IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


සැමදා මහ රෑ රුවන්වැලි සෑයට අහසින් එන ආලෝකය දෙවියන් ද?

 26_RASA_P3  

 

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වැඩ වසන තැන අපට සැවැත්පුරේ දෙව්රම් වෙහෙර හා සමානය. ඒ උතුම් බුද්ධ වන්දනාවට සියලු දෙවියෝ අහසින් වඩින්නාහ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී මධ්‍යම රාත්‍රියේ දීප්තිමත් ආලෝකයක් විහිදුවාගෙන පැමිණි දෙවිවරුන් පිළිබඳ කතා විවිධ සූත්‍ර, දේශනා ආදිය පිරික්සා බැලීමේදී පෙනේ.


දෙවියන් මහත් සේ ප්‍රිය වූ මහා සමය සූත්‍රය එදා බුදුරජාණන් වහන්සේ දඹදිව සිට දේශනා කරද්දී මුළු අහස් කුසම දෙවියන්ගෙන් පිරී ගිය බව කියැවේ. ඒ දේව සභාව කොතෙක්ද යත් ඇතැම් දෙවියන්ට ලක්දිව රුහුණු රටේ අහස් කුස තෙක් පැමිණ මහා සමය සූත්‍රය අසන්නට සිදුවුණු බව පුරාණ අටුවා කතාවක සඳහන් වේ. දෙවියෝ ඒ තරම්ම බුදුරජාණන් වහන්සේට කැමැති වූහ. බුද්ධ දේශනාවට කැමැති වූහ.


එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ දෙවියන්ට මේ වසර දෙදහස් පන්සීය හරියට දවසක් දෙකක් මෙනි. ඒ දෙවියෝම බුදුරජාණන් වහන්සේ ජීවමානව වන්ව වැඩ හිඳින රුවන්වැලි මහ සෑ රදුන් අදත් නමදින්නාහ.


නිතිපතා මැදියම් රැයේ, අලුයම ස්වර්ණමාලී සෑ රුදුන් වෙත අහසින් එන ආලෝකයක් අනුරාධපුරේ වෙසෙන බොහෝ ජනයා දැක තිබේ. විශේෂයෙන් පූජා නගරයේ වෙසෙන අය රතු හා නිල් පාට විශාල ආලෝක කදම්බයක් රුවන්වැලි සෑය වෙත ඇදී යනු දැක තිබේ. පූජා නගරය හරහා රුවන්වැලිසෑය වෙත ගොස් අතුරුදන් වන මේ ආලෝක ධාරාවන් මොනවාද?

 

5


බෞද්ධ සාහිත්‍යයට අනුව දෙවියන් සාමාන්‍ය ඇසට යොමුවන්නේ ආලෝක ධාරා පරිද්දෙනි. ආලෝක ධාරාවක් ලෙස එන දෙවියන් කවුද යන්න නිශ්චිතව දැකිය හැක්කේ විශේෂ වූ ඥාන බල ලැබූ කෙනෙකුටය.


ඊට උදාහරණයක් ද මෙහි තබමි. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවු සැරියුත් තෙරණුවෝ පිරිනිවීමට ආසන්න වූහ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන පිරිනිවීම සඳහා තම උපන් ගමෙහි වූ තිඹිරි ගෙය වෙත වැඩම කළහ. සැරියුත් මහ රහතන් වහන්සේ මහාරහත් භාවයට පත්ව සිටියත් උන්වහනසේගේ මව වූ සාරිපුත්ත බැමිණිය මිථ්‍යා දෘෂ්ටික කාන්තාවක් වූවාය. ඇය සාරිපුත්ත හිමියන් දෙස ශෝකයෙන් බලා උන්නාය. මැදියම් රැය පුරාම මහත් වූ ආලෝකයන් සැරියුත් හිමියන් සමීපයට එන්නේය. මොහොතකින් අතුරුදන් වී යන්නේය. දීප්තිමත් වූ මේ නොයෙක් වර්ණ ඇති ආලෝක ධාරා මොනවාද? ඇය තම පුත්‍රයා වෙතට ළං වී විමසා සිටියාය.

