IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සමන් පියසිරිගේ නවාතැනට හමුදාව කඩා පනියි

   3 5

 

විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පසු පළමුවැනි දේශපාලන මණ්ඩලය රැුස් වුණේ සමන් පියසිරි ප‍්‍රනාන්දුගේ නායකත්වයෙනි. ඒ රත්නපුර හිදැල්ලනට කිට්ටුව පණුකරාපිටියේ පිහිටි ගුණරත්න සහෝදරයාගේ ගෙදරය. මේ නිවස ජ.වි.පෙ. විසින් කුලී පදනම මත මිලට ගත්තක් විය. එහි විශාල කොටස ගුණරත්නට හිමි වූ අතර ගෙහිමියෝ ඒ නිවසේ වෙනම කොටසක පදිංචිව හුන්හ.
එහි ස්ථීර පදිංචිකාරයන් ලෙස සිටියේ ගුණරත්න, බිරිඳ, දරු දෙදෙනා සහ තවත් සහෝදරයෙක් හා සහෝදරියකි. 

 

 

ජ.වි.පෙ.හි සන්නද්ධ බලය මෙහෙය වූ සමන් පියසිරිට, ගුණරත්නගේ ගෙදර හිතට අල්ලා තිබිණි. විජේවීරගේ මරණයෙන් පසු පක්ෂය ගොඩ නැගීමේ වගකීමේ මුල් පියවරේ නායකත්වය ඔහු ලබා දුන් බව පසු දේශපාලන මණ්ඩල රැුස්වීම අනුව පෙනේ.


ඒ අනුව 1989 අග භාගයේ ළඟ ළඟම තවත් දේශපාලන මණ්ඩල රැුස්වීමක් සමන් පියසිරි ලෑස්ති කළේය. ඒ සඳහා පක්ෂයේ නිල නොවන නායකත්වයට තෝරා ගනිමින් සිටි ශාන්ත බණ්ඩාරව ගෙන්වා ගැනීමේ උවමනාව අත්‍යවශ්‍ය වී තිබිණි. එහෙත් මොකක් හෝ හේතුවක් නිසා දෙවැනි වර ඉලක්කය ද වැරදිනි. කෙසේ වෙතත් ශාන්ත නැතිව දෙවැනි වර දේශපාලන බල මණ්ඩලය රැස් විය.

 

2


‘‘දෙවැනි දේශපාලන බල මණ්ඩලය රැුස්වුණෙත් පණුකරාපිටිය මගේ ගෙදරට. එදා සමන් පියසිරි, උපාලි ජයවීර, ලලිත් විජේරත්න, සිරිදාස සහෝදරවරු ආවා. ඊට අමතරව තංගරාජා කියන සහෝදරයාට වෙනම කැඳවීමක් කරලා තිබුණා. තංගරාජා දේශපාලන මණ්ඩලයට සහභාගි වුණේ නෑ. ඔහු එළියෙ හිටියා. සාකච්ඡුාවලින් පසු තංගරාජාට දිය යුතු දැනුම් දීම් ටික පමණක් වෙනම කළා. කොහොම හරි දවස් දෙකක් මේ සාකච්ඡුා තිබුණා. එදා දේශපාලන මණ්ඩලයට බාහිරින් කෙනෙක් ඇතුළු වුණා නම් ඒ මම විතරයි. මම ගියෙත් තේ සහ ආහාරපාන අරන්. ඒ අවස්ථාවල මට ඇහුණු දේවල් ගොඩක් තියෙනවා...” ගුණරත්න මහතා කියයි.


දෙවැනි දේශපාලන මණ්ඩල රැුස්වීමේදී අලූතින් ප‍්‍රදේශ භාර දීමක් වුණා. ඒ අනුව රත්නපුර, කළුතර, කොළඹ දිස්ත‍්‍රික්කවල භාරකාරත්වය පැවරුණේ ලලිත් විජේරත්න සහෝදරයාට. මහනුවර, නුවරඑළිය ඇතුළු මධ්‍යම පළාතේ නායකත්වය උපාලි ජයවීර සහෝදරයාට. ත‍්‍රි’මල, අනුරාධපුර, පොලොන්නරු දිස්ත‍්‍රික්කවල භාරකාරත්වය පැවරුණේ සිරිදාස සහෝදරයාට. මේ සියලූ තීරණ ශාන්ත බණ්ඩාරගෙ දැනුවත්වීම මත සිදු වූ ඒවා. ඒ වගේම සමන් සහෝදරයාට විශාල උනන්දුවක් තිබුණා ආපසු දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව ශක්තිමත් කරන්න. ඒ සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සහෝදරයන් සමන් හෙව්වා.

