IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සෙනසුරු මාරුව ඔබට රටට කොහොමද ?

DL_20170126_A027

 

2014 නොවැම්බර් මස 02 ඉරිදා රාත්‍රී 9.05ට අඟහරුට අයත් වෘශ්චික රාශියට සංක්‍රමණය වූ සෙනසුරු ග්‍රහයා 2017 ජනවාරි මස 26 බ්‍රහස්පතින්දා දින රාත්‍රී 9.19ට වෘශ්චික රාශිය හැර දමා බ්‍රහස්පති අධිපතිත්වය දරන ධනු රාශියට සංක්‍රමණය වේ. සෙනසුරු ග්‍රහයා ධනු රාශියට සමවේ. සාමාන්‍යයෙන් සෙනසුරු ග්‍රහයා රාශියෙන් රාශියට මාරු වන්නේ අවුරුදු 2 1/2ක් ගතවීමෙනි. එහෙත් 2014 නොවැම්බර් මස 02 දිනෙන් පසුව සෙනසුරු ග්‍රහයා මෙවර වර්ෂ 02 මාස 02 දින 24කට පසුව ධනු රාශියට සංක්‍රමණය වේ. ඊට හේතු සාධක වනුයේ ග්‍රහයා සංක්‍රමණය කිරීමේදී වක්‍රවීම හා නිවෘතවීම නිසාය.

බ්‍රහස්පති ග්‍රහයාට ප්‍රමාණයෙන් දෙවැනි වන ඉතාමත් හෙමින් ගමන් කරන ග්‍රහයා සෙනසුරු වේ. ජ්‍යොතිර් විද්‍යාවේදී සෙනසුරු ග්‍රහයා හඳුන්වනු ලබන නම් බොහෝය. ශනි, මන්ද, කෝණ, යම, ක්‍රිෂ්ණ, ජායාසුමාත්, කරනද, කන්‍ය, ආර්කි, සූර්ය පුත්‍ර, අර්ක පුත්‍ර අසිත, පශු, ශනයිශ්වර, සෞරි, කාල, නිලි, දීර්ඝ, ජීවනකාර ආදි වශයෙනි. වයස්ගත මහල්ලෙකු, මෙහෙකරුවෙකු ලෙස සලකන සෙනසුරු ග්‍රහයා දිළිඳුකම, දුකට අධිපතිකම, බලාපොරොත්තු අහිමිවීම, තම කටයුතු කරගෙන යාමේදී බාධා, චිත්ත ධෛර්යය අහෝසිවීම, යම් යම් රෝග හටගැනීම, ශරීරය කෙට්ටුවීම, දුර්වර්ණවීම ආදි අපල රාශියක් ඇති කරයි. එසේ අපල ඇති කරනුයේ සෙනසුරු ග්‍රහයා කේන්ද්‍රයක ඒ ඒ රාශිවල පිහිටා ඇති ආකාරය අනුවයි. තවද සුබ අසුබ වෙනස තීරණය වන්නේ ඒ ඒ රාශිවල අදාළ ග්‍රහයා සිටින නැකත හා නැකැත් පාද අනුවයි. එමෙන්ම කේන්ද්‍රස්ථාන (1, 4, 7, 10) ත්‍රිකෝණ ස්ථාන (1, 5, (9)-2, 6, ,10) - 3, (7), 11- (4) 8, 12( දෘෂ්ඨ බලය ග්‍රහයා සිටින අංශක ප්‍රමාණය, පාප පීඩිතවීම, සුබකර්තරී වීම ආදිය හේතුපාදක වීමෙන් සුබ අසුබ පල අඩුවැඩි වේ.


සෙනසුරු ග්‍රහයා උච්චව හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් කේන්ද්‍රස්ථානයක තැන්පත් වූ විට පංච මහා පුරුෂ යෝගවලින් එකක් වන සස යෝගය උදාකරයි. මෙම සස යෝගය තුළින් අධිකාරි තනතුරක් හිමිවීමේ වාසනාව උදාවේ. රටකට, ප්‍රාන්තයකට, නගරයකට ඉහළ තනතුරක් ලැබීමේ භාග්‍යයකට හිමිකම ඇත. පුංචි පවුලකින් නැගී සිටිය මෙම රටේ ජනාධිපති තනතුරට පත්වූ ආර්. ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ සස යෝගය යෙදී තිබුණි.