 59
-පුතේ... දැන් ඒ ආපු ආලෝකය කුමක් ද?”


-මෑණියනි... ඒ පැමිණියේ සතරවරම් දෙවිවරු...”


-පුතාට නමස්කාර කරන්න ආවේ සතරවරම් දෙවිවරු ද? මගේ පුතා සතරවරම් දෙවියන්ටත් වඩා ඉහළයි ද?” ඇය බොහෝ කල්පනා කළාය.


-මෑණියනි, මේ දෙවිවරු හරියට සාමනේර හාමුදුරු නමකගෙ පාත්‍රය අරන් යන ඇබිත්තයන් වගේ. තවත් මොහොතකින් වඩාත් දීප්තිමත් ආලෝකයක් සැරියුත් මහ රහතන් වහන්සේ වෙතැ ළඟා විය.


-පුතේ... පෙරටත් වඩා විශාල ආලෝකයක්... ඒ කවුද?”


-මෑණියනි... ඒ දෙදෙවුලොවට අධිපති ශක්‍ර දෙවියන්”


-මගේ පුතා ශක්‍ර දෙවියන්ටත් වඩා ශ්‍රේෂ්ඨයි. උතුම්” සාරි බැමිණිය එදාම මිථ්‍යා දෘෂ්ටියෙන් මිදී සම්‍යක් දාෂ්ටියට පැමිණි බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වේ.


අප මේ කතාව උදාහරණයක් කොට ගත්තේ දෙවියන් අපේ සාමාන්‍ය ඇසට යොමුවන්නේ -අලෝක ධාරාවක් ආකාරයෙන් බව පෙන්වීමටය. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු වැඩ හිඳින රුවන්වැලි සෑය සතරවරම් දෙවිවරු සතර දෙසින් සිට ආරක්ෂා කරන ශක්‍ර දෙවියන් නිතර වන්දනාමාන කරන තැනක් බවට කිසිදු සැකයක් නැත.


නිතිපතා රාත්‍රී යාමයේ ස්වර්ණමාලි සෑයට ඇදෙන නිල්-රතු-කහ-තැඹිලි ආදී ආලෝක කදම්බ මේ දේව ආලෝකයක් බව අපට හැඟේ. මේ ආලෝක ඇසින් දුටු අනුරාධපුරයේ කාන්තාවක් අපට කීවේ මෙවැනි කතාවකි.


“-පාන්දර 3.00ට විතර ඇති. මම කඬේ ඉඳලා එළියට බැස්සා. සාමාන්‍යයෙන් උස ගහක මට්ටමින් රතුම රතු පාට එළියක් රුවන්වැලි සෑය දිහාවට එනවා. ඒ එළිය ආවේ අභයගිරිය පැත්තෙ ඉඳලා. තරමක් අඩු වේගයකින් ආවේ. අපේ කඬේ තිබුණෙ රුවන්වැලිසෑය ළඟමයි. ටිකින් ටික ළං වෙන මේ රතුපාට එළියට මම බය වුණා. මම ඉක්මනට කඬේ ඇතුළට ගිහින් ජනේලය ඇරලා ඒ දිහා බලා හිටියා. ඒ ආලෝකය ගියේ රුවන්වැලි සෑයට. ඊට පසු නොපෙනී ගියා. මුලදි මම මේ රතු එළියට බය වුණත් පසුව මට තේරුණා” මේ තමයි දේවතා එළි කියන්නේ කියලා. විශේෂයෙන් රුවන්වැලි සෑයේ මහා පින්කම් පවතින දවසට මෙවැනි ආලෝක ධාරා වැඩි බවක් ඇතැම් දෙනා පවසති. මහ සෑයේ පින්කම්වලට දෙවි දේවතාවුන් ද ආශිර්වාද කරන බව බොහෝ අය විශ්වාස කරති.


