IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සිමෙන්ති මිල බැස්සීම යම් තරමක සැහැල්ලුවක්

ප්‍රීතිය දනවන පුවතක් මුල් කර ගනිමින් මෙම තීරුව ලිවීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. ඒ කලාතුරකින් ලැබෙන වරම අද ලැබී තිබේ. එම ප්‍රීතිමත් පුවත නම් සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක කොට්ටයක මිල රුපියල් 300කින් අඩුවන බවය. නලීන් ප්‍රනාන්දු වෙළෙඳ අමාත්‍යවරයා උපුටා දක්වමින් අප පුවත්පත වාර්තා කර තිබුණේ එසේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු කිරීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බවය.

අමාත්‍යවරයා අප පුවත්පතට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ ඩොලරයේ අගය අඩුවීම පිළිබඳව අවධානය යොමු කර සිමෙන්ති සමාගම් සමග සාකච්ඡා කර මෙම එකඟතාවට පැමිණි බවය. එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පිබිදීමක් සඳහා යකඩ, ටයිල්, ඇලුමිනියම් සහ වයර් ආදී භාණ්ඩ ආනයනය කරන සමාගම් සමග ද ඒවායේ මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. 

‘හිසට සෙවණක්  ලැබීම හිතට නිවනක් ලැබීම’ බව කවුරුත් පිළිගන්නා ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම තමාගේම වූ නිවෙසක් තනා ගැනීම සාමාන්‍ය මිනිසුන්ගේ සිහින අතර ප්‍රධාන සිහිනයකි. එහෙත් දෙතුන් වසරක සිට එම සිහිනය ගිනි ගනිමින් තිබිණි. නිවෙසක් තනා ගැනීම සිහිනයෙන් හෝ නොසිතිය යුතු අකැප දෙයක් බවට පත්ව තිබිණි.

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් අඩු වූවා යැයි කියා එම සිහිනය ජීවමාන යථාර්ථයක් බවට පත් වන්නේ නැත. එහෙත් එම සිහිනය සැබෑවක් බවට පත් කර ගැනීමට අනාගතයේ දී යම් ඉඩක් ලැබෙන බවට කුඩාවට හෝ බලාපොරොත්තුවක් රඳවා ගැනීමට එම ප්‍රවෘත්තිය හේතුබල සම්පන්න වේ. 

ආහාරපාන, ඇඳුම් පැළඳුම් බෙහෙත්හේත්  සහ නිවාස මිනිසාගේ මූලික අවශ්‍යතා වේ. ඒවා බාධක විරහිතව ලබා ගැනීමට තිබෙන හැකියාව මූලික අයිතිවාසිකම්වලට ද අයත්ය. රටක ජීවත් වන පුරවැසියාට මෙම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පහසු ඉඩක් නිර්මාණය කර දීම බලධාරීන්ගේ වගකීමය. ජනතාව විසින් පාලකයන් පත්කර ගනු ලබන්නේ ද එම කරුණ  පෙරටු කරගෙනය. 

‘අපි හම්බ කළොත් අපි කෑවා’ යැයි කියමනක්  සමාජයේ වෙයි. එමගින් අප පුරවැසියාගේ ජීවන විලාශයත් ජීවන විලාසිතාවත් විද්‍යමාන වේ. එහෙත් ඉකුත් සමය යනු හම්බ කළත් කන්න දෙයක් නොතිබූ යුගයකි. කෙතරම් මිල මුදල් තිබුණ ද අවශ්‍යතා සපුරා ගැනීමට හැකියාවක් ඉකුත් සමයේ නොවීය. ඩොලර් සංචිත ඉතිරි කර ගැනීම වෙනුවෙන් ක්‍රියාවට නැගුණේ ආනයන භාණ්ඩ සීමා කිරීමය. ඉදිකිරීම් ක්ෂේත්‍රයට එය මාරාන්තික විය. 

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ ගණනකි. එහෙත් ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීමත් සමග වැඩ බිම් මුඩුබිම් බවට පරිවර්තනය විය. ලක්ෂ ගණන් ජනයාගේ ආදායම් මාර්ග ඇහිරී ගියේය. ඔවුන් කන්නෙ බොන්නේ කොහොමද, දූ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්නේ කෙසේද යන්න සොයා බැලීමට හෝ කෙනෙක් නොවීය. එය මාහට ආපදාවකින් කිසි ලෙසකින් හෝ වෙනස් නොවන්නකි. 

