IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සිරකාරයකු බේරගන්න පොලිස් ලොක්කාට කතා කළ බොරු විනිසුරු

“ඌ නම් නියම ටේලර් කෙනෙක්... අරූව නියමෙටම ඇන්දුවා...”


හිරගෙදර වාට්ටුව පිරෙන්න සිටි සැකකරුවන් අතරින් එකකුගේ උරහිසට උඩින් ඔළුව දමාගෙන සිටි එක් සිරකරුවෙක් අනෙකාට යාන්තමින් ඇසෙන්නට කීය.

23-Page10-M-1
හිරගෙදර සිදු වූ එම කතාබහ පිළිබඳව කන වැකුණු විගසම මගේ මතකයට පැමිණියේ මගේ හොඳම මිතුරෙකු “අපි හැමෝම ටේලර්වරු... එක එක පමණින් දක්‍ෂතා තියෙන ටේලර්වරු...” කියමින් මිනිසුන් පිළිබඳව කරනු ලැබූ විග්‍රහයයි.


“මං මේ කියන දේ හරිද?  මං කියන මේ කරුණු එක්ක ඔබ එකඟ වෙනවද..?” යනුවෙන් මගේ මිතුරා එදා මා වෙත ඉදිරිපත් කළ පැනයේදී “ඔව්” කියන්නද? “නැහැ” කියන්නද? යන පිළිතුර සොයා ගැනීමට නොහැකිව මා උභතෝකෝටිකයකට මුහුණ දුන් හැටි මට හොඳට මතකයි.


එදා මා උභතෝකෝටිකයකට මුහුණ දුන් එම පැනයම අද මා ඔබ හමුවේ තැබුවහොත්? 


එදා මා මෙන්ම අද ඔබත් උභතෝකෝටිකයකට මුහුණ පාන බව නම් මට නිසැකයි. 


ඒත්, එදා මගේ මිතුරා මට පැවසූ කරුණු අසත්‍යයම නොව,   සමහර ටේලර්වරු අල්ලලා බලලා නැත්නම් තියලා බලලා එහෙමත් නැත්නම් මැනලා බලලා ඇඳුම මහන්න රෙද්ද කපනවා ඒත් සමහර ටේලර්වරුන්ට එහෙම වුවමනා නැහැ. කෙනා දකිනකොට මිනිහා රෙද්ද කපලා ඇඳුමත් මහලා ඉවරයි.


මිනිහා දකිනකොට රෙද්ද කපලා ඇඳුමත් මහන්න තරම් උපරිම දක්‍ෂතා තියෙන ටේලර්වරු ඉන්න තැන් අතර වතුරෙන් වටවෙච්ච මාලිගයේ සුදු පිරුවට ඇඳගෙන ඉන්න උදවිය පරාද කරවන්න කිසිවකුත් නැතුව ඇති. ඔවුන් පරාද කරවන්න බැරි වුවත් එම උදවිය තරම්ම දක්‍ෂතා තියෙන තවත් ටේලර්වරු පිරිසක් වැලිකඩ මහඋළු ගෙදර රඳවනු ලැබ සිටිති.


ඒ ටේලර්වරු එක එක වෙලාවට එක එක මෝස්තරයේ ඇඳුම් කපති ඇඳුම් මසති. එවැනි ටේලර්වරයෙකුගේ කතාවක් අසා සිට ඔහු නියමෙටම ඇඳුම කපා මසනු ලැබුවා යැයි සිතූ එකෙකු විසින් මහ උළුගේ තුළදී අනිකාට පුරසාරම් දොඩනු ලැබීය.


එහෙම ඇඳුමක් මැසීමට ගිය ටේලර්වරයෙකු කාටත් තේරෙන වචනයෙන් කිවහොත් ‘රටේ වෙදෙකු‘ මැසූ ඇඳුමත් රැගෙනම වැලිකඩ මහඋළු ගෙදර අඳුරු අගාධයේ තව තවත් ගිලෙන්නට වූ සිදුවීමක් පසුගිය කාලයේ සිදු විය.