කේන්ද්‍රයක සෙනසුරු ග්‍රහයා බලවත්ව සිටිය කල එම කේන්දරය හිමියා ඕනෑම කාර්යයකදී ඇප කැපවී ක්‍රියා කරයි. ඕනෑම දුකක් කරදරයක් විඳ ගනිමින් සිට තම අරමුණු හා අපේක්ෂා සාක්ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙයි. සියලුම වාත රෝග මෙන්ම කකුල්වලට බාධා ඇති කිරීම සඳහා බලපාන ග්‍රහයා සෙනසුරුවේ. ශරීරයේ බර ඉසිලීම සඳහා විශාලතම කාර්යයක නියැලෙන දණහිස් සෙනසුරුගේ ඉන්ද්‍රියයක් වේ. කාමභෝගී පැත්තෙන් ඈත්ව පැවිදි ජීවිතයට නැඹුරුතාවක් දක්වන්නේ ද සෙනසුරුගේ බපෑම මතය. රැකියා පදවි තානාන්තර ලැබීමේදී සෙනසුරු ග්‍රහයා දෙනු ලබන බලය ඉතා ඉහළ වේ. පොදු ජනතාව මෙන්ම කම්කරු ජනයා නියෝජනය සෙනසුරු විසින් කරනු ලබයි.


පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් සෙනසුරු ග්‍රහයාට අයිති නැකැත්වේ. මහ දශා කාල සීමාව අවුරුදු 19කි.


ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ දැනට දසවන භාවයේ සෙනසුරු ගමන් කරයි. 26 වැනි දිනයේ සිට එකොළොස්වැනි භාවය හෙවත් අයස්ථානයට සංක්‍රමණය වේ. ලග්නයේ සිකුරු සහ කේතු ග්‍රහයන් දෙදෙනාය. දෙවැන්නේ එනම් ධනස්ථානයේ අඟහරු ග්‍රහයාය. හත්වැන්නේ ඡායා ග්‍රහයෙක් වන රාහුවේ. අටවන භාවයේ බ්‍රහස්පති ග්‍රහයාය. එකොළොස්වන භාවයේ සෙනසුරු, බුධ හා සඳු ත්‍රිග්‍රහ සංයෝගයකි. දොළොස් වැන්නේ එනම් වැය ස්ථානයේ රවි ග්‍රහයාය. සාමාන්‍ය වශයෙන් රටට එතරම් අසුබ තත්ත්වයක් නොමැත. අවුරුද්ද ආරම්භයේදී රජයට අවාසිදායක වන අසුබ අභියෝගවලට මුහුණ දීමට සිදුවේ. ලග්නයේ සිකුරු, පාප ග්‍රහයකු වන කේතු ග්‍රහයාගෙන් පීඩාවිඳී. තවද දෙවැන්නේ අඟහරුගෙන් සහ දොළොස්වැන්නේ රවිගෙන් පාප පීඩිතවී ඇත. සිකුරු හත්වැනි භාවයට රාහුට දෘෂ්ඨිගතවන හෙයින් හවුල් ව්‍යාපාර, විවාහ අවුල් ඇතිවේ. සැප පහසුව අඩු කරයි. ප්‍රේම සම්බන්ධතා ද අවුල් කරයි. ස්වාභාවික විපත් ඇතිවේ. තද නියඟයකින් අනතුරුව ගංවතුරෙන් පීඩා ඇතිවේ. ගැටුම් හා ප්‍රශ්න අතර මහජන උද්ඝෝෂණ මෙන්ම මහජන කැලඹිලි දැකගත හැකිය. විදේශ රටවලින් යම් යම් සහන ලැබේ.