රුපියල් 1000ට පමණ තිබූ සිමෙන්ති කොට්ටයක් රුපියල් 2600ක් වැනි මිලකට වැඩි වූ පසු පවතින ආර්ථික අර්බුදය  හමුවේ සාමාන්‍ය ජනයාට නව නිවෙසක් තනා ගැනීම නිවෙස අලුත්වැඩියා කර ගැනීම සිතීමටත් නොහැකිය. එයට සමාන්තරව ටයිල්, යකඩ, ඇලුමිනියම් හා වයර් ආදි භාණ්ඩවල මිල ද අහස උසට ඉහළ ගියේය. 

මෙම පරිසරය තුළ නිර්මාණය වන්නේ බලාපොරොත්තු සීසීකඩ කඩා ඉහිරුවා ගත් මිනිසුන්ය. සමාජ අසහනය ලෙස ප්‍රකාශයට පත්වන්නේ එම අපේක්ෂා භංගත්වය විනා අන් යමක් නොවේ. එබඳු ඉරණමකට ගොදුරු වූ මිනිසා විසඳුම ලෙස විනාශයක්ම තෝරා ගැනීමට තිබෙන ඉඩකඩ වැඩිය.

රටක ජනයාට ප්‍රීතියෙන් හා ප්‍රමෝදයෙන් කල්පනා කිරීමට ඉඩ විවර කළ යුතුය. උපයන මුදල ජීවත් වීමටත් නොසෑහෙන පරිසරයක නිවෙසක් තනා ගැනීම වැනි අත්‍යවශ්‍ය දෙයකට පවා යොමුවීමට නොහැකිය. සිමෙන්ති මිල රුපියල් 300කින් අඩු කරන බවත් අනෙකුත් අමු ද්‍රව්‍යවල මිල අඩු කිරීමට අදාල සමාගම් සමග සාකච්ඡා කරන බවත් වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කිරීම ප්‍රබෝධයට හේතුවකි. එමෙන්ම මෙම ලාභංශ ​ පොදු මහජනයා අතට පත්වන්නේ ද යන්නත් සොයා බැලිය යුතුය.

(***)



අදහස් (4)

සිමෙන්ති මිල බැස්සීම යම් තරමක සැහැල්ලුවක්

RAVI Wednesday, 12 July 2023 07:57 PM

රටක ජනයාට ප්‍රීතියෙන් හා ප්‍රමෝදයෙන් කල්පනා කරන්න තිබුණා... තුන්දාහට නග්ගපු සිමෙන්ති කෝට්ටේ අඩුම ගානේ රුපියල් 1000 ටවත් දෙනවා නම්...!

:       0       3

ආනන්ද Wednesday, 12 July 2023 11:42 PM

රු.900.00 ට තිබූ සිමෙන්ති කෝට්ටේ රු3000.00ක් දක්වා වැඩිවෙලා... එයින් රු 300ක් අඩු වුණාම කොහෙද බං ප්‍රීතිවෙන්න පුළුවන්..?

:       0       4

indika Thursday, 13 July 2023 08:19 AM

සිමෙන්ති අඩු වුණාට බාස්ලා වැඩකරන්නේ මේක යුරෝපේ හෝ ඕස්ට්‍රේලියාවේ කියලා හිතාගෙන.. දවසේ පඩිය ගෝලයාට එක්ක රුපියල් 7000ක් විතර ගන්නවා සමහරු... අයට මේ ගන්න විදිහට හොඳ ජිවිතයක් ගෙවන්න පුළුවන්... නමුත් ඔවුන්ගේ ජීවිත හැමදාම එකතැන.. මොකද මේ ගන්න සල්ලි යාදෙන්නේ නෑ.. සාධාරණ නැති නිසා... පට්ට කම්මැලියන්.. දවසෙන් භාගයක් වැඩ නොකර හොරට අයිස් ගහනවා. කෑමට පැයක් ගන්නවා.. තේ සිගරට් බොන්න තව පැයයි.. පඩියෙන් හවසට කසිප්පු ගහලා ගෙදර යනවා.. මේ යක්කුත් නියාමනේ කරන්න ඕනෑ...

:       0       6

BASS Thursday, 13 July 2023 08:57 AM

රුපියල් 300කින් සිමෙන්ති මිල අඩුකරලා වැඩක් නැහැ. රු.1700 එකට වත් සිමෙන්ති කොට්ටයක් මිලදී ගන්න පුළුවන් නම් පමණක් ඉදිකිරීම් ක්ෂේත්‍රයට හොඳ කලක් යාවි... නැත්නම් ඒකත් ඉවරයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 403 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 53 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 129 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 305 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 235 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 942 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 534 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 297 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 446 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site