එම අඳුරු කුටියෙන් නිකුත් වූ එක් ධ්වනිතයක්... අනෙක් පසින් නාද වුයේ...


“හලෝ... මං... මහාධිකරණ විනිසුරු  ලලිත් ජයසූරිය කතාකරන්නේ...”


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතාගේ දුරකථනයට එම අඳුරු කුටියෙන් නිකුත් වූ ධ්වනිතය හරහා ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු  තරමක් උච්ච ස්වරයෙන් කියාගෙන ගියේය.      

  “යස්... සර්... කියන්න...”  නීතිය අකුරටම ඉටුකරන මහාධිකරණ විනිසුරු ‘ලලිත් ජයසූරිය’ මහතා පිළිබඳව වූ ගෞරවයෙන් යුතුව කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි කමල් සිල්වා මහතා පැවසීය.


ඒත්.... එහි ඝෝෂාව නිසා දුරකථනයේ ශබ්දය නිසි ලෙස ග්‍රහණය කරගත නොහැකි වූ සිල්වා මහතා සර්... කියන දේවල් මට ඇහෙන්නේ නැහැ. 
“හරි... මං ඔයාට හෙට කෝල් එකක් දෙන්නම්...”


මේ කතා බහ එතැකින් අවසන් වූයේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ විසිරයෑමේ උත්සවයකට සහභාගි වෙමින් සිටි කමල් සිල්වා මහතාට මෙම දුරකථනයේ අනෙක් පසින් කියන දේවල් ඇසීමට බාධා එල්ල වූ නිසාය.පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි කාර්ය බහුල ආයතනයක් බාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතාට මෙම ඇමතුම ගැන ලොකුවට මතකයක් නොවුවත් පසුදා සවස් කාලයේ කාර්යාංශයේ රාජකාරි කටයුතුවල නිරතව සිටින අතරතුර... “හලෝ... මං... මහාධිකරණ විනිසුරු  ලලිත් ජයසූරිය කතා කරන්නේ...”


යළිත් වරක් ලැබුණු මෙම ඇමතුම ඔහු කලින් දිනය දක්වා රැගෙන ගියේය.


“ඔව්... සර්... කියන්න...”


“කඩුවෙල උසාවියේ තියෙන කුඩු කේස් එකට අල්ලගෙන ඉන්නේ අහිංසකයෝ දෙන්නෙක්... එකේ ඉන්න එක් සැකකරුවෙක් මං දන්න කෙනෙක්...”
“හැග්...” කමල් සිල්වා මහතාට එකවරටම කියැවිණි.


“මිනිහා අල්ලගෙන ඉන්නේ ඒකට ආධාර අනුබල දුන්නා කියලා. මට මිනිහා විශ්වාසයි, මිනිහා කවදාවත් ඔය වගේ වැඩක් කරන්නේ නැහැ, ඒ අහිංසකයන්ට සාධාරණයක් කරන්න...”


මේ වචන ටික කමල් සිල්වා මහතාගේ කන වැකෙත්ම ඔහු මහත් උභතෝකොටියකට පත් විය. ඇත්තටම මේ  මහාධිකරණ විනිසුරු  ලලිත් ජයසූරිය මහතාමද?


“ඕනැ නම් මං කඩුවෙල මැජෙස්ටේ්‍රට්ටත් කතා කරලා... මේ ගැන කියන්නම්...” අදෘශ්‍යමාන ලලිත් ජයසූරිය මහතා දුරකථනය හරහා කියාගෙන ගියේය.


තමා මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ලෙස හඳුන්වා ගනිමින් කතා කළ පුද්ගලයා පිළිබඳ යම් කුකුසක් කමල් සිල්වා මහතා තුළ ඇති වුවත් එය පිටතට නොපෙනෙන, නොහැඟෙන ලෙස කතා කිරීමට පොලිස් නිලධාරියකු ලෙස ඔහු දක්‍ෂ විය, පරිණත විය. විනාඩි කිහිපයක්ම අදෘශ්‍යමාන ලලිත් ජයසූරිය මහතා දුරකථනයේ රඳවා ගැනීමට ඔහු දක්‍ෂ විය.