සෙනසුරුගේ ධනු රාශිගතවීම ඒ ඒ ලග්නවලට බලපාන පලාඵල පහත සඳහන් පරිදි වේ. ඉක්මන් ගමනක යෙදෙන සඳු ග්‍රහයා එක රාශියක ගත කරන කාලය දින 2 1/4 පමණ වන හෙයින් පලාපල කතනයේදී එය විශේෂ අවධානයට ගත් යුතු වේ.

 

මේෂ1


වැය පක්ෂය අධිකයි 
රාහු පස්වැන්නේය. සතුරු මුඪ හෙයින් දරුවන්ට සුබ නැත. පවුල් සමගියට බාධා ඇති කරයි. සිකුරු හා කේතු ග්‍රහයන් ගේ දෘෂ්ඨිය අනුව අධ්‍යාපනය කරන ළමයින් සඳහා අසුබ ඵල උදාකරයි. ගැහැනු දරුවන් ලබයි. සයවැන්නේ බ්‍රහස්පති ග්‍රහයා සතුරුවේ. ලෙඩ රෝග පහසුවෙන් බෝකරයි. නැන්දලා මාමාලාගෙන් උදව් උපකාර ලැබීමට වාසනාව ඇතිවුවද එයට බාධා හටගනී. අඟහරුගේ දෘෂ්ඨිය අනුව සුබ ප්‍රතිඵල දක්නට නොලැබේ. භාග්‍ය ස්ථානයේ සෙනසුරු හා බුධ සංයෝගයකි. එහිදී වාසනාව උදාකරයි. එහෙත් රැකියා ප්‍රශ්න හටගනී. ඒරාෂ්ඨකය මග හැරේ. පෙර පින් නිසා හදිසි ධන ලාභයක් ඇතිවේ.

 

2වෘෂභ


දේපල ගැටලු පැන නගී
සිකුරු හා කේතුගේ දෘෂ්ඨිය හතරවැන්නටය. ඉඩකඩම්, දේපල ප්‍රශ්නවලට මුහුණපායි. මුල් ස්ථානයෙන් හෝ ගමෙන් පිටකරයි. නැදෑයන්ගෙන් ඈත්වෙයි. දිගුකල් ජීවත්වීමට බාධා ඇති කරයි. බ්‍රහස්පති ත්‍රිකෝණ රාශි ගතවුවද කන්‍යා රාශියේ වන හෙයින් සුබදායක තත්ත්වය අඩු කරයි. එහි ගුරු සතුරුවේ. ජීවන ප්‍රේම සබඳතා අවුල් කරයි. අෂ්ඨම ඒරාෂ්ඨකයකි. කල්පනාකරීව කටයුතු කළ යුතුවේ. අවුරුදු 2 1/2කට අධික ඒරාෂ්ඨක තත්ත්වය සුබ තත්ත්වයට ළඟා කර ගැනීම සඳහා සෙනසුරු වෙනුවෙන් වත්පිළිවෙත් කළ යුතුය. බලාපොරොත්තු ඉටු නොවේ.

 


3මිථුන


පවුල් ප්‍රශ්න හටගනී
රාහු තුන්වැන්නේය. රාහු තුන්වැන්නට බලවත් වුවද සතුරු මුඛ තත්ත්වයක නිසා වස්තුව අඩු කෙරේ. සහෝදරයන් අඩුය. බාල සහෝදරයන් මියයන්ට පුළුවන. විවාහ ස්ථානයේ බුධ සහ සෙනසුරුවේ. හවුල් ව්‍යාපාර බිඳ වැටේ. පාපකාරී ලෙස බ්‍රහස්පති හතරවැන්නේය. පවුලේ ප්‍රශ්න ඇති කරයි. යෝගකාරක සිකුරු, සෙනසුරු හා බුධ වේ. මෙම දශාවලදී අපල අඩු කෙරේ. බුධ වක්‍රවේ. සෙනසුරු සංයෝගය මත අවහිරතා නැතිවේ. අධ්‍යාපනයට යහපත්ය. ගෘහ ජීවිතය ගැන සැලකිලිමත් විය යුතුය. කලත්‍රයාට අපල ගෙනදෙයි.

