IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා

බාල වයස්කාර දරුවන්ගේ ලිංගික දර්ශන ඇතුළත් අසභ්‍ය වීඩියෝ දර්ශන මුදලට විකුණූ බව කියන හිමිනමක හා ඊට ආධාර අනුබල දුන් බව කියන කුලී රථ රියදුරකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය පිළිබඳ පුවත නොබෝදා අප පුවත්පතේ පළවූයේය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් තම සේවාදායකයන් කර ඇති වැරදි සම්බන්ධයෙන් වරද පිළිගැනීමට සූදානම් බව සඳහන් කළ වගද එම පුවතේම දැක්වේ.

මෙම පුවත කාරණා කීපයක් නිසා ම මෙරට පුරවැසියා තුළ ඉමහත් කම්පනයක් ඇති කරනු ලබයි. වඩාත්ම සිත සසල කරන කාරණය නම් මෙම නිර්ලජ්ජිත ජාවාරමට අවුරුදු පහෙන් පහළ ළදරුවන්ගේ දර්ශන ගාවා ගැනීමයි. සමාජ ශෝධනයේ වගකීම කර මත ඇති පූජ්‍ය පක්ෂයේ අයකු මෙවන් සමාජ දූෂණ ක්‍රියාවන්ට පෙළඹීම සිත් කම්පා කරන දෙවැනි කාරණයයි.

සමාජ සක්‍රියතාවටත්, ඵලදායීතාවටත් ඉවහල් කරගත හැකි වට්ස් ඇප් වැනි නවීන සමාජ සන්නිවේදන ක්‍රම, මෙවන් පහත් ව්‍යාපාරවලට ඉවහල් කරගෙන මුදලට ඇති කෑදරකම විදහාපෑම තවත් අවාසනාවකි. මේ උසස් තාක්ෂණික සන්නිවේදනය ජාතියේ දියුණුවට ඉවහල් කරගත  යුතු කාලයක් විනා පිරිහීමට ඉවහල් කරගත යුතු කාලයක් නොවේ.

රටේ බිඳවැටී ඇති ආර්ථිකය රට තුළ නිෂ්පාදනය වැඩි කිරීමෙන් හා අපනයනය වැඩි කිරීමෙන් යළි කවදා හෝ යථා තත්ත්වයට පත්කර ගත හැකිය. එහෙත් කුඩා දරුවන්ගේ දර්ශන මුදලට විකිණීමට තරම් හා සිය ලිංගික ආශාවන් තෘප්ත කරගැනීම උදෙසා ඒවා මිලට ගැනීමට තරම් අාධ්‍යාත්මික අතින් පහතට වැටී ඇති මිනිස් ප්‍රජාවකගේ අාධ්‍යාත්මය කවදා කෙසේ නම් ගොඩගත හැකිදැයි සිතාගත නොහැකි තරම් ය.

අයෙක් බුද්ධ ශාසනය තුළ පැවිදි බව ලබාගත යුත්තේ සමාජ සත්වයාගේ අාධ්‍යාත්මය නොහැදියාවෙන් මුදා සාධනීය තත්ත්වයට පරිවර්තනය කොට තමන් ද අාධ්‍යාත්මික විමුක්තිය ලබන්නටය. දැන් වැටත් නියරත් කිරිවදින ගොයම කෑදර සිතින් භක්ෂණය කරනු දිස්වේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තිය යටතේ ළමයින්ගේ අසභ්‍ය දර්ශන වීඩියෝ පට ඡායාරූප බෙදාහැරීම අසභ්‍ය ප්‍රකාශන පනත යටතේ වරදකි. එවැනි නිරුවත් ඡායාරූප නිල් චිත්‍රපට හෝ වීඩියෝ දර්ශන තව කෙනකු සමග බෙදාගැනීම එම නීතිය යටතේ වරදක් වේ. මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවස්ථා කිහිපයකදීම පැහැදිලි කර තිබේ.

මෙවන් අසභ්‍ය දර්ශන මිලට ගෙන සිතත් කයත් තෘප්ත කර ගැනීමට හුරු වූ සමාජයක් යහමගට ගැනීම නීතියෙන් පමණක් කළ නොහැක්කකි. ඒ සඳහා සමාජ කතිකාවක් හා එකඟතාවක් අවශ්‍ය වේ. මෙවැනි සමාජ උවදුරු දුරලීමේ දී රටේ අධ්‍යාපනයට විශාල කාර්යභාරයක් පැවරෙයි. අධ්‍යාපනය ඔස්සේ යහපත් ගති පැවතුම් සමාජ ප්‍රගමනයට ඉවහල් වන බව අවබෝධ කර දිය යුතුය.

මෙවැනි පහත් ගණයේ පෙළඹීම් බොහෝවිට නිරීක්ෂණය කළ හැකි වන්නේ නිකරුණේ කාලය කා දමන මිනිස් සමාජය තුළයි. එම නිසා රටේ ප්‍රජාව ඵලදායි ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත කරවීම මෙවැනි සමාජ උවදුරු දුරලීම සඳහා බෙහෙවින් උපකාරී වේ.

පූජක පක්ෂයේ අයකු මෙවැනි සමාජ දූෂණ ක්‍රියාවක නිරත වූ විට සාමාන්‍යයෙන් සිදු වන්නේ ඔහු චීවරධාරියකු බවට නම් කොට ඇඟ බේරා ගැනීමයි. එහෙත් පැහැදිලි සමාජ ගැටලුවක් මෙතැන පවතී. ජනයා පූජනීයත්වයේ ලා වඳින පුදන චීවරයත් විහාරස්ථානයත් මෙහිදී අවභාවිතයට ලක් කොට තිබේ. (එම හිමිනම වැඩ වසන විහාරස්ථානය පවා එම පුවතේ දැක්වේ).

සමාජ දූෂණයට චීවරයත් විහාරස්ථානයත් හවුල් නොවෙතැයි ජනතාව තුළ පවතින අචල විශ්වාසයම මෙහිදී අවභාවිතයට ලක් කොට පහත් ක්‍රියා සඳහා එම පූජනීයත්වය තුළ පවතින ආරක්ෂාව සිය වාසියට හරවාගෙන ඇත.

 

(***)



අදහස් (0)

සමාජ විරෝධී ක්‍රියාවලට දරුවන් යොදාගන්න එපා

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අනුරගේ ගමන්මග
2024 සැප්තැම්බර් මස 23 401 0

දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබ


ජනපතිවරණ ජනමත කැඩපත
2024 සැප්තැම්බර් මස 23 105 0

2024 ජනාධිපතිවරණය ඉතාමත්ම උණුසුම් මෙන්ම තරගකාරීත්වය අතින් ඉහළම ජනාධිපතිවරණයක් වශයෙන් හඳුනාගත හැකිය. මෙකී ජනාධිපතිවරණයට පසුබිම සැකසෙන්නේ රට ආර්ථික වශ


ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 700 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1215 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 1132 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 228 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22002 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21796 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 175 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site