“ආ.... සර්... මං රේඞ් එක කරපු ඔෆිසර්ගෙන් සර්ගේ මිනිහා ගැන අහලා සර්ට මං කෝල් එකක් දෙන්නම්...”  තම දුරකථනය එහා කෙරවලේ අදෘශ්‍යමානව සිටින මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා අමතා සිල්වා මහතා කියා සිටියේය.


“නැහැ ඔයා කතාකරන්න ඕනැ නැහැ.    මං ඔයාට කෝල් කරන්නම්...” මේ වචන ගිලිහෙත්ම කමල් සිල්වා මහතා තුළ ඇති වී තිබු කුකුස සනාථ වන්නට විය.


“හා... හොඳයි...” අදෘශ්‍යමාන ලලිත් ජයසූරිය මහතා අමතා කී කමල් සිල්වා මහතා, මේ මොකක්ද මේ වෙන්නේ යනුවෙන් කල්පනා කරන්නට විය.

මොකක්ද මේ කඩුවෙල කේස් එක. ඒක මුලින්ම හොයාගන්න ඕනැ යැයි සිතූ සිල්වා මහතා දවසේ හවස් වරුවේ ඇතිවෙන  වැඩ අධිකකම  පසෙකට  තබා  මේ  ගැන සෙවීමට සිත් විය.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධිකරණ අංශය බාර ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතා කැඳවූ සිල්වා මහතා, “කඩුවෙල උසාවියේ තියෙන අපේ කේස් එක මොකක්ද?” විමසීය.      

                                                                     
“සර්... හමුදාවේ ලුතිනන් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා කුඩු බිස්නස් කරද්දී අල්ලපු එකනේ...”


“ලේෆ්ටිනන් විතරද කේස් එකේ ඉන්නේ?”


“නැහැ සර්... ලෙෆ්ටිනනුයි තව දෙන්නෙකුයි...”


“ඒ දෙන්නා අහිංසක උන්ද?”


“මොන පිස්සුද, මුන් තුන්දෙනාම නියම වැඩකාරයෝ”


“හිරියාදෙණිය... ඔයා ජයසූරිය මහත්තයාගේ ටෙලිෆෝන් නොම්බරය දන්නවද?”


ඔව් සර්...


තමන්ට ඇමතුම ලැබුණු  දුරකථන අංකය ඒ සැණින් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතාට පෙන්වූ සිල්වා මහතා ජයසූරිය මහත්තයාගේ ටෙලිෆෝන් නොම්මරය මේකද යනුවෙන් ප්‍රශ්නයක්ද ඉදිරිපත් කළේය.


එය පරීක්‍ෂාකර බැලු ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතා “මේක නෙමේ සර්...” යැයි කීය.


මාර වැඬේනේ මට දැන් මේ නොම්මරෙන් ලලිත් ජයසූරිය මහත්තයා කියලා කෙනෙක් කතා කරලා කඩුවෙල අපේ කේස් එකේ ඉන්න දෙන්න අහිංසකයෝ දෙන්නෙක්. උන් දෙන්නට සාධාරණයක් කරන්න කියලා මට කීවා.


එය අසා සිටි හිරියාදෙණිය මහතා “ඕක කීයටවත් වෙන්න බැහැ. කවමදාකවත් ජයසූරිය මහතා එහෙම කතාකරන්නේ නැහැ.”


අපි මේක ගැන හොයමු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතා ස්ථිරසාර ලෙස  ප්‍රධාන පොලිස්  පරීක්‍ෂක  හිරියාදෙණිය මහතා අමතා පැවසීය.


