙන්නේ සෑම ක්‍ෂේත්‍රයකටම එම ප්‍රශ්නය බලපා තිබෙන නිසා ය.

කෙසේ වුවත් කුමන අභියෝග පැමිණියද ඔහු සිංහල සිනමාවේ අනාගතය දෙස සුබවාදී දැක්මකින් යුතුව බලා සිටින තරුණ සිනමාකරුවෙකි. නිෂ්පාදකවරයෙකි. තිර කතා රචකයෙකි. සිංහල සිනමාව කොරෝනාවට යට කළ නොහැකි බව ඔහු අදහන සත්‍යයයි. මේ කතාබහ තිරගත වීමට නියමිත ඔහුගේ නවතම චිත්‍රපට හා කොරෝනා හමුවේ සිංහල සිනමාව මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳව ය.  සිනමාව කියන මාධ්‍යයට ඔබේ සමීපතාව ඇති වුණේ කොතැනින් ද කියන තැනින් අපි කතාබහ ආරම්භ කරමු.

මගේ මවුපියන් කලාවට සම්බන්ධයි. ගෙදර පසුබිම එක්ක තමයි මටත් කලාව පිළිබඳ මුලින්ම ආසාවක් ඇති වුණේ. කැලණි ගුරුකුල විද්‍යාලයේදී දේශප්‍රිය බණ්ඩාරතිලක ගුරුතුමා හමුවීම හරහා රංග කලාවට මුලින්ම යොමු වීමට අවස්ථාව ලැබුණා. ඒ යොමු වීමත් එක්ක සිනමාවට එන්න පාර කැපුණා. ඊට කලින් රූපවාහිනී ආයතනයක සේවය කිරීම හරහා මාධ්‍ය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකි වුණා. ඒ කාලේ තමයි මම තේරුම් ගත්තේ අපි කැමති දෙයක් කරන්නත් අපේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙන්න ඕන කියන එක. අද කලාව යම් හැකිළීමකට ලක්වෙලා තිබෙනවා නම් ඒ ආර්ථිකය ශක්තිමත් නැති නිසා කියලා මට හිතෙනවා. ඒ හේතු මත තමයි මම 2003 දී මුලින්ම වෙළඳ ප්‍රචාරණ ආයතනයක් ආරම්භ කළේ. ඒ ලැබුණු පදනම එක්ක මට සිනමාවට එකතු වෙන්න අවස්ථාව ලැබුණා. ඒ 2012 දී ‘සුපර් සික්ස්’ චිත්‍රපටය හරහා. ඒ චිත්‍රපටය ලංකාවේ ජනප්‍රියම චිත්‍රපටයක් බවට පත් වුණා. ඉන් පස්සේ මම කල්පනා කරනවා චිත්‍රපට නිෂ්පාදනයට එකතු වෙන්න ඕන කියලා. ඒ මගේ තිබුණු මාර්කටින් දැනුමත් එක්ක. මටම නිෂ්පාදන ආයතනයක් තිබෙන නිසා පසු නිෂ්පාදනය, දෙබස් කැවීම ඇතුළු හැමදේම මටම කර ගැනීමේ හැකියාව ලැබුණා. අනිත් කාරණය මට අලුත් අය එක්ක වැඩ කිරීමේ ලොකු උවමනාවක් තිබුණා. හොඳ කණ්ඩායමක් මා වටා එකතු වී සිටිනවා. කොම්පැනි මට්ටමින් චිත්‍රපට නිර්මාණය කෙරෙන නිසා දර්ශන තල සෙවීමේ සිට සියලු දේට නිෂ්පාදකවරයා ලෙස මා මැදිහත් වෙනවා.


