IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සැමියා රට ගියාම බිරිඳගේ තනියට කෙනෙක් ඇවිත්

1    

 

මිනිසා කියන්නේ විවිධත්වය අගයන ජීවියෙක්. ඒ විවිධත්වයට තිබෙන කැමැත්ත නිසා තමයි අපේ සමාජයට අලූත් අලූත් නිෂ්පාදන පැමිණෙන්නේ. අලූත් අලූත් කෑම වර්ග සොයා ගැනෙන්නේ. ඒවාට කාන්තාවන් අතර වැඩි ඉල්ලූමක් පවතින්නේ. කාලෙන් කාලෙට අලූත් අලූත් විලාසිතා පැමිණෙන්නේ. ඒවාට සමාජයේ මුල්බැස ගැනීමට හැකියාවක් පවතින්නේ. ඉතිං මේ සත්‍යය පවුලටත් පොදුයි. ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමක් පවුලකට තියෙන්නත් බැහැ. මේ තත්ත්වයන් තේරුම් ගෙන අවබෝධයෙන් ජීවත්වෙන පවුලක බිරිඳට තමන්ගේ සැමියාගේත් සැමියාට තමන්ගේ බිරිඳගේත් අවශ්‍යතා ඉටුකරන්න හැකියාව තියෙනවා. එවැනි පවුලක ගැටුම් අඩුයි. ඒත් අද එවැනි තේරුම් ගැනීමක් සහිත අවබෝධයෙන් පවුල් ජීවිත ගෙනයන්නන් සිටින්නේ කී දෙනාද?

 

5 සමහර විට තමන්ට වඩා අතමිට සරු අය හමුවුණාම විවාහක සහකරුවා සහකාරිය අත්හැර නව සම්බන්ධතාවට හිත යොමු කෙරෙනවා. මේ දෙකම නැතිව මොනවා හරි කරලා හම්බකරගෙන ජීවත් වෙමු කියලා ජීවිතය පටන්ගත්ත අයටත් එය ඉදිරියට පවත්වාගෙන යාමේදී මුදල් අවශ්‍ය වෙනවා. එතකොට ඒ අයට මේ රටේ හරිහමන් රස්සාවක් නැත්නම් විදේශගතවීම තමයි එකම විසඳුම වෙන්නේ. එවිට විවාහ වූ දෙන්නාම හෝ එක්කෙනෙක් හෝ විදේශ රැුකියාවකට පිටත් වෙනවා. කසාද බැඳලා වැඩි කලක් ඒ ජීවිතයේ සතුට විඳගන්න ඉඩක් නොතබා මේ විදිහට විදේශගත වුණාම ඒ පවුල් ජීවිතය අවුල්වීම අහම්බයක් නෙවෙයි. අහම්බය වෙන්නේ එවැනි පවුලක් සතුටෙන් තෘප්තිමත්ව ජීවත්වීමයි. බොහෝ විට විදේශගතවූ කාන්තාවක් හෝ පිරිමියෙක් ලොකු මුදලක් හම්බකරගෙන ලංකාවට ආවත් ආපහු ඒ විදිහට හම්බකරන්න පුළුවන් රස්සාවක් මෙහේ නැති නිසා නැවත නැවත විදේශගතවීමට උත්සාහ කරනවා. ඒ නිසා අන්තිමට ඔවුන් මුදල් උපයනවා පමණයි. පවුල කැලේට යනවා. අපි අද කතාකරන දමයන්ති හා ජගත්ගේ කතාවත් ඒ වගේම එකක්.


මේ කතාවත් අපිට ලැබුණේ හෝමාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ලියවුණ පැමිණිලි පොතෙන්. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්ෂිකා තනූජා අබේසිංහ මහත්මිය අපිට ඒ කියපු කතාවෙත් මුලින් මේ අඹුසැමි යුවළම විදේශගතව රැකියා කරනවා. පසුව බිරිඳ ලංකාවේ සිටියදී සැමියා විදේශගත වෙනවා. මේ ගමනේ අවසන් ප‍්‍රතිඵලය තමයි අපි සැලකිල්ලට ගත යුතුව තිබෙන්නේ.