මාමිණියාවේ ඉලංගසිංහ මහතා අපට මේ සියලු කතා අතරේ වෙනස් පැත්තක් මතු කළේය.


-මහත්තයො... ඔය විවිධ ආගමික උත්සවවලට සහභාගි වුණ සමහරු පිටරටදි තෙරපිලා මිය ගියා වගේ කතා අපට ආරංචි වෙනවනෙ. අනුරාධපුරේ ඇතැම් පින්කම් කාලවලට ලක්ෂ ගාණක් සෙනඟ මහා සෑයේ ඇතුළු වෙන තැන කූඹි ගුලක් වගේ පේන්නේ. මළුවත් එහෙමයි. ලක්ෂ ගාණක් මහ සෑයේ සලපතල මළුවට පිරුණත් කවදාවත් තෙරපීමක් වෙලා කෙනෙක් තුවාල වෙලාවත් නෑ. අහලා තියෙනවද? නිදහසේ වැඳ පුදාගෙන එන්න පුළුවන්. මේවාත් ආශ්චර්යමත් දේවල්. දෙවියන් වැඩ හිඳින තැන්වල අවාසනාවන්ත දේවල් සිදුවෙන්නේ නෑ. මහ සෑ භුමිය වගේම ශ්‍රී මහා බෝධිය අසලත් එහෙමයි. මේ තැන් වැඳ පුදා ගන්න අයට මහ සෑ පිහිට මහ බෝ පිහිට පමණක් නෙවෙයි. සම්‍යක් දෘෂ්ටික දේව පිහිටත් නොමඳව ලැබෙනවා. හැබැයි පිළිවෙතින් සැරසිලා හරියට ඒ වැඩ කරන්න ඕනෙ.

 

5454

 


පිච්චමල් පූජාව දවසට රුවන්වැලි සෑයෙහි ෂඞ් වර්ණ බුද්ධ රශ්මි විහිදීම බොහෝ දෙනා දුටු ආශ්චර්යමත් දර්ශනයකි. ඒ දුටු සැදැහැතියන් කියන හැටියට සැන්දෑ කාලයේ සේම රාත්‍රියේත් මහ සෑයේ කොත ප්‍රදේශයේ ෂඞ් වර්ණ බුද්ධ රශ්මි ආලෝක කදම්බ වළල්ලක් ආකාරයට නිතර දක්නට ලැබේ. ඒ බුද්ධ ආශ්චර්යක් ද? යන්න පිළිබඳව අපට නැවත සිතන්නට සිදුවේ. පිච්චමල් පූජාව ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජාවක් මෙනි. එය සැදැහැතියන් ලක්ෂ ගාණක් ඒකරාශී වී පිරිසිදු සිතින්ම කරන කටයුත්තකි. එවැනි මහා පින්කමක දී බුද්ධ රශ්මි මාලාවක් විහිදෙනු දැකීම දේව ආශ්චර්යකට වඩා බුද්ධ ප්‍රාතිහාර්යයක් ද යන්න අප ගැඹුරින් අවබෝධ කරගත යුතුය. එයට උදාහරණයක් ලෙස කතාවක් ලියමි.


මේ ගෞතම සම්බුද්ධ ශාසනය පන්දහසක් කල් ගෙවී යාමෙන් නිමා වෙන බවත් එදාට මහ සෑ බිමේ බුද්ධ රූපයක් මැවී ප්‍රාතිහාර්ය පාන බවත් අපි පසුගිය සතියේ සටහන් කළෙමු. ඒ හැර මහා සෑ බිමේ බුද්ධ ප්‍රාතිහාර්ය නොවේද? ද්‍රෝණයක් සර්වඥ ධාතු ඇති තැනක බුද්ධ ප්‍රාතිහාර්ය විය නොහැකිද? අතීතයේ මහ සෑ බිමේ එවැනි බුද්ධ ප්‍රාතිහාර්යයක් සිදුවූ අවස්ථාව අපේ ඉතිහාස කතාවල සඳහන් වී තිබේ.