ඔබ නිෂ්පාදනය කරන චිත්‍රපට පිළිබඳ ප්‍රේක්‍ෂකයා වෙනසක් දකිනවා. ඒ වෙනස ඔබ කරන්නේ හිතාමතාම ද?
මම 2017 දී ‘පැණි මකුලුවෝ’ චිත්‍රපටය නිෂ්පාදනය කළා. ඒ සඳහා ගීත රචනයෙනුත් මම දායක වුණා. 2018 දී ‘සාම කුමරු කතාව’ත් , 2019 ‘සූස්ති’ චිත්‍රපටයත්, 2020 දී ‘ආලේ කොරෝනා’ චිත්‍රපටයත් නිර්මාණය කළා. මගේ චිත්‍රපටවල විශේෂත්වය තමයි මම කොපි චිත්‍රපට කරන්නේ නැහැ. ඒ නිසා තමයි මගේ චිත්‍රපට සාර්ථකත්වයට පත් වන්නේ. මගේ චිත්‍රපටවලින් සමාජ ප්‍රශ්න මම කතා කරන්න කැමතියි. ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘සැඟවෙන කිරිල්ලියෝ’, ‘රුහිරේ’, ‘පියාඹන්න ආයෙත්’ යන චිත්‍රපටවලත් තිබෙන්නේ ඒ ගුණයමයි. ෂර්ලි සමරසිංහ, නජිනි දික්ඕවිට යන අලුත් නිර්මාණකරුවන් ඉදිරියේදී මම සිනමාවට හඳුන්වා දෙනවා. මේ වනවිට මම චිත්‍රපට අටකුත් ‘තුත්තිරි’ හා ‘ක්‍රයිම් සීන්’ නමින් ටෙලිනාට්‍ය දෙකකුත් නිර්මාණය කර තිබෙනවා. කලාව නිසා මම අද ජීවිතය ජයගෙන තිබෙනවා.


සිනමාවට ඔබ අලුත් අධ්‍යක්‍ෂවරු හඳුන්වා දෙනවා. විශාල මුදලක් වියදම් කරන කර්මාන්තයකදී මේ අවදානම ගන්න බය නැද්ද?
අලුත් අධ්‍යක්‍ෂවරු අපේ සිනමාවට අද අවශ්‍යයි. ගොඩක් නිෂ්පාදකවරු ඒ අවදානම ගන්න බය වුණාට මම එහෙම බය නැහැ. ගොඩාක් නිෂ්පාදකවරු චිත්‍රපටයට මුදල් යොදවා පසෙකට වී සිටිනවා. එහෙත් මම එහෙම නැහැ. හොඳ නිෂ්පාදන සැලසුමක් මට තිබෙනවා. බොහෝ විට චිත්‍රපටයේ කතාව, තිර රචනය මගේ. මම අධ්‍යක්‍ෂවරයා පිටුපසම සිටිමින් ඔහුට සහාය දක්වනවා. අනවශ්‍ය වියදම් මම චිත්‍රපටයට කරන්නේ නැහැ. සමහරු කෙටි චිත්‍රපටයක් කළ පමණින් චිත්‍රපට කරන්න පුළුවන් යැයි සිතනවා. මගේ චිත්‍රපටවලින් මම අධ්‍යක්‍ෂවරු වගේම අලුත් නළු නිළියොත් හඳුන්වා දෙනවා. පරණ අයට වඩා අලුත් අය එක්ක වැඩ කිරීම ඇත්තටම ලේසියි. ඒ අය නිෂ්පාදකවරු අමාරුවේ දාන්නෙ නැහැ. සමහරු චිත්‍රපටකරණයට එන්නෙම බිස්නස් එකක් කරන්න බලාගෙන.