 

3


ජයන්ති රුවැති තරුණියක්. පාසල් යන කාලයේම ජගත්ගේ හිත ගැනීමට ඇගේ මේ රූ සපුව හේතු වුණා. ඒ වගේම ජගත්ගේ කඩවසම් පෙනුම ජයන්තිගේත් හිත ගත්තා. පාසල් කාලය අවසන් කළ ජගත් කොළඹ රස්සාවකට ගියා. ජයන්ති ගෙදරට වෙලා හිටියා. ඇගේ දෙමාපියන් ඇයව රස්සාවකට යවන්න කැමති වුණේ නැහැ. ජගත්ගේ සම්බන්ධයට ජයන්තිගේ දෙමාපියන් කැමති වුණේ නැහැ. ඒ ඔහුට හරිහමන් රස්සාවක් නැතිකම නිසයි. ජගත් රියදුරු පුහුණුව ලැබුවා. ඊට පස්සේ විවිධ තැන්වල රස්සාව කළා රියදුරෙක් විදිහට. ඒ කාලය තුළ ඔහු බරවාහන රියදුරෙක් විදිහටත් පුහුණුව ලැබුවා. මොන තරම් දේවල් ඉගෙන ගත්තත් ජයන්තිගේ දෙමාපියන් ජගත්ට දුව දෙන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී දෙන්නා රහසේම විවාහ වුණා. ගමෙන් තරමක් ඈත් වෙලා කොළඹ කුලී ගෙයක් අරන් දෙන්නා පදිංචි වුණා. දෙන්නා කලක් බොහොම සතුටින් ජීවත් වුණා. තමන්ගේ අරමුණ ඉටුකරගන්න ලැබීම ගැන තමන්ගේම ලෝකයක තනිවෙන්න දැකපු හීන හැබෑ කරගන්න ලැබීම ගැන ඔවුන් බොහෝ සේ සතුටු වුණා. 


ඒත් ඔවුන්ට තම තමන් අයිතිකර ගැනීමට එහා ගිය හීනයකුත් තිබුණා. ඒ තමයි තමන්ගේම කියලා ගෙයක් දොරක් හදා ගැනීම. දරුමල්ලන් හදාගෙන පවුලක් හැටියට සතුටෙන් ජීවත්වීම. ජගත් රියදුරු රස්සාව කරලා හම්බකරන වැටුප එදිනෙදා ජීවිතය ගෙනියන්න ප‍්‍රමාණවත් වුණත් ගෙයක් දොරක් හදාගෙන, දරුමල්ලන් හදාගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න ඒ වැටුප ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා ජගත් කිව්වා තමන් විදේශ ගතවී ටික කාලෙකින් ආපහු ඇවිත් ගෙයක් හදන්නම් කියලා. නමුත් ජයන්ති ඒකට කැමති වුණේ නැහැ.


”අනේ ජගත් ඔයා ගියාම මම තනියමනේ. අපි කසාද බැන්දා විතරයි. ඔයා මාව දාලා රට යන්න හදනවා. මට නම් බෑ මෙහේ තනියම ඉන්න. යනවා නම් මාත් අරන් යන්න.” 