ස්වර්ණමාලී චෛත්‍යයෙහි තැන්පත් කිරීමට ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා ලැබුණේ අනන්ත නම් නා රජුන්ගේ නාග විමානයෙනි. මේ සර්වඥ ධාතු නා ලොව සිට වැඩම කරවූයේ සෝනුත්තර නම් දොළොස් වියැති සාමණේර හාමුදුරුවෝය.


සෝනුත්තර හාමුදුරුවෝ, ද්‍රෝණයක් සර්වඥ ධාතු දුටුගැමුණු රජතුමා අතට පත් කළ අවස්ථාවේ එම ධාතුන් අහසට පැන නැගී බුද්ධ රූපය මැවී ෂඞ් වර්ණ බුද්ධ රශ්මි ජාලා විහිදුවමින් පෙළහර පෑ බව කියැවේ. එදා දෙවියන්ද, මිනිසුන් ද අපමණ සන්තෝෂයෙන් සාදුකාර දුන්නාහ. ඒ සාදු හඬ මධ්‍යයේ ද්‍රෝණයක් ධාතු මහ සෑයේ තැන්පත් කළ බවත් කියැවේ. එතැන් පටන් මහ සෑ බිමේ බුද්ධ රශ්මි ධාරාවක් විහිදෙනවා යන්න බුද්ධ ප්‍රාතිහාර්ය අවස්ථාවක් හැටියට ගැනීම වරදක් නැත. ඇතැම් විට ඒ බුද්ධ රශ්මි මධ්‍යයේ බුද්ධ රූපය වුව මැවී තිබෙන්නට පිළිවන.


පිච්චමල් පූජාව වැනි අසිරිමත් පින්කම් දිනවල මහ බෝධිය හා මහ සෑය අබියස පෙනෙන බුද්ධ රශ්මි ජාලාවන් සමහරු හිරු එළියේ කිරණහි ප්‍රතිඵලයක් යැයි කියති. එය එසේ නම් ඒ කිරණ ජාලා ඉර එළිය පවතින ඕනෑම මොහොතක ඕනෑම තැනක දැකිය හැකි විය යුතුය. නමුත් එකම තැනක එකම ආකාරයට විවිධ තැන්වල සිටින අයට එකම වේලාවක මහ බෝ අසලදීත්, මහ සෑ අසලදීත් පෙනෙන ෂඞ් වර්ණ රශ්මි ජාලය හිරු එළියේ ප්‍රතිඵලයක් යැයි කීම සාධාරණ නැත. එයට හේතුව අපේ පියවි ඇසට පෙනෙන යම් ප්‍රාතිහාර්යයක් විද්‍යාත්මක පසුබිමකට හෝ සාමාන්‍ය සිදුවීමකට පෙරළා හුවා දැක්වීම නොගැළපෙන බැවිනි.


ඉතිහාසය පුරාම පමණටත් වඩා ආශ්චර්යවත් දේ සිදුවන තැනක යම් ප්‍රාතිහාර්යක් ඇසට පෙනීම සිදුවිය හැක. එය බැහැර නොකළ හැක්කකි.


රුවන්වැලි සෑයේ ධාතු තැන්පත් කිරීම දා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මුළු ලංකාවම මලින් සරසනු ලැබූ බව කියැවේ. මේ අනුව මහ සෑයේ කෙරෙන පින්කම්වලට දෙවියන් ද යම් යම් දායකත්වයන් දෙන බවට අපට සිතේ. දුටුගැමුණු රජතුමාට ස්වර්ණමාලි චෛත්‍යය ඉදි කිරීමේ උවමනාව ඇති වන විට එතුමාට එය කරන්නට තරම් ධනයක් තිබුණේ නැත. රට බේරා එක්සේසත් කිරීමේ සටනට මිනිස්සු උදව් කළ නිසා බදු බර පටවා රුවන්වැලි මහා සෑය කිරීමට ද රජතුමා නොකැමති විය. චෛත්‍ය කර්මාන්තයට දැහැමිව ගඩොල් උපයන්නේ කෙසේදැයි රජතුමා තුන්යම් රෑ මුළුල්ලේම කල්පනා කළේය. රජතුමාගේ පින්වත් සිතිවිල්ල තේරුම් ගත් ශක්‍ර දෙවියන් මේ ගැන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට දැන්විය.