 


4කටක


තරග විභාග සම්මුඛ පරීක්ෂණවලට සුදුසුයි
ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වයක් නිසා ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. යෝග කාරක අඟහරු නමවැන්නේය. එනම් පුණ්‍ය ස්ථානයේය. රාහු දෙවැන්නේය. තැන්පත් ධනය ක්ෂය වේ. වස්තුව හානි කරයි. තියුණු වචන භාවිතා කරයි. පහසුවෙන් රෝග බෝ කරයි. කටක ලග්නයට සෙනසුරු සතුරුවේ. හත්වැන්නේ සහ අටවැන්නේ රාශීවල අධිපති සෙනසුරු ග්‍රහයාය. විවාහක අයට සුබඵල අඩුකරයි. සිකුරු මහදශාව හෝ අන්තර් දශා හිමි අයට අසුබ ඵල උදාකරයි. අඟහරු මහ දශා හා අතුරු දශා ගෙවන අයට සුබ පල ගෙන දෙයි. උපචය ස්ථානයක් වන හයවැන්නේ සෙනසුරු බුධ සමගයි. කල් පවතින රෝග වැළඳීමේ ස්වභාවයක් ඇත. කෘෂිකර්මයෙන් දියුණුවට පත්වේ.

 


5සිංහ 


නිවාස තැනීම සම්පූර්ණ කරයි
ලග්නාධිපති රවි සඳු සමග හයවැන්නේය. බුධ හා සෙනසුරු පස්වැන්නේය. බාධක ග්‍රහයා අඟහරුය. ආයුෂ ස්ථානයේ එනම් අටවැන්නේ අඟහරු ගෝචර වී ඇත. දරුවන් අඩු කරයි. අඟහරු මහ දශාව හෝ අනර්තර් දශා ගතකරන අයට සුබ ඵල අඩු කරයි. පාපකාරී අසුබ ග්‍රහ පිහිටීම් තිබෙන අයට කවදා හෝ දරුණු හදිසි අනතුරුවලට මුහුණ පෑමට සිදුවේ. ශල්‍යකර්මවලට ලක්විය හැකිය. තමන්ගේ ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති කරගැනීමෙන් පීඩා මගහරවා ගත හැකිය.

 


6කන්‍යා


ඉඩකඩම් දේපල හිමිවීමට වාසනාව 
ලග්නාධිපති බුධ ග්‍රහයා සෙනසුරු සමග සංයෝගව හතරවැන්නේය. සාමාන්‍ය අපල තත්ත්වයක් ඇති කළත් බුධ, සිකුරු මහා දහා හා අන්තර් දශාවලදී සුබ ඵල උදා කරයි. බ්‍රහස්පති මහ දශා අතුරු දශාවලදී පීඩාකාරී තදබල අපල ගෙන දේ. ලග්න භාවයේ බ්‍රහස්පති ග්‍රහයා සිටියේ වී නමුදු දෝෂ බංගවීමක් ඇතිනොකෙරේ. අඟහරු ග්‍රහයා මිත්‍රව හත්වැන්නේ ගෝචරවීම නිසා පවුල් සංස්ථාවේ මතභේද ඇති නොකරයි. අඩු වයසෙන් විවාහ දිවියට ඇතුළත්වීමට ඉඩකඩ ඇතිවේ. හවුල් කටයුතුවලට බාධා ඇති කරයි.

 


7තුලා


සතුරන් ජයගනී  
ලග්නාධිපති සිකුරු, කේතු සමග පස්වැන්නේ ගෝචර වී ඇත. සෙනසුරු, බුධ සමග තුන්වැන්නේය. සඳුගේ පිහිටීම මත සුබ අසුබ ඵල උදාකරයි. සෙනසුරු, සඳු, බුධ මහ දශා හා අන්තර් දශාවලදී සෙනසුරු ගේ අසුබ තත්ත්වය මගහැර සුබදායක තත්ත්වයක් උදාවේ. රවි මහ දශා අතුරු දශා ඉතාමත් අහිතකරය. අසුබදායක කාලයකට මුහුණදීමට සිදුවේ. අඟහරු හයවැන්නට බලවත් නිසා සතුරන් පරාජය කිරීමට ශක්තිය ඇත.