 

2

 


ජයන්ති දිගටම හිිටියේ ජගත්ව තනියෙන් රට යවන්න බෑ කියන අදහසේ. ඉතිං ජයන්ති කියන විදිහට දෙන්නාටම රට යන්න පුළුවන් රස්සා හොයන එක ලේසි නැහැ. ඒත් ජයන්ති කියනවා වගේ ඇයව තනියම දාලා යන්න හිතක් ජගත්ට තිබුණෙත් නැහැ. ඇය වගේ ලස්සන කාන්තාවක් මෙහේ තනියම දාලා ගිහින් අන්තිමට කවුරුහරි ඩැහැගෙන යන්න බැරිකමකුත් නැහැ කියලා ජගත්ට හිතුණා. ඉතිං ජගත් උපරිම උත්සාහ කළා දෙන්නාට විදේශ ගත විය හැකි රස්සා හොයන්න. අන්තිමට සවුදි ආරාබියේ නිවසකට රියදුරෙක් සමග මෙහෙකාරියක් හොයන බවට ඒජන්සියකින් පණිවුඩයක් ලැබුණා. ඒ අනුව දෙන්නාම විදේශගත වුණා. අවුරුදු දෙකක් විදේශගතව ඉඳලා දෙන්නම ලංකාවට ආවා. ඉඩමක් අරන් ගෙයක් හැදුවා. ජගත් ආයෙම රියදුරු රස්සාවක් හොයා ගත්තා. දැන් පවුල සම්පූර්ණ කරන්න අඩු දරුවෙක් විතරයි. අවුරුද්දක් විතර යද්දී ඔවුන්ට ලස්සන දියණියක් ලැබුණා. දියණිය ලැබී අවුරුද්දක් විතර යනතුරු ජගත් ලංකාවේ හිටියා. නමුත් විදේශ රැුකියාවක් කර පුරුදු වුණ ජගත්ට මෙහේ ලැබෙන වැටුප මදිවගේ දැනුණා. ඒ නිසා දියණියට අවුරුදු එකහමාරක් වෙද්දී ඒ කියන්නේ ඇගේ හුරතල්ම වයස එද්දී ජගත් ලංකාවෙන් ගියා.


ආයෙම ඩුබායි ගිය ඔහු ආපහු ලංකාවට ආවේ අවුරුදු තුනකට පස්සේ. ඒ ඇවිත් මාසයක් පමණ ලංකාවේ ඉන්න ජගත් ආපහු විදේශගත වුණා. මේ විදිහට අවුරුදු තුනෙන් හතරෙන් ලංකාවට එන ජගත් හොඳට හම්බ කළා. දැන් ගෙදර කිසිම අඩුපාඩුවක් නැහැ. දියණිය සමග තනිවුණ ජයන්තිට ජගත් එක්ක එක වහලක් යට සිටීමේ දැඩි  ඕනෑකමක් තිබුණා. ඒ වගේම දියණියට ගොඩක් වයස යන්න කලින් තවත් දරුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලත් හිතුණා. ඒත් ඒකට ජයන්තිට අවස්ථාව ලැබුණේ දියණියට අවුරුදු දහයක් සම්පූර්ණ වෙද්දියි. ජගත් අවුරුද්දක් විතර ලංකාවේ නැවතුණාට පස්සේ තමයි ඇගේ දෙවැනි දියණිය ලැබුණේ. ඒ දියණියටත් මාස හයක් හතක් වෙද්දී ජගත් ආයෙම රට ගියා ඒ දරුවන් දෙන්නා ජනප‍්‍රිය පාසල්වලට දාලා උගන්වන්න නම් හොඳට සල්ලි තියෙන්න  ඕනෑ කියලයි. ඒ වගේම දෑවැදි සකස් කරන්නත් එක්ක කීයක් හරි හොයා ගන්න  ඕනෑ කියලයි. ජයන්ති අකමැත්තෙන් වුණත් ඒකට කැමති වුණා. මොකද ජගත් ලංකාවේ තියාගත්තොත් ඔහු මිතුරන් සමග එකතුවී බීමට ඇබ්බැහි වන නිසා වගේම මුදල් හිඟ පාඩුවක් වූ විට එහි දෝෂාරෝපණය තමන් වෙත එල්ල කිරීමට ජගත් උත්සාහ කිරීමත් නිසයි. 