පසුදා අලුයම රුවන්වැලි සෑය කරන්නට ගඩොල් නුවර ආසන්නයේ තැනක විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් මවා දෙනු ලැබීමත් එසේම ස්ථූපය කෙරෙන අතරතුරදීත් චෛත්‍යයේ සතර දොf0රහි ගඩොල් මැවුණු බව සඳහන් වේ. මේ අතර මහා සෑ කර්මාන්තයට රන්, රිදී, තඹ ආකර ද මතු වූ අයුරු පැරණි පොත පතෙහි විස්තර වේ.


ඉබ්බාගමුව, රිදීගම පිහිටි විසල් ගල් ලෙන තුළින් දැවැන්ත රිදී ගොබයක් මහ සෑ කර්මාන්තය වෙනුවෙන් පහළ විය. අද රිදී විහාරය පිහිටා ඇත්තේ මේ බිමෙහිය. මේ කතා අනුව පැහැදිලි වෙන්නේ යහපත් ක්‍රියාවකට දේව ආශිර්වාදය නොමඳව හිමි වන බවයි. ඒ අනුව මහ සෑ බිම වෙනුවෙන් දිවැස් හෙළා සිටින ශක්‍ර දෙවියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට, එබිම වෙන පින්කම් දැනේ... පෙනේ... ඒ අය ද ඒවාට සහභාගි වේ. සහයෝගය දේ.


ස්වර්ණමාලි චෛත්‍යය වෙනුවෙන් පින්කමක් කරන්නට යම් කෙනෙකු සිතෙහි සද් සිතිවිල්ලක් පහළ වුණොත් (තමන්ට ලාභ වාසි ප්‍රයෝජන නැතිව) ඒ සඳහා එක හෙළාම දේව සභාවේ උපකාරය ලැබෙන බව අපට පෙනේ.


රුවන්වැලි සෑය නිර්මාණය දුටුගැමුණු රජතුමා ධනය නැති අවස්ථාවක ආරම්භ කළත් එය උසස් අන්දමින් නිමා වූවා සේ, මහ සෑ රදුන්ට යම් යම් දෙනා කරන පින්කම්වලට දෙවියන් නොසිතන පරිදි උපකාර කරන ආකාරය අරුම නැත.


-මහ සෑයෙ පින්කම” වෙද්දි මල් පිපෙයි ද දන්නෙ නෑ. සල්ලිත් මදි. යන්න සෙනගත් මදි වශයෙන් සිතා පින්කම් පටන් ගත් කිසිවකු පිරිසිදු සිතින් එය කරනවා නම් ඒ කවුරුවත් අමාරුවේ වැටී නැත.


මල් නැති කාලයක් නම් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා හෝ ඉදිරිපත් වී මල් සොයා දෙන්නේය. මල් ඇති තැන් අහම්බෙන් හමුවන අය ඉදිරිපත් වී කියා දෙන්නේය. මේ වැනි කතා රුවන්වැලි සෑයේ පින්කම් කරන බොහෝ අයට සිදු වූ අමුතු පුදුම හිතෙන කතාය.


“කවුද මන්දා වයසක කෙනෙක් ඇවිත් මල් තියෙන තැනක් ගැන කිව්වා. ගිහින් බලද්දි විලේ මල් පිරිලා. ටිකක් කැලෑබද තැනක්. ඕනෑවටත් වඩා මල් තිබුණා. පින්කම් එකකට නොවෙයි, පින්කම් දහයකට මල් එතැන. මල් එච්චර තිබුණෙ කොහොමද කියලා හිතාගන්න බෑ. මලුත් හරිම සුවඳයි.”