 


8වෘශ්චික


රහස් අසනීප 
ලග්නාධිපති කුජ පස්වැන්නේය. සෙනසුරු හා බුධ දෙවැන්නේය. රවි, චන්ද්‍ර තුන්වැන්නේය. සිකුරු හා කේතු හතර වැන්නේය. රාහු දසවැන්නේය. බ්‍රහස්පති එකොළොස් වැන්නේය. ඉගෙනීම අතරමග කඩා කප්පල් කර ගැනීමට ඉඩ තිබේ. 
සඳු හා රවි මහ දශා අතුරු දශාවලදී සුබ ඵල උදාකරයි. ජයග්‍රහණ ඇති කරයි. එමෙන්ම සමහර කාලසීමා තුළදී සඳු මහ දශා අතුරු දශාවලදී සුබඵල අහෝසිකර දුක් පීඩා ඇති කෙරේ. තැන්පත් ධනය වැය වේ. පැවැති ඒරාෂ්ඨකයෙන් ඉතිරිව ඇති අවුරුදු 2 1/2 කාලය තුළදී මෙම ධනය වැයවීම අධිකවේ.

 


9ධනු


ශරීර සෞඛ්‍යයට අහිතකරයි
තනිව වාසය ප්‍රිය කරයි. සෙනසුරු ග්‍රහයා බුධ සමග ලග්නගතය. රවි, සඳු දෙවැන්නේය. සිකුරු කේතු තෙවැන්නේය. අඟහරු හතර වැන්නේය. රාහු නවවැන්නේය. ලග්නාධිපති බ්‍රහස්පති කේන්ද්‍ර ස්ථානයක් වන දසවැන්නේය. මෙම ලග්න හිමියන්ට ඒරාෂ්ඨක තත්ත්වයක් උදාවී ඇත. අඟහරු, රවි හා බුධ මහ දශා අතුරු දශාවලදී සුබ පල උදාකරන අතර බුධ පාපකාරී වී සිටින කේන්ද්‍ර හිමියන්ට අසුබ ඵල ගෙන දෙයි. ඇවිදිලි අධිකය. විදේශගතවීමට බලාපොරොත්තුව සිටින අයගේ අදහස් ඉටුවේ. ශරීර සෞඛ්‍යයට අහිතකර තත්ත්වය අඩු නොවේ. විදේශ රටකට යාමේ අවස්ථාව උදාවේ.

 


10මකර


නඩු හබවලට පැටලේ
දණහිස්, කලවා ප්‍රදේශවල කල් පවතින රෝග සාදයි. සතුරන් රහසේ විරුද්ධකම්වල යෙදී කටයුතු කරයි. ලග්නයෙන් දොළොස්වැන්නේ සෙනසුරු ගෝචර නිසා ඒරාෂ්ඨකයක් උදාවී ඇත. රවි, සඳු ලග්නගතය. සිකුරු හා කේතු ධනස්ථානයේය. අඟහරු තුන් වැනි භාවයේය. රාහු ග්‍රහයා භාග්‍ය ස්ථානයේය. උෂ්ණ රෝග ඇති කෙරේ. ඊට හේතු පාදක වනුයේ රාහු අටවැන්නේ ගෝචරවීමයි. තවද අරමුණක් නැතිව ඇවිද්දවයි. සිකුරු මහ දහා අතුරු දශාවලදී සුබඵල ගෙනදෙයි. අඟහරු මහ දශා අතුරු දශාවලදී අපල ගෙන දෙන නිසා පරෙස්සම් මැනවි. අඟහරු තුන්වැන්නට බලවත් වුවද අඟහරු බාධක ග්‍රහයා හෙයින් එම බලය බිඳ වැටේ. සෙනසුරු ග්‍රහයා තමාට හිමි කුම්භ රාශියට වඩා මකර රාශියට බලවත්වේ.

