2024 වසර සඳහා වන අයවැය යෝජනා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. සුපුරුදු පරිදි ඒ සම්බන්ධයෙන් ප්‍රශංසා මෙන්ම විවේචන ඉදිරිපත් වෙමින් තිබේ. ඕනෑම දෙයක් තම තමන් දරන දේශපාලන මතවාද වලට අනුව විග්‍රහ කිරීම ජාතික සිරිතක්ව වර නැගෙන හෙයින් ඒ සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කර ගත යුතුද නැත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඉදිරිපත් කළ අයවැය යෝජනා අතර ප්‍රමුඛ අවධානයක් දිනාගත් යෝජනාවක් වන්නේ රජයේ සියලු සේවකයන්ට දැනට ගෙවන රුපියල් 7800ක ජීවන වියදම් දීමනාව ලබන වසරේ ජනවාරි මස සිට රුපියල් 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි කෙරෙන බව සඳහන්ව තිබීමය. කවර පැතිමානයකින් බැලුවද එය ඉතා යහපත් යෝජනාවකි.
වෘත්තීය සමිති ඉල්ලා සිටියේ රුපියල් 20000කින් වැටුප වැඩි කරන ලෙසය. රජයේ සේවකයා මුහුණ දී සිටින ආර්ථික පිපාසය එම ඉල්ලීමෙන් පැහැදිලිය.
එහෙත් ජනාධිපතිවරයාම ප්‍රකාශ කළ පරිදි එම ඉල්ලීම ඉටු කිරීමට තරම් මෙරට ආර්ථිකය සවිමත් නැත. එම පරිසරය තුළ රුපියල් 10,000කින් හෝ ජීවන වියදම් දීමනා වැඩි කිරීම රජයේ සේවකයා ලැබූ ජයග්‍රහණයකි.
මෙහිදී අවධානය යොමු කළ යුතු අනෙක් කේෂ්ත්‍රය වනුයේ පෞද්ගලික අංශයේ සේවකයාය. රාජ්‍ය සේවකයන් සිටින්නේ ලක්ෂ 15කි. පෞද්ගලික අංශයේ සේවකයන් ගණන ලක්ෂ 65කි. මෙම ලක්ෂ 65ක් වූ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ ජීවන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතුය.
කොවිඩ් මාරක වසංතය හා ඒ පසුපසින් පැමිණි ආර්ථික අර්බුදය පෞද්ගලික අංශයට දරුණු ලෙස බලපෑවේය. බොහෝ ආයතන වසා දැමුණි. දහසක් දුෂ්කරතා මැද පවත්වාගෙන යන පෞද්ගලික අංශයේ ආයතන වැඩි ගණනක සේවකයන්ගේ වැටුප් බොහෝ කාලයකින් වැඩිවී නැත. ආදායම එසේ වැඩි නොවුණද වියදම හත් අට ගුණයකින් ඉහළ ගොස් තිබේ. පොදුවේ මුළු මහත් ජනයාට දැනෙන ආර්ථික පීඩනය පෞද්ගලික අංශයේ සේවකයාටද දැනේ.
එසේම රටේ පවතින ආර්ථික වාතාවරණය මත පෞද්ගලික අංශයේ බොහෝ ආයතන දුවන්නේද බොහෝ අමාරුවෙනි.
රට හමුවේ ඇති ආර්ථික අර්බුදය හමුවේ පෞද්ගලික අංශය නඩත්තු වන්නේද ඉතා අසීරුවෙනි. විදුලිය බිල එක් උදාහරණයකි. කොටින්ම කියතොත් පෞද්ගලික අංශය ගමන් කරමින් සිටින්නේ වැල් පාලමක් මතිනි. එහෙයින් රජයේ මැදිහත්විමකින් තොරව පෞද්ගලික අංශයේ සේවකයාට සහනයක් ලබාදිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
බඩු මිල අඩු කළ නොහැක. කළ හැකි වන්නේ ජනතාවගේ ආදායම ඉහළ නැංවීම බව මෙයට පෙර කළ ප්‍රකාශයකි. එසේ නම් රජය කළ යුත්තේ ජනතාවගේ ආදායම ඉහළ නංවන ව්‍යාපෘති වේගයෙන් ක්‍රියාත්මක කිරීමය. එමෙන්ම සෑම පාර්ශවයකින්ම චෝදනා නැගෙන අසාධාරණ හා අසීමිත බදු ඉවත් කළ යුතුය.
ආකාර්යක්ෂම හා දූෂිත බලධාරීන් නිසා කඩා වැටුණ රාජ්‍ය ආයතනවල නඩත්තු බර ජනතාවගේ කර මත නොපැටවිය යුතුය. එහෙත් දැන් සිදුවෙමින් තිබෙන්නේ එයය. එම සැහැසි ඉරණම වෙනස් විය යුතුය. මුළු රටේම ජනයාට දැනෙන සහනයක් ලැබෙනු ඇත්තේ එමගින් පමණි.
(***)
පළාත් පාලන ආයතන 227ක මන්ත්‍රීවරුන්ගේ නිල කාලය ලබන ජූනි 2වැනිදා ආරම්භ වනු ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න
ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප
ඩිජිටල් තාක්‍ෂණය අද වන විට අප සියලු දෙනාගේ එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය කරුණක් වී ඇත. සමහරකුට එය තම ජීවිතයේ ම අංගයක් වී අවසානය. අද වන විට ලෝක ජනගහනය ආසන්න
සමහරු අතුරුදන් ය. සමහරු හිරගෙදර සිය ජීවිතයේ අවසාන කාලය ගත කරමින් සිටිති. සාමාන්‍යයෙන් පාතාල නායකයන් සැඟවුණු ජීවිත ගත කරන්නේ ඔවුන්ට තිබෙන ජීවිත අවදානම
2025 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කෙරුණු මෙම අවස්ථාවේ රටේ පවත්නා පොදු ආර්ථික තත්වයත් රාජ්‍ය මූල්‍ය තත්වයත් සම්බන්ධයෙන් ජනතාව තුළ යම් අවබෝධයක් තිබීම අවශ්
ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
සෑම ජන කොටසකම ප්‍රශ්න ගැන බලන්න ඕනෑ