මේ අනුරාධපුරයේ සුවිශේෂී පින්කමක් කළ අයකු අපට කී කතාවකි. අනුරාධපුරය පුරා පින්කම සඳහා මල් සෙව්වත් නොලැබුණු ඔහුට වයසක වේශයක් ගෙන පැමිණ මල් ඇති තැන කිවූ පුද්ගලයා කවුද? ඔහු මනුෂ්‍යයෙක් ද? නැත්නම් දේව දූතයෙක් ද?


රුවන්වැලි සෑයේ පින්කම්වලට පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ට පවා දෙවියෝ උදව් කළේ නම් අප වැනි පෘථග්ජනයන්ට දෙවියෝ උදව් නොකරාවි ද?
මහ සෑ වන්දනා පින්කම්වලට මල් සොයා දෙන මෙවැනි අසාමාන්‍ය අය දේව දූතයන් හැටියට අපට විශ්වාස කළ නොහැකි ද?


විශේෂයෙන් මහ සෑයේ පින්කම්වලට දෙවියන් විසින් පහසුකම් සලසන බව ද ඇතැම් දෙනා කියති.


ඒ විස්තර ලබන සතියේ.

m



අදහස් (0)

සැමදා මහ රෑ රුවන්වැලි සෑයට අහසින් එන ආලෝකය දෙවියන් ද?

ගීතාංජලී Friday, 01 April 2016 04:43 PM

සත්‍යවාදී දහම බුදුදහමයි. සාදු සාදු සාදු !!! (නි)

:       0       0

චාමර Wednesday, 20 April 2016 03:05 AM

දෙවියන් පවා වඳින මේ පුදබිමට අප කෙසේ ගෞරව කළයුතුද සිතන්න පින්වතුනි (නි)

:       0       0

ලංකා Saturday, 23 April 2016 03:43 AM

ඉතාමත්ම සාර්ථක ලිපියක් (නි)

:       0       0

ආනන්ද පලිපාන Wednesday, 27 April 2016 04:37 AM

සමාවෙන්න මේ පැනය අැසීමෙන් කා ගේ හෝ හිත රිදුනානම්. මේ ඔක්කොම දේව කතා අතීතයේ සිදුවීම්, වර්තමානයේ සිදුවෙච්ච දේව සිදුවීම් මම අහල නැහැ, බොහෝ දේ උපකල්පන පමණි (බ)

:       0       0

රසිකා Thursday, 01 December 2016 10:09 PM

මේ පින්බිම ජීවමාන බුදුන් සිටිනා හා සමානයි (නි)

:       0       0

ජයසිරි Sunday, 03 April 2016 03:37 PM

දයානි, මම හරි කැමති ඒ සිදුවීම දැනගන්න. ලියන්න අකමැති නම් ප්‍රසිද්ධියේ කමක් නැහැ නොලිවුවට. මම මිරිසවැටියේ ළඟ දැකපු ගොඩක් දේවල් තියෙනවා. ඒවත් හරීම පුදුම අත්දැකීම්. සැමට බුදු සරණයි! (නි)

:       0       0

අමිත Monday, 04 April 2016 06:16 AM

සුවිශේෂ සිද්දියක් ඉදිරිපත් කර, වටිනා තොරතුරු හුවමාරු කර ගැනීමට කදිම අවස්ථාවක් ලංකාදීපය උදා කිරීම ගැන ස්තුතිය. මෙවැනි ආලෝක සැකයකින් තොරව දේවතා එළි නොහොත් දෙවියන්ට උරුම ආලෝක ධාරාවන් ලෙස පිළිගැනීම නිවැරදිය. නලින් ද සිල්වා, මහින්ද පාතගම වැනි විදේශ වලින් පවා ගෞරව සම්මාන ලබා ඇති මහාචාර්ය වරුන්ගේ, විශ්වයේ යථාර්ථය සම්බන්ධ දේශන අන්තර්ජාලය හරහා අසා දැනුවත් විය හැකිය .(බ)