ඊට පසුදිනම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් සිල්වා මහතා කොළඹ මහාධිකරණයට පැමිණ විනිසුරු නිලමැදිරියේ දී විනිසුරු ලලිත් ජයසූරිය මහතා හමුවී සිදු වූ සියළු දේ පැවසීය.


ඒ ගැන සාවධානව අසා සිටි ජයසූරිය මහතා ඔබතුමා හිතනවද මං මේවගේ දෙයක් කරයි කියලා. 


“නැහැ මං කීයටවත් හිතන්නේ නැහැ. නමුත් මේ වගේ දෙයක් වෙනවා කියලා සර් දැනුම්වත් කරන්නයි මං ආවේ”


“මේ ගැන මාව දැනුම්වත් කරපු එක ගොඩාක් හොඳයි. මාව දැනුම්වත් කළා කියලා මේක මෙතැනින් නතර කරලා හරියන්නේ නැහැ. මේක කළේ කවුද?

කියලා හොයන්න ඕනැ. මේ පරීක්‍ෂණයක් කරලා මේක කළේ කවුද කියලා මට දැනුම් දෙන්න.”


වහාම එතැනින් ‘පියඹා පැමිණි’ කමල් සිල්වා මහතා ප්‍රධාන පොලිස්  පරීක්‍ෂක  හිරියාදෙණිය මහතාට කතා කොට මේ පිළිබඳව පරීක්‍ෂණයක් කරන ලෙස නියම කළේය.


දක්‍ෂ විමර්ශකයකු වූ හිරියාදෙණිය මහතා ඔහුගේ සහයට උප පොලිස් පරීක්‍ෂක දනුෂ්ක මහතාද කඳවා ගත්තේය.


“අපි මේක ටෙලිෆෝන් නොම්බරෙන් පටන් ගමු” හිරියාදෙණිය මහතා දනුෂ්ක අමතා කීය.


කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාගෙන් ලබා ගත් නියෝගයකට අනුව කමල් සිල්වා මහතාගේ ජංගම දුරකථනයට ඇමතුම ලබා දුන් අදෘශ්‍යමාන ලලිත් ජයසූරිය මහතාගේ ජංගම දුරකථනය පිළිබඳව කුලුනු වාර්තා මෙන්ම එම දුරකථනයට ලැබුණු හා ඉන් ලබා ගත් ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවීය.


ජංගම දුරකථන සමාගම කමල් සිල්වා මහතාට ඇමතුම නිකුත් වූ ජංගම දුරකථනය එම ඇමතුම ලබා දුන් ස්ථානය නිවැරදි වර්ග අඩියට පෙන්වා දුන් අතර වැලිකඩ මහඋළු ගෙදර එක් සිර වාට්ටුවක් ඉන් නිශ්චිතව පෙන්වා දෙනු ලැබිණි.


“මේ ඇමතුම ලලිත් ජයසූරිය මහතාගේ නම් නෙවේ” යනුවෙන් වූ හිරියාදෙණිය මහතාගේ මුල්ම අනුමානය නිවැරදි විය.


මහාධිකරණ විනිසුරු ජයසූරිය මහතා ලෙස පෙනී සිටිමින් ඉහළ පොලිස් නිලධාරීන් අන්දා කුඩු ජාවාරම්කරුවන් මුදා ගැනීමට උත්සාහ කොට ඇත්තේ අපරාධකරුවන් සුරලෝකය ලෙස හිතාගෙන සිටින වැලිකඩ සිට බව හෙළි විය.


හිරියාදෙණිය මහතා සෙසු රාජකාරි කටයුතු මඟහැර නොගෙන විනිසුරුවරයකුට ඇන්ද හිරකරු කවුරුන්ද යන්න සොයා මෙහෙයුම් ආරම්භ කළේය.