අවසානයේ දෙවැනි දියණියට අවුරුදු හතක් වෙද්දීත් ජගත් හිටියේ ලංකාවේ නෙවෙයි. ජයන්තිලාගේ අල්ලපු ගෙදර ඇනෙක්සියට තරුණයෙක් ඇවිත් බෝඩිං වෙන්නේ මේ අතරයි. තරුණයෙක් වුණත් ඔහු ද විවාහකයෙක්. මේ දෙන්න අහම්බෙන් දවසක් නගරයට ගිහින් එද්දී හමුවෙලා කතා කරනවා. ජයන්ති තමන් ආව ත‍්‍රී රෝද රථයේ යාමට ඔහුට ආරාධනා කිරීම නිසා තමයි මේ අඳුනාගැනීම ඇති වන්නේ. මේ අඳුනාගැනීම නිසා පසුවද ඔහු සමග කතා බහ කිරීමේ උවමනාවක් ජයන්තිට ඇතිවෙනවා. ඇයට ජීවිතයේ දැනුණ පාළුව මේ අලූත් මිතුරා නිසා නැතිවෙලා යනවා වගේ ඇයට දැනුණා. බිරිඳගෙන් වෙන්ව දුර බැහැර රැුකියාවට පැමිණ සිටින මේ තරුණයා ද ජයන්තිගේ මේ උනන්දුව විසින් උනන්දු කරවනු ලැබුවා වගෙයි. එහි කෙළවර වූයේ ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවක් ගොඩනැගීමයි. 


අවුරුද්දක් පමණ මේ සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ කිසිම ගැටලූවකින් තොරවයි. එහෙත් ඒ බව ජයන්තිගේ අනියම් සැමියා නැවතී සිටි නිවසේ හිමිකාරියට දැනෙන්නට පටන් ගෙන තිබුණා. ඇය මේ බව එළියට නොකියා සිටියේ තමන්ගේ බෝඩිංකරු නැති කරගන්න අකමැති නිසයි. මෙය රහසක් ලෙස රැුකුණේ ද ඒ නිසයි. ඒත් මේ අම්මාගේ වෙනස වැඩිමහල් දියණියට හංගන්න පුළුවන් වුණේ නැහැ. ඇයට ටික කලකින්ම අම්මාගේ හොරය ඉව වැටුණා. ඒත් එයට කිසිම සාක්ෂියක් නැති නිසා ඇය කට පියාගෙන සිටියා. අම්මත් එක්ක කතා කළ හැම විටම තමන්ගේම දරුවන් තමන්ට පද හදද්දී ගමේ අය මොනවා නොකියයිද කියා ඇයට බැණ වැදුණා. ඒ නිසා දියණිය මේ කතාවෙන් ඉවත් වී තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටියා.


ඒත් හදිසියේම දවසක පාසලේදී අසනීප වූ මේ වැඩිමහල් දියණිය පාසලේ අවසරය මත බෙහෙත් ගෙන ආපසු නිවසට පැමිණියා. දොර හැර තිබූ නිසා ඇය ගේ ඇතුළටම ගියේ අම්මාට කතා නොකරයි. නිවසට යද්දී මව කවුරුන් හෝ සමඟ කතා කරන හඬත් සිනා හඬත් ඇසෙන්නට වුණා. මේ තමන් බල බලා සිටි අවස්ථාව විය හැකි යැයි අනුමාන කළ දියණිය වහා මවගේ කාමරය අසලට ගොස් මවට කතා කළා. මේ සිදුවූ හදිසි සිදුවීමෙන් කිසිවක් සිතා ගත නොහැකි වූ මව වික්ෂිප්ත වූවා. ඇයට කතා කරගැනීමට නොහැකි වුණා. මව තවත් අයෙකු සමග සිටිනු දැකීමට අකමැති වූ දියණිය කාමරයෙන් පිටත සිට කීප වරක් කතා කරද්දී මව එළියට ආවා.