:       0       0

චින්තන Monday, 04 April 2016 06:42 AM

මම නම් කියන්නේ දේවතා එළි වලට වඩා එහා දෙයක්. (ම)

:       0       0

ලංකා Wednesday, 13 April 2016 09:10 AM

මෙසේ දෙවිවරු ගැන ඇති කතා ඔප්පු කරන්න සාධක තිබෙනවද? (නි)

:       0       0

අංජුල Thursday, 28 April 2016 09:53 AM

මම හැම අවුරුද්දකම මගේ නිවාඩුවට ලංකාවට ඇවිල්ලා ඉස්සෙල්ලම යන්නේ ශ්‍රී මහා බොඩිය වදින්නි රුවන් වැලි මහා සෑය වදින්න. මම ඇත්තටම ඒක මගේ හිතෙන්ම ඇතිවෙලා තිබෙන භක්තියක්. මම කරන්නේ රියදුරු රැකියවක් අඩු ගානේ එකම දවසක මට වගේම මගේ අතින් එක සීරිමක තරම්වත් අනතුරක් වෙලා නැහැ, ඒ විතරක් නෙමෙයි පොලිසියෙන් එක දඩ කොලයක් දීලා නැහැ. මොකද මම මේ තැන දැක වදින එක කරන්නේ මගේ හදවතින්ම. (ර)

:       0       0

ආලෝක Saturday, 02 April 2016 04:21 AM

ඇතැම් මහේශාඛ්‍ය දෙවියන්ගේ රශ්මි මාලාව සමහරවිට සමහර මිනිසුන්ට පවා දර්ශනය වෙනවා. ඇතැවිට ඔවුන් වටා තිබෙන ශක්ති කදම්බ මෙසේ දර්ශනය වනවා වියහැකියි. මේ දෙවිවරු අටමස්ථාන, දොළොස්මස්ථාන, දළදාව වඳින්න නිතරම එන බව අසා තිබෙනවා. ඒ එන සැමවිටම මෙසේ රශ්මි කදම්බ විහිදෙනවා නම් අසා නැත. (නි)

:       0       0

දයානි Sunday, 03 April 2016 01:00 AM

මාද නිතර පින්කම් කරන කෙනෙක් නිසා මා ලබා ඇති අත්දැකීම් අපමණය. මේක තමා බුදුදහමේ අසිරිය. මේ ළඟදිත් පින්කමක් කරන්න හිතනකොටම අසිරිමත් සිදුවීමක් වුණා. මේ අසිරිය වචන වලින් කිවනොහැක. මට තාමත් බුදුන්වහන්සේ ජීවමානයි. (නි)

:       0       0

ආලෝක. Friday, 22 April 2016 11:31 AM

ලංකා , පරීක්ෂණාගාරයක් තුළ විද්‍යාත්මකයයි කියන ක්‍රමවේදයක් නැත. තම තම පින් අනුවම අවබෝධ කළ යුතුමය. (බ)

:       0       0

දිනුෂ Monday, 30 May 2016 11:09 AM

බුදුන්ගේ දහමේ අසිරිමත් බව තියන්නේ උන් වහන්සේ දේශනා කල ධර්මය තුලින් පමණයි . (ර)

:       0       0

ලනිත් Wednesday, 20 April 2016 02:11 AM

ඉතා අගනා ලිපියක්

:       0       0

සුදේශ් Wednesday, 20 April 2016 02:17 AM

පිටසක්වල ජීවීන් එනකොටත් ආලෝකය දිස්වෙනවා නේද? දෙවියන් එනකොටත් ආලෝකය දිස්වෙනවා කියලා කියනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 325 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 952 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1432 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 225 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 441 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 610 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site