අදෘශ්‍යමාන ජයසූරිය මහතාගේ ජංගම දුරකථනයට ලැබුණු හා ඉන් ලබා ගත් ඇමතුම් පිළිබඳ වාර්තා සැලකිල්ලට ගත් හිරියාදෙණිය මහතා අදෘශ්‍යමාන ජයසූරිය මහතා ලබා ගත් ඇමතුම් අතර තිබූ දුරකථන අංක පිළිබඳ සොයා බැලුවේය. සමහර දුරකථන අංකවලට ඇමතුම් ලබා දුන්නේය. ඉන් ඇතැම් දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා දුන්නේ ඉහළ පොලිස් නිලධාරීන්ය. තවත් විටෙක අධිකරණ ක්‍රේෂත්‍රයට සම්බන්ධකම් කියන උසස් නිලධාරීන්ය.

තවත් විටෙක අධිකරණ විනිසුරුවරුන්ය. රජයේ අමාත්‍යාංශවල, රජයේ ආයතනවල නිලධාරීහුද මෙම ඇමතුම් අතර හිඟ නොවූහ. 


මෙලෙස ඇමතුම් ලැබුණු නිලධාරීන්ගෙන් විමසීමේ දී අදෘශ්‍යමාන ලලිත් ජයසූරිය මහතා විවිධ අවස්ථාවල තමා විවිධ තරාතිරම් දරන අයකු ලෙස අදෘශ්‍යමානවම පෙනී සිට ඇති බව හෙළි විය.


ඒ අතර අදෘශ්‍යමාන ජයසූරිය මහතාට වැරදුණු තැනක්ද විය. ඔහු අදෘශ්‍යමානව පෙනී සිටින අංකයෙන්ම සිය ඥාතීන්ටද හිතමිතුරන්ටද ඇමතුම් ලබා දී තිබිණි. හිරියාදෙණිය මහතා උප පොලිස් පරීක්‍ෂක දනුෂ්කගේද උදව් ඇතිව සිදු කළ පරීක්‍ෂණවලදී  අදෘශ්‍යමාන ජයසූරිය දෘශ්‍යමාන කරගැනීමට හැකි විය. ඒ අදෘශ්‍යමාන ජයසූරිය මහතාගේ ඥාති හිතමිතුරන් හරහාය.

අදෘශ්‍යමාන ජයසූරිය දෘශ්‍යමාන කරගැනීමත් සමඟම හිරගෙදර හිරකාරයන්ගේ අලුත්ම සෙල්ලමක්ද හෙළි කරගත හැකි විය. අපරාධයකට සම්බන්ධ වී හිරගෙදරට ගොඩ වන අයෙකු ඒ අපායෙන් ගැලවෙන මඟක් ගැන සිත යොමු කළ යුතු වුවත් එම අඳුරු අගාධයේ පතුළටම ගිලීමට ඔවුන් පැකිලෙන්නේ නැත්තේ “ළිඳට වැටුණු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුයි” යන කියමනට අනුවදැයි මට නම් නොතේරේ.


කෙසේ හෝ වේවා වැඩිකල් නොගොස්ම උප පොලිස් පරීක්‍ෂක දනුෂ්කගේ උදව් ඇතිව අදෘශ්‍යමාන මහාධිකරණ විනිසුරුවරයා කුදලාගෙන ඒමට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතාට හැකි විය.


මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පෙනී සිටිමින් ඔහු කළ සෙල්ලම් ප්‍රධාන පොලිස් පරීක්‍ෂක හිරියාදෙණිය මහතා විසින් කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මියට දැනුම් දෙනු ලැබූ අතර ලබන මස 03 වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම කෙරිණි.


මෙතෙක් කලක් අදෘශ්‍යමානව සිටිමින්, පාතාලයේ කඩතිර විවර කරමින් විනිසුරුවරයකුගේ චරිතය රඟපාමින් සිටි මොහු ලබන 03 වැනිදාට කඩතිර හැර බලනු හැකි වේ.

m



අදහස් (0)

සිරකාරයකු බේරගන්න පොලිස් ලොක්කාට කතා කළ බොරු විනිසුරු

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2458 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 332 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 962 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site