සිනමාව ඇතුළු සියලුම කලා මාධ්‍යය ලෝකයේ දැන් වෙනස්කම්වලට භාජන වෙමින් යනවා. ඒ වෙනස ලංකාවටත් අවශ්‍යයි නේද?
අන්තර්ජාලය හරහා චිත්‍රපට බලන විශාල පිරිසක් සිටිනවා. ඒ වෙනුවෙන් මමත් Lanka Flifex හා D සිනමා නමින් වැඩපිළිවෙළ දෙකක් ආරම්භ කළා. මේ හරහා චිත්‍රපට සිය ගණනක් මාසෙකට නැරඹීමට ප්‍රේක්‍ෂකයාට හැකියාව ලැබෙනවා. මේ සඳහා ප්‍රේක්‍ෂකයන්ගෙනුත් හොඳ ප්‍රතිචාර තිබෙනවා. කොරෝනා නිසා සිනමා ශාලාවලට යා නොහැකි ප්‍රේක්‍ෂකයන්ට මෙය හොඳ අවස්ථාවක්. සිනමාවේ හැඩය ලෝකයට සාපේක්‍ෂව වෙනස්විය යුතුයි. ඒ වගේම සිනමාව තාක්‍ෂණිකවත් වෙනස් විය යුතුයි. ලංකාවේ චිත්‍රපට සංස්ථාව තවම ඒ වෙනසට මුහුණ දෙන්න සූදානම් නැහැ. එහෙම වෙනස් වුණා නම් සිනමා ශාලා ඇරෙනකන් කට ඇරගෙන බලාගෙන ඉන්න ඕන නැහැ. රජය පනතක් මගින් දැන් තිබෙන යල් පැන ගිය නීති වෙනස් කළ යුතුයි. චිත්‍රපටයක් විදියට සංස්ථාව පිළිගන්න නම් ඒ චිත්‍රපටය එක දිනක් හෝ සිනමා ශාලාවක පෙන්විය යුතු යැයි නීතියක් තිබෙනවා. ඒවා වෙනස් කර අන්තර්ජාලයේ චිත්‍රපට පෙන්වීමත් සංස්ථාව පිළිගන්නවා නම් අපට දැනට තිබෙන පෝළිම අවසන් කළ හැකියි.


සිනමාවේ අර්බුදය අපි හැමදාම කතා කරන දෙයක්. කුමන පාලකයෝ බලයට ආවත් මේවාට විසඳුම් නැත්තේ ඇයි?
ඒක අපේ රටේ කලාකරුවන්ගේ තිබෙන අවාසනාව. ලංකාවේ මෙහෙම වුණාට ඉන්දියාව, ඇමරිකාව වගේ රටවල චිත්‍රපට පෝළිම් නැහැ. සිනමාව, නව තාක්‍ෂණය පිළිබඳ දැනුම තිබෙන පුද්ගලයන් සංස්ථාවට තේරී පත්විය යුතුයි. අපි තේරුම් නොගත් දේ තමයි සිනමාව කියන්නේ සංස්කෘතික අංගයක් පමණක් නොවෙයි කියන එක. මේක කර්මාන්තයක්. සංස්කෘතිය, කලාව රටක ගොඩනැඟී තිබෙන්නේ හොඳ ආර්ථිකයක් තිබෙනවා නම් පමණයි. ආර්ථිකයට අතිරික්තයක් ඇති වුණාම තමයි කලාවට ආයෝජනය සඳහා නිෂ්පාදකවරු පෙළඹෙන්නේ. 70, 80 දශකවල හොඳ සිනමා ප්‍රබෝධයක් තිබුණේ ඒ යුගයට සාපේක්‍ෂවයි. කලාවේ තිබෙන අර්බුදය පාලක පක්‍ෂය තේරුම් නොගන්නා තාක් කල් මේ අර්බුදය මේ විදියටම පවතිනවා.