”මොකද මේ බෙරිහන් දෙන්නේ? මොකා වැහිලද? මොකද වේලාසන ගෙදර අවේ? අද ඉස්කෝලේ නෙවෙයිද ගියේ?”
මේ වගේ ප‍්‍රශ්න ගොඩක් ජයන්ති දියණියට ඉදිරිපත් කළත් ඇය කිසිවකට පිළිතුරු දුන්නේ නැහැ. කවුද කාමරේ ඉන්නේ යැයි ඇය ප‍්‍රශ්න කරද්දී අතුල් පහර කීපයක් දියණියගේ කම්මුල හරහා පිළිතුරු ලෙස එල්ල වුණා. ඇය කම්මුල් පහර කාගෙනම අම්මාගේ කාමරයට ඇතුළු වුණා. අල්ලපු ගෙදර නේවාසිකයා එහි සිටිනු ඇය සියැසින්ම දැකගත්තා. 


තවදුරටත් මව සමග සිටීමට නොහැකියි. එය තම නැගණියගේ ජීවිතය නොමග යවන්නට ඉඩ තිබෙනවා යැයි සිතූ වැඩිමහල් දියණිය ඇයවද පාසලෙන් ගෙන ඒ මොහොතේම තම පියාගේ සහෝදරියකගේ නිවසට ගියා. එහි ගොස් පියාට සියල්ල සැලකර සිටියා. ටික කලකින් ලංකාවට පැමිණි ජගත් තවදුරටත් තමන්ට ජයන්ති අවශ්‍ය නැති බව පවසා ඇගෙන් වෙන් වන බවට පොලිිස් පොතේ ලියා පිටවුණා. ජයන්තිගේ අනියම් සැමියාටද ඇයව අවශ්‍ය නැති බවත් තමන්ගේ පවුල සමග ජීවත් වීමට තමන්ද මේ ප‍්‍රදේශයෙන් යන බවත් පවසා ඔහුද යන්න ගියා. දැන් ජයන්ති තනිවෙලා. ඇය පොළොන්නරුවේ සිටින සිය සහෝදරියකගේ නිවසට ගියේ නියම පවුලත් අනියම් පවුලත් දෙකම නැති කරගෙන ජීවිතයම කඩාවැටුණ කාන්තාවක් ලෙස දරුවන්ද අහිමිකරගෙනයි. 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න)

m



අදහස් (0)

සැමියා රට ගියාම බිරිඳගේ තනියට කෙනෙක් ඇවිත්

ඔමිල Friday, 30 October 2015 05:18 AM

අන්තිමට අල්ලපු අත්තත් නැහැ, පයගහපු අත්තත් නැහැ (නි)

:       0       0

යොහාන් Friday, 30 October 2015 05:18 AM

නියම වැඩේ තමයි අන්තිමට වෙලා තියෙන්නේ (නි)

:       0       0

කපිල Friday, 30 October 2015 05:18 AM

ඒ වැඩිමහල් දියණිය ‍බොහොම බුද්ධිමත් (නි)

:       0       0

සොපි Friday, 30 October 2015 05:18 AM

පිටිගලගේ අදහස බොහොම අගය කරනවා. ගැහැණුන් වරදේ බැඳෙන එක ගැන කතාකරන්න ඕනෑතරම් අය සිටියත් පිරිමි වරදේ බැඳීම ගැන සමාජය මුනිවත රකිනවා (නි)