 


11කුම්භ


අහිතකර තත්ත්වයක් තිබුණද සුබ ඵල ගෙනදෙයි
කෙසේ හෝ මුදල් ඉපයීමට දක්ෂය. එසේම වියදම් කිරීමේදී ගණන් හිලව් බැලීමක් කරන්නේ නැත. ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා බුද සමග එකළොස්වැන්නේය. අඟහරු දෙවැනි භාවයේය. ලග්නගතව සිකුරු හා කේතු සංයෝගයකි. රවි, චන්ද්‍ර දොළොස්වැන්නේය. රාහු කලත්‍ර ස්ථානය වන හත්වැනි භාවයේය. බ්‍රහස්පති ආයුෂ ස්ථානයේය. යෝගකාරක සිකුරු ලග්නගතව කේතුගෙන් පීඩාවීම නිසා යහපත් තත්ත්වය හීන වේ. සෙනසුරු එකොළොස් වැන්නේ නිසා ආර්ථික වාසි ලැබිය හැකිය. ස්වයං රැකියා ආරම්භ කිරීම මැනවි.

 


12මීන


රැකියා ප්‍රශ්න
ලග්නාධිපති බ්‍රහස්පති ග්‍රහයා කලත්‍ර ස්ථානය හෙවත් හත්වැනි භාවයේය. අඟහරු ලග්නගතය. සිකුරු, කේතුගෙන් පීඩාවට පත්වී වැය ස්ථානය වන දෙළොස්වැන්නේය. රවි, චන්ද්‍ර එකොළොස්වැන්නේය. සෙනසුරු සහ බුධ දහවැන්නේය. බ්‍රහස්පති ග්‍රහයා හත්වැන්නේය. රාහු රෝග ස්ථානය වන හයවැන්නේය. අඟහරු පළමු භාවයේ වීම තුළින් කේන්ද්‍ර හිමියා ධෛර්යවත් පුද්ගලයෙක් වේ. සටන්කාමීය. හැම විටෙකදී ඉදිරියටම යයි. සිකුරු කේතුගෙන් පීඩා විඳීම තුළ අකටයුතුකම් කිරීමට පෙළඹේ. වම් ඇසේ ආබාධ ඇතිවීමට හැකිය. ස්ත්‍රී ඇසුර, මත්පැන්, සූදු ආදියට ප්‍රිය කරයි.

m



අදහස් (0)

සෙනසුරු මාරුව ඔබට රටට කොහොමද ?

තේෂාන් Friday, 27 January 2017 06:44 AM

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම සුරකින්නේය. (ම)

:       0       0

යෝනක Thursday, 26 January 2017 04:10 PM

මේවා ගැනම හිත හිතා වැඩකළොත් අපි කොටඋඩ තමයි

:       0       0

ධම්ම Friday, 27 January 2017 10:09 AM

මේ කියන දේවල්වලට අනුකූලව ජීවත්වී ජ්‍යෝතිෂවේදීන් ද ජීවත් කරවන්න. එය ලොකු පිනකි. (හේ)

:       0       0

ඈන් Saturday, 28 January 2017 07:00 AM

ජ්‍යෝතිෂය මම සළකන්නේ විෂයයක් විදියට. එහි යම්කිසි ප්‍රමාණයක ඇත්තක් තියෙනවා. මට කේන්දරයක් තියෙනවා. ගිය අවුරුද්දේ (2016) මුලදී සහ සිංහල අවුරුද්දට ලංකාවේ පත්තරවල ගිය පලාපල කොම්පියුටර් එකේ සේව් කරලා තිබුනා. මේ අවුරුද්දේ මුලදී ඒවා ආපහු බැලුවා. ඔක්කොම බොරු. හිනා ගියා මගේ ලග්නයට ඒවයේ ‍ කියලා තිබුන ඒවා දැක්කම. (නි)

:       0       0

පෙරේරා Friday, 27 January 2017 04:57 PM

දැන්නම් රටටම සෙනසුරු ලබලා තමයි ඉන්නේ (නි)

:       0       0

සරසි Saturday, 28 January 2017 01:07 PM

මේ කියන ඔක්කොම අදහන්න ගියොත් උදේ වැසිකිළියට යන්නත් නැකත් බලන්න වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 579 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 56 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 166 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 206 1

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 145 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 215 1

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38818 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25484 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1006 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 353 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site