19_PAGE_6_T

විජේවීර දේශපාලන බළ මණ්ඩල රැස්වීමේදී..

 


දෙවැනි දේශපාලන මණ්ඩලය ද, සමන් පියසිරි මට කතා කළා. මගේ බඩට අතින් තට්ටුවක් දාලා, ‘‘සහෝදරයා, ගිහින් ආතර් අයියයි, පියතිලකයි හම්බ වෙන්න. ඒ දෙන්නට කියන්න විජේවීර සහෝදරයා, ගමනායක සහෝදරයා නැති වුණාට පක්ෂයේ වැඩ කිසිවක් වෙනස් කරලා නෑ. ඒවා පරණ විදිහටම සිදුවෙනවා කියලා. දුර්වල වෙන්න එපා කියලා කිව්ව බව...”


ආතර් හා පියතිලක යනු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට වනගත පුහුණු කඳවුරු පැවැත් වූ ප‍්‍රධානීන් දෙදෙනෙකි. ලංකාවේ කොහි හෝ ප‍්‍රදේශයක වනගත පුහුණු කඳවුරක් සකස් කරන්නේ නම් ඔවූහු පළමුව වනයට වැද ඊට සුදුසුම තැන තෝරා දෙති. මේ දෙදෙනා අතරට තවත් පුද්ගලයෙක් ඇත. ඔහු ”වනරාජා”ය. විජේවීර සහෝදරයා තංගල්ලේ සිට රහසේ වනගත කොට හම්බෙගමුවට ගෙන්වා ගත්තේ ඔහුය. හම්බෙගමුවේ කොටයක් උඩ පිරිස වාඩි වී ගත් ඡුායාරූපයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, ඊෂ්වරගේ ආරියසේන (විජේවීරගේ ප‍්‍රධාන ආරක්ෂකයා), පියසේන රාමනායක අතර වනරාජා ද සිටී. ගුණරත්න කියන හැටියට ඔහුගේ දෙපා අලියකුගේ පාද තරම් ගොරහැඩිය. ඔහු තිස්සමහාරාමයෙන් කැලයට ගියොත් ආපසු උඩවලවින් මතුවේ. ආපසු එතැනින් සිංහරාජයට පනියි. ඒ තරම් වනගත ජීවිතය ගැන මනා දැනුමැත්තෙකි.

 

1

වනාන්තරය මැදදී ජවිපෙ සාමාජිකයන් හමුවූ විජේවීර

 


අප කතා නායක ගුණරත්න විසින් පසු දිනෙක ආතර් අයියා සහ පියතිලක හමු වී සමන් පියසිරි දුන් පණිවුඩය ලබා දුන්නේය.


‘‘දෙවැනි දේශපාලන මණ්ඩලයේ දී එක සහෝදරයෙක් තමන් ලියා ගත් ලිපි ලේඛන අමතක වීමකින් දමා ගිහින් තිබුණා. එහි තිබුණා, 1971 සිට ජ.වි.පෙ.ට සම්බන්ධව සිටින සහෝදරවරු කිසිදු සන්නද්ධ ක‍්‍රියාදාමයකට පක්ෂය යළිත් මුදා නොහැරිය යුතු බව.


ඒ වගේම එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම්වලට විරුද්ධව උතුරේ වැඩ කිරීම සඳහා වෙනත් දෙමළ සංවිධානයක් සමඟ සාකච්ඡුා කළ යුතු බව. ඒ අනුව ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය සමඟ සාකච්ඡුා ඉක්මන් කිරීමට තීන්දුවක් ගෙන තිබුණා...’’