:       0       0

ලකී Thursday, 29 October 2015 02:40 PM

මේවගේ සිද්ධියක් අපි දන්නෙ පවුලකටත් වුණා. ඒ ගෑනු කෙනාගෙ මනුස්සයා වැඩ කළේකොළඹ. සති අන්තයට තමා ගෙදර එන්නේ. මේ ගෑනු කෙනා මොන්ටිසෝරි යන වයසේ ළමයි දෙන්නත් එක්ක ගෙදර තනියම තමා සතියේ වැඩ කරන දවස් පහ හිටියෙ. මෙහෙම ඉන්න අතරේ ඒ ප්‍රදේශයේ ව්‍යාපෘතියකට ආපු පුද්ගලයෙක් එක්ක අනියම් සම්බන්ධතාවක් පටන් ගත්තා. ස්වාමියාට මේක ආරංචි වෙලා හොරෙන් ඇවිත් අතටම අහු කර ගත්තා. අන්තිමට කසාදෙ දික්කාසදෙකින් කෙලවර වුණා. අනියම් පෙම්වතා මාට්ටු වුන සිද්ධියෙන් පස්සෙ හොයා ගන්නවත් වුණේ නෑ. ඇයට හිටපු අත්තත් නෑ, පය ගහපු අත්තත් නෑ. අනියම් සබඳතා කියන දේ අද හරිම සුලභයි. මුළු සමාජයම ගිලල තියෙන්නේ. (අ)

:       0       0

අමාලි Monday, 02 November 2015 01:32 PM

හරිම කණගාටුවක් දැනෙන්නේ. (ර)

:       0       0

අමල් Monday, 02 November 2015 01:34 PM

හැම කෙනාටම ආදරය කරුණාව අවශ්‍යයි. (ර)

:       0       0

පාර්තිපන් Friday, 30 October 2015 06:57 AM

පිරිමියෙක් විදෙස්ගටවී කැපකිරීම් කරන්නේ තම පවල වෙනුවෙනි. ආදරණීය බිරිදක් ලෙස දරුවන්ගේ සහ සැමියාගේ ගෞරවය රැකෙන පරිදි ජීවත්විය යුතුයි. තාවකාලික සතුටකට වඩා පවූලේ සතුට අනාගතය ගැන සිතන ගැහැණිය උතුම් වේ. (ර)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 29 October 2015 08:37 PM

මෙය මා දකින්නේ අසාධාරණයකට ලක්වූ ගැහැණියකගේ විලාපයක් ලෙසයි. පිරිමියා තීරණ ගන්නා මුදල් මුලික සමාජයේ ගැහැණිය අසරණයි. ඒ අසරණභාවයට මුලිකවම බලපාන්නේ ගැහැණිය යනු හැඟීම් වලින් තොර, ගෘහස්ත කාර්යයන් ඉටුකරනා නිල නොලත් දාසියක් ලෙස බොහෝ සැමියන් සළකන නිසාය. (නි)

:       0       0

රුවනී Friday, 30 October 2015 08:07 AM

ගැහැණු උදවියට හැඟීම් දැනීම් තියෙනවා කියලා පවුල් කඩන එක සාධාරණිකරණය කරන්න පුලුවන්ද ? මෙහෙම ගැහැණු , දරුවෙක් ලබන්න වත් සුදුසු නැහැ ...(රේ)

:       0       0

විපුල Tuesday, 03 November 2015 12:03 PM

මම නම් කවුරුවත් වැරදියි කියන්නේ නැහැ (නි)

:       0       0

ගුණවර්ධන Tuesday, 03 November 2015 12:00 PM

පිටිගලගේ කතාව මමත් අනුමත කරනවා. ගොඩාක් වෙලාවට කාන්තාව අසරණ වෙනවා. සමාජයෙන් කොන්වෙනවා (නි)

:       0       0

ශානිකා Friday, 30 October 2015 09:12 AM

තරුණ කාන්තාවකට සල්ලි විතරක් ජීවිතය වෙන්නේ නැ. ඇයට ආදරය වගේම සැමියාගෙන් රැකවරණය ඕනේ .තරුණ බිරිද ගැන මීට වඩා සැමියෙක් හිතනවානම් ගෙදර ප්‍රශ්න ඇතිවෙන්නේ නැ .මේ කාන්තාව හොද අම්මා කෙනෙක් විදියට ජීවත්වෙලා නැ කියල තේරෙනවා (බ)

:       0       0

නන්දන Sunday, 01 November 2015 07:59 AM

වැදගත් ලිපියක්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3304 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1019 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site