ඔබ ටෙලි නිර්මාණ දෙකක් නිෂ්පාදනය කළත් ඔබේ වැඩි කැමැත්ත සිනමාවට නේද?
ඇත්තටම කිවුවොත් සිනමාවේ මාෆියාවක් නැහැ. ටෙලි නාට්‍යය කලාවේ මාෆියාවක් තිබෙනවා. කොටසකට ගාණක් පගාව විදියට දීලා ටෙලිනාට්‍ය විකාශය කරගන්න මම කැමති නැහැ. ටෙලිනාට්‍යය කලාව අල්ලස මගින් එක දිගට එක පිරිසක් අල්ලගෙන. මම ටෙලිනාට්‍යවලින් බැහැර වුණේ මට එහෙම කරන්න බැරි නිසා. සමහරු කියනවා චිත්‍රපට ප්‍රදර්ශනය කරන්න අමාරුයි කියලා. මට එහෙම එකක් නැහැ. ප්‍රදර්ශන මණ්ඩල වුණත් තමන්ට දුවා ගන්න පුළුවන් චිත්‍රපටයක් විතරයි ප්‍රදර්ශනයට එකඟ වෙන්නේ. සමහරු වෙළඳපොළ තේරුම් ගන්නේ නැතුව තමන්ගේ දුක කියන්න චිත්‍රපට හදනවා. හොඳ චිත්‍රපටයක් හැදුවොත් ඒ ගැටලුව කවදාවත් ඇති වෙන්නේ නැහැ.


චිත්‍රපටයකට ලක්‍ෂ 100-200 වියදම් කරද්දී ඔබ ‘ලෝ බජට් ෆිල්ම්’ කිරීම සමහරුන්ගේ දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා නේද?
මගේ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයට ලක්‍ෂ 100ක් වියදම් කළා. ඒක මම දළ සේයා පටවලින් කළේ. ඒ සල්ලි අද ඉතුරුයි. එදාට වඩා හොඳ කැමරා අද තිබෙනවා. ලොකු මිලක් නැහැ. එදා අපි DTS කරන්න ඉන්දියාවට යනවා. අද ඒ සියලු පහසුකම් අපේ ආයතනයේම තියෙනවා. සමහරු ෆිල්ම් එකට ලොකු වියදම් කියන්නේ හොරකම් කරන්නත් බලාගෙන. මේ හැමදේටම වැඩිය වටින්නේ චිත්‍රපටයේ තේමාව. ඒ වගේම චිත්‍රපටයකට මාර්කටින් උපරිමයෙන් තිබිය යුතුයි. චිත්‍රපටයකට යොදවන මුදල නැවත උපයා ගැනීමට හැකි විය යුතුයි. චිත්‍රපටයකට යන වියදම චිත්‍රපටයේ ඇතුළේ පෙනිය යුතුයි. කළමනාකරණ දුර්වලතා තිබුණොත් හොඳ චිත්‍රපටයක් කරන්න බැහැ.


කොරෝනා අන් කවරදාකටත් වඩා ලාංකීය සිනමාව පහළට ඇද දමා තිබෙනවා. අධ්‍යක්‍ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?
කොරෝනා කියන්නේ සිංහල සිනමාවට දීපු අවවාදයක්. අපි සිනමාව විදියට පරිණාමය විය යුතු තැන අපූරුවට පෙන්වා දී තිබෙනවා. සංස්ථාව තේරුම් ගන්න ඕනේ නිකන් බෝඩ් ලෑල්ලකට සීමා වෙන්නේ නැතුව සිනමාව නඟාසිටුවන්න කළ යුත්තේ කුමක් ද කියලා. චිත්‍රපට ප්‍රදර්ශනයේ තිබෙන නව ප්‍රවණතා සංස්ථාව තේරුම් ගත යුතුයි. මේක තේරුම් නොගන්නා තාක් කල් අපට රටක් විදියට ගොඩ ඒමක් නැහැ. ලාංකීය සිනමාවේ නව අදියරකට යා යුතු කාලය දැන් එළඹී තිබෙනවා.

 

(*** සංවාද සටහන  - අමිල චින්තක ගමගේ)



අදහස් (1)

සිනමාවේ හැඩය වෙනස්විය යුතුයි

විජේ Friday, 27 August 2021 05:27 PM

අදහස හොදයි

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 661 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 321 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 116 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4219 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12645 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 679 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38255 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site