දෙවැනි දේශපාලන මණ්ඩලය පැවැත්වෙන දා ? 8.00 රූපවාහිනී ප‍්‍රවෘත්ති අහන්නට සමන් පියසිරිත්, ලලිත් විජේරත්නත්, සිරිදාසත්, උපාලිත් ගෙයි සාලයට පැමිණියහ. ඒ වෙලාවේ ආණ්ඩුව බලාපොරොත්තුවෙන් සිටින ජ.වි.පෙ.හි සාමාජිකයන් කීප පොළකගේ මුහුණු තිරයේ ප‍්‍රදර්ශනය කෙරිණි.


ශාන්ත බණ්ඩාරගේ මුහුණ ප‍්‍රදර්ශනය විය. ඊළඟට සමන් පියසිරිය. සමන්ගේ පින්තූරය පෙන්වන විට ඔහු හිමින් සීරුවේ ගෙදර අනෙක් අය දෙස බැලීය. ගුණරත්න සිය බිරිඳ හා ගෙදර නැවතී සිටි අනෙක් සහෝදරයා සහ සහෝදරිය දෙස බැලූවේය. ඒ කිසිවෙක් සමන්ව හඳුනා නොගත් බවට ඉඟියක් ගුණරත්න සමන්ට පළ කළේය.


”සමන්ගෙ ඒ දාපු ෆොටෝ එක හුඟාක් පරණ එකක්. ෆොටෝ එකේ හැටියට එයා කෙට්ටුයි. නමුත් 1989 අගදි සමන් පියසිරි ඊට වඩා මුහුණ මහත පුෂ්ඨිමත් කෙනෙක්. ඒ නිසා තමයි ඔහුව හඳුනා ගන්න බැරි වුණේ. ඊළඟට ගාමිණී විජේගුණරත්නගේ ෆොටෝ එක දැම්මා. කවුරුත් නිශ්ශබ්දව බලා හිටියා.

සෝමවංශගෙ පින්තූරෙ දාද්දි කීප දෙනෙක් හිනාවුණා. ඒක මටත් ප‍්‍රශ්නයක්. මොකද දේශපාලන මණ්ඩලේ අභ්‍යන්තර විස්තර අපි දන්නේ නෑනේ. සිරි අයියාට හිනා වුණු කාරණය දැන ගන්න මට අවශ්‍ය වුණා. ඒකට මට දවසක් ආවා’’ ගුණරත්න කියයි.


”දේශපාලන මණ්ඩලේ ඉවර වුණාට පසුව සමන් ආපහු බළංගොඩට ගිහින්. දවසක් මම බළංගොඩ ගියාම ෂෙඞ් එක ළඟ තවත් සහෝදරවරු 4-5ක් එක්ක ඔහු කතාවක්. මම එතැනට ගිහින් ඇහුවා, ඉන්න මම ඔයාලට කතා කරන්න තැනක් ලෑස්ති කරන්න කියලා. ඒ දවස්වල ෂෙඞ් එක ඉස්සරහ ටකරං වහපු ගෙයක් තිබුණා. පක්ෂයේ සහෝදරයකුගෙ තැනක්. ඊට පස්සෙ මම එතැන සූදානම් කළා.


සමන් පියසිරි 1989 නොවැම්බර් දෙසැම්බර් කාලයේ පවා හැංගී සිටි චරිතයක් නොවේ. ඔහු හැම විටම බස් එකේ යමින්, පාරේ ප‍්‍රසිද්ධියේ ඇවිදිමින් දේශපාලන සංවිධානය වේගවත් කළ සගයෙකි. මේ කාලය වන විට ගුණරත්නගේ ගෙදර ආරක්ෂිත තැනක් හැටියට සමන් පියසිරි හඳුනාගෙන තිබිණි.
දවසක් සමන් සහෝදරයා මට කියනවා, ඔයාගෙ ගෙදරට සහෝදරයෙක් එනවා. එයාව පරිස්සම් කර ගන්න  ඕනෑ. ෆෑන් එකක් එයාගෙ කාමරේට හයි කරලා ගන්න පුළුවන් නම් හොඳයි කියලා. එහෙම කියලා දවස් දෙකයි ගියේ. ලලිත් විජේරත්න එක්ක ශාන්ත බණ්ඩාර අපේ ගෙදර ආවා.


ශාන්ත මාව දැකලා පුදුම වුණා. වැලිසර හිරගෙදරදි අපි දෙන්නා වෙන් වුණාට පස්සෙ ආපසු ඔහු හමුවුණේ විජේවීර සහෝදරයාගේ ඝාතනයෙන් පස්සෙ, අපේ ගෙදරදි.


මේ සහෝදරයා මම දන්න කෙනෙක්.. මාත් එක්ක එක ගමේ හිටපු එක ඉස්කෝලෙ ගිය කෙනෙක්. මට මෙතැන විශ්වාසයි. ශාන්ත බණ්ඩාර ලලිත් දෙසට හැරී කීවේය.


සාමාන්‍යයෙන් මෙවැනි හමුවීමක් එදා ජ.වි.පෙ.ට දෛවෝපගත වන්නක් විය. එදායින් පසු ශාන්ත බණ්ඩාර සතියක්ම නැවතී හිටියේ ගුණරත්නගේ හිදැල්ලන පණුකරාපිටියේ පිහිටි ගෙදරය. ඔහු දේශාපලන මණ්ඩලේ ඉහළම අයකු වුණත් ගුණරත්නගේ පාසල් හා ගමේ හිතවත්කම උඩ ශාන්තගෙන් වැඩියමක් අසා දැන ගැනීමේ ”හයිය” තිබිණි.


එදා ගුණරත්න ශාන්තගෙන් මුලින්ම ඇසුවේ සෝමවංශගේ ඡුායාරූපය රූපවාහිනියේ පෙන්වද්දි සමන්, ලලිත්, සිරිදාස හා උපාලි සහෝදරයන් සිනාසීමට හේතුවයි.


‘‘සහෝදරයා සෝමවංශ අපි එක්ක නෑ. එයාට ප‍්‍රශ්න දෙකක් තිබුණා. එකක් මුදල් පිළිබඳ ප‍්‍රශ්නයක්. අනික සදාචාරාත්මක ප‍්‍රශ්නයක්. මේ දෙක ගැන සාකච්ඡුා කරන්න එන්න කිව්වම ඔහු පක්ෂය මග හැරියා. 


තත්ත්වය මෙසේ ගලා යද්දී තවත් අනපේක්ෂිත ගැටලූවකට ජ.වි.පෙ. මුහුණ දුනි. එනම් පක්ෂය රැකගැනීම සඳහා ආණ්ඩුවේ මර්දනයට ප‍්‍රතිවිරුද්ධ සටනේ මෙහෙයුම්කරු හෙවත් මහ මොළකරු වූ ජ.වි.පෙ. සන්නද්ධ අංශ නායක සමන් පියසිරි ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමය. සමන් පියසිරි නැති ජ.වි.පෙ. ගැන හිතා ගන්නටත් බැරි තත්ත්වයක් එදා තිබිණි.


පක්ෂය තහනම් කළාට පසු ආණ්ඩුව විසින් ජ.වි.පෙ. සාමාජිකයන්ගේ ඇස්-හිස්-මස්-ලේ-දත් ප‍්‍රකෘති සිහියෙන් ගලවද්දී හා ඉවත් කරද්දී ඒ මර්දනයට එරෙහිව පක්ෂයට නායකත්වය දුන්නේ සමන් හෙවත් කබ්රාල්ය. ඇතැම් තැනක ඔහු කීර්ති විජයබාහුය.


සමන්ගේ නම ඇහෙද්දි එයම ආණ්ඩුවට මහා භීතිකාවක් විය. දතට දත, ඇසට ඇස, හිසට හිස වෙන් කිරීමේදී ‘‘එකට එක’’ න්‍යායේ ජ.වි.පෙ.හි නායකයා සමන්ය. ඔහු කොයි තරම් අභීත ද යත් විජේවීර ඝාතනයෙන් පසු පවා ගමන් බිමන් නිදහසේම විය.


ගුණරත්නට අන්තිමට සමන් පියසිරි මුණගැහුණේ 1989 දෙසැම්බර් 25 වැනිදාය. බළංගොඩ පරණ පාරේදි එම හමුවීම සිදුවිය. එදා සමන් හිටියේ තරමක කලබලයෙනි.


”සහෝදරයා, මම හිටපු ගේ ළඟ හමුදා ඩිෆෙන්ඩර් එකක් නතර කරලා. දැන් පැයක් විතර..’’


සමන් කියද්දිම එවැනිම දෙයක් බළංගොඩ තවත් තැනක තිබුණු බව ගුණරත්නට මතක් විය. ඒ අනුව බළංගොඩ සමන් පියසිරි ප‍්‍රනාන්දුගේ රාජධානිය හමුදාව වට කර ඇති බවට අරුමයක් නැත.


‘‘මම නම් හිතන හැටියට සමන්ගෙ බළංගොඩ ස්ථානය ගැන තොරතුරු ගියේ ඉලූක්කුඹුර අතින්. ඔහු රත්නපුර දිස්ත‍්‍රික්කයේ වික්ටර්ට පස්සෙ ආපු සන්නද්ධ නායකයා. එයා හමුදාවට අහු වුණාම සමන් හිටපු තැන හෙළි කළා...’’ ගුණරත්න කියයි.


‘‘බළංගොඩ සම්පූර්ණයෙන් අනාරක්ෂිත වෙද්දී සමන් යන්නේ කොහාටද?’’ ගුණරත්න සමන් දෙසට හැරී, ‘‘සහෝදරයා යන්න හිදැල්ලන අපේ ගෙදරට. මම හවස් වෙද්දී ගෙදර එනවා.’’


සමන් පියසිරි එය පිළිගත් සෙයකි. එදා හැන්දෑවේ ගුණරත්න පුළුවන් තරම් ඉක්මනට හිදැල්ලන ගෙදරට ගියේය. ඒ යන විට යාන්තම් අඳුර වැටී තිබිණි. එහෙත් සමන් එහි පැමිණි වගක් නැත.


පසුවදා එනම් දෙසැම්බර් 26 වැනිදා හෝ සමන් එනු ඇතැයි ගුණරත්න කල්පනා කරමින් එදා ගෙදරටම වී උන්නේය.


ඒත් ඔහු පැමිණියේ නැත.


”සමන් දියවින්න පැත්තට බහින්න ඇති” වඩාත් ආරක්ෂක ප‍්‍රදේශයක් හිතට ගෙන ගුණරත්න කල්පනා කළේය.


පසුදා 1989 දෙසැම්බර් 27 රාත‍්‍රි ප‍්‍රවෘත්ති විකාශයෙන් කියැවුණේ සමන් පියසිරි ප‍්‍රනාන්දු කොළඹට කිට්ටු ස්ථානයකදී අත්අඩංගුවට ගත් බවකි.


මේ සිදුවීම හෙවත් සමන්ගේ වෙන්වීම එතෙක් වූ සියලූ සිදුවීම්වලට වඩා බරපතළම පක්ෂ කඩා වැටීම බව ගුණරත්නට පමණක් නොව කාට කාටත් දැනුණි. එයට හේතුව සමන් පියසිරි ප‍්‍රනාන්දු නැති සටනක් උගහටය. එය කිසිසේත් සිතිය නොහැක. පක්ෂයට දේශපාලන නායකයකු නිර්මාණය කර ගත හැකි වුණත් සමන් වැනි කෙනෙක් බිහි කිරීම කොහෙත්ම පහසු නැත. සමන්ගේ ”කඹයේ එල්ලී” සන්නද්ධ ව්‍යාපාරය ගෙන ගිය අයට දෙසැම්බර් 27 දා රාත‍්‍රිය කඹය කැඞී දියට වැටුණා තරම් විය. සමන් නැති පක්ෂයක් ගැන හිතන්නට ඔවුන්ට ඉඩ නොදුණි.


යමෙක් පක්ෂයට දේශපාලන නායකත්වය දුන්නා නම්, සමන් දුන් සන්නද්ධ නායකත්වය ද ඒ සා බොහෝ විශිෂ්ටය. පක්ෂයේ දුර්වල තැන් අවම වූවා නම් සමන් පියසිරිලාගේ බලාපොරොත්තු මල් ඵල ගැන්වීම පමා නොවන බව ගුණරත්න වැනි සන්නද්ධ නායකයෝ පිළිගන්නා සත්‍යයකි.

 

m



අදහස් (0)

සමන් පියසිරිගේ නවාතැනට හමුදාව කඩා පනියි

සිරි Saturday, 26 December 2015 05:59 PM

පළමු පින්තුරය 1968 ගත්ත එකක් , විජේවීර සහෝදරයාගේ දකුණින් ඉන්නේ මහින්ද විජේසේකර. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3204 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 